මා නොවේ ඈ නුඹේ 37 කොටස

විහංසාට කෙල ගිලුනෙත් නෑ. “දෙවියනේ මේ මොකද්ද වෙන්නේ.” විහංසාට හිතුනෙ එහෙමයි.

“ඔයා උදම්ගෙ වයිෆ් නේද?” සඳලිගෙ ඇස් දිලිසුනා. ඇගේ හිත ඇතුලෙන් සතුටට උඩ පැන්නා. ඇය හිතින් නිගමනයකට ආවා උදම් තමන්ව මග අරින්නයි එදා මේ ගෑනු ලමයව වයිෆ් විදියට අඳුන්වලා දුන්නෙ කියලා. විහංසා කතා කරගන්න බැරුව බලන් හිටියා.

“ඔව්.. මම උදම්ගෙ මල්ලි. මේ මගේ නෑනා. ඔයා කවුද?” මියුරංග සඳලිට අත දිගු කරමින් කිව්වා. මියුරංගට සඳලි අහපු දෙයින් මතක් උනා මේ සඳලි වෙන්න ඇති කියලා. විහංසා එදා කිව්වනෙ සඳලි මීට් වෙලා කතා කරපු දේවල්.

“ආ.. ම්..ම..මම සඳලි. මෙයාගෙ නම නම් මතක නෑ. ඒත් දැකලා පුරුදු නිසයි ආවෙ.” සඳලි බලාපොරොත්තු සුන් වූ සිතින් කිව්වා.

“ආ මල්ලි මේ සඳලි. අපිට කියන්න අමතක උනානෙ මෙයාව මීට් උනා කියලා.” විහංසාත් කටට ආව බොරුවක් කියලා දැම්මා.

“ආහ්.. එහෙමද. මම නම් අඳුරන්නෙ නෑ අක්කේ. ම්ම්… මිස් සඳලි ටේක් අ සීට්.. දැන් අයියත් එනව ඇති” මියුරංග පුටුවක් පෙන්නලා එලිය බලමින් කිව්වා.

“හ්.. මේ.. ම… මම යන්නම් ම.. මගේ ය…යාලුවො අතන. මම මෙයාව දැකලයි ආවෙ. ගිහින් එන්නම්. බායි.” සඳලි ඉක්මණින් ගියේ නැවතත් රිදුනු සිතින්.

“අයියෝ මම වගේ හරකියෙක්. එහෙනම් උදම් කිව්වා හරි. මට ලංකාවෙ හිටියා කියලා ලැබෙන දෙයක් නෑ” සඳලි එහෙම හිත හිත යාලුවො ඉඳපු තැනට ගියා.

“අම්මෝ වෙලාවට ඔයා මාව බේරුවා.” විහංසා පපුවට අතක් තියාගෙන කිව්වා.

“මදැයි හිත නිදහස් කරගන්න ආවා. අන්තිමට ඔයාගෙ ඔලුවත් අවුල් උනා නේද නංගි. මං කියන්නද අපි වෙන වෙලාවක මේක ගැන කතා කරමු.” මියුරංග කිව්වා.

“නෑ නෑ අපි කතා කරමු. ඒක අමතක කරන්න අයියේ. ඔයා කියන්න මොකද්ද ප්‍රශ්නෙ?” විහංසා ඇහුවා.

“මේකයි මම කල්පනා කලේ අපේ බබාගෙ මොකක් හරි වෙනසක් දැනෙනවා.” මියුරංග කිව්වෙ වේටර් ගෙනත් දුන්න කිරි කෝපි එක තොල ගාමින් කිව්වා.

“සහස්‍රා ගැන මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ. ඒකමයි මම මෙහෙම ආවෙ ඔයා එක්ක.” විහංසා හෙමිහිට කිව්වා.

“මොකද්ද ඔයාට බබා ගැන කියන්න තියෙන්නෙ? ඔයා මොනව හරි දන්නවද එයාගෙ වෙනස් වීමට හේතුව ගැන.” මියුරංග පුදුමෙන් ඇහුවා.

“ඔව්…”

“මොකද්ද?”

“අහස් අයියේ ඔයාට මතකයිනෙ අර අනුරාධ?”

“ඔව්…”

“සහස්‍රාගෙයි අනුරාධ අයියගෙයි එෆෙයාර් එකක් තියෙනවා. ඔ.. ඔයා කලබල වෙන්න එපා. ඇත්තටම අනුරාධ අයියා හොඳ කෙනෙක්නෙ. ඔයත් එයාව දන්නවනෙ.” විහංසා මියුරංගගෙ හිත කැමති වෙන විදියට කතා කලා.

“හ්ම්ම්… ඒ කියන්නෙ මේක පටන් අරන් තියෙන්නෙ කොහොමද?” මියුරංගට හිතා ගන්න බෑ මේක පටන් ගත්තෙ කොහොමද කියලවත්. මොකද අනුරාධ එදා කතා කලේ විහංසා ගැන විතරමනෙ.

“එදා අනුරාධ අයියා මට එයාගෙ කාර්ඩ් එක දුන්නනෙ. මම එදා අප්සට් එකෙන් ඉඳපු නිසා ඒක ගැන ලොකු අවධානයක් තිබුනෙ නෑනෙ. සහස්‍රා ඒක අරන් නිකමට කතා කරල තියෙන්නෙ. ඒත් ඒක ටික ටික ආදරේකට පෙරලිලා. දැන් ඒ දෙන්නා ආදරේ කරනවා.” විහංසා හිනාවෙවී කිව්වා.

“හ්ම්ම්…” මියුරංග දුකෙන් වගේ හුස්මක් හෙලුවා.

“අයියේ ඔයා සහස්‍රා එක්ක ටිකක් කතා කරන්න. එයා ඔයාල අකමැති දෙයක් කරන්නෙ නෑ කවදාවත්ම.” විහංසා කල්පනා කලේ මේ ගැන කතා කරපු එක වැරදිද මන්දා කියලා.

“අනුරාධ හොඳ කොල්ලෙක්. ඒක හරි. අම්මයි අප්පච්චියි අයියයි කැමති වෙයිද?” මියුරංගට තිබුන ප්‍රශ්නෙ ඒක.

“මම නම් එයාගෙ වරදක් දකින්නෙ නෑ අයියා. ඔයත් ටිකක් බලන්න ඉතින්.” විහංසා කිව්වා. මියුරංගට හිනයි.

“මට නිකමට හිතුනා උදේ දෙන්නත් එක්ක කුටු කුටු ගානකොට මොකක් හරි හොරයක් තමයි කියලා. හරි හරි මම එයාව අල්ලගන්නම්කො. දැන් පරක්කු වෙනවා. යමු මම ඔයාව ඩ්‍රොප් කරන්නම්.” මියුරංග බිල් එක පේ කරලා කී එක ගන්න ගමන් කිව්වා.

“ඔයා සහස්‍රාට බනින්න යන්න එපා. ලොකු අයියා එක්කත් මම කතා කරන්නම් මේ ගැන.” විහංසා කිව්වම මියුරංගට හිනයි තවත්.

“නෑ නෑ මම බබාට මුකුත් කියන්නෙ නෑ. යමු එහෙනම්.”

____________________________________________________________________

සතියකට පස්සෙ සඳලි සදහටම ලංකාව අත ඇරලා නැවත යනවා. ශ්‍රියානි කඳුලු පිරි දෑසින් ඇයට සමු දෙනවා. ඒත් ඇයට සතුටුයි ලංකාවෙ හිටියොත් තවත් ජීවිත කීයක් එයා විනාස කරයිද දන්නෙ නෑ කියලා ශ්‍රියානි තැවෙමින් හිටියෙ.

ශ්‍රියානි එයාර්පෝට් එකේ ඉඳලා කෙලින්ම ගියේ උදම්ගෙ සේල් එකට.

“ආ එන්න ආන්ටි.” උදම් ශ්‍රියානිව දැක්ක ගමන් උණුසුම් විදියට ඇයව පිළිගත්තා.

“ඔන්න පුතා දැනුයි මගේ හිතට සැනසීමක් දැනුනෙ. ඔයා ලොකු උදව්වක් කලේ පුතා.” ශ්‍රියානි කියද්දි උදම් බලාගෙන හිටියෙ මේ කියන්නෙ මොකද්ද කියලා.

“සඳලි ආයෙම රට ගියා. ආයෙ කවදාවත් එයා මෙහෙට එන්නෙත් නෑ ඔයාලගෙ ජීවිත වලට කරදරයක් වෙන්නෙත් නෑ. පුතා වෙලාවට කිව්වෙ එයාට ඔයා මැරි කරලා කියලා.” ශ්‍රියානි කියද්දි තමයි උදම්ට තේරුනේ.

“අයියෝ ඒක සුලු දෙයක් ආන්ටි. කොහොමත් මම ඉක්මණින්ම මැරි කරනවා. තෑන්ක් යූ ආන්ටි. ආන්ටි ඇත්ත නොකිව්ව නම් මම ආයෙම එයා එක්ක පැටලෙන්නත් තිබුනා.” උදම් කිව්වා.

“මම ආවෙ පුතාට කියලා යන්න. ගිහින් එන්නම් පුතා. තෙරුවන් සරණයි.” ශ්‍රියානි උදම්ගෙන් සමු අරන් ගියා.

“ඔයා හොඳ කෙනෙක් උනා නම් මම කීයටවත් ඔයාව අමතක කරන්නෙ නෑ සඳූ. ඒත් ඔයා මාව ගොඩක් රැවැට්ටුවා.” උදම් තමන්ටම කියාගත්තා.

ඒ එක්කම උදම්ගෙ ෆෝන් එක රිංග් උනා.

“හෙලෝ මලයා.. උදේම මාව මතක් වෙලා.” උදම් හිනාවකින් මූණ පුරවගෙන කතා කලේ.

“අයියේ මේ වීක් එන්ඩ් එකේ අර ගර්ල්ව බලන්න යන්න දාගෙන. අප්පච්චි කිව්වා ගෙදර එන්න කියන්න කියලා.” මියුරංග කිව්වා.

“අප්පච්චිට කියන්න මම එන්නම් කියලා. මටත් දැන් මේ තනිකඩ ජීවිතේ එපා වෙලා බං.” උදම් කිව්වෙ ලොකු හුස්මක් පිට කරමින්.

“විහංසා ගැන අයියා මොකද හිතන්නෙ?” මියුරංග ඇහුවෙ තාමත් අයියගෙ හිතේ විහංසා ඉන්නවද බලන්න.

“ඊට කලින් උඹ කියපං උඹ මොනවද එයා ගැන හිතන්නෙ කියලා.” උදම් හිනා වෙවී ඇහුවා.

“ඇයි ඒ?”

“නෑ උඹට දෝණි හොඳට මැච් බං. ඒකයි.” උදම් හිනා උනත් මියුරංගට හිතුනෙ දුකෙන් කියලා.

“විහංසා ගැන හිතේ නෑ කියලද කියන්නෙ?” මියුරංග ඇහුවා.

“තියෙනවා… හැබැයි ඒ ආදරේ කියලා කියන්න මම කැමති නෑ. ආදරේ කරන්න ඕනම කෙනෙක්ට පුලුවන්. ඒත් දෝණිට ආදරේ කරන්න දෝණිගෙ ආදරේ ලබන්න හැමෝටම බෑ මලයා. ඒකට ගොඩාක් පිං කරන්න ඕනෙ. උඹට මතකද දවසක් උඹ කිව්වා විහංසා වගේ කෙල්ලෙක් හැමෝටම ලබන්න බෑ කියලා.” උදම් ඇහුවා.

“ඔව් මතකයි. මම කිව්වෙ ඇත්ත. විහංසා කියන්නෙ රත්තරං කෙල්ලෙක්. එයාගෙ ආදරේ ඊටත් වඩා වටිනවා. මිල කරන්න බෑ. ඒක ලබන්න හැමෝටම බෑ.” මියුරංග කිව්වෙ ඇස් පියාගෙන.

“හ්ම්ම්.. ඒක හරි. ඒ වගේම උඹ වගේ කෙල්ලෙක්ට ගරු කරන්න දන්න කෙල්ලෙක්ගෙ වටිනාකම් තේරුම් ගන්න මට කවදාවත් බෑ මලයා. ඒ නිසා දෝණි ගැලපෙන්නෙ උඹට විතරමයි.” උදම් තමන්ගෙ තර්කය තවත් තහවුරු කලා.

“අයියේ…”

“කියපං..”

“ඇත්තටම මම විහංසාට ආදරෙයි.” මියුරංග ඒක කියනවත් එක්කම උදම් එහා පැත්තෙ ඉඳන් හිනාවෙනවා ඇහුනා.

“ඇයි හිනාවෙන්නෙ.” මියුරංග ඇහුවෙ කේන්තියෙන්.

“ඒකනෙ උඹලා දෙන්නා හොඳට මැච් වෙනවා කිව්වෙ. දෙන්නම ආදරේදි පට්ට මෝඩයි.” උදම් හිනාව අතරින්ම කිව්වා.

“ඇයි ඒ?”

“නෑ උඹ දෝණි මට ආදරෙයි කියලා උඹේ ආදරේ පරිත්‍යාග කරන්න බලන් හිටියා එයා උඹ යුවතිට ආදරෙයි කියලා එයාගෙ ආදරේ පරිත්‍යාග කලා.” උදම් කියපු දේ මියුරංගට අලුත් දෙයක් උනා.

“අයියා ඒ කියන්නෙ?”

“ඒ කියන්නෙ දෝණිත් උඹට ආදරෙයි. ඒත් තාම ඒක තේරුම් අරන් නෑ. මට බඩී එදා ගෙදර ආව වෙලාවෙ කිව්වා එයා එක්ක දෝණි කියපු එකම එක කතාවක්.”

“ඒ මොකද්ද?”

“දෝණි හීනෙන් කොල්ලෙක්ව දැක්කෙ කාලෙකට කලින් ඉඳන්නෙ. එයා මුලින්ම උඹව දැක්කම ඒ හීන කුමාරයා උඹ කියලා දැනුනලු. ඒ උඹේ ගතිගුණයි හැඩරුවයි ඔක්කොම එක්ක හීනවල ඉඳපු කොල්ලා සමාන නිසා. ඒත් උඹ යුවති බලන්න ගිහින් යුවතිට කැමති කිව්වලුනෙ. ඒ නිසා කෙල්ල බලෙන්ම හිතට කියලා දීලා හීනෙ ඉන්නෙ උඹ නෙමෙයි කියලා. ඊට පස්සෙ තමයි ඒකිගෙ හීන වල මම හිටියෙ. හැබැයි ඒ රූපෙ විතරයි මගේ. දෝණි මාව දැක්කම හිතුවා මාත් උඹ වගේ කියලා. එයා මට ලං උනා. ඒත් එයා හොයපු සහ උඹෙන් එයා දැකපු ගතිගුණ මගේ ලඟ නෑ. ඒක නිසා එයා මගෙන් ඈත් උනා. කැමැත්තෙන්ම. ඒ කියන්නෙ එයා ආදරේ උඹට. හැබැයි ඒ මැට්ටිත් තාම ඒක තේරුම් අරන් නෑ.” උදම් තේරුම් කරලා දුන්නා.

“ඒ කියන්නෙ විහංසා මට ආදරෙයි.” මියුරංග ඇහුවා.

“ඔව්.. දැන් කෙල්ල ඉන්නෙ දෙගිඩියාවකින් වෙන්න පුලුවන්. ඒ නිසා උඹ එයාට කියන්න එපා උඹ ආදරේ බව. ඒක එයාට දැනෙන්න දීපං. ඊට පස්සෙ බලමු වෙන දේ. හරිද? මං වගේ කලබල වෙන්න එපා.” උදම් කිව්වෙ තමන් කලබල උන නිසයි විහංසාගෙ පලවෙනි ආදරේ හිත් රිදීමක් උනේ කියලා හිතමින්.

“නෑ මම කාලයට ඉඩ දීලා බලනවා.” මියුරංගත් කිව්වා.

“හ්ම්ම්… හරිනෙ එහෙනම්. දැනට ශේප් එකේ වැඩ ටික කරන් ඉන්න. අප්පච්චිට කියන්න මම එන්නම් කියලා. මම අම්මට කෝල් එකක් ගන්නම්කො.”

“හරි ලොක්කා… මං එහෙනම් ඔෆිස් එකට යනවා. තාම මග. බුදු සරණයි.”

“හරි කොල්ලා. බුදු සරණයි.” උදම් කෝල් එක කට් කරලා කී එකත් අරන් එලියට ආවා.

“රදීෂ්…”

“යස් මචන්.”

“අර ගේ විකුණන වැඩේ මොකද දැන්?” උදම් අහන්නෙ ඔහු මෙච්චර දවසක් සඳලිගෙ මතක එක්ක ජීවත් උන ගේ ගැන. උදම් අවුරුදු අටක් මහන්සි වෙලා වැඩ කරලා ලස්සන පොඩි ගෙයක් හැදුවෙ ඒ ගෙදර සඳලිගෙ මතක එක්ක ජීවත් වෙන්න. ඒත් දැන් ඒ හැමදේම ඉවර නිසා උදම් ගේ විකුණන්න දැම්මා. අලුතෙන් ගෙයක් හොයනකන් ඔහු ගෙදර යන්නයි මේ ලේස්ති උනේ.

“ඒක හරි. ෆ්‍රයි ඩේ කට්ටිය එයි. ඒ අය ගෙට කැමතියි.” රදීෂ් කිව්වා.

“හ්ම්ම්… ඒක හොඳයි. මම යනවා ටිකක් පන්සලට. වැඩ ටික බලපන්.” උදම් වාහනයට නැගලා ගියා.

මියුරංග කෝල් එක තියලා කල්පනා කලේ ඇත්තටම විහංසාගෙ ආදරේ ලබන්න තරම් තමන් වාසනාවන්තද කියලා.

ඒ කල්පනාව පිටමයි මියුරංග ඔෆිස් එකට එන්නෙ. විහංසා ඇවිත් හිටියෙ නෑ. මියුරංග කෝල් එකක් ගත්තා විහංසාට.

“හෙලෝ…” විහංසා කතා කලේ අසනීපෙන් වගේ.

“හෙලෝ විහංසා අසනීපෙන්ද? ඔෆිස් ඇවිත් නැති නිසා බැලුවේ.” මියුරංග කතා කලෙත් ටිකක් ගැස්සුනු හිතෙන්.

“මට උණ හැදිලා අහස් අයියේ. එන්න හිටියෙ. ඒත් අමාරුයි.”

“හරි හරි අසනීපෙන් එන්න ඕනෙ නෑ. බෙහෙත් ගත්තද විහංසා?”

“නෑ අයියේ තව ටිකකින් යනවා.”

“හරි හරි ඔහොම ඉන්නකො එහෙනම්. මම බබාව එවන්නම් එයත් එක්ක යන්න බෙහෙත් ගේන්න.”

“නෑ අයියේ මම තාත්තා එක්ක යන්නම්.” විහංසා අමාරුවෙන් කිව්වා.

“හා හා ඒක බලමුකො. බෙහෙත් අරන් ඇවිත් කෝල් එකක් දෙන්න විහංසා. මම තියන්නම්. බුදු සරණයි.” මියුරංග කෝල් එක කට් කරන්න හදනකොටම විහංසා ආයෙත් කතා කලා.

“අයියේ…”

“ඔව් කියන්න විහංසා.”

“අනේ මට ඊයෙ චෙක් කරන්න දුන්න ෆයිල් එකක් ඇති මගේ ලොකර් එකේ. මට ඒක චෙක් කරන්න උනේ නෑ අයියේ. ප්ලීස් ඒක ඔයා බලනවද?” විහංසා කිව්වා. මියුරංගට හිනයි. මේ කෙල්ලගෙ වැඩ ගැන.

“හරි හරි මම ඒක චෙක් කරගන්නම්. දැන් ඒවා ගැන හිතන්නෙ නැතුව බෙහෙත් ගන්න යන්න ලේස්ති වෙන්න.” මියුරංග කෝල් එක කට් කරලා ආයෙත් සහස්‍රාට කෝල් එකක් ගත්තා.

“බබා විහංසා අසනීපෙන්. ඩ්‍රයිවර් එක්ක ගිහින් බෙහෙත් ගන්න එක්කන් යනවද?” මියුරංග එහා පැත්තෙන් සහස්‍රා කතා කරන්නත් කලින්ම කිව්වා.

“හම්මෝ සුදු අයියා තියෙන හදිස්සිය. හරි හරි මම ගිහින් බෙහෙත් ගන්න එක්කන් යන්නම්. උණ හැදිලා වෙන්න ඇති. මම දැන් මේ ගන්න හැදුවේ ඊයෙ රෑත් ඇඟ රිදෙනව කිව්වා.” සහස්‍රා කිව්වා.

“හ්ම්ම් ඉක්මණට යන්න. මම කෝල් එකක් ගන්නම් ඔයාට. බුදු සරණයි.” මියුරංග කෝල් එක කට් කරලා විහංසාගෙ ටේබල් එක ලඟට ගියා. ලොකර් එක ඇරලා ෆයිල් එක ගන්නකොට ඒකට යටින් තිබුනෙ නෝට් බුක් එකක්. විහංසාගෙ කවි පොත. මියුරංග ෆයිල් එකත් එක්කම ඒකත් අතට ගත්තා.

“විහංසාගෙ නෝට් බුක් එකක් වෙන්න ඇති. මොනවද දන්නෙ නෑ තියෙන්නෙ.” එහෙම හිතමින් මියුරංග ඒ නෝට් බුක් එක පෙරලුවා.

නිසඳැස්. ඒ අතරෙ පොඩි පොඩි ඡේද වගේත් තියෙනවා. මියුරංග මුලින්ම තිබුන ටික කියෙව්වා.

“හීනෙන් ඇවිත් නුඹ
මගෙ සිත මත්තේ
දඟ කරනා අපූරුව…
හැබැහින් ඇවිදින්
මගේ දෑස් මත්තට
සිනාසෙන්නේ කෙදිනද…”

“හැමදාම හීනෙන් දකින ඔයාව ඇත්තටම දකින්න ආසයි. කවද්ද එන්නෙ මගෙ ඇස් ඉස්සරහට.” මෙහෙමයි පලවෙනි පිටුවෙ තිබුනෙ. දිනය තිබුනෙ මේ අවුරුද්දෙ පළවෙනිදා.

“විහංසා මේක යූස් කරන්නෙ ඩයරි එකක් වගේ. මම මේක කියවන එක හරිද? වැරදිද?” මියුරංග කල්පනා කරා.

ආයෙත් හමුවෙමු.

අනාවැකි කියන්න එපා. සේරම මරනවා 🔪🔪🔪🔪🔫🔫🔫
සුදු අයියත් මගේ ලොකු අයියත් මගේ. ❤️❤️එකෙක්ටවත් දෙන්නෙ නෑ නෑ නෑමයි. 😡😡😡විහංසා විකුණනවා. කවුද ගන්න කැමති??? 😂😂😂🔫🔫🔫

ඔයාලගේ අදහස් වලට ස්තූතියි ගොඩාක්. සමහර දවසට කමෙන්ට් වල මරණ තර්ජනත් තියෙනවා. ඔන්න එයාලගෙන් තමයි මාත් කපන්න කොටන්න වෙඩි තියන්න ඉගෙන ගත්තේ. 😂😂😂🔫🔫
ආයෙත් ඉතිං හෙටලු හොඳේ….

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *