#මුලා_වූ_පෙම්වතී 41

💕හතලිස් එක්වන දිගහැරුම💕

“මහත්තයා.. මේ මොකද මෙයා මෙහේ”

“අද දෝණි අපිට තේ හදලා..”

“චික් මේකි හදපු තේ නෙවේ මේකි අතින් මට වතුරවත් එපා.. අරන් යනවා ඕක”

දේෂුගේ අම්මා කිව්වේ මං ගෙනාපු තේ එක දිහා අප්පිරියාවෙන් බලන ගමන්. දුක හිතුනා ගොඩාක්. ඒත් මේ මගේ ලැබීම වෙන්න ඇති කියලා හිතාගෙන මං ආපහු තේ එක තිබ්බ ස්ටූල් එක ළඟට ගියේ තේ එක ආපහු ගන්න. නැත්නම් අම්මට තවත් කේන්ති ගියොත් දේෂු එක්කත් රණ්ඩු වෙයි කියලා මට බය හිතුනා.

“සුදූ.. නවතිනවා…”

එකපාරට ඇහුන හඬ නිසා මං ගැස්සිලා ගියා. ඔව් කාමරේ දොර ගාව හිටියේ වෙන කවුරුත් නෙවෙයි දේෂු.

“සුදූ.. ඔයා මතක තියාගන්න ඔයා කාගෙවත් වැඩකාරියක් නෙවෙයි “

දේෂු කිව්වේ තරහින් රතු වෙච්ච ඇස් වලින් අම්මා දිහා බලාගෙන.

“පේනවා නේද මහත්තයා … මං කිව්වා ඔයාට”

“විනීතා ඇති… මේ ළමයින්ට සතුටින් ඉන්න දෙන්න පින් සිද්ද වෙයි. ඔයාගෙ පුතාගෙ සතුට ඔයාගෙ සතුට කරගන්න අම්මලා එහෙමයි”

“එහෙම කරන්න තිබ්බා මහත්තයා මේකි…”

“නවත්තපන් විනීතා… ඇති. අදම තමුන් නුවර යනවා.වෙඩින් එකට මං හිටියාම ඇති”

අප්පච්චී කේන්තියෙන් කැගැහුවා. මට හිතාගන්න බෑ මොකුත්ම. අනේ දෙයියනේ මං මොනාද කරන්නේ.

“සුදූ… යමු අපි ඔයා මොකටද මේවා කලේ. ලෑස්ති වෙන්න ඔෆිස් යමු අද. “

මං සද්ද නොකර ගිහින් දේෂුගේ කාමරෙන් තේ එකත් තියලා අම්මලාටත් උදව් වෙලා ඔෆිස් යන්න ලෑස්ති උනා. එන්ගේච්මන්ට් එක තිබුනා කියලා ඔෆිස් නොගිහින් බෑ. ඊළඟට වෙඩින් එකටත් අපි දෙන්නම නිවාඩු ගන්න වෙනවනේ.

💞💞💞💞

සතියක්ම ගෙවිලා ගියේ හරිම ඉක්මනට. දේෂුගේ අම්මා ගෙදර ගියත් හෙට වෙඩින් එකට එක්කන් එන්න කියලා මං දේෂුට හොරෙන් අප්පච්චිට කිව්වේ කොච්චර උනත් අම්මා කෙනෙක් දරුවෙක්ගේ ජීවිතේ වැදගත්ම දවසෙ ඉන්න ඕනි නිසයි. අපේ අම්මලානම් ගමේ ගියේ නෑ. ගියේ නෑ නෙවෙයි දේෂු යන්න දුන්නේ නෑ. චුට්ටිවත් කොළඹ ඉස්කෝලෙකටම දාලා.

වෙඩින් එක ගන්නේ හිල්ටන් එකේ නිසා අපිට කරන්න වැඩ නෑ. මං ඉතිං හවස් වරුවම ගෙදර. දේෂුනම් එකේක වැඩ වලට දුවනවා.

“අක්කේ.. අනේ හෙට යන හොටෙල් එක ලස්සනයිලු නේද… මගෙ යාලුවෝ කිව්වේ..”

“ඔව් චුට්ටියෝ…”

“කෝ අනේ මස්සිනා ….”

“දැන් එයි චුට්ටි.. ඔෆිස් එකේ වැඩකට ගියා.”

දේෂු එද්දි රෑ අටට විතර ඇති. දේෂුගේ අප්පච්චිටනම් දැන් මායි චුට්ටි එයාගෙම දරුවෝ ගානයි. මේ ටිකේම මෙහේ හිටපු නිසා අප්පච්චී මා එක්ක ගොඩක්ම එකතු උනා.

“සුදූ දෙයක් කියන්න තියෙනවා.”

“මොකද්ද අයියේ..”

“ඔයාගේ යාලුවා සඳුනිව නිදහස් කලා අද.”

“අනේ අයියේ කෝ එයා… අනේ පව් අයියේ එයා….”

“ඔය ඉතිං කියන්න කලින් කලබල වෙනවනේ… බය වෙන්න එපා… එයා චලිත්ගේ ගෙදර ඉන්නවා… ඒ නංගි බයවෙලා.. චලිත්ගේ වයිෆුයි නංගි එයාව බලාගනී. මෙහෙ වැඩ නිසයි මං එහෙ යැව්වේ සුදු. වෙඩින් එකෙන් පස්සෙ අපි එයාට ඉන්න තැනක් හදලා දෙමු”

දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මට හිතුනෙම සඳුනිව බලන්න යන්නයි. ඒ උනාට දැන් දේෂුට කරදර කරන්න බැරි නිසා මං චලිත් අයියට කෝල් කරලා සඳුනි එක්ක කතා කලා. ඒත් මට උපදෙස් දීපු ඒ නිර්භීත කෙල්ල දැන් නෑ. සඳුනි බයවෙලා අනික ගෙදරට සල්ලි යවන්න බැරි එක ගැන දුකින් ඉන්නේ. මං පුලුවන් තරම් එයාගෙ හිත හැදුවා. වෙඩින් එකෙන් පස්සෙ ජොබ් එකක් දෙන්න පොරොන්දු වෙලා යාන්තම් එයාව සන්සුන් කලා.

“සුදූ… එන්නකෝ….”

ඇත්තමයි වෙඩින් ගන්න ඕනි නෑ. දැනටත් දේෂුගේ හැමදේම කරන්නේ මං. එයත් හැම එකටම සුදූ… ගාන්න තමයි දන්නේ.. ෆෝන් එකත් පැත්තකින් තියලා මං උඩට දිව්වේ ඒ පාර කෑ ගහන්නේ ඇයි බලන්න.

ඒත් කාමරේ ඇතුලේ දේෂු නෑ. බාතෲම් එකෙත් නෑ.

“අයියේ….”

මං කතා කලේ මට එන්න ගාලා මෙයා කොහේ ගියාද කියලා හිතමින්මයි. එකපාරටම මාව පිටිපස්සෙන් ඇවිත් කවුදෝ බදාගත්තා. මාව එකපාර බය උනත් ඒ දේෂු කියලනම් මට අඳුරගන්න පුලුවන් උනා.

“මොනාද අනේ කරන්නේ… මොකො කෑගැහුවේ… “

“හෙට මේ වෙලාවට අපි ඉන්නෙ කොහේද දන්නවද….”

“අයියේ….”

ගොනා හැරෙන්නේ පොල් පැලේට වගේ මටත් තේරුනා දේෂු මේ කෝලම් කරන්නේ මොකෝ කියලා ඒ නිසාම මං දේෂුගේ අත් දෙක මගේ බඳ වටෙන් අයින් කරලා එයා පැත්තට හැරුනා.

“අයියේ… අනේ සඳුනි ….”

“බය වෙන්න එපා දරුවෝ එයාට අනිද්දා ඉඳලා ජොබ් එක රෙඩී… කෝ දැන් මට මගේ නෝනගේ උකුලෙන් ඔලුව තියන් ඉන්න ඕනි”

“නාකි හුරතලේ ගිහින් වොශ් දාගෙන එන්න… කෝ කෝ… යන්න…”

“අනේ සුදූ… හෙට ඉඳන් කෝමත් මා එක්ක එපැයි ඉන්න… අදත් මේ කාමරේම ඉන්න අනේ….”

“අයියේ….”

දේෂු ඇහැකුත් ගහලා කියද්දි මං කෑගැහුවේ රවාගෙනමයි. දැන් ඉන්නේ මං මුලින් දකිනකොට හිටපු දේෂු නම් නෙවෙයි. හරිම දඟයෙක්.මං ඉස්සරහා පොඩි එකෙක් වගේ කෝලම් කරන්නේ. හැබැයි කේන්තිය නම් වෙනසක් නෑ ඉතින්.

කොහොම හරි දේෂුව බාතෲම් එකට තල්ලු කරලා මං පහළට ආවා. මං එනකොට අම්මයි කමලම්මයි මේසෙට කෑම අරිනවා.

දේෂුයි අප්පච්චිත් ආවාම අපි සේරම එක්ක කෑම කෑවේ හෙට දවස ගැන කියෝන ගමන්. කට්ටිය එක්ක ඇති පදම් මාව විහිලුවට ගත්තා ඉතිං. අපේ චුට්ටි තමා මූලිකත්වය 😬😬

💞💞💞💞

“සුදූ……”

කණ ළඟින්ම ඇහුන සද්දෙටයි මං ඇහැරුනේ.

“අන්න ඔයාව අන්ඳවන්න අක්කා ආවා… කො දැන් ගිහින් වොශ් දාගන්න. අන්න දිනිතිත් ආවා. චුට්ටිවත් ඇහැරවන්න..”

පාන්දර දෙකට දේෂු මාව ඇහැරෙව්වා. දෙවනි මනමාලියෝ විදියට දිනිතිවයි චුට්ටිවයි ගත්තු නිසා ඒ දෙන්නත් එක්කම මං රෙඩි උනා. එන්ගේච්මන්ට් එකට අන්දවපු අක්කම ආපු නිසා මට අමුතුවෙන් මේකප් අඩු කරන්න කියලා කියන්න ඕනි උනෙත් නෑ. එයා මං ආස කරන චාම් විදියටම මාව හැඩ කළා.

අයිවරි කලර් කට්වර්ක් ඔසරිය ඇඳලා මාල හතයි තැල්ලයි තියලා කොන්ඩෙට පිච්ච මල් ගහලා මටම හිතාගන්න බෑ මේ ඉන්නේ මං කියලා. චුට්ටිටයි දිනිතිටයිත් මෙරුන් කලර් එකයි බටර් පාටට හුරු කහපාටයි මික්ස් කරපු ඔසරි ඇන්ඳුවේ. චුට්ටිනම් පුදුම තරම් සතුටින්.

අපි කට්ටිය එක්ක ලෑස්තිවෙලා හැඩ බල බල හිටියේ. අම්මනම් මාව දැක්ක වෙලේ ඉඳලා අඬනවා.අම්මලා එහෙමයි. ඒ තමයි එයාලගේ සතුට ආදරේ.

“ඉක්මනට පහළට යමු… ෆොටෝස් ගහන්න යන්න ඕනි”

එතකොටම එහෙම කියාගෙන කාමරේට දුවගෙන ආවේ….

– ලක්ෂි මුහන්දිරම් –

කතෘ අවසන් තොරව උපුටාගැනීමෙන් වළකින්න

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කස්ටිය… හෙට ඒනම් වෙඩිමට එන්න ඈ…😁😁

Like comment කරන හැමෝටම තැන්කුයී ….😘😘😘

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *