මා නොවේ ඈ නුඹේ 05 කොටස
“ඉතිං කියන්න යුවති. මොනාද ඔයාගෙ විස්තර?” මියුරංග අහන්නෙ රෙස්ටුරන්ට් එකේ යුවතිගෙ ඉස්සරහින් ඉඳගෙන.
“මගේ කියලා ලොකු විස්තර නෑ අයියා. ඔයා කියන්න කොහොමද ඔෆිස් එක?” යුවති ගානට ප්‍රශ්නෙන් ලිස්සුවා.
“ආහ් ඔෆිස් එක හොඳයි. සොරි මම මේ ඔයාව දැක්ක ගමන් ඉඳන්ම කියන්න හිටියෙ ඔයාගෙ ඇඳුම ලස්සනයි. ඔයාට මැච් වෙනවා. සෝ අද ඔයා හරි ලස්සනයි.” මියුරංග යුවතිව දැක්ක වෙලාවෙ ඉඳන්ම කියන්න හිටිය දේ කිව්වා.
“තෑන්ක් යූ… මේක මේ….” යුවති කියන්න ගිය දේ ගිල ගත්තෙ හරිම අමාරුවෙන්.
“මොකද්ද?”
“ආහ් නෑ මේකට මාත් ගොඩක් ආසයි. ඒක කියන්න හැදුවෙ.”
“හා ඒක තමයි. ගොඩක් ගෑණු ලමයො රතු පාට ඇන්දම හරි ලස්සනයි.” මියුරංගට එදා යුවතිගෙ ගෙදරදි විහංසාව දැකපු හැටි මතක් උනා.
“ගොඩක් ගෑනු ලමයි කිව්වෙ?”
“මං කිව්වෙ මම දැකල තියෙනවා රතු පාට ඇන්දම කෙල්ලොන්ගෙ අමුතු ලස්සනක් එනවා.”
“ඔව්. අපේ දෝණි අක්කා ඉන්නෙ. එයාගෙ ෆේවරිට් කලර් එක රෙඩ්. එයා තමයි මේකත් මට සිලෙක්ට් කරල දුන්නෙ.” යුවතිට නොදැනිම ඇය කලින් හංගපු දේ එලියට පැන්නා. දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ.
“එයාද එහෙනම් සිලෙක්ට් කරල තියෙන්නෙ.” මියුරංග හිතුවා විතරයි. කිව්වෙ නෑ. ඒ වෙනුවට ඔහු සුන්දර හිනාවක් පාලා කෑම ඕඩර් කරා.
ඩිනර් එක ඉවර වෙලා යුවතිව ගෙදරට දාපු මියුරංග ගෙදර ගියේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියාගෙන.
“ආහ් අලුත් බොස් මොකද මූණ මැලවිලා. කොහෙද ගියේ?” සහස්‍රා ඇහුවෙ මියුරංග සාලෙට එද්දිමයි.
“තමුසෙට මොකටද ඒක. යනව යන්න මැට්ටී.” මියුරංග නංගිට ටොක්කක් ඇනලා උඩට ගියා.
“ඒයි අලුත් සර් අද ලොකු සර් කාලෙකට පස්සෙ ගෙදර ඇවිත්.” සහස්‍රා කිව්වෙ උදම් ගැන.
“කොහේද?” මියුරංග ලංකාවට ආවට පස්සෙම අයියව දැක්කෙ නෑ. ඒ නිසා ඔහුටත් අයියව දකින්න ඕනෙ උනා. රට ඉන්නකොට හැමදාම අයියට කතා කරත් හම්බ වෙන්නෙ අවුරුදු අටකට පස්සෙ නිසා අයියව දකින්න ආසාවක් මියුරංගගෙ හිතෙත් තිබුනා.
“ඔන්න එයාගෙ කාමරේ.” සහස්‍රා ආයෙම ෆෝන් එකට මූණ ඔබා ගත්තා.
“අයියා…” මියුරංග ගිහින් උදම්ගෙ කාමරේ දොරට තට්ටු කරමින් කතා කටා.
“වරෙන් ඇතුලට.” උදම් ලැප් එක පැත්තකින් තියලා නැගිට්ටා. මියුරංග දොර ඇරන් උදම්ගෙ ලඟට ආවා.
“කොහොමද? උඹ කවද්ද මැනස් ඉගෙන ගත්තෙ.” උදම් මියුරංගව වැළඳ ගත්තා.
“රට ගියාට පස්සෙ. මට හොඳයි. ඔයාට??” දෙන්නම හිනා වෙවී ඇඳෙන් වාඩි උනා.
ටික වෙලාවක් ආගිය තොරතුරු කතාකර කර ඉඳලා…
“යමුද රවුමක්.” උදම් ඇහුවෙ හිනා වෙලා.
“මරුනෙ. කවද්ද?” මියුරංග ඇහුවෙ කකුලකුත් ඇඳ උඩට අරන්.
“ම්ම් කතා කරල නංගිගෙනුත් අහල ඩේට් එකක් ෆික්ස් කරගමු.”
“වෙනස් වෙලානෙ ලොක්කා.” මියුරංග හිනාවෙවී කිව්වා.
“පලයන් බං යන්න.” උදම් මියුරංගගෙ බඩට එකක් ගහලා කිව්වා.
“ඔයාට අප්පච්චිලා කසාදයක් ලේස්ති කරලා කියල බඩී කිව්වා.” උදම් බඩී කිව්වෙ සහස්‍රාට. ඔහු සහස්‍රා පුංචි කාලෙ ඉඳන්ම කිව්වෙ බඩී කියලා. ආදරේට.
“ඔව්..”
“ඔයා ඒ ගර්ල්ට කැමතිද?”
“මම තාම හිතනවා. එයාව ටිකක් අඳුර ගන්න කල් ඕනෙ. ටිකක් වෙනස්”
“වෙනස් කිව්වෙ.” උදම් නලල රැලි කරන් ඇහුවා.
“මන්දා. මට තේරෙන්නෙ නෑ. ඒත් ඒ විදියට මං ආදරෙයි.” මියුරංග කියද්දි උදම්ට ඇයව දකින්න හිතුනා.
“අපේ ට්‍රිප් එකට එයාටත් කතා කරගමු. කතා කරන්න උනත් පුලුවන්නෙ.” උදම් කියද්දි මියුරංගට හිනා ගියා.
“අපෝ එයා කතා කරන්නෙවත් නැති එක්කෙනෙක්. අහන දේකට ඔව් නෑ බෑ වෙන්න ඇති ඒක තමයි හොඳයි ලස්සනයි එච්චරයි. බොහොම හදිස්සියෙන් තමයි ඊට වඩා දෙයක් කියන්නෙ. ට්‍රිප් එකත් බෝරින් වෙයි.”
“යකෝ එහෙම තමයි දැකපු ගමන් කෙල්ලො කතා කරන්නෙ නෑ කොහොමත්.” උදම් කියද්දි මියුරංගට හයියෙන් හිනා ගියා.
“මොකද හිනාවෙන්නෙ.”
“කවද්ද කෙල්ලො ගැන ඔච්චරටම දැනගත්තෙ. අපෙ අම්ම අපරාදෙ බය වෙලා ඉන්නෙ මෙයා මහණ වෙන්න හදනව කියල. බලන් යද්දි මෙයා අපි සේරටම වඩා හපන් වගේ.” මියුරංග හිනාවෙවී කිව්වෙ.
“මං කිව්වෙ නිකන්. උඹ ඕන මගුලක් හිතාගෙන ඉඳපං. වොශ් එකක් දාගෙන වරෙං කාලෙකින් අම්මගෙන් කෑම කෑවෙ නෑ. කෑම මේසෙදි විකාර කියවන්නෙ නැතුව ට්‍රිප් එක ගැන විතරක් කතා කරපං.”
“හරි හරි ඒක නෙමෙයි කවුද කෙල්ල. මටත් කියනවකො හලෝ.” මියුරංග දුවන්න බලාගෙන කිව්වෙ.
“කියන්නම් පස්සෙ. උඹට නොකිය ඉන්නෙ නෑනෙ.” උදම් මියුරංගගෙ පිටට පාරක් ගහගෙනම කාමරෙන් එලියට ආවා.
උදම් පහලට යද්දි සහස්‍රා බලන් හිටියෙ කේන්තියක් මූණට අරන්. කාලෙකින් කට්ටියම ගෙදර ඉන්නෙ. විහිලුවක් කරලා හිනාවෙලා ඉන්න කවදත් සහස්‍රා කැමතියි.
විනාඩි පහක් දහයක් උදම් අප්පච්චි එක්ක කතා කර කර හිටියේ මියුරංග පහලට එනකන්.
“මේ සහෝදරයො දෙන්නට හරියට රහස් තියෙනව වගේ. අපිත් එක්ක කතා කරන්න තමයි කාටත් වෙලාව නැත්තෙ.” සහස්‍රා කිව්වෙ නෝක්කාඩුවෙන්.
“අනේ බඩී මේ කට වහන් ඉන්නවද? මේකිගෙ කට නිසා තමයි මට ගෙදර ඉන්න එකත් එපා වෙලා තියෙන්නෙ.” උදම් සද්ද නැතුව ඉන්නෙ නැතුව කිව්වෙ සහස්‍රාව අවුස්සන්න.
“අනේ අප්පච්චී බලන්නකො මේ ඌරා කියන කතාවෙ කැත.” සහස්‍රා අප්පච්චිගෙ තුරුලට යන්නෙ ලොකු අයියට අප්පච්චිට කියලා බන්නවන්න.
“අපෝ මෙන්න මෙයා. ඊයා හලෝ මේකි අඬනකොට තියෙන කැත. ලොක්කා මොකද්ද කේස් එක.” මියුරංග පහලට එන ගමන් ඇහුවා.
“ඊයා මෙයා මේ විනාඩියට වොශ් එකකුත් දැම්මද. රට හිටියට මහ කුණුම කුණුයි. බලනවකො ඒකට ලොකු සර්. කොහොමද දැක්කත් ඇති බඩ පිරෙනවා.” සහස්‍රා ඒ පාර කතා කලේ උදම්ගෙ ලඟට ගිහින් කර වටේ අත දාගෙන කම්මුලක් ඉඹලා.
“කොහොමද කෙල්ලගෙ ඇක්ටින්.” අප්පච්චි කිව්වෙ හිනාවෙවී. (ලමායි මගේ පහසුව සඳහා මම අමර සේනාධීරව අප්පච්චී විදියට හඳුන්වනවා.)
“මේකි නම් මහ කපටියි.” උදම් සහස්‍රාගෙ කනක් මිරිකලා කිව්වා.
සහස්‍රා කවදත් එහෙමයි. හැමෝටම බැනලා ආයෙම හෙමිහිට එයාම ශේප් කරගන්නවා.
“එන්න ලමයි කාල ඉන්න.” අම්මා කෑම මේසෙට ඇරලා කතා කරා.
“අනේ සුදු අම්මී මොනාද අද හැදුවෙ.” සහස්‍රා යන්නෙ උඩ පැනගෙන ඇය දන්නවා උදම් එන දවසට අම්මා විශේෂ කෑමක් හදන බව.
“වාව් ඉඳි ආප්ප.” උදම් කියන්නෙ සතුටින්. උදම් ආසම කෑම සුදු ඉඳි ආප්පයි කිරි හොදියි කට්ට සම්බෝලයි.(හා හා කෙල ගිලින්නෙ එහෙම නෑ හරිද?)
“මම අද ඩිනර් අරන් ආවෙ.” මියුරංග කියද්දි හැමෝම පුදුමෙන් මියුරංග දිහා බැලුවා.
“කොහෙන්ද? අනික ඔයා දැන් ඇවිල්ලත් පැයකට කිට්ටුයි. හත වෙද්දි ඩිනර් ගත්තෙ ඔයා කවද පුරුද්දටද සුදු පුතා.” අම්මා ඇහුවෙ පුදුමෙන්.
“නෑ අද මම යුවති එක්ක ඩිනර් එකට ගියා.” මියුරංග කියද්දි සහස්රාය් උදම්නුයි හිනා උන පාරට අප්පච්චිත් ගැස්සිලා ගියා.
“බඳින්න ඉන්න කෙල්ල එක්ක ඩිනර් එකට ගියා කියන්න මෙයාට තිබුන අමාරුවක්.” සහස්‍රා හිනාව අතරින්ම කිව්වා.
“ඊට වඩා පුදුම වෙන්න දෙයක් ඔයාලට දැනෙන්නෙ නැද්ද?” අප්පච්චී ඇහුවෙ ටිකක් බැරෑරුම් විදියට.
“ඒ මොකද්ද අප්පච්චි?” සහස්‍රාගෙ හිනාවත් නැති උනා අප්පච්චිගෙ කතාවට.
“මේ යකා ඊයෙ බලන්න ගියපු මනමාලිව අදම ඩිනර් එකකට අරන් ගියා කියන්නෙ අනිත් දේවල් ගැන මට නම් හිතා ගන්නවත් බෑ” අප්පච්චී කියපු කතාවට ආයෙම හැමෝම හිනා උනා.
“අනේ දැන් විහිලු ඇති මම මේ දැන් ආවෙ වෙන දෙයක් කතා කරගන්න.” මියුරංග කිව්වෙ ඇති උන අපහසු තාවයෙන් මිදෙන්න තිබුන උවමනාව නිසා.
“හා හරි හරි දැන් කෑම කාල ඉන්න. සුදු පුතා මෙයාල කෑම කාල ඉවර වෙනකන් ඔයා කියන්න බලන්න යුවති දුව හොඳයිද කියලා.” තිලකා කිව්වෙ උදම්ට ඉඳි ආප්ප බෙදන ගමන්.
“මාත් ආවට පස්සෙම කොහෙවත් ගියේ නැති නිසා අපි කොහෙ හරි රවුමක් යමුද? ලොක්කගෙ තමයි යෝජනාව. අප්පච්චි මොකද කියන්නෙ.” මියුරංග කිව්වෙ යුවති ගැන කියන්න ඔහුට තාම මහ ලොකු දෙයක් නැති නිසා.
“ෂා මරුනෙ. අනේ අප්පච්චි ඔන්න වෙම කොහෙවත් බෑ නුවර එළියෙ විතරයි. මට ඇවිදින්න නම් බෑ දවස් හතරයි ගුලි වෙලා නිදියන්න ඕනෙ. අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්.” සහස්‍රා කෑගහන්න ගත්තා.
“අපෝ ඇවිදින්න ඕනෙ නේද අයියා. නැතුව වැඩක් තියෙනවද ගිහිල්ලත්.” ඒ මියුරංග.
“මාත් ආසයි නුවර එළියෙ යන්න. අපි ගොඩක් කාලෙකින් ගියෙත් නෑනෙ අප්පච්චි.” ඒ තිලකා. ඇයත් අමරට කතා කලේ අප්පච්චි කියලා.
“ලොක්කා මොකද කියන්නෙ. කොහෙ යන්නද කැමති.” අප්පච්චි ඇහුවෙ උදම්ගෙන්.
“නුවර එළිය හොඳයි අප්පච්චි. හැබැයි මෙයා කියනව වගේ ගිහින් ගුලිවෙලා ඉන්න නෙමෙයි. ඇවිදින්නත් ඕනෙ. මේ දවස් වල සීතල නිසා කොහොමත් ගොඩක් ඇවිදින්න බැරි වෙයි.” උදම් කිව්වෙ නංගිගෙයි මල්ලිගෙයි දෙන්නගෙම හිත හැදෙන විදියට.
“මගෙ හොඳ…. අයියා. කොහොම හරි නුවර එළියෙනෙ යන්නෙ. එච්චරයි.” සහස්‍රා කිව්වෙ ගොඩක් සතුටෙන්.
“සුදු පුතා මොකද කියන්නෙ කාව හරි එක්කන් යන්න ඕනෙද තව?” අම්මා ඇහුවෙ යුවති ගැන.
“මට එහෙම එක්කන් යන්න කවුරුවත් නෑ අම්මා.”
“බොරු බොරු මෙයාට ඕනෙ ඇති. අපිට මොකද. ඔන්න අප්පච්චී බෑ කියන්න බෑ මට සමීව නම් කොහොමත් එක්කන් යන්න ඕනෙ.” සහස්‍රා කිව්වෙ දවසක් විහංසා නුවර එළියෙ යන්න ආසයි කියපු එක මතක් උන නිසා.
“හරි හරි අපි ඒ දරුවව එක්කන් යමු.” අප්පච්චී කිව්වා.
“ඒයි අලුත් බොස් සමීට නිවාඩු දෙන්න ඕනෙ හරිද?” සහස්‍රා කිව්වෙ මියුරංගගෙ කකුල පාගලා.
“හා හා. දෙන්නම්. අයියා ඔයාට කවුරුවත් නැද්ද එක්කන් යන්න?” මියුරංග ඇහුවෙ උදම්ට ඇහැක් ගහලා.
“මට කවුරු ඉන්නද? පාඩුවෙ ඉඳපංකො කෑම එක කන්න දීලා.” උදම් මියුරංගට රවමින් කිව්වා.
“මොකක් හරි හොරයක් තියෙනවා දෙන්නගෙ නේද අප්පච්චි…..” සහස්‍රා කියද්දි මියුරංග හෙමිහිට නැගිටලා උඩට ගියා.
“ට්‍රිප් එක ඕකේ හරිද? නැගිටල ගියාට කමක් නෑ මගේ කෙල්ලට නිවාඩු ඕනෙ. මං හොයාගන්නම්කො දෙන්නගෙ හොරේ.” සහස්‍රා සුපුරුදු විදියටම තරහ මූණක් අරන් කිව්වා.
“මොනව හොයන්නද බඩී. කෑම කාලා ලොකු වෙනවා සේරටම කලින්. බලනව තමුසෙගෙ තරම්. තාම ශිෂ්‍යත්ව පන්තියෙ ලමයෙක් වගේ.” උදම් අත සෝදගෙන කෑම මේසෙන් නැගිට්ටෙ සහස්‍රාට නෝන්ඩියට හිනත් වෙලා.
__________________________________________________________________________
“දෝණියෝ නිදිමත නැත්නම් ටිකක් කතා කරන්නකෝ.” යුවති කෝල් එක ගත්ත ගමන් කිව්වෙ ඕක.
“මොකද මැලවිලා. මොනාද බොස් කිව්වෙ.” විහංසා හරි බරි ගැහිලා ෆෝන් එක කනට තද කරගත්තා.
“එයා එක්ක ඉද්දි මාව එක්සයිට් හොඳටම. අනේ මන්දා කොච්චර ට්‍රයි කරත් මට නෝමල් වෙන්න බෑනෙ. ප්ලීස් මට උදව් කරන්නකෝ.” යුවති අසරණ විදියට කියද්දි විහංසාට දුක හිතුනා.
“මේ අහන්නකෝ ඔයා එයාට කැමතියිද කියන්න මුලින්ම”
“ඔව් අක්කා. මම කැමතියි විතරක් නෙමෙයි මේ දවස් දෙකට මං එයාට ආදරෙයි.”
“එහෙනම් ඇයි ඔයා එක්සයිට් වෙන්නෙ.”
“එයා තාම මට කැමතිද නැද්ද කියලවත් කිව්වෙ නෑ. අනික මට බයයි දඟ උනාම එයාට මාව එපා වෙයිද කියලා.”
“ඒ කිව්වෙ?” විහංසා පුදුමෙන් ඇහුවා.
නැවත හමුවෙමු.