#මුලා_වූ_පෙම්වතී 28

💕විසි අටවන දිගහැරුම💕

“අ..අයියේ… අන්න කැරපොත්තා…”

දේෂු ඒ පැත්ත බලපු ටිකට මං ඉක්මනට කැබින් එකට දිව්වා. අම්මෝ තනියෙනුත් හිනා. කොහොම කියන්නද කියලා මටම තේරෙන්නේ නෑ. ඒ තරමට මේ හිතේ ආදරේ උතුරනවා.

මං කැබින් එකට වෙලා දේෂු ගැනම හිත හිත හිටියේ අද වෙච්චි දේවල් කල්පනා කර කරමයි.

“දඟ වැඩත් ටිකක් පුලුවන් නේද කෙල්ලට”

මං කල්පනා ලෝකෙන් මිදුනේ දේෂුගේ කටහඬට. දැන් කොහොමද දේෂුගේ මූණ බලන්නේ… අයියෝ …..

“ඔහොම ඉන්නකෝ මැඩම් අද ගෙදර යනකල්… යකො මේක පුදුම ලැජ්ජාවක්නේ”

මට හිනාවෙවීම එහෙම කියෝ කියෝ දේෂු එයාගේ ටේබල් එකට ගියා. මං ඉතිං ෆයිල් එකටම මූණ ඔබාගෙන හිටියේ දේෂුගේ මූණ බලන්න බැරි නිසයි.

හවස ඔෆිස් එකෙන් එනකොටත් ගෙදර එනකල්ම මං දේෂු දිහා බැලුවේ නැත්තේ ලැජ්ජාවටමයි. එයානම් මාව ජෝක් එකට අරන් හිනා වෙවී ආවා.

❤️❤️❤️❤️

ඇවිත් හිතේ හැටියට නාගෙන ටවල් එකත් ඇඳන් මං කාමරේට ආවේ ඉක්මනට ඇඳුමක් දාගෙන කමලම්මට ටිකක් උදව් වෙන්න යන්න හිතාගෙනයි.

අල්මරියෙන් ඇඳුමක් තෝරනකොට එකපාරට කවුදෝ මාව පිටිපස්සෙන් ඇවිත් බදාගත්තා. මං අනිත් පැත්තට හැරෙන්න හදනකොටම ඒ අත් දෙකෙනුයි සුවඳිනුයි ඒ ඉන්නේ දේෂු කියලා අඳුරගන්න මට බැරි උනේ නෑ.

“කවදාවත් රූම් එකේ දොර වහන පුරුද්ද නෑ නේද කෙල්ලට… ඔන්න පස්සෙ මං වැරදී කියන්න එපා…”

මගේ උරහිස් වලින් නිකට තියාගෙන දේෂු කියෝනවා. දේෂුගේ රැවුල උරහිස් වල වදිනකොට මට කිති. මං ඒ නිසා දේෂුගෙන් අයින් වෙන්න උත්සහ කලත් ඒකෙන් උනේ මාව දේෂුගේ ග්‍රහනයට තවත් අහු වෙච්චි එක.

“මොකො දඟලන්නේ ආ…”

“අනේ… අනේ අයියේ රැවුල ඇනෙනවා…”

මං බොහොම අමාරුවෙන් වචන ගලපගත්තා. මං හිතන්නේ දවල් සිද්දියෙන් පස්සෙ මං දේෂු එක්ක කතා කලාමද කොහෙද මේ.

“අම්මෝ ඇති යන්තම්…”

එහෙම කියාගෙන දේෂු ගිහින් මගේ ඇඳට වැටුනේ හරියට ෆූල් එකකට උඩු අතට වැටෙනවා වගේ.

“දැන් මං නරකයි නොකියා ගිහින් ඇඳුමක් ඇඳන් එන්න මැඩම්…”

අල්මාරිය ලඟ හිටගෙන තාමත් දේෂු දිහා බලන් ඉන්න මට දේෂු කිව්වේ ඇහැකුත් ගහලා. එතකොටයි මටත් මතක් උනේ මං තාම ඉන්නේ ටවල් එක පිටින් කියලා. ඉක්මනට ඇඳුමකුත් අරන් මං බාතෲම් එකට දිව්වා.

මං ඇඳගෙන එනකොට දේෂු ඇඳට වෙලා එක අතක් උඩින් ඔලුවත් තියන් මං දිහා බලා ඉන්නවා.

“ලස්සනයි…”

එහෙම කියාගෙන ඇඳෙන් නැගිටලා දේෂු මං දිහාට ඇවිදන් ආවා. මං අඩියෙන් අඩිය පස්සට ගියේ දේෂුට ළං වෙන්න තාම මට ලැජ්ජ නිසයි.

පස්සට ගිහින් ගිහින් අන්තිමට මං නැවතුනේ බිත්තියේ වැදිලා. මං ළඟටම දේෂු ආවා. කරගන්න දෙයක් නැති කමට මං බිම බලාගත්තේ තාමත් දේෂුගේ ඇස් දිහා බලන්න මට බැරි නිසයි.

මගේ නිකටෙන් අල්ලලා මූණ එයාගේ පැත්තට හරවන් දේෂු ටිකෙන් ටික මගේ මූණට ළං වෙද්දි මං තද කරලා ඇස් පියාගත්තා. දේෂුගේ දෙතොලේ උනුසුම මගේ නළලට දැනුනේ මුලු ආත්මයම ඒ ආදරේට නතු කරමිනුයි.

“හොඳ කෙල්ල වගේ තේ එකක් හදලා මගේ රූම් එකට ගෙනත් දෙන්න… පිස්සු කෝලම බයේ ගැහෙනවා.”

දේෂු එහෙම කියද්දියි මං ඇස් ඇරියේ. මගේ ඔලුවත් අතගාලා හිනාවෙලාම දේෂු එහෙම කිව්ව සැනින් මං එතනින් දිව්වේ හරියට කූඩුවෙන් එළියට දාපු කිරිල්ලියක් වගේ.

මං පහළට යද්දි කමලම්මා රෑ කෑම හදන්න ලෑස්ති වෙනවා.

“කමලම්මා තනියම වැඩ පටන් අරන් ඉතිං … උදෙත් මට උදවු වෙන්න උනේ නෑනේ …”

“මේ මගේ වැඩනේ දරුවෝ … ඔයැයි අර ෆැක්ට්‍රියෙත් වැඩ කොරලා ඇවිත් තව මොකටද ගෙදර වැඩ කරන්නේ…”

“අනේ.. කමලම්මා … එහේ මට මහ වැඩක් නෑ කරන්න. කෝ ඉන්න මං තේ ටික හදන්නම්. ඊට පස්සෙ රෑ කෑම හදමු.”

එහෙම කියලා මං හීටරේ ගහලා තේ හදන්න ලෑස්ති උනා. මං කොහොම කිව්වත් ඉතිං කමලම්මා වැඩ නවත්තන්නේ නෑ. එයා කෑම හදනවා.

තේ හදලා කමලම්මගේ තේ එකත් දීලා මං දේෂුගේ තේ එක අරන් උඩට ආවා. කොහොමත් මං ආපු දා ඉඳලා ගොඩක් වෙලාවට මං තමයි දේෂුගේ තේ එක ගෙනිච්චේ .. මොකද කමලම්මට පඩිපෙල නගින්න කම්මැලීලුනේ..

“අයියේ…”

මං දොර ළඟ ඉඳන් දේෂුට කතා කලේ දොර වහලා තිබුන නිසයි.

“ඇතුලට එන්න ළමයො… මොකටද කතා කර කර ඉන්නේ…”

දේෂු එහෙම කියද්දි මං ඉතිං දොර ඇරන් කාමරේට ආවා. දේෂු ලැප් එකත් තියන් ඇඳේ ඉඳන් මොනවදෝ වැඩක්.

“අයියේ තේ එක..”

“ඔහොම තියන්න විරූ.. “

ලැප් එක දිහා බලාගෙනම දේෂු කියද්දි මං ඇඳ ළඟ තිබ්බ ස්ටූල් එකෙන් තේ එක තිබ්බා. තියලා එන්න හැරෙන්න හදනකොටම දැකපු දෙයින්නම් මගේ හුස්මත් හිර උනා.

දෙයියනේ …මේ..මේක… මං පපුවටත් අත තියන් බලන් හිටියේ ඒ දේ හිතාගන්න බැරුව.

“මොකෝ විරූ බය වෙලා…”

එකපාරට දේෂු එහෙම අහද්දියි මං ටිකක් සන්සුන් උනේ.

“අ..අයියේ …මේ..මේක…”

ස්ටූල් එක දිහාට අත දික් කර කර මං කිව්වේ මට දැනුන පුදුමේ නිසාමයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

මොකද්ද තියෙන්න ඇත්තේ….😁😁😁

යාලුවනේ කාලෙකින් කෙටිකතා තරඟෙකට කතාවක් ලිව්වා.. ඉතිං ඔයාලගෙන් උදව්වක් ඕනි… මගේ profile එකේ කතාවේ link එක තියෙනවා… මේ ගමන්ම ගිහින් ඒකටත් like එකක් දීලා යන්න… මං පව්නී…😁😁😁

කතාවේ නම #ආදරෙයි_සුද්දි

Like comment කරන හැමෝටම තැන්කුයි …

ආදරෙයි කස්ටියටම ….😘😘😘

One Comment

  1. Hey! Do you know if they make any plugins to help with
    SEO? I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing
    very good gains. If you know of any please share. Thanks!
    You can read similar art here: Eco product

Leave a Reply

Your email address will not be published. Required fields are marked *