#මුලා_වූ_පෙම්වතී 33

💕තිස් තුන්වන දිගහැරුම💕

වෙනදා වගේම කමලම්මටත් උදව් කරලා නාගෙන බුදු පහනත් තියලා මං ලෑස්ති උනේ ඔෆිස් යන්න.

“සුදූ.. පරක්කුයී… අද ඔෆිස් නෙවේ යන්නේ…”

මං පහළට එනකොටම දේෂු එහෙම කියලා කෑගැහුවා.

“එහෙනම් කොහේද යන්නේ අයියේ..”

අද ඔෆිස් දවසක් වෙලත් ඔෆිස් නොගිහින් කොහේ යන්නද මේ හදන්නේ කියලයි මං කල්පනා කලේ.

“දැන් කල්පනා නොකර එන්නකෝ ඉතිං … ගිහින්ම බලන්න කොහේද කියලා.”

දේෂු කෑගැහුවේ මට හිනා වෙවීමයි. අපි උදේ කෑමත් කාල ගෙදරින් පිටත් උනා. තාමත් මං දන්නේ නෑ යන්නේ කොහේද කියලා. දැනගන්න ඉතිං කියන්නේ නෑනේ.

කාර් එක ගිහින් නැවතුනේ ටවුන් එකේ තියෙන ලොකුම මංගල ඇඳුම් ශොප් එක ඉස්සරහ. මං දේෂු දිහා බැලුවේ මේ මොක්ද අහන්නයි.

“මොකෝ ඔහොම බලන්නේ. අපේ වෙඩින් එකට ඇඳුම් ගන්න ආවේ..”

මොනවා.. ඒ කියන්නේ ඊයේ දේෂු අම්මලාට කේන්තියෙන් කිව්වා වගේ ඇත්තටම මැරි කරන්නද හදන්නේ.

“දේෂු.. අම්”

“විරූ… ඉන්න.. ඔයාගේ අම්මට මං කලින්ම කිව්වා අපේ හඳහන් බලලා දින දාගන්න කියලා. මං නම් ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒත් අම්මලා ඒවා විශ්වාස කරනවනේ. අනික මං කලින්ම දැනන් හිටියා අපේ අම්මා මේකට කැමති වෙන්නේ නෑ කියලා. මොකද එයා ඔලුව උඩ තියන් ඉන්න පුහු මාන්නෙ විතරයි එයාට වටින්නේ. අප්පච්චිට මං කතා කලා. එදා අප්පච්චි හිටියේ නෑනේ. එයා අම්ම වගේ නෑ විරූ. එයා එයි ඔයාව බලන්න. “

මං කියන්න ගිය දේත් කියන්න නොදී දේෂු කියාගෙන ගියා. ඇත්තටම මං දේෂුගේ අප්පච්චිව දැක්කේ නෑනේ. සමහරවිට එයා දේෂු වගේ හොඳ ඇති.

“විරූ.. හෙට අපේ එන්ගේච්මන්ට් එක. ලබන සතියේ වෙඩින් එක. වෙඩින් එක මං ලොකුවට කරනවා. අම්මලාගේ වලව් මාන්නේ නැතුවට මට මගේ දේවල් කරන්න පුලුවන් කියලා මං පෙන්නනවා.”

“ඒත් දේෂු …”

“ඉන්න මං කියලා ඉවර නෑ. එන්ගේච්මන්ට් එක හෙට ගන්නේ ඇයි කියලනම් අහන්න හැදුවේ. අපේ අම්මා ඔයාව මගෙන් ඈත් කරන්න දැන් මොනා හරි කරයි. කලිනුත් කෙල්ලෙක් ගෙනත් ඇඟේ ගහන්න දැඟලුවා විරුනි නැති වෙච්ච කාලේ. ඒ නිසා එයාට එහෙම දේකට ඉඩක් නොතියන්නයි මට ඕනි. “

“අයියේ අනේ ඒ උනාට ඔයාගෙ අම්මලා මට අකමැතීනේ..”

“විරූ.. මං සැරයක් කිව්වා. ඔයා බඳින්නේ මාව මිසක් අම්මව නෙවේනේ. අද හවසට ඔයාගේ අම්මයි චුට්ටි එයි. මං වාහනයක් යැව්වා දැන්.”

දෙයියනේ දේෂු හැමදේම ලෑස්ති කරලද මේ මට කියන්නේ.

“දැන් මැඩම් කල්පනා නොකර යමුද හෙට අඳින සාරි එකයි වෙඩින් එකේ ඇඳුම් ටිකයි සිලෙක්ට් කරන්න. ඔයා කැමති විදියකට සිලෙක්ට් කරන්නකො බලලා.”

එහෙම කියලා දේෂු කාර් එකෙන් බැස්සා. මාත් ඉතිං බැහැලා එයා ළඟටම ආවා.

“දැන් ඉතිං හිනාවෙලා ඉන්නකෝ සුදූ. හෙට මොකද්ද අඳින්නේ ම්…”

ඔව් මටත් හීනයක් තිබුනා හැම කෙල්ලෙක්ටම වගේ ලස්සන මනමාලියක් වෙන්න. කවදාවත් හිතුවේ නෑ ඒ හීනේ හැබෑවෙයි කියලා. හිතේ ලොකූ සතුටක් තිබුනත් බයකුත් දැනුනා.

ඒත් තවත් දේෂු ඉස්සරහා බයෙන් හිටියොත් එයාට කේන්ති යන බව දැන් මං අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසාම මූණට හිනාවක් අරන් මං දේෂු දිහා බැලුවා.

“අයියේ.. වෙඩින් එකට මට කැන්ඩියන් අඳින්න ආසයී.. ඒ නිසා හෙට නෝමල් සාරි එකක් අඳිමු..”

මගේ හිතේ තිබුන දේ මං කිව්වේ දේෂු මං දිහාම බලන් හිටපු නිසයි.

“අම්මෝ කැමතී කියලා දෙයක් ඉල්ලුවමද කොහේද මේ කෙල්ල.”

ඒ පාර මට විහිලු කර කර හිනාවෙනවා. අන්තිමට මගේ ඔලුවත් අතගාගෙනම මගේ අතින් අල්ලන් එයා ඉස්සර උනා.

ඒකෙ තිබුන වෙඩින් ඇඳුම් දැක්කාම මට වටපිට නොබලා ඉන්න බැරි උනා. ඒ තරම් ලස්සන සාරි ගවුම් තිබුනා.

“සර් රෙන්ට් එකටද බැලුවේ නැත්නම් අලුතෙන්ම ගන්නද”

එකපාරට එතන සේවකයෙක් ඇවිල්ලා දේෂුගෙන් ඇහුවා.

“අලුතෙන් ගන්න බැලුවේ.”

“එහෙනම් සෙකන්ඩ් ෆ්ලෝ එකට යන්න සර්”

“ඔකේ තැන්ක්ස්”

දෙයියනේ අලුතෙන්ම අරන් මොනා කරන්නද එක දවසයිනේ අඳින්නේ.

“අයියේ.. අපි රෙන්ට් එකට ගමු අපරාදෙනෙ එකපාරකට…”

“විරූ… ශ්‍රී ලංකන් ෆුඩ් එකේ ඕනර්ගේ වයිෆ් මොකටද කවුරුත් ඇඳපු ඇඳුම් අඳින්නේ ආ… මගේ සුරංගනාවි කවුරුත් ඇඳපුවා අඳින්නේ නෑ… තේරුනාද”

එකපාරට මං දිහාට හැරිලා එහෙම කියපු දේෂු මගේ කම්මුලත් මිරිකගෙනම උඩට යන්න ගියා.

💞💞💞💞

එන්ගේච්මන්ට් එකට අඳින්න බ්ලැක් ඇන්ඩ් සිල්වර් මික්ස් ගල් අල්ලපු ලස්සන සාරි එකකුයි මං තෝරගත්තේ. මං කිව්වට ඉතිං දේෂු තමයි තේරුවේ.

වෙඩින් එකට අයිවරි කලර් එකෙන් කට්වර්ක් සාරි එකක් ගත්තා ඒකත් ගොඩාක් ලස්සනයි. දේෂු ඕනිමයි කිව්ව නිසා ගොයින් වේ එකටත් රතු පාට ලෙහන්ගා කිට් එකක් ගත්තා.

හොඳ වෙලාවට දේෂු වෙඩින් එක ප්ලෑන් කරලා තිබුනේ එක දවසට. ඒකට මාත් කැමතී. බොරුවට දවස් දෙකක් තියලා එන්න කියන්න තරම් මට කවුරුත් නෑ. අනික එන්ගේච්මන්ට් එකත් වෙනම ගන්න නිසා කොහොමත් එදාටත් පොඩියට පාටි එකක් තියෙනවනේ.

“විරූ ඔයා දවස් දෙකකට අකමැති වෙයි කියලා මට චුට්ටි කිව්වේ. ඒකයි මං එක දවසක් පෑන් කලේ.”

“ඒක හොඳයි අයියේ .. බොරුවට දවස් දෙකක් මොකටද”

“පිස්සි… හරි දැන් මෙහෙමම යමු නුගේගොඩට ඔයාට සාරී වලට සෙරෙප්පු ගන්න. “

“එතකොට අයියගේ ඇඳුම්”

“හෙට ෆුල් සූට් එකනේ විරූ ඒක ගමු යන ගමන්. වෙඩින් එකට ඔයා කැන්ඩියන් නිසා නිලමේ කිට් අඳින්න එපැයි. අභිශේක එකේ මගෙ යාලුවෙක් ඉන්නවා ඒ නිසා හවස් වෙලා ඔයාලෑ අම්මලට ඇඳුම් ගන්න එන ගමන් ඒකත් බලමු. ගොයින් වේ මොකද්ද අඳින්න ඕනි”

“ආ දැන් මට ලෙහන්ගා ගන්න කිව්වනේ ඒනම් ඔයත් කුර්තා ඇඳලා ජටාව දාන්න ඕනි”

මං කිව්වේ හිනා වෙවීමයි. දේෂුත් ඒකට හිනාවුනේ හරියට පොඩි එකෙක් කියපු දේකට තාත්තා හිනාවෙනවා වගේ.

මං කොච්චර එපා කිව්වත් ඇඳුම් තුනට දේෂු වෙන වෙනම සෙරෙප්පු තුනක් අරන් දුන්නා. මොනවා කරන්නද මාත් ඉතිං ඕන දෙයක් කරගන්න දීලා හිටියා.

දේෂුගේ හෙටට ඕනි ෆුල් කිට් එකකුත් අලුතෙන් අරන් මගේ සාරි ජැකට් මහන්නත් දීලා අපි හවස එක විතර වෙද්දි ආයෙමත් ගෙදරට ආවා.

💞💞💞💞

අම්මලා එන නිසා කමලම්මා රසට කෑම හදලා. අන්තිමට බැලුවාම මං විතරයි නොදැන ඉඳලා තියෙන්නේ ඒකනේ කමලම්මත් උයලා තියෙන්නේ. කමලම්මාට කෑම මේසෙට අරින්නත් උදව් වෙලාම මං නාගන්න ගියා.

නාගෙන පහළට එනකොට සාලෙ හිටපු අය දකිද්දි මං පහළට ආව නෙවෙයි දිව්වා.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

ඔන්න අද දිගට දැම්මා… බයින්න ඔට්ටු නෑ.. 😁😁😁

Like comment කරන හැමෝටම තැන්කුයී …

ආදරෙයි කස්ටියටම ඉතිං …😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *