මා නොවේ ඈ නුඹේ 43 කොටස

“දැක්කද තිලකා අපේ කොල්ලො දෙන්නටම හොඳම හොඳ කෙල්ලො දෙන්නෙක් ලැබුනා. මගේ හිතේ තිබුන ලොකු බරකින් අද නිදහස් උනා වගේ දැනෙනවා.” අප්පච්චි කිව්වෙ ගෙදරට ගිය ගමන්.

“ඒක නම් ඇත්ත අප්පච්චි. මගෙ හිතේ දෝණි ගැන හැමදාම තිබුනා. ඒත් ලමයි තීරණයක් ගන්නකන් හිටියෙ. අන්තිමට සුදු පුතා ඒ තීරණේ ගත්ත එකට මට සතුටුයි.” දෙන්නත් එක්ක කතා කර කර ඉන්න අතරෙ උදම් සහස්‍රා එක්ක ගෙදර ආවෙ කෑමත් අරන්.

“ඔන්න ඩිනර් එක මගෙ ගානෙ. මල්ලිගෙ තීරණේ ගැන මම නම් මාර සැටිස්.” උදම් කිව්වෙ කෑම ටික මේසෙ උඩින් තියන ගමන්.

“තෑන්ක් යූ අප්පච්චි. ඔයා ලොකු හෙල්ප් එකක් කලේ සමීට කැමති වෙලා.” සහස්‍රා අප්පච්චිගෙ ලඟින් ඉඳගෙන අප්පච්චිට තුරුල් වෙලා කිව්වා.

“පේනවද අම්මා මෙයාගෙ යාලුවට තියෙන ආදරේ.” අප්පච්චි කිව්වෙ හිනාවෙවී.

“ආ… දැක්කද අම්මා අප්පච්චි අපිටත් වඩා සමීට ආදරේ. මෙතන බොරුවට අපිට පාට් එක දාලා ගිහින් ලේලිව හුරතල් කරපු ලස්සන අපි සේරම බලාගෙනනෙ හිටියෙ.” සහස්‍රා අත් දෙකත් බැඳගෙන තරහක් මූණට මවාගෙන කිව්වා.

“මට මගෙ කෙල්ලො තුන් දෙනාම එකයි.” අප්පච්චි සහස්‍රාගෙ හිස අත ගාලා කිව්වා.

“වී ආ සෝ ලකී අප්පච්චි. යූ ආ ද බෙස්ට් ෆාදර් ඔෆ් වර්ල්ඩ්.” සහස්‍රා අප්පච්චිව බදාගෙන කිව්වා. අම්මා හෙමිහිට ඇස් වලට උනපු කඳුලක් පිහිදා ගත්තා.

කෑම කාලා උදම් කාමරේට ගිහිම් අපර්ණාට කෝල් එකක් ගත්තෙ විස්තරේ කියන්න.

“මොකද උනේ අයියා.” අපර්ණා කෝල් එක ආන්සර් කරපු ගමන්ම ඇහුවා. උදම් සේරම කිව්වා. අපර්ණාහන් හිටියෙ පුදුමෙන්. අන්තිම ටික කියද්දි අපර්ණාගෙ ඇස් තෙමුනෙ ඇයටත් නොදැනිම.

“ඔයාලගෙ අප්පච්චි හරිම ස්වීට් අනේ.” අපර්ණා කඳුලු පිහිදමින් කිව්වා.

“ඇත්ත. බඩී කිව්වා වගේ ලෝකෙ ඉන්න හොඳම අප්පච්චි ඉන්නෙ අපිට.” උදම් කිව්වෙ තමන් පිට කෙනෙක් වෙලත් අප්පච්චි තමන්ට දක්වන ආදරේ තරම් මතක් කරමින්.

____________________________________________________________________

විහංසා ඇඳට ගිහිල්ලත් තනියම හිනාවෙවී සිදු උන දේවල් මතක් කලා. හිතට පුදුම සැනසීමක් දැනුනෙ. ඒ එක්කම කෝල් එකක් ආවා.

“හෙලෝ…” විහංසා කවදාවත් කාටවත් නැති තරම් ආදරෙන් කතා කලේ. මියුරංගගෙ හදවත පතුලටම ඒ ආදරේ දැනුනා.

“මම ගෙදර ආවා මැණික. නිදියන්නද හදන්නෙ?” මියුරංගත් ආදරෙන් කතා කලා. දෙන්නම ආදරේ කරන ගමන් හිත පිරෙන්න ආදරේ විඳිනවා.

“ඔයා ගිහින් ගන්නකන් හිටියෙ අයියේ. වොශ් එකක් දාගෙනද ආවෙ.” විහංසා ඇහුවෙ ගෙදර ගිය ගමන් කෝල් එක ගත්ත නම් මීට කලින් ගන්න ඕන බව දන්න නිසා.

“ඔව්… ඉක්මණට වොශ් එකක් දාගෙන දුවලා ආවා මගෙ කෙල්ලගෙ කටහඬ අහන්න.” මියුරංග ආදරෙන් කිව්වා.

“මම දන්නවා.”

“මොකද්ද?”

“ආදරේ තරම්.”

“මාත් දන්නවා ආදරේ තරම්. මගෙ ලඟ කවි පොත තියෙනවනෙ.” මියුරංග කියද්දි විහංසාට හිනයි.

“ඒවා හොර වැඩ.” විහංසා අමනාපෙන් කිව්වා.

“හ්ම්ම්.. ඒ ආදරේටනෙ.”

“එහෙනම් නිදියන්න. උදෙන් නැගිටල කෑම හදන්නත් ඕනනෙ. මොනවද හදන්න ඕනෙ?” විහංසා ආයෙත් ඇහුවෙ ඇයට හදන්න දෙයක් හිතා ගන්න බැරි නිසා.

“ම්ම්ම්ම්…. ඔයා ආසම කෑම හදාගෙන එන්න. උදේට කන්න. හොඳද?”

“හ්ම්… මම ගේන්නම්.” විහංසා කියද්දි මියුරංගට දුකත් එක්ක. ඒත් ආදරේ මුලු හදවත පුරාම. පුංචි ඉඩක්වත් වෙන කාටවත් නෑ.

“විහංසා…” මොහොතක් කිසිම සද්දයක් නැතුව ඉඳලා මියුරංග කතා කලා.

“ම්ම්…”

“හෙට ලා පාට සාරියක් ඇඳන් එන්න. අපි පන්සල් යමු.” විහංසාගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා. මියුරංග ඒ හිනාව දැක්කා නම් කෙල්ලව තුරුල් කරන් ඉඹියි හොඳටම.

“යමු.. ඔයා ඇත්තටම ගොඩාක් හොඳයි අහස් අයියේ.” විහංසා හෙමි හෙමිහිට කිව්වා.

“හොඳ කෙල්ල. මම හොඳ නෑ ඔයා තරම්.”

“නෑ ඔයා ගොඩා…ක් හොඳයි.” මේ හුරතල් සේරම තමන් ලඟ විතරක් කියලා මියුරංග දන්නවා.

“හරි හරි නිදියන්න එහෙනම්. අද හරි මහන්සි දවසක්.” මියුරංග කිව්වේ කොට්ටයක් තුරුල් කරන් ඇඳේ හොඳට හාන්සි වෙනගමන්.

“ඒක නම් ඇත්ත. අද දවස හරි දිගයි වගේ.” විහංසාත් කිව්වෙ ඇගේ ජීවිතේ සුන්දරම දවස අද බව මතක් කරමින්.

“උදේට ගන්නම් මැණික. නිදියන්න දැන්. බුදු සරණයි” මියුරංග ආදරෙන් කියද්දි විහංසාගෙ ඇස් වලට පුංචි කඳුලක් ඉනුවා.

“හා… ගුඩ් නයිට්. බුදු සරණයි.” විහංසාත් ගොඩක් ආදරෙන් කිව්වා.

“ගුඩ් නයිට්.” මියුරංග කෝල් එක කට් කලා.

“මගෙ කෙල්ල මම ආදරෙයි ගොඩාක්.” මියුරංග විහංසාගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන කිව්වා.

හැම ප්‍රශ්නෙම විසඳුනත් විහංසාගෙ හිතට අමුත්තක් දැනුනේ යුවති නිසා. කෝල් එකක් ගන්න හදලත් ආයෙම සද්ද නැතුව හිටිය මේ ප්‍රශ්නෙත් වෙන ප්‍රශ්න වගේම එයාම ඇවිත් කියයි කියලා හිතපු නිසා.

උදේ ඇහැරුනේ යුවතිගෙ කෝල් එකට.

“හෙලෝ… ගුඩ් මෝනින් යුවති. ඔයා වෙලාවට කෝල් කලේ. නැත්නම් මට උයන්න පරක්කු වෙනවා.” විහංසා දඩි බිඩි ගාලා ඇඳේ වාඩි උනා.

“ගුඩ් මෝනින් දෝණියෝ… මොකද උනේ… ගෙවල් දෙකට කිව්වද දෙන්නගෙ ආදර කතාව.” යුවති ඇහුවෙ හිනාවෙවී.

“හ්ම්ම්… නොහිතපු විදියට හැමදේම හොඳට විසඳුනා චූටි.” විහංසා කතා කලේ සතුටින් බව යුවතිට ඇගේ කටහඬින්ම තේරුනා.

“ඔයා සතුටින් නේද? එච්චරයි ඕනෙ.” යුවති කිව්වා. විහංසා කල්පනා කලේ යුවතිගෙන් චමත් ගැන අහනවද නැද්ද කියලා.

“චූටි චමත් එන්නෙ කවද්ද?” විහංසා මාතෘකාවට හෙමිහිට එන්න උත්සාහ කලා.

“එයා ගියේ අවුරුදු දෙකකටනෙ අක්කා. එහෙම් පිටින්ම අවුරුදු දෙකක් තියෙනවා.”

“හ්ම්ම්.. චමත් හොඳයි නේද?”

“ඔව් අක්කා.. ගොඩාක් හොඳයි. එයා මට ගොඩාක් ආදරෙයි.” ඇස් වලින් කඳුලු බේරෙද්දි යුවති කතා කලේ කටහඬේ කිසිම වෙනසක් නොවෙන විදියට.

“හා එහෙනම් කමක් නෑ. මගෙ කෙල්ල හැමදාම සතුටින් ඉන්න ඕනෙ.” විහංසා කිව්වෙ හදවතින්මයි.

“හරි හරි ඔයා උයන්න එහෙනම්. මම තව ටිකක් නිදියනවා. බායි.” යුවති කිව්වා.

“බුදු සරණයි චූටි.” විහංසා කෝල් එක කට් කරලා ඉක්මණින් කුස්සියට ගියා. ඇගේ ආස කෑම වර්ග ඕන තරම් තිබුණත් ඉක්මණින් හදන්න පුලුවන් කෑමක්නෙ හදන්න වෙන්නෙ. උදේට කන්න නිසා ඇය ඉඳි ආප්ප හදන්න ගත්තා. ඉඳි ආප්ප කන්න ඇය හැදුවෙ රතු පාටට පොල් සම්බෝලයක්.

බතක් ගහලා පරිප්පුවක් එක්ක ලූණු ටිකක් හාල්මැස්සො දාලා තෙල් දාගත්තා දවල් කෑමට ගෙනියන්න. මේ සේරම ඉවර කරලා වොශ් එකක් දාගන්න කාමරේට යද්දි ෆෝන් එක රිංග් වෙනවා.

____________________________________________________________________

මියුරංග ඇහැරුනු ගමන්ම ෆෝන් එක අරන් විහංසාට කෝල් එකක් ගත්තා. ඒත් නෝ ආන්සර්. දැන් නින්ද යන්නෙත් නැති නිසා ෆේස් බුක් එකට ගියා.

ඉන් අ රිලේෂන්ෂිප් කියලා දාලා විහංසාට ටැග් කලා. මියුරංගට තනියම හිනයි මේ කරන වැඩ වලට. ප්‍රොෆයිල් පික්චර් එකටත් ඊයෙ බීච් එකේදි ගත්ත දෙන්නගෙ ෆොටෝ එකක් අප්ලෝඩ් කලා.

මියුරංගගෙ යාලුවො හැමෝම එක එක කමෙන්ට්ස් දාලා තිබුනා. මියුරංගට හිනයි. ආයෙම විහංසාට කෝල් එකක් ගත්තෙ දැන්වත් කතා කරයිද කියලා හිතමින්.

“හෙලෝ ගුඩ් මෝනින් සර්… උදේම මාව මතක් වෙලා.” විහංසා හිනාවෙවී කිව්වෙ මියුරංගව අවුස්සන්න.

“ආහ් සොරි මේ අපේ අකවුන්ට් ඇසිස්ටන් නේද? මම ගන්න ගියේ මගේ ප්‍රයිවට් සෙකට්‍රිට. වැරදිලා ඩයල් වෙලා තියෙන්නෙ.” මියුරංග එහෙම කියලා කෝල් එක කට් කරා.

විහංසාගෙන් කෝල් එකක් එයි කියලා ටික වෙලාවක් බලන් හිටියත් ආවෙ නෑ. ආයෙම මියුරංගම කෝල් එකක් ගත්තා.

“ප්‍රයිවට් සෙකට්‍රි නෙමෙයි කතා කරන්නෙ.” විහංසා තරහෙන් කිව්වා.

“මැට්ටි මගේ… ගුඩ් මෝනින්. මම ගත්තා කීප සැරයක්. මොකද කලේ උදේම.” මියුරංග හිනාවෙවී කතා කලේ.

“මගේ මහත්තයා අද මගෙන් උදේ කෑම ඉල්ලුවා. ඉතිං පාන්දර හතරෙ ඉඳන් කෑම හැදුවා.” විහංසා බොරුවට කිව්වෙ ඇය නැගිට්ටෙ පහ හමාරට විතර.

“හතරට නැගිට්ටෙ ඇයි මැණික. මොකටද එච්චර උදෙන්.” මියුරංගට දුකයි.

“බොරු බොරු අනේ එච්චර උදෙන් නැගිටලා කෑම හදන්න මට පිස්සු නෑ.”

“හ්ම්ම්.. දැන් මොකද්ද කරන්නෙ?”

“දැන් නම් වොශ් එකක් දාන්න හැදුවෙ. පරක්කු වෙනවා නැත්නම්.” විහංසා ආයෙත් වෙලාව බලමින් කිව්වා.

“මොකටද පරක්කු වෙන්නෙ?”

“බස් එක අල්ලගන්න.” විහංසා කිව්වෙ ඇයට අමතක උනා මියුරංග එනව කිව්ව බව.

“ඇයි මැට්ටියෙ මම එන්නම් කිව්වෙ එක්කන් යන්න.” මියුරංග මතක් කලා.

“අනේ මට අමතක උනා අයියේ.” විහංසාට ඇත්තටම අමතක උනා.

“හරි හරි ලේස්ති වෙන්න එහෙනම්. මම එනවා අට හමාර වෙද්දි.” මියුරංගත් ඇඳෙන් නැගිට්ටා.

“හා.. පරිස්සමෙන් එන්න. බුදු සරණයි.” විහංසා ආදරෙන් කිව්වා.

“බුදු සරණයි.” මියුරංග කෝල් එක කට් කරලා වොශ් රූම් එකට ගියා ඉක්මණින් ලේස්ති වෙන්න.

“මේ තරම් ආදරයක් ලබන්න මම ගොඩක් පිං කරල ඇති අහස් අයියේ.” විහංසා තනියම කියෙව්වා.

“ලොක්කා අද මොනව හරි විශේෂ වැඩ තියෙනවද?” අප්පච්චි ඇහුවෙ කෑම මේසෙට ඉඳගන්න ගමන්.

“නෑ අප්පච්චි. අද විශේෂ වැඩක් නෑ.” උදම් ටිකක් කල්පනා කරලා කිව්වා.

“එහෙනම් හවසට පන්සල් යන්න ලේස්ති වෙන්න කට්ටියම. අපර්ණා දුවටත් එන්න කියන්න. සුදු පුතා අර දරුවටත් එන්න කියන්න.” අප්පච්චි කිව්වේ තාමත් පඩිපෙලේ ඉන්න මියුරංගට.

“ආ.. අප්පච්චි මායි විහංසයි අද කොහොමත් පන්සල් යන්න කියලා ලේස්ති උනේ. හැබැයි අපි යන්න හැදුවෙ උදේට.” මියුරංග කිව්වා.

“හ්ම්ම්.. එහෙනම් අපි හවසට යනවා. ඔය දෙන්නා උදේ යන්න එහෙනම්.” අම්මා කිව්වා.

“නෑ නෑ අප්පච්චි. මම කියන්නම් එයාට හවසට යමු කියලා. කට්ටියම ගියාම හොඳයිනෙ.”

“හා… සුදු පුතා අද බ්‍රෙක්ෆස්ට් ගන්නෙ නැද්ද?” අම්මා ඇහුවෙ මියුරංග තාමත් කෑමට ඉඳගත්තෙ නැති නිසා.

“මම.. අම්මා අද විහංසා කෑම හදන් එන්නම් කිව්වා. උදේට. කමක් නෑ නේද?” මියුරංග හෙමිහිට කියද්දි කට්ටියටම හිනයි.

“ආ… පළවෙනි දවසෙ ඉඳලම සමී මෙයාව නටවන්න පටන් අරන්ද කොහෙද?” සහස්‍රා හැමෝම හිනස්සමින් කිව්වා.

“අම්මා අප්පච්චි මමයි කිව්වෙ විහංසාට මටත් එක්ක කෑම ගේන්න කියලා.” මියුරංග අප්පච්චි ලඟට ගිහින් කිව්වා.

“අයියෝ පුතා ඒකට කමක් නෑ. වෙලාවක අපිටත් එයාගෙ කෑම කන්න චාන්ස් එකක් අරන් ඕනෙ.” අප්පච්චි හිනාවෙවී කිව්වා.

“ගිහින් එන්නම් අප්පච්චි.” මියුරංග අප්පච්චිට වැඳලා අම්මටත් වැඳලා සහස්‍රාට ටොක්කකුත් ඇනලා ගියා.

“කෙල්ලත් මේ වගේම සතුටින් ඇත්තේ.” අම්මා කිව්වා.

“ඒ දෙන්නට දෙන්නා ආදරෙයි. ගොඩක්. කිසිම කරදරයක් නම් එන්න එපා මේ අතරට.” සහස්‍රා කන ගමන් හිතුවා.

විහංසා ලේස්ති වෙලා මග බලාගෙන හිටියා මියුරංග එනකන්.

“දෝණි අන්න අර දරුවගෙ වාහනේ එනවා.” උදේන කතා කලේ බුදුන් වැඳලා ආයෙම ගෙට ගිය කෙල්ලට.

“එනවා තාත්තා.” විහංසා කෑම පෙට්ටියත් අරන් බෑග් එකත් කරට දාගෙනත් ෆෝන් එක අමතක වෙලා ආයෙම කාමරේට ගියා.

“ගුඩ් මෝනින් අංකල්.” මියුරංග කාර් එකෙන් බැහැලා ආවා.

“ගුඩ් මෝනින් පුතා.” උදේන හිනාවකින් මූණ පුරවගෙන කිව්වා.

“මට හරිම සතුටුයි පුතා මගේ කෙල්ල හරි සතුටින් ඉන්නවා දැන්.” උදේන කිව්වෙ බොහොම සතුටින්.

“මගේ සතුටත් එයාගෙ සතුට තමයි අංකල්.” මියුරංග කිව්වෙ ගේ ඇතුලෙ ඉඳන් එන විහංසා දිහා බලමින්.

“විහංසා උදේ පන්සල් යන්න වෙන්නෙ නෑ. හවසට කට්ටියම යමු කියලා අප්පච්චි කිව්වා. අංකලුත් ලේස්ති වෙලා ඉන්න.”

“බලමු පුතා. මම අපේ අයියව බලල එන්නත් යන්න ඕනෙ.”

“හරි. එහෙනම් අපි ගිහින් එන්නම් අංකල්.” මියුරංග උදේනගෙ දෙපා වැඳලා ගිහින් වාහනේ ස්ටාර්ට් කරගත්තා.

“ගිහින් එන්නම් තාත්තා.” විහංසාත් තාත්තගෙ දෙපා වැඳලා ගිහින් වාහනේට නැග්ගා.

“තාත්තා ගොඩක් සතුටින්.” විහංසා කිව්වෙ මියුරංග දිහා ආදරෙන් බලන ගමන්.

“ඔව් කතා කරන වචන වලිනුත් ඒක දැනෙනවා.”

“ඔයාට පිං ගොඩක්.” විහංසා කිව්වෙ මියුරංගගෙ පැත්තට හැරිලා. මියුරංග හෙමිහිට පාරෙ අයිනට කරලා කාර් එක නැවැත්තුවා.

“පිං කියන්නෙ ඇයි? ආදරේ කරන එක පිං කමක්ද?” මියුරංග විහංසාගෙ හිසට අතක් තියලා ඇහුවා.

“එහෙම නෙමෙයි. ඒත් ඔයා මට ආදරේ නොකල නම් තාත්තට මේ සතුට නොලැබෙන්න තිබුනා.” විහංසා බිම බලාගෙන කිව්වා.

“කෝ මෙහෙට එන්න.” මියුරංග විහංසාව තමන්ගෙ ලඟට කරන් ඇයව වැළඳ ගත්තා.

“මට පිං එපා මට ආදරේ විතරයි ඕනෙ ඔයාගෙ.” මියුරංග විහංසාගෙ නළල සිප ගෙන කිව්වා.

“මටත් ඕනෙ ආදරේ විතරමයි.” විහංසා ඇස් පියාගෙන කිව්වා.

“යමු නේද?” මියුරංග ඇහුවෙ ටික වෙලාවක් ඉඳලා.

“හා… යමු..” විහංසා හිනාවෙවී සීට් එකට හේත්තු උනා. දෙන්නත් එක්ක ඔෆිස් එකට වෙනදට කලින් ගියත් ඔෆිස් එකේ හැමෝම වගේ ඇවිත් හිටියා.

“ගුඩ් මෝනින් සර්. ගුඩ් මෝනින් සමින්දි මිස්.” මියුරංගලා ඔෆිස් එකට ඇතුල් වෙන්න හදද්දිම සිරිතුංග ඉස්සරහට ආවා.

“ගුඩ් මෝනින් අංකල්. මොකද අද කට්ටියම උදේම?” විහංසා ඇහුවෙ වෙනදට මේ වෙලාවට එන්නෙ ඇය විතරක් නිසා.

“ඇතුලට යමු මිස්. යමු සර්.” සිරිතුංග හිනා වෙලා කිව්වෙ එච්චරයි. වෙන මුකුත් කිව්වෙ නෑ.

ආයෙත් හමුවෙමු.

ගොඩාක් ස්තූතියි ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා යාලුවනේ. 🙏🙏 මගේ කතාවත් එක්ක ජීවත් වෙන පාඨක පිරිසක් ඉන්න එක ගැන සතුටුයි. දිගටම රැඳෙන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *