මා නොවේ ඈ නුඹේ 41 කොටස
ගෙදර ගිහින් මියුරංග මුලින්ම උදේනට වැඳලා එහෙම කතාවට ලේස්ති උනා. විහංසා ඉක්මණින් තේ හැදුවා.
“කියන්න පුතා..” උදේන හොඳට හරි බරි ගැහිලා ඉඳගත්තා.
“අංකල් සමාවෙන්න මුලින්ම මම තනියම මේ ගැන කතා කරන්න ආව එකට. මේවා කෙරෙන්න ඕනෙ දෙමව්පියන්ගෙ අතින්. ඒත් තවත් කල් ගන්න බැරි නිසයි මම ම අංකල් එක්ක මේ ගැන කතා කරන්න හිතුවෙ.” මියුරංග වටෙන් ගියා මාතෘකාවට.
“හරි ඒ ගැන කියන්න කලින් පුතා මාතෘකාවට එන්නකො.” උදේන කියද්දිම විහංසා තේ අරන් ආවා. මියුරංග වගේම විහංසාත් ටිකක් ගැස්මෙන් හිටියෙ තාත්තා මොන වගේ මේ ප්‍රශ්නෙට රිඇක්ට් කරයිද කියලා.
“මේකයි අංකල්..” මියුරංග කතා කරද්දිම උදේන අතින් ඔහුව නැවැත්තුවා.
“තේ බීලා ඉමු පුතා.” උදේන කිව්වා.
“තෑන්ක් යූ අංකල්.” මියුරංග හෙමිහිට තේ එක තොල ගාන ගමන් ආයෙමත් කල්පනා කලේ මේක කියන්න හොඳම විදිය මොකද්ද කියලා.
“අංකල්… මම කෙලින්ම කතාවට එන්නම්. මම විහංසාට ආදරේ කරනවා. මම කැමතියි එයාව මැරි කරන්න.” මියුරංග කෙලින්ම කිව්වා. විහංසා නම් හිටියෙ ගල් ගැහිලා වගේ. උදේන ටික වෙලාවක් කල්පනා කලා.
“දෝණි…”
“තාත්තා…” විහංසා හෙමිහිට මිමිණුවා.
“මේ දරුවා කියන දේ ගැන දෝණි මොකද කියන්නෙ?” උදේන ඇහුවෙ විහංසාගෙ තීරණය ඔහුගෙත් තීරණය වන නිසා.
“තාත්තා… මට සමාවෙන්න. මම අහස් අයියට ආදරේ කරනවා. අද ඊයෙ ඉඳන් නෙමෙයි මුලින්ම දැකපු දවසෙ ඉඳන්. ඒත් පුංචි වැරදි වැටහීමක් නිසා අපි දෙන්නට දෙන්නා මගහැරුනා. අද තමයි මාත් හරියටම දැනගත්තෙ අහස් අයියා මට ආදරෙයි කියලා.” විහංසා උදේනගෙ පුටුව ලඟ දණ ගහ ගෙන කිව්වා. උදේනට හිනත් එක්ක. ඒත් වෙලාවෙ හැටියට හිනාවෙන එක හොඳ නැති නිසා ඉවසන් හිටියා.
“දෝණිගෙ කැමැත්ත ඒක නම් මගේ අකමැත්තක් නෑ පුතා. හැබැයි ඉක්මණින් ම ගෙදර අයව දැනුවත් කරලා මෙහෙට එක්කන් ආවා නම් තමයි හොඳ.” උදේන මියුරංගට කිව්වා.
“දැනටමත් අම්මයි අයියයි නංගියි දන්නවා අංකල්. අද ගිය ගමන් අප්පච්චිට කියනවා.” මියුරංග කිව්වා.
“බොහොම හොඳයි. දෝණි එහෙනම් අපි දැනට මේ දරුවව පිටත් කරමු. ඉක්මණින්ම සුබ ආරංචියක් අරන් ආයෙත් එයි කියලා හිතනවා.” උදේන විහංසාගෙ හිස අත ගාමින් කතා කලේ.
“තෑන්ක් යූ අංකල්. මම ගිහින් එන්නම්.” මියුරංග ආයෙත් උදේනගෙ දෙපා වැඳලා එලියට බැස්සා. විහංසාත් ඒ පස්සෙන්ම එලියට බැස්සා.
“දැන් එහෙනම් හරි නේද?” මියුරංග ඇහුවෙ විහංසාගෙ හිස අත ගාලා. විහංසා හිනා උනා.
“පරිස්සමෙන් ගිහින් කෝල් එකක් දෙන්න. මම බලන් ඉන්නවා. අංකල්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතනවා.” විහංසා හෙමිහිට කිව්වා.
“බය වෙන්න එපා. මම ඔයාව ආයෙම නැති කරගන්නෙ නෑ.” මියුරංග එහෙම කියලා විහංසාගෙ නළලට හාදුවක් දුන්නා.
“බුදු සරණයි…” විහංසා ඇහෙන නෑහෙන ගානට කෙඳිරුවා.
මියුරංග කාර් එකට නැගලා ඈතට නොපෙනී යනකන්ම විහංසා බලාගෙන හිටියා.
“දෝණි… ” උදේන ඇවිත් කතා කරද්දි විහංසා ගැස්සිලා ගියා.
“තාත්තා… ” විහංසා කතා කලේ බිම බලාගෙන.
“ගෙට යමු.” උදේන කතා කලාම විහංසා ගෙට ගියා.
“දෝණි ඔයා සතුටින්ද පුතේ?” උදේන අහද්දි විහංසාට දුකයි.
“ඔව් තාත්තා.”
“හ්ම්ම්ම්… ඒ දරුවා හොඳ දරුවෙක් බව මම දන්නවා. පුතේ ඔයා වන්දනා ආන්ටිලාට කිව්ව නම් හොඳයි නේද මේ ගැන.” උදේන මතක් කරද්දි විහංසාටත් මතක් වෙලයි තිබුනෙ ඒ ගැන.
“කියන්න ඕනෙ තාත්තා. ඒත් ටිකක් හිටියෙ සේනාධීර අංකල් කියන දේ බලන්නත් එක්ක.” විහංසා කිව්වා.
“ඔව් ඔව් ඒකත් ඇත්ත. චූටි දූ දන්නවද මේ ගැන?”
“චූටි දන්නවා තාත්තා. එයා කැමතියි උන දේට.”
“හ්ම් හ්ම්ම් අපි එහෙනම් අද සතුටටත් එක්ක කඩෙන් කමු. ඉන්නකෝ මම ගිහින් කෑම අරන් එන්නම්.” උදේන කාමරේට ගිහින් සල්ලිත් අරන් කඩේට ගියා. විහංසා දොරත් අඩවල් කරගෙන කාමරේට ගියා.
කාමරේට යනවත් එක්කම වගේ විහංසාගෙ ෆෝන් එක රිංග් උනා.
“හෙලෝ චූටි… අම්මෝ කාලෙකට පස්සෙ මගෙ ෆෝන් නම්බර් එක හොයාගෙන.” විහංසා ආන්සර් කරපු ගමන්ම කිව්වා.
“අනේ දෝණියෝ එහෙම දෙයක් නෑ. මේ අංකල්ට කිව්වද?” යුවති කෝල් එක ගත්තෙම උදේන එක්ක මේ ගැන කතා කලාද අහන්න.
“ඔව් චූටි. තාත්තගෙන් ප්‍රශ්නයක් නෑ. දැන් තියෙන්නෙ සේනාධීර අංකල් මොනවා කියයිද කියන බය තමයි.” විහංසා කිව්වා.
“බය වෙන්න එපා ලමයෝ එයාලත් කැමති වෙයි. දෝණියෝ මම එහෙනම් තියන්නද?” යුවති ඉක්මණට ෆෝන් එක තියන්නයි බැලුවෙ.
“ඇයි චමත් කියල තියෙන්නෙ අපිත් එක්ක කතා කරන්න එපා කියලද?” විහංසා නෝක්කාඩුවෙන් ඇහුවෙ.
“අනේ එහෙම නෑ අක්කා… එයා දැන් කෝල් කරයි. මම තියන්නම් හරිද. බුදු සරණයි.” විහංසා මුකුත් කියන්න කලින් යුවති කෝල් එක කට් කලා.
“මේ ලමයට මොනව වෙලාද මන්දා.” විහංසා හිතුවා.
____________________________________________________________________
“අයියේ…” අපර්ණා කතා කලේ අනාථ නිවාසෙ ඉඳන් ගෙදර යනගමන්.
“ම්ම්ම්…”
“අර කවුද ගර්ල් කෙනෙක් ආවෙ නිවාසෙට. කවුද ඒ?” අපර්ණා මේ අහන්නෙ යුවති ගැන.
“ඒ ගර්ල් තමයි කලින් මල්ලිට ප්‍රපෝස් කරලා තිබුනෙ.”
“ඇයි ඒක නැවතුනේ?” අපර්ණාට ප්‍රශ්නයක්.
“නැවතුනා නෙමෙයි ඒ ගර්ල් වෙන එෆෙයාර් එකක් පටන් අරන් තිබුනා. මල්ලිට කියලා තිබුනා. ඊට පස්සෙ අපේ අප්පච්චිලා ඒ ගර්ල්ගෙ දෙමව්පියන්ට දැන්නුවා.” උදම් පැහැදිලි කලා.
“හ්ම්ම්.. බඩී..” අපර්ණා ඒ පාර සහස්‍රාගෙ පැත්තට හැරුණා.
“කියන්න අක්කා.”
“දැන් සුදු අයියත් ඇවිත් කිව්වම ගෙදරින් ඒකට කැමති වෙනවනෙ. එතකොට සුදු අයියගෙ ප්‍රශ්නෙත් ඉවරයි. ඊට පස්සෙ අම්මලා හැරෙන්නෙ කෙලින්ම ඔයාගෙ පැත්තට.” අපර්ණා උදම්ට ඇහැක් ගහලා කිව්වා.
“අප්පච්චිලාට මාව බරක් කියලා කිව්වද ලොකු අයියා.” සහස්‍රා දුකෙන් ඇහුවෙ.
“නෑ බඩී… ඇයි?” උදම් හිනාවෙවී ඇහුවා.
“එහෙනම් අක්කා කියන්නෙ මේ?”
“කොහොමත් මල්ලිගෙන් පස්සෙ ඔයාගෙ ගැන හිතන්න ඕනනෙ බඩී.”
“අනේ ලොකු අයියා… අනුරාධට අප්පච්චිලා කැමති වෙන එකක් නැද්ද?” සහස්‍රා ඇහුවෙ දුකෙන් වගේම බයෙන්.
“ඇයි අකමැති වෙන්නෙ? අනුරාධට කියන්න කොළඹින් ගෙයක් එහෙම බලන්න කියලා. මොකද ඔයාව නුවර එළියට යවන්න නම් අම්මලා කැමති වෙන එකක් නෑ.” උදම් කිව්වෙ අම්මලා කෙසේ වෙතත් ඔහුගෙත් මියුරංගගෙත් තීරණය. සහස්‍රා සද්ද නැතුව හිටියා.
“සමී මල්ලිට නියමෙටම මැච් නේද බඩී.” අපර්ණා මාතෘකාව වෙනස් කරමින් ඇහුවා.
“ඔව්… මට එයාව මගේ පවුලෙ කෙනෙක් කරගන්නමයි ඕන උනේ. දැන් ඒක හරිනෙ.” සහස්‍රා සතුටින් කිව්වා.
“පවුලකට ගේන්න අවශ්‍ය හැම ගතිගුණයක්ම දෝණිට තියෙනවා. ඒ වගේම ඒ හැමදේකටම ගැලපෙන ගතිගුණ අපේ මල්ලි ලඟත් තියෙනවා.” උදම් කිව්වා.
“ඒක නම් ඇත්ත. ලොකු අයියා අප්පච්චි කැමති වෙයි නේද?” සහස්‍රා ඇහුවෙ බයෙන්.
“අකමැති වෙන්න තරම් හේතුවක් මම දන්න තරමින් නෑ බඩී. අපි බලමු නේද? අද හවස් වෙද්දි තීරණේ දැන ගන්න පුලුවන්නෙ.”
“හ්ම්ම්ම්.. ඒක නෙමෙයි. අද දානෙ වැඩ ටික හොඳට උනා නේද ලොකු අයියා.” සහස්‍රා ඇහුවෙ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් බලන ගමන්.
“ඔව් අනේ ඒ දරු පැටවුන්ගෙ මූණු වල තිබුන සතුට. ඒක නම් ලොකුම ලොකු පිනක්.” අපර්ණාත් කිව්වා.
“ඔන්න එහෙනම් මාළිගාව ලඟටම ආවා.” උදම් කිව්වෙ අපර්ණාගෙ ගෙදර ලඟටම ඇවිත්.
“යමු ඇතුලට.” අපර්ණා කතා කලත් උදම් වගේම සහස්‍රාත් හිටියෙ ගෙදර යන්න හදිස්සියෙන්.
“අනේ අපර්ණා අපි වෙන දවසක එන්නම්. දැන් පුලුවන් තරම් ඉක්මණට ගෙදර යන්න ඕනෙ.” උදම් කිව්වම අපර්ණාට හිනයි.
“දන්නවද මට පේන විදියට මල්ලිටවත් නැති හදිස්සියක් තමයි අයියටයි නංගිටයි තියෙන්නෙ.” අපර්ණා හිනාවෙවීම කියලා දෙන්නගෙන් සමු අරන් ගියා.
“ලොකු අයියා මේ බලන්න.” සහස්‍රා පෙන්නුවෙ මියුරංග විහංසාට කේක් කවද්දි ගත්ත ෆොටෝ එකක්. ඒකෙ යුවතිගෙ ඇස් වල කඳුලක් තියෙන බව හොඳටම පේනවා.
“ඇයි ඒ ගර්ල් එහෙම බලන් ඉන්නෙ?” උදම් ඇහුවෙත් පුදුමෙන්.
“අනේ මන්දා ලොකු අයියා. ඒක දැක්කට පස්සෙ මගෙ හිතට මොකද්දෝ බයක් දැනෙන්න ගත්තා.” සහස්‍රා කිව්වෙ ඇත්තටම බයෙන්.
“වැඩිය හිතන්න එපා. සමහර විට එයාට එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව මතක් උනාද දන්නෙ නෑනෙ. දන්නවනෙ ඔය මෝඩ කෙල්ලන්ගෙ හැටි.” උදම් කිව්වෙ සහස්‍රාගෙ බය නැති කරන්න. උදම්ගෙ හිතෙත් මොකද්දෝ බයක් ඇති වෙමින් තිබුනා.
උදම්ලා ගෙදර යද්දි මියුරංග ඇවිත් හිටියෙ නෑ. අප්පච්චි නම් බලන් හිටියෙ කට්ටිය ගෙදර එනකන්මයි.
“ආ කෝ සුදු පුතා.” අප්පච්චි ඇහුවෙ උදම්ලා ගෙට ගොඩ වෙනකොටමයි.
“සුදු අයියා යාලුවෙක් හම්බ වෙන්න ගියා අප්පච්චි. දැන් එනවත් ඇති.” සහස්‍රා එහෙම කියලා ඇගේ කාමරේට ගියා.
“කෝ අපර්ණා දූ.” අප්පච්චි උදම්ගෙන් ඇහුවා.
“අපි මේ එයාව ගෙදරට දාලා එනගමන් අප්පච්චි.”
“හ්ම්ම්.. මල්ලිගෙ වැඩේට මොකද උනේ ලොක්කා.” අප්පච්චි ඇහුවෙ මියුරංග උදේ කියල ගිය කාරණාව ගැන. ඒත් උදම්ට ඒක තේරුණේ නෑ.
“මොකද්ද අප්පච්චි???”
“අර කවුද ගෑණු දරුවෙක් ගැන කිව්වෙ.”
“ආ ඒක හරි අප්පච්චි. ඒ ගර්ල් මල්ලිට කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ. දැන් මල්ලි ආවම කියයි අප්පච්චි.” උදම් කියද්දිම වගේ මියුරංගගෙ කාර් එක ආවා.
____________________________________________________________________
සහස්‍රා කාමරේට දිව්වෙ විහංසාට කෝල් එකක් දීලා මොකද උනේ අහන්න.
“හෙලෝ සමී… මොකද උනේ.”
“තාත්තාගෙ අකමැත්තක් නෑ සහස්‍රා මගේ කැමත්තකට තාත්තා කැමතියිනෙ.” විහංසා කිව්වා.
“ඔව් ඒක හරි. අපේ අප්පච්චිත් කැමති වෙයි ශෝක් ලස්සන ලේලි පොඩ්ඩක්නෙ ලැබෙන්න යන්නෙ.” සහස්‍රා නම් හිටියෙ බලාපොරොත්තු පොදි බැඳගෙන.
“මාත් එහෙම හිතනවා. බලමු නේද? අහස් අයියා ආවද?”
“තාම නෑ. දැන් එනව ඇති.” සහස්‍රා කිව්වා.
“අනේ සහස්‍රා අයියා අප්පච්චි එක්ක කතා කරද්දි මට අහන් ඉන්න ඕනෙ.” විහංසා බැගෑපත්ව කියද්දි සහස්‍රාට හිනයි.
“උඹ දන්නවද උඹට වඩා එක්සයිට් වෙලා ඉන්නෙ මම.” සහස්‍රා කිව්වෙ පපුවත් අල්ලගෙන.
“බඩී මල්ලි ආවා.” උදම් දොර ළඟ ඉඳන් කියද්දි සහස්‍රාගෙ පපුවෙ ගැස්ම තවත් වැඩි උනා.
“සමී සුදු අයියා ඇවිත්. ඔහොම ඉන්න.” සහස්‍රා එලියට ගියේ විහංසා ලයින් එකේ හැමදේම අහන් ඉද්දිමයි.
මියුරංග ගෙට එද්දි සාලෙ හිටියෙ අම්මයි අප්පච්චියි විතරයි.
“සුදු පුතා කෝ අපිට සුබ ආරංචියක් ගෙනාවද?” අප්පච්චි ඇහුවෙ සතුටින්. අම්මා නම් දන්නවනෙ කෙල්ල කවුද කියලා. අප්පච්චිටත් එදා උදම් කිව්වා ඇරෙන්න මේ වෙනකම් වෙන කවුරුවත් විහංසා ගැන මියුරංගගෙ හිතේ තියෙන බව අප්පච්චිට කිව්වෙ නෑ. අඩුම ගානෙ අම්මවත්.
“අප්පච්චි… එයා මට කැමතියි කිව්වා.” මියුරංග සෝෆා එකෙන් ඉඳගෙන කිව්වා.
“ඉතිං කොච්චර හොඳයිද? දැන් එහෙනම් මට කියනවද කවුද ඒ වාසනාවන්ත කෙල්ල කියලා.” අප්පච්චිට තාමත් හිතුනෙ නෑ ඒ විහංසාමයි කියලා.
“අප්පච්චි… මේ… විහංසා අප්පච්චි.” මියුරංග කියද්දිම අප්පච්චි ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටා.
“සුදු පුතා ඔය තීරණේ ගත්තෙ හොඳටම හිතලද?” අප්පච්චි ටිකක් තදින් ඇහුවෙ. උදම් සහස්‍රා එක්ක උඩ ඉඳගෙන සේරම අහගෙන හිටියෙ. සහස්‍රාගෙ පපුව ගැහෙන සද්දෙ එලියටත් ඇහෙන තරම්. උදම් හිටියෙත් අප්පච්චිගෙන් මොන වගේ උත්තරයක් ලැබෙයිද කියලා හිතමින්. විහංසාට නම් දැනුනෙ හෙණයක් ගැහුවා වගේ.
“අප්පච්චි!!!” අම්මත් මියුරංගත් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.
“ඔව් මම අහන්නෙ ඔයා මේ තීරණය ගත්තෙ හොඳට හිතලද කියලා.”
“ඔව් අප්පච්චි.” මියුරංග බිම බලාගෙන කිව්වා.
“එතකොට මේ එන්නෙ කොහෙ ගිහින්ද?”
“මම විහංසාගෙ තාත්තා එක්ක කතා කරලා එනගමන් අප්පච්චි.” මියුරංග කියද්දි අප්පච්චිට යකා ආරූඪ උනා.
“මොකද්ද උඹ කිව්වෙ?” ඒ සද්දෙට සහස්‍රාගෙ කකුල් වලට පණත් නැති උනා. සහස්‍රා උදම්ගෙ ඇඟේ එල්ලුනේ වැටෙයි කියලා බයෙන්. උදම් සහස්‍රාව පුටුවක වාඩි කරවලා පහලට ආවා. විහංසාත් ෆෝන් එක කනේ තියාගෙනම ඇඳෙන් වාඩි උනා.
“අප්පච්චි ඇයි මේ?” උදම් ඇහුවෙ අප්පච්චිට මේ තරම් කේන්ති ගන්න දෙයක් මෙතන උනාද කියලා හිතමින්.
“ආ උඹත් වරෙන්. මේ පවුලට අවනම්බු කරන්න උඹත් හවුල්ද?” අප්පච්චි ඇහුවෙ කේන්තියෙන්. විහංසාගෙ නම් පපුව නැවතිලා වගේ තිබුනෙ.
“අප්පච්චි විහංසා හොඳ ලමයෙක්.” මියුරංග කිව්වා.
“හොඳ ඇති. ඒත් පවුලට ගැලපෙනවද? අපේ මොන පැත්තෙන්ද එයාව තියන්න පුලුවන්.” අප්පච්චි ගුගුරද්දි සහස්‍රාට නම් ඇඟට පුංචි පණක්වත් තිබුනෙ නෑ. විහංසා කෝල් එක කට් කරලා අඬාගෙන ඇඳට වැටුනා.
“ඇයි අප්පච්චි මේ. මොකටද මේ තරම් කේන්ති ගන්නෙ. දෝණි කොච්චර හොඳ දරුවෙක්ද.” අම්මත් අප්පච්චිගෙ අතක එල්ලිලා ඇහුවා.
“ඔයා පැත්තකට වෙලා ඉන්න තිලකා. මට මේක මෙයා එක්කම විසඳගන්න දීලා.” අප්පච්චි අම්මව පැත්තකට කලා.
“කියපං දැන්. උඹට කොහෙන්ද හයියක් මේ වගේ අවනම්බුවක් පවුලට කරන්න තරම්.” අප්පච්චි ඇහුවෙ මියුරංගගෙ කොලර් එකෙන් අල්ලගෙන.
“අප්පච්චි ප්ලීස් මේක මෙහෙම දුරදිග යන්න ඕනෙ නෑ.” උදම් ඇවිත් අප්පච්චිගෙන් මියුරංගව ගලවගන්න උත්සාහ කලා.
“උඹල සේරම එකයි.” අප්පච්චි එහෙම කියලා මියුරංගව තල්ලු කරලා කාමරේට ගිහින් දොර වහගත්තා.
ආයෙත් හමුවෙමු.
හා ලමයි පෝලිමේ ඇවිත් මට බනින්න.
කතාව දිග කරන්නෙ නෑ. මට ලියන්න ටයිම් මදි. ඉක්මණටම ඉවර කරන්න උත්සාහ කරනවා. මොකද ඔයාලටත් එපා වෙනවා කතාව ඇදි ඇදි තියෙද්දි.
තෙරුවන් සරණයි!