මා නොවේ ඈ නුඹේ 36 කොටස

අනුරාධ වටේටම ඇස් යැව්වත් දකින්න පෙරුම් පුරන රුව නෙත ගැටුනෙ නෑ විනාඩි විස්සක් විතර යනකන්.

“කෝ දූ ගෙදර නැද්ද අක්කෙ.” සුනේත්‍රා ඇහුවෙ සහස්‍රා පේන්න නැති නිසා.

“බබා අද සුදු පුතත් එක්ක ඔෆිස් එකට ගියා. ලේස්ති වෙලත් බෑ කිය කිය හිටියෙ. සුදු පුතා බලෙන්ම වගේ එක්කන් ගියා.” අම්මා කියද්දි අනුරාධගෙ මූණ මැලවුනා.

“ඒ කියන්නෙ ඒකයි ෆෝන් එකට ආන්සර් නොකරෙ. අපරාදෙ මම නිවාඩු දාගෙන දුවන් ආවෙ.” අනුරාධ හිතුවා.

____________________________________________________________________

“මොකද මෙයා මූණ එල්ලන්.” විහංසා ඇහුවෙ සහස්‍රාගෙ මූණෙ වෙනදා වගේ සැහැල්ලුවක් නැති නිසා.

“මෙයාට ඊයෙ ඔෆිස් එන්න කතා කරාම නම් උඩ පැන පැන හිටියා. අද උදේ ලේස්ති වෙලත් අදි මදි කලා. මොකක් හරි හොරයක් තියෙනවා.” මියුරංගත් කිව්වා.

“අනේ මේ කට වහන් ඉන්නවලා. මගෙ ඔලුව රිදෙනවා ඉන්න බෑ.” සහස්‍රා ඔලුව ටේබල් එකට තියාගෙන කිව්වා.

“මොකද?” විහංසා මියුරංගගෙන් ඇහුවෙ ඇස් වලින්. මියුරංග උරහිස් අකුලලා දන්නෙ නෑ කියලා විහංසාට සහස්‍රා එක්ක කතා කරන්න දීලා එලියට ගියා.

“සහස්‍රා… ඇයි ලමයෝ මේ? මොකද්ද ප්‍රශ්නෙ? මට කියන්න බැරි දෙයක්ද?” විහංසා ඇහුවෙ සහස්‍රාගෙ හිස අත ගාලා.

“අනේ සොරි සමී….” සහස්‍රා අඬාගෙන විහංසාගෙ උරහිසට හිස තියාගත්තා. විහංසා බය උනේ මොකද්ද ප්‍රශ්නෙ කියලා දන්නෙ නැති නිසා.

“ලමයෝ මොකටද සොරි කියන්නෙ? මොකද්ද ප්‍රශ්නෙ? සහස්‍රා මට කියන්න බැරි දෙයක්ද?” විහංසා ඇහුවෙ සහස්‍රාගෙ මූණ අත ගාමින්.

“සමී… මගෙයි අනුරාධ අයියගෙයි එෆෙයාර් එකක් තියෙනවා. එදා ඔයාට එයා කාඩ් එකක් දුන්නෙ ඒක මම එදා අරන් එයාට කතා කලා. සොරි සමී මම වැරැද්දක් කලේ. ඒත් අපි දෙන්නට දෙන්නා ආදරෙයි සමී.” සහස්‍රා කලබලෙන් කියාගෙන යද්දි විහංසාට පුදුමත් හිතුනා මෙයාගෙ වැඩ වලට. ඒත් මේ තරම් සහස්‍රා කලබල වෙලා ඉන්නවා දැකලා නැති නිසා විහංසාට හිනා ගියා හයියෙන්.

“මොකද හිනා වෙන්නෙ?” සහස්‍රා අඬ අඬම එහාට වෙලා ඇහුවා.

“හිනා නැද්ද හොර පූසි වගේ ඉඳන් කරන වැඩ වලට. හරි ශෝක් නේද මටත් හොරා මෙච්චර හපන් කමක් කරානෙ මේකි.” විහංසා සහස්‍රාගෙ කනක් මිරිකලා කිව්වා.

“සොරි සමී… මේක ගෙදරට කියන්න බයයි. උඹට කියන්න හිටියෙ. ඒත් අයියා දැනගත්තොත් කියලා කිව්වෙ නෑ.” සහස්‍රා කිව්වා.

“ඒකට නම් දුක හිතුනා මැට්ටියේ මම එහෙම කරල තියෙනවද?” විහංසා ඇහුවෙ මූණ සවුත්තු කරන්.

“අනේ සමී මම එහෙම කිව්වා නෙමෙයි. සොරි.”

“දැන් ඕක නවත්ත ගන්නවද? මොකටද ඔය තරම් සොරි ගාන්නෙ. පිස්සි.” විහංසා සහස්‍රාව තුරුල් කරගත්තා.

“දැන් ඉතින් කියන්නකො මොකද අද ඔෆිස් එන්න අකමැති උනේ?” විහංසාට තේරුනේ නෑ ඒක.

“අද අනුරාධලා අපේ ගෙදර එනවා කිව්වා. ඊයෙ රෑ අප්පච්චි කිව්වාට මම දන්නෙ නෑ අනූ එන බව. උදේ කෝල් කරලා කියනවා එයත් එනවලු. මැට්ටා.” සහස්‍රා තරහෙන් කිව්වා.

“අනේ අනේ.. ඒකද මේ. ඉන්න මම කියන්නම් අයියට ඔයාට අසනීපයි ගෙදර යවමු කියලා. ඉන්නකො දැන් නාඬා.” විහංසා සහස්‍රාගෙ කඳුලු පිහිදාලා එලියට ගියා.

මියුරංග හිටියෙ ලන්ච් රූම් එකේ.

“අයියේ…” විහංසා කතා කලා. ඒත් ලොකු කල්පනාවක ඉඳපු මියුරංගට විහංසාගෙ කටහඬ ඇහුනෙ නෑ.

“අහස් අයියේ…” දෙතුන් වතාවක් කතා කරත් මියුරංගට ඇහුනෙ නැති නිසා විහංසා මියුරංගගෙ උරහිසට අත තියලා කතා කරා. මියුරංග ගැස්සිලා හැරුනා.

“ඔ.. ඔව් කියන්න නංගී.” මියුරංග තිගැස්මෙන්ම කිව්වා.

“සොරි මේ මම කියන්න ආවෙ සහස්‍රාට ටිකක් අසනීපයි. එයාව ගෙදරට ඇරලවනවද අයියෙ.” විහංසා හෙමිහිට කිව්වා.

“හ්ම්ම්…. අපරාදෙ බලෙන් එක්කන් ආවෙ මගේ වැරැද්ද.” මියුරංග එහෙම කිය කියම කැබින් එකට ගියා.

“බබා… ඇයි ඔලුව ගොඩක් රිදෙනවද?” මියුරංග හිස අත ගාලා අහද්දි සහස්‍රාට දුක හිතුනා ගොඩාක්. අයියගෙ ආදරේ දැනුනම තමන් කලේ වරදක් කියලා හිතුනා. අඬාගෙන මියුරංගට තුරුල් උනත් ඇඬුවා මිසක් සහස්‍රා වචනයක්වත් කිව්වෙ නෑ.

“ඉතිං අඬන්නෙ මොකටද? යමු මම එක්කන් යන්නම්.” මියුරංග කාර් එකේ කී එක ගත්තෙ සහස්‍රාව නැගිට්ටවගෙන.

“සුදු අයියා ඔයා ඉන්න. මම ඩ්‍රයිවර් එක්ක යන්නම්. කමක් නෑ.” සහස්‍රා කිව්වා.

“මම ඉන්දෙද්දි මොකටද බබා ඩ්‍රයිවර්ස්ලා.”

“අහස් අයියේ විනාඩි දහයකින් ඔයාට ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් තියෙනවා.” විහංසා මතක් කලාමයි මියුරංගටත් මතක් උනේ

“ඕහ් ශිට්. මට අමතක උනානෙ. විහංසා උදව්වක් කරනවද මෙයාව ගිහින් ඩ්‍රොප් කරලා එනවද? අපේ ගෙදර ගිහිල්ලත් නෑ කිව්වනෙ. අද ගිහින් එන්න එහෙනම්.” මියුරංග විහංසාට කිව්වම සහස්‍රාත් කැමති උනා ඒකට.

“ඒත් මම…”

“ඔව් ඔව් යමු ඔයත්. ප්ලීස් සමී.” සහස්‍රාත් කතා කරපු නිසා විහංසා ෆෝන් එකත් අරන් සහස්‍රා එක්ක පහලට ගියා.

ගෙදරට යනකොට කට්ටිය ඇවිත් තේ බීලත් ඉවරයි. වාහනයක් ආව නිසා අම්මා එලියට ඇවිත් බැලුවා. විහංසා එනවා දැකපු අම්මට නම් දැනුනෙ මාර සතුටක්.

“අනේ මගේ දෝණි ඇවිත්.” අම්මා දුවගෙන ඇවිත් විහංසාගෙ දෙකොපුල් සිප ගත්තා.

“යමු පුතේ ඇතුලට.” අම්මා විහංසාගෙ අතින් අල්ලගෙන ගෙට ගියා. සහස්‍රා බලන් හිටියෙ හිනාවෙවී.

“දැන් ඔෆිස් ගිහින් වේලාසනින් ආව මගේ ගැන හොයන්න කවුරුවත් නෑ. දැක්කද අප්පච්චි.” සහස්‍රා බොරුවට මූණත් එල්ලගෙන දුවගෙන ගියා අප්පච්චි ඉඳගෙන ඉඳපු තැනට.

“ඔයා හැමදාම ගෙදර එන කෙනානෙ බබා. ඒ වගේද මගේ දෝණි ආවෙ පලවෙනි වතාවටනෙ. ඉඳගන්න පුතේ මම තේ ලේස්ති කරන්නම්.” අම්මා දුවගෙන ගියා.

කට්ටිය කතා කර කර හිටියා. ටිකකින් ලමයි ටික එලියට ආවා. ආගිය තොරතුරු කතා කර කර ඉඳලා හිමදි චුට්ටක් ඇතුලට ගිය අතරෙ….

“මං අල්ලගන්නම්කො හොර ජෝඩුව. මාර පිනුම් තමයි පනින්නෙ.” විහංසා අනුරාධගෙ කන මිරිකලා කිව්වා. තුන් දෙනාටම හිනයි.

“මේ මට පාර්ටි එකක් ඕනෙ. ගෙවල් වලින් දැනගත්ත ගමන් මට ග්‍රෑන්ඩ් පාර්ටි එකක් ඕනෙ හරිද ඩොක්ටර්?” විහංසා ඇඟිල්ල දික් කරලා කියද්දි සහස්‍රා හෙමිහිට ඇන්නෙ හිමදි එනවා දැකලා.

“ආහ් මේ මම යන්නත් ඕනෙ දැන්. අහස් අයියා හිතයි මම මෙහේ පැලවෙලා කියලා.” විහංසා වෙලාව බලලා කිව්වා.

“දැන් එහෙනම් ලෙඩ සනීපයිනෙ. ඩොක්ටර් ලඟ ඉන්නවනෙ අසනීප උනොත්. මම යන්නම්.” විහංසා සහස්‍රාගෙ හිස අත ගාලා කිව්වා.

විහංසා හැමෝගෙන්ම සමු අරන් කම්පැණි එකට ගියා. යද්දි උදේ වගේම මියුරංග ලොකු කල්පනාවක හිටියේ.

“අහස් අයියේ ප්‍රශ්නයක්ද ඔයාට?” විහංසා මියුරංගගෙ ඉස්සරහින් ඉඳගෙන ඇහුවා.

“මෙහේ දි කියන්න බෑ විහංසා ඕෆ් වෙලා අපි කොහෙට හරි ගිහින් ටිකක් කතා කරමුද?” මියුරංග ඇහුවම විහංසා හිස වනලා හා කිව්වා.

____________________________________________________________________

එදා උදම් තව කෙල්ලෙක් එක්ක ඉන්නවා දැකපු වෙලාවෙ ඉඳන් සඳලි හිටියෙ හොඳ සිහියෙන් නෙමෙයි.

“රෝස්… මොකද්ද ලමයා ප්‍රශ්නෙ. මොනවද ඔය තරම් කල්පනා කරන්නෙ?” ශ්‍රියානි ඇවිත් ඇහුවෙ ඇය හේතුවක් නොදන්න නිසා.

“මමා… මම ආයෙම යනවා. ලංකාව මට ගැලපෙන්නෙ නෑ. මට එහේ ගිහින් පුතාගෙ මතක එක්ක ජීවත් වෙන එක හිතට සැනසීමක්.” සඳලි කිව්වා.

“ඇයි ඔයා උදම්ව මීට් උනේ නෑනෙ.” ශ්‍රියානිට නිකමට හිතුනා මෙයාට ලංකාව එපා උනේ උදම් හම්බ උනාට පස්සෙ වෙන්න ඇති කියලා.

“එයා දැන් මැරීඩ් මමා. මගෙන් එයාට වැඩක් නෑ. මම ටිකට් එක දැම්මා මමා. මම නෙක්ස්ට් වීක් යනවා ආයෙම.” සඳලි ශ්‍රියානිව වැළඳගෙන කිව්වා.

“ඔයා වැරදි තේරුම් අරන් හොඳ ජීවිතයක් ගත කරන්න ඉගෙන ගන්න ලමයා. එක අතකට ඔයා මේ ගත්ත තීරණේට මම කැමතියි.” ශ්‍රියානි සඳලිගෙ හිස අත ගාලා කිව්වා.

සඳලි හවස හොඳ ඇඳුමක් එහෙම ඇඳලා ලේස්ති වෙලා එලියට ආවා.

“රෝස් කොහෙ යන්නද මේ හැන්දෑවෙ?” ශ්‍රියානි රෑ කෑම ලේස්ති කරමින් හිටියෙ.

“පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් මමා. යාලුවො ටිකත් එක්ක මේ ටිකේ එන්ජෝයි කරන්න ඕනෙ.” සඳලි එහෙම කියාගෙනම ගියා.

“අනේ මන්දා මේ ලමයා ජීවිතේ නැති නාස්ති කරගෙනයි නවතින්නෙ.” ශ්‍රියානි තමන්ටම කියාගත්තා.

____________________________________________________________________

හවස විහංසායි මියුරංගයි දෙන්නත් එක්ක පොඩි නිස්කලංක අවන් හලකට ගොඩ වැදෙන්නෙ මියුරංගගෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න.

මියුරංග කිරි කෝපි දෙකක් ඕඩර් කරලා කතාව පටන් ගන්න හැදුවේ.

“හායි….” ටේබල් එක ලඟට ඇවිත් කතා කරපු කෙනා දැකලා විහංසාගෙ ඇස් උඩ ගියා…

ආයෙත් හමුවෙමු.

මදි කිව්වොත් ආයෙ කතාව දෙන්නෙ නෑ.. 😡😡😡😡

රසවින්දනයට බාධාවක් තියෙනවා නම් කියන්න.. දෝණි අහස්ගෙ විහංසා මියුරංගගෙ කියල කිව්වොත් කොටන එක කොටනවා… වෙන මොනව හරි කියපල්ලකො අනේ 😥😥😥

ලයික් කමෙන්ට් දාන හැමෝටම ගොඩාක් ස්තූතියි. ඔයාල නිසා තමයි මෙච්චර හොඳ නිර්මාණ අපි අතින් බිහිවෙන්නෙ. අලුත් කතාවක් ගැන හිතේ තියෙනවා. බලමු මේක ඉවර වෙද්දි දෙනවා. දිගටම රැඳෙන්න යාලුවනේ තව චුට්ටයි තියෙන්නෙ.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *