#මුලා_වූ_පෙම්වතී 45
හතලිස් පස්වන දිගහැරුම
එහෙම කියලා දේෂු බලන් හිටියේ මගේ ඇස් දිහා. දෙයියනේ මං කොච්චර පිං කරලද මෙහෙම ආදරයක් ලබන්න. ඔයාට පිං දේෂු මට මෙහෙම ආදරේ කරනවට.
අපේ ඇස් ගොඩාක් වෙලා එකට පැටලිලා තියෙන්න ඇති. හදවතේ තෙරපෙන ආදරේ අපේ ඇස් වලින් කියවෙන්න ඇති. ඔව් ඇස් වලට කතා කරන්න පුලුවන්. ආදරේදි ඇස් වලින් තමයි හදවත කතා කරන්නේ..
එකපාරට අපි දෙන්නම ගැස්සිලා පියවි සිහියට ආවේ දේෂුගේ ෆෝන් එකේ සද්දෙට.
“ඔහ් මොකාද අප්පා මේ රෑ..”
මූණත් පුලුටු කරන් බැන බැන දේෂු නැගිටලා ගියේ ෆෝන් එක ගන්න.
“හෙලෝ”
“………..”
“ඇයි යකෝ දැන් අහන්නේ ආවද කියලා.. පවු නොදී පල.. අපි ආවේ හවස”
“…………..”
“කුණුහරප අහගන්න එපා යකෝ තියපිය ෆෝන් එක”
දේෂු කේන්තියෙන් කෑ ගහලා ෆෝන් එක තිබ්බා.
“හරිනේ සුදූ.. මං කිව්වේ ඕකුන් රැග් නොදී ඉන්නේ නෑ කියලා.. පාප මිත්‍රයෝ… ඊළඟ එකා කෝල් කරන්න කලින් ෆෝන් ඕෆ් කරන්න ඕනි”
දේෂු බැන බැනම ෆෝන් එක ඕෆ් කරලා දාලා ඇවිත් ඇඳට නැග්ගා. කේන්තියට මූණත් කලු වෙලා අම්මපා. දේෂු මගේ ඇඟට අතකුත් දාගෙන මගේ පැත්තට හැරෙනකොටම ආයෙම ෆෝන් එකක් රින් වෙනවා ඇහුනා.
“ඒ පාර කොහේද ඒ..”
“මගේ ෆෝන් එක අයියේ… “
“අයියෝ… ඕක බලලා ඕෆ් කරන්න සුදූ.. නැත්නම් ඕකුන් එළි වෙනකල් වද දෙයි”
මං ඉක්මනින් ඇඳෙන් බැහැලා ෆෝන් එක අරන් කනේ තියාගත්තා. කතා කලේ දිල්මි අක්කා. හොටෙල් එකට ආවද කෑවද කියලා වැඩක් නැති ප්‍රශ්න අහනවා. ශුවර් මේක මේ කට්ටිය එකතුවෙලා කරන්නේ. ෆෝන් එක තියපු ගමන් දේෂු මගෙන් ෆෝන් එක උදුර ගත්තා.
“ඕෆ් කරන්නේ නැතුව ඕකුන් වද දෙයි අද”
දේෂු කියව කියවම ෆෝන් එක අරන් ඕෆ් කරා.
“බලන්නකෝ මූඩ් එක සම්පූර්ණයෙන් කෑවනේ මුං ටික”
“අයියෝ… අයියේ… කමක් නෑ අනේ… “
“හා හා පණ්ඩිත ආච්චි මෙහෙ එනෝ..”
එහෙම කියලා දේෂු මාව ඇදලා ගත්තු පාර මං නැවතුනේ දේෂුගේ ඇඟටම වැටිලා.
“සුදූ… “
“ම්….”
“දන්නවද මං ගොඩාක් ආදරෙයි”
“මං දන්නවා අයියේ.. ඔයාට පිං මට මෙහෙම ආදරයක් ආරක්ෂාවක් දෙනවට”
“ඔන්න ඔන්න පටන් ගත්තා… සුදූ … මං කිව්වා…”
“අයියේ.. ඔයා එහෙම කියන්න එපා කිව්වට ඒක මගේ හිතේ තියෙනවා.. මේ හිත ඔයාට ගොඩාක් ගරු කරනවා..”
“මගෙ පිස්සි..”
දේෂු ටිකෙන් ටික මගේ මූණට බර උනේ ලොකූ ආදරේකින්. මගේ නළලේ ඒ දෙතොල් තැවරෙනකොට මගෙ ඇස් පියවුනේ ඒ පහසට නතු උනා වගේ. ඔව් දේෂු කියන්නේ මගේ සැමියා දැන්. ඉතිං මේ දේෂුගේ අයිතිය. මගේ මූණ පුරාවට දඟකරපු ඒ දෙතොල් මගේ දෙතොල් වලට බර උනා. එතකොටම ඇහුනේ පුංචි දරුවෙක් අඬන හඬක්.
“ඔහ් ශිට්.. ඒ පාර මොකද්ද සුදූ.. අපේ රූම් එකෙන්මනේ ඇහෙන්නේ..”
“අනේමංදා අයියේ.. බබෙක් අඬනවා වගේ..”
“තාම කොහේද බං බබාලා… “
“අයියේ…“
“හී.. හරි හරි අම්මෝ රතු වෙලා. ශුවර් සුදූ මේකත් අපේ උන්ගෙ වැඩක්. ඉන්න බලන්න”
දේෂු නැගිටලා සද්දේ එන පැත්ත හොයද්දි මාත් දේෂු එක්කම එතනට ආවා. කණ්ණාඩිමේසේ ලාච්චුවෙනුයි සද්දේ ආවේ. දේෂු ලාච්චුව ඇරියා.
හපොයි දෙයියනේ එලාම් එකක්. මේකනම් දේෂුගේ යාලුවන්ගේ වැඩක්ම තමයි.
“පේනවනේ සුදූ.. තව කීයක් තියලද දන්නේ නෑ. අද නිදාගන්න වෙන්නේ නෑ. “
““
“මෙයාට හිනා ඉතිං මෝඩි.”
අපි ආයෙම ඇඳට එනකොටම මෙන්න ආයෙත් කුකුලෙක් කෑ ගහනවා. මට බකස් ගාලා හිනා ගියේ දේෂුගේ ඇඹුල් වෙච්ච මූණ දැකලා..
“මුං නම් පුදුම පව්කාරයෝ ටිකක් “
දේෂු බැන බැන ඒ එලාම් එකත් හෙව්වා ඒක තිබුනේ සෝෆා එක පිටිපස්සේ.
කොහොමහරි අන්තිමට ඒ වගේ එළාම් පහක් විතර සැරින් සැරේ හොයන්න උනා. දේෂුටනම් දැන් කේන්තිත් ගිහින්. මූණ කජු ලෙල්ල වගේ.
“පාන්දර දෙකත් උනා නිදාගමු සුදූ මගුල මූඩ් එක කෑවා මුං ටික”
අන්තිමට එලාම් වැදිල්ල නැවතුනේ පාන්දර දෙකත් පහු උනාම. අපි ඉතිං නිදාගත්තා. ඇයි දෙයියනේ පාන්දර ඉඳන් ඇහැරන් ඩ්‍රෙස් කරලා දවසම වෙඩින් එකේ ඉඳලා මහන්සී නිදිමතයි. දේෂුගේ යාලුවොත් දේෂුටම හරියනවා.
උදේ මාව ඇහැරුනේ ආපහු එලාම් එකක් වදිනවා ඇහිලයි. උදේ පාන්දර දේෂුට කේන්ති එන්න කලින් මං ඒක හොයලා ඕෆ් කරලා දැම්මා. දේෂුනම් හොඳට නිදි. තාම හයයි වෙලාව.
මං හිමීට වොශ් එකකුත් දාගෙන උදේ ටී රූම් එකට ගෙන්නගත්තා කෝල් කරලා. මොකද මගේ මහත්තයට බෙඩ් ටී එක ඕනිනේ ඇඳෙන් බහින්න..
“අයියේ… කෝ නැගිටින්න හතයි දැන් වෙලාව.”
“ම්…. අනේ සුදූ.. තව ටිකයී..”
මෙන්න කවදාවත් නැතුව මෙයාගෙ කෝලම්.මගේ අතත් අරන් තුරුල් කරන් නිදි. මං හිමීට මගේ තෙත කොණ්ඩෙ අරන් දේෂුගේ මූණට ගැසුවා..
“අයියෝ… සුදූ… “
“නැගිටින්නකෝ… තේ නිවෙනවා අයියේ…”
යන්තම් ඇහැරුනා. දෙන්නත් එක්ක තේ බීලා දේෂු වොශ් දාගත්තාම ලෑස්ති උනේ එළියට යන්නයි. බණ්ඩාරවෙල ගොඩාක් ලස්සන තැන් තියෙනවනේ බලන්න. මෙහෙ ඉන්නෙත් අද විතරක් නිසා අපි හොටෙල් එකෙන් අහලා ලස්සනම තැන් දෙක තුනක් සිලෙක් කරා ඇවිදින්න.
කෝමහරි අන්තිමට හනිමුන් ගියෙත් නෑ ඉතිං …
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී ….