මා නොවේ ඈ නුඹේ 35 කොටස

විහංසාගෙන් කෝල් එක එනකොට යුවති හිටියෙ අඬල අඬලා හෙම්බත් වෙලා. ඒත් ෆෝන් එක රිංග් වෙනකොට කෙල්ල ඉක්මණට කඳුලු පිහිදාගෙන ස්ක්‍රීන් එක දිහා බැලුවා. විහංසාගෙ නම්බර් එක දැක්කා විතරයි කෙල්ල දඩ බඩ ගාලා ඇඳේ වාඩි උනා.

“හෙලෝ…” යුවතිගෙ කටහඬ අඬපු නිසා ටිකක් අවුල් ගිහින් තිබුනෙ.

“චූටි? ඇයි මේ?” විහංසාගෙ හිතට අමුත්තක් දැනුනා යුවතිගෙ කටහඬ ඇහිලා.

“ඇයි ඇහුවෙ මොකද්ද?” යුවති දන්නවා මේ අහන්නෙ කටහඬ අමුතු වෙලා මොකද කියලා බව.

“මොකද්ද අහන්නෙ ලමයෝ කටහඬ හොඳටම අඬලා වගේනෙ. මොකද්ද ප්‍රශ්නෙ චූටි?”

“මුකුත් නෑ අක්කා… මට නින්ද ගිහින් හිටියෙ. එක පාරටම හීනයක් දැකලා ඇහැරිලා මට ඇඬුනා.” යුවති බොරුවක් ගෙතුවා.

“මගෙ අම්මෝ ඔය තරම් අඬන්න මොකද්ද දැකපු හීනෙ?”

“ඔයා මැරි කරලා මාව දාලා දුරකට යනවා දැක්කා.” යුවති තවත් ඇඬුවා.

“චූටි මම කවුරු මැරි කරත් මෙහේම තමයි ඉන්නෙ. මම තාත්තව දාලා කොහේවත් යන්නෙ නෑ. ඔයා ඒක දැන දැනම ඔහොම බොළඳ වෙන්නෙ මොකද?” විහංසාට දුකත් හිතුනා.

“හ්ම්ම්.. ඒකත් ඇත්තනෙ. ඉතිං දෝණි මොකද අලුත් තත්වෙ?” යුවති මාතෘකාව වෙනස් කලා.

“ඒ ප්‍රශ්නෙ ඉවරයි චූටියෝ. ලොකු අයියා කියන්න තියෙන හැමදේම කිව්වා මට. ඉතිං මට දුක නෑ. කොහොමත් රූපය ලොකු අයියගෙ උනාට මම ආදරේ කරපු කෙනාගෙ කොලිටීස් ලොකු අයියා ලඟ නෑ. ඔයාට කිව්ව වගේම මම හිත හදාගෙන එයාව හම්බ වෙන්න ගියේ. එයා මගේ හිත ඊටත් වඩා හොඳට හදලා ගියා.” විහංසා සතුටින් බව තේරුනාම යුවතිටත් සතුටු හිතුනා.

“ඒ කියන්නෙ අපේ දෝණිට දැන් වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන්.” යුවති ඇහුවෙ මියුරංග ගැන හිතේ තියාගෙන.

“මොකද්ද?” විහංසා ඇහුවෙ පුදුමෙන්. සහස්‍රා කිව්ව කතාවමයි යුවති කිව්වෙත්. විහංසාට අමුත්තක් දැනුනා.

“නෑ නිකන් කිව්වෙ මම. දැන් ඉතින් හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන්නෙ.” යුවති ශේප් එකේ කිව්වා.

“අනේ මේ කටවහගෙන මට කියන්න මොකද උනේ චමත් හම්බ උනාද?” විහංසා ඇහුවා.

“ඔව් ඔව්. හම්බ උනා.” යුවති කිව්වෙ විශේෂයක් නැතුව.

“මොකද නිකන්…” විහංසා ඇහුවෙ යුවති යනකොට කටහඬේ තිබුන ආසාව උද්‍යෝගය දැන් නැති නිසා.

“නෑ මේ.. කතා කර කර ඉඳලා ආවා ඉතිං”

“ඒ කියන්නෙ?”

“ඒ කියන්නෙ එයා නෙක්ස්ට් වීක් ආයෙම ඉන්ග්ලන්ඩ් යනවා. ගිහින් ආවම ගෙදරට ඇවිත් කතා කරන්නම් කිව්වා.” යුවති දුකින් කිව්වා.

“අයියෝ ඒකද මේ… හරි හරි එයා ඉක්මණටම එයිනෙ.”

“එයා යන්නෙ අවුරුදු දෙකකට අක්කා.” යුවති ආයෙත් අඬනවා.

“හරි ලමයෝ… ඉතිං එයා යන්නෙ ස්ටඩීස් වලටනෙ. කොච්චර හොඳයිද. එතකොට එයාට ඔයාලගෙ බිස්නස් වලට ජොයින් වෙන්නත් පුලුවන්නෙ.”

“ඔව් ඒත් මට දුකයි දෝණි.” යුවති හිටියෙ ගොඩාක් දුකින්.

“හරි හරි කෝ හිනා වෙලා ඉන්න. අඬන්නෙ හරියට එයා ඔයාව දාලා යනව වගේනෙ.”

“න්..නෑ එහෙම එකක් නෑ හරි මම ආයෙ අඬන්නෙ නෑ.” යුවති කලබලෙන් කිව්වා.

“හරි හරි මම උයන්නත් ඕනෙ. සැටර්ඩේ මීට් වෙලා කතා කරමු. හරිද. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරලා කුස්සියට ගියා.

____________________________________________________________________

“හායි සුදු අයියා…” සහස්‍රා කෑගැහුවෙ උඩ ඉඳගෙනමයි. මියුරංග ගෙට ගොඩ උනා විතරයි.

“කොහෙද ඉන්නෙ,?? කටහඬ ඇහුනට තාම දැක්කෙ නැතෝ…” මියුරංග හැම පැත්තම බලමින් කිව්වා.

“මම මෙහේ….”

“මෙහේ කියන්නෙ මොන මෙහේද? මී මැට්ටා.” මියුරංග එහෙම කියමින් අම්මා ඉඳපු තැනට ගියා. සහස්‍රාත් පඩිපෙල බැහැගෙන ඇවිත් කෑම මේසෙන් ඉඳ ගත්‍තා.

“ආ…න්න ඒ වගේ තමයි ලෑන්ඩ් ලයින් එකට කෝල් අරන් කතා කරන්නෙ මම කිව්වම අපිට දැනෙන්නෙත්. තේරුණාද සුදු මහත්තයට?” සහස්‍රා මියුරංගගෙ හිස කෙස් අවුල් කරමින් කිව්වා.

“හා දැන් කියමු බලන්න පමා වීමට කාරණය.” සහස්‍රා අත ගුලි කරලා මයික් එක වගේ මියුරංගගෙ මුවට ලං කලා.

“මගෙන් අහ ගන්න එපා. අම්මා මාර වැඩේනෙ වෙලා තියෙන්නෙ.” මියුරංග සහස්‍රාට බැනලා අම්මගෙ පැත්‍ත හැරුණා.

“ඇයි සුදු පුතා.” අම්මත් ඇවිත් මියුරංගගෙ එහා පැත්තෙ පුටුවෙන් ඉඳගත්‍තා.

“යුවතිට කොල්ලෙක් සෙට් වෙලා. මට කියනවා මම කැමති නෑ කියලා අම්මලාට කියලා එයාලගෙ ගෙදරට කියන්න කියලා.”

“ඒකත් එහෙමද.” අම්මා හුස්මක් හෙලුවෙ එක අතකට ඒක හොඳයි කියලා හිතමින්.

“ඉතිං හොඳයිනෙ හලෝ. ඕකෙ මොකද්ද මාර වැඩේ. ඒක නෙමෙයි අම්මා මාරම වැඩේ.” සහස්‍රා අම්මා දිහා බලලා කියද්දි මියුරංග බලන් හිටියෙ මේකි මොන හෙනයක් පාත් කරයිද දන්නෙ නෑ කියලා හිත හිත.

“අපේ සුදු අයියත් වෙන කෙල්ලෙක්ට කැමතියි.”

“අනේ බබා මේ කට වහගෙන යනවද මෙතනින්. මට අම්මා එක්ක කතා කරන්න ඕනෙ. මෙයාගෙ බොරු අම්මා.” මියුරංග කිව්වා.

“කවුද බබා කෙල්ල. අපේ දෝණිද?” අම්මා අහද්දි මියුරංගයි සහස්‍රායි මූණට මූණ බලාගත්තා.

“අම්මා ඇයි එහෙම කියන්නෙ?” සහස්‍රා ඇහුවෙ එහෙම අහන්න හේතුව හිතා ගන්න බැරි නිසා.

“ඔයාලා හැරුණත් මට කියන්න පුලුවන්. හැබැයි සුදු පුතා මම නම් උඩින්ම කැමතියි දෝණිට.” අම්මා හිනා වෙලා මියුරංගගෙ හිස අත ගෑවා.

“අම්මා ඒත්…” මියුරංග කියන්න හැදුවෙ දැන්ම හදිස්සියක් නෑ කියලා. සහස්‍රා මැද්දෙන් පැන්නා.

“හරි හරි අද හෙට ඕනෙ නෑ. ඒ උනාට සුදු අයියා කෙල්ල කැමති නම් මාත් උඩින්ම කැමතියි.” සහස්‍රා මියුරංගගෙ බෙල්ල බදාගෙන කිව්වා.

“බබා..” මියුරංග සහස්‍රාට තරවටු කලා දෑසින්. සහස්‍රා කට වහගෙන එහාට ගියා.

“අම්මා අප්පච්චිට කියන්න මේ යුවතිගෙ ප්‍රශ්නෙ. ඊට පස්සෙ එහේට දැනුම් දෙන්න මුලින්ම. ඊටත් පස්සෙ අනිත් දේවල් බලමු.” මියුරංග කිව්වා.

“සුදු පුතා… ඔයා දෝණිට කැමතියි නේද?”

“ඔව් අම්මා… ගොඩාක් කැමතියි. හැබැයි හැමදේටම කලින් මට විහංසා එක්ක කතා කරලා මේ දේවල් ගැන තීරණයක් ගන්න ඉඩ දෙන්න. එතකන් ගෙවල් වලින් මේකට මැදිහත් වෙන්න එපා.” මියුරංග කිව්වම අම්මත් ඒක අනුමත කලා.

මියුරංග කාමරේට ගියාට පස්සෙ ආයෙ පහලට ආවෙ රෑ කෑමට.

“අයියා… කීයටද ආවෙ අම්මා කිව්වෙත් නෑනෙ.” මියුරංග ඇහුවෙ උදම් ඉන්නවා දැකලා පුදුමෙන්.

“මම දැන් ආවෙ මල්ලා. මේ කෑම මේසෙට තමයි ආව ගමන්ම ඉඳගත්තෙ.” උදම් වෙනසක් නැතුව හිනාවෙවී කිව්වා.

“විහංසාට ඕනෙ මේ හිනාව නැති නොවෙන්න. ඒ කියන්නෙ එයා තාමත් අයියා ගැන හිතනවා. මට තව ඉවසන්න වෙනවා.” මියුරංග හිතුවා.

“සුදු අයියා මොනවද අනේ කරන්නෙ භාවනා කරනව වගේ.” සහස්‍රා මියුරංගට ඇනලා ඇහුවා.

“නෑ මම මේ කල්පනා කලේ දැන් අයියාගෙ කල වයසත් හරි එකේ… මේ…” මියුරංග බාගෙට නැවැත්තුවා කියන්න ගිය දේ.

“අපි එයාට හොඳ කෙනෙක් තෝරලයි තියෙන්නෙ. මෙයාට තියෙන්නෙ එයාව බලන්න විතරයි.” අප්පච්චි කියද්දි උදම් සහස්‍රා මියුරංග තුන් දෙනාම පුදුමෙන් අප්පච්චි දිහා බැලුවෙ.

“ඒ කවුද?” තුන් දෙනාම එහෙම ඇහුවෙ එක පාරටම.

“ඒක වෙලාව ආවාම කියන්නම්. එතකන් ඉවසන්න. ආහ් ඒක නෙමෙයි ලමයි හෙට හිමදිව එක්කගෙන සිරිනන්දලා එනවා. හිමදිට කෝස් එක මෙහෙන් කරන එක ලේසියි කියලා සිරිනන්දලා මෙහෙට එයාව එවන්න හදන්නෙ. හැබැයි ඒ ඒවා නිසා විතරක්ම නෙමෙයි. ලොක්කා පරිස්සමෙන්.” අප්පච්චි අන්තිම ටික කිව්වෙ හිනාවෙවී.

“අප්පච්චී ඒ ලමයා වෙන කොල්ලෙක්ට කැමතියි.” උදම් කියපු හැටියට කාටත් හිනයි.

“අනේ මන්දා අපේ ලමයින්ට කතා කරන හැම කෙල්ලම වෙන අයට කැමති.” අම්මා කිව්වා.

“ඇයි යුවතිටත් වෙන කෙනෙක් ඉන්නවලුද?” උදම් ඇහුවෙ මියුරංග දිහා බලලා. මියුරංග හිස වැනුවෙ හිනාවෙවී.

“අපෝ ඒකත් එහෙමද. එක අතකට ඒකත් හොඳයි මල්ලිට ඒ වගෙ කෙනෙක් ගැලපෙන්නෙ නෑ. මෙයාට හොඳයි දෝණි වගේ කෙනෙක් නම්.” උදම් කිව්වා නෙමෙයි ඉබේම කියවුනා. මියුරංගයි සහස්‍රායි ඇස් ලොකු කරන් බැලුවෙ.

“ලොකු අයියා?????” සහස්‍රාට කකා ඉඳපු බත් කටත් හිර උනා.

“ඇයි? මම වැරැද්දක් කිව්වද? ඇත්තමයි අප්පච්චි. විහංසාගෙ තාත්තා එක්ක කතා කලොත් මොකද. මේ දෙන්නට දෙන්නා හොඳට මැච් වෙනවා. හැඩ රුව ගතිගුණ. ඒ හැමදේම.” උදම් කිව්වෙ හදවතින්ම. මොකද ඔහුට තේරුනා මේ දෙන්නට දෙන්නා හොඳට ගැලපෙන බව. විහංසාගෙ අහිංසක ගති පැවතුම් වලට මියුරංගව හොඳටම ගැලපෙන බව උදම්ට හොඳටම තේරුනේ අද විහංසා එක්ක කතා කරද්දි.

“ගැලපෙනවා කියන එක අපිට තීරණය කරන්න බෑ ලොකු පුතා. එයාලා ගැලපෙනවා කියල හිතනවනම් එයාලා එකතු වෙයි. අයියත් ගෙදර ඉද්දි මල්ලිට කසාද බඳින්නත් බෑනෙ කොහොමත්. ඒ නිසා අප්පච්චි මම හිතන්නෙ මුලින්ම ලොකු පුතාගෙ වැඩේ ගැන කතා කරගත්ත නම් හොඳයි.” අම්මා කිව්වා. අප්පච්චිත් ඒ කතාව අනුමත කලා.

“අප්පච්චි මට සන්ඩේ පුලුවන්. යන්න තියෙන තැනක් කියන්න. මම එන්නම්.” උදම් එහෙම කියලා සාමාන්‍ය විදියටම කෑම කන්න ගත්තා.

____________________________________________________________________

“ගුඩ් මෝනින් අහස් අයියා.” විහංසා අද ඇන්දෙ අලුත් සාරි එකක්. ඒකට ඇය හරිම ලස්සනට පෙනුනා. මියුරංග විහංසා දිහා බැලුවෙ ගුඩ් මෝනින් කියන්න උනත් කටත් ඇරන් ඔහු බලන් හිටියෙ විහංසාගෙ ලස්සන.

මියුරංගගෙ ෂර්ට් එකත් ඒ සාරියටම ගැලපෙන විදියට තිබුන එකට දෙන්නටම පුදුමයි.

“ඔයාට මේ කලර් සාරි හරිම ලස්සනයි විහංසා. යූ ආ සෝ බියුටිෆුල්.” මියුරංගට කියවුනා. කොහොමත් මියුරංගගෙ කැමතිම කලර් එක බ්ලැක් බ්ලූ.

“තෑන්ක් යූ අයියේ. ඔයාටත් ගැලපෙනවා මේ ෂර්ට් එකට ලස්සනයි.” විහංසා හිනාවෙලා කියද්දි මියුරංගට හිනයි.

“කොල්ලො ලස්සන නෑ. කෙල්ලො තමයි ලස්සන.” මියුරංග කිව්වම විහංසාට මතක් උනා මියුරංග යුවතිව බලන්න ආව දවස.

“එදා මගේ හිතේ හිටියෙ අහස් අයියා විතරමයි. මම කොච්චර ආදරේ කරාද? ඒත් එයා යුවතිගෙ නිසා මම අමාරුවෙන් අමතක කරා. ඒ නිසා වෙන්න ඇති මට හීනෙනුත් අහස් අයියා නැතුව ලොකු අයියව පෙනුනෙ. ඒත් මම ජීවිතේටවත් දැකලා තිබුනෙ නැති දෙන්නෙක් හැබැහින් දකින්නත් කලින් හීනෙන් දැක්කෙ මොකක් නිසා වෙන්න ඇතිද?” විහංසා කල්පනා කරා. මියුරංග බලන් හිටියෙ මෙච්චර වෙලා ලස්සන හිනාවක් මූණෙ තියන් ඉඳපු කෙල්ල මූණත් අප්සට් කරන් මොන ලෝකෙද අතරමං උනේ කියලා.

“විහංසා???” මියුරංග විහංසාගෙ උරහිසට අතක් තියලා කතා කරාම විහංසා ගැස්සිලා ගියා.

“සොරි අහස් අයියා. එක්ස්කියුස් මී.” විහංසා ඉක්මණින් කැබින් එකෙන් එලියට ගියා.

“මම කියපු එකේ මොනවද එච්චර කල්පනා කරන්න තිබුනෙ.” අහස් කල්පනා කරා.

ටික වෙලාවකට පස්සෙ ආයෙත් සුපුරුදු විදියට ඇවිත් විහංසා වැඩකලා. මියුරංගත් විශේෂ මුකුත් කතා නොකර බිස්නස් වැඩ ගැන විතරමයි කතා කලේ.

__________________________________
__________________________________

“අම්මෝ හරිම මහන්සියි චූටියෝ….” යුවති කෝල් එක ගත්ත ගමන්ම විහංසා කිව්වා. යුවති කෝල් කලේ විහංසා ගෙදර ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සෙ.

“ඇයි අක්කා… මොකද?”

“නෑ අද මගේ හිතටත් හරි නෑ. හරි හරි කියන්න අද මොකද? චමත් මීට් උනාද?” විහංසා සාරිය පිටින්ම ඇඳේ හාන්සි වෙලා කල්පනා කර කර හිටියෙ යුවති කෝල් කරද්දි.

“ආ… ඔව් හම්බ උනා. මේ ඒක නෙමෙයි දෝණියෝ මම අද ඔයාලගෙ ගෙදර ආවා. කම්මැලිකමට වගේ.” යුවති කියද්දි විහංසාට ඒක විශේෂ දෙයක් උනේ නෑ යුවති කොහොමත් කම්මැලි හිතුනම විහංසා නැතත් ගෙදර ඇවිත් තාත්තා එක්ක කතා කර කර ඉඳලා යනවා.

“හා.. මම ආව ගමන්ම කාමරේට ආවා. තාත්තගෙ යාලුවෙක් ඇවිත් බර කතාවක්. එයා ගියාම ඇවිත් මට කියයි චූටි දෝණිගෙ ආගමනය ගැන.” විහංසා හිනා වෙවී කිව්වා.

“හ්ම්ම්… මම නිකන් ගත්තෙ. මුකුත් අලුත් දෙයක් නැද්ද දෝණි.” යුවති හිතුවෙ මියුරංග විහංසාගෙන් අහලා ඇති කියලා.

“ඒ කිව්වෙ?”

“නෑ ඉතිං දැන් හැමදේම හොඳ අතට විසඳිලා ඉවරයිනෙ. ඉතිං අලුත් කෙනා හම්බ උනාද කියලා ඇහුවෙ මම.” යුවති ඇඟට පතට නොදැනී අහද්දි විහංසාට හිනයි.

“තාත්තා හොයල දෙයි චූටි. එතකන් ඉන්නවා.” විහංසා කිව්වා.

“හා… දෝණි මම තියන්නම් එහෙනම්. අම්මා එක්ක චැට් එකක් දාලා බලන්න ඕනෙ. ඒක නෙමෙයි මියුරංග අයියා අම්මලාට කියලද මට කැමති නෑ කියලා.”

“ඔව් මට සහස්‍රා රෑ කතා කරාම කිව්වා. ඊයෙ ම කියලා. ඒ අයගෙන් ප්‍රශ්නයක් නෑ. කවදත් එයාලගෙ තීරණ වලට අම්මයි අප්පච්චියි මැදිහත් වෙන්නෙ හරිම හදිස්සියෙන්.” විහංසා කිව්වා.

“හා… අම්මෝ ඇති යන්තන් ඒක විසඳුනා.” යුවති කිව්වා.

“ආ.. ඒ කියන්නෙ වැඩේ නැගලම යනවා වගේ.”

“ඔව්… ඔව්… මේ ඔන්න කෝල් එකක් එනවා. මතක් කලා විතරයි. තියන්නම් දෝණියෝ. බුදු සරණයි.” යුවති කෝල් එක කට් කලා.

“එක අතකට ඒක හොඳයි. චූටි තමන්ට ආදරේ නැති කෙනෙක්ට ආදරේ කරනවට වඩා තමන් ගැන කාලයක් බලන් ඉඳපු කෙනෙක්ට ලං උන එක.” විහංසා හිතුවා.

පහු වෙනිදා උදේ හිමදිව එක්කන් කට්ටියම සේනාධීර නිවසට ආවා. සිරිනන්දගෙයි සුනේත්‍රාගෙයි ඇස් දිලිසුනා.

“ආ උදෙන්ම ඇවිත්නෙ. කීයටද එහෙන් ආවෙ.” අප්පච්චි ඇහුවෙ උදේ දහය වෙද්දි එන්න නම් එහෙන් පාන්දරින් එන්න ඕනෙ නිසා.

“ඔව් එහෙන් ආවා කලින්ම. අපි අද යන්නත් ඕනනෙ අයියේ.” සුනේත්‍රා කිව්වා.

අනුරාධගෙ ඇස් මුලු ගේ වටේටම දිව්වා..

ආයෙත් හමුවෙමු.

සමාවෙන්න දවසට එක කොටස ගානෙ දෙන්නම් සනීප වෙනකන්. තරහ වෙන්න එපා ඊයෙ මට කමෙන්ට් වලට ලයික් කරන්නවත් ඔයාලගෙ කමෙන්ට් වලට රිප්ලයි දෙන්නවත් උනේ නෑ. දැන් ටිකක් හොඳයි. උදේ ඉඳන් ටයිප් කරලා දැන් ඉවර කරගත්තෙ. ආයෙත් සමාව ඉල්ලනවා.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *