මා නොවේ ඈ නුඹේ 63 කොටස
සහස්‍රාගෙ වෙඩින් එකෙන් පස්සෙ විහංසාගෙ හිතේ තිබුන ලොකුම බර උනේ යුවතිගෙ වෙඩින් එක. චමත් උපරිමෙන්ම සාමාන්‍ය විදියට ඉද්දි යුවතිගෙන් මොකද්දෝ අමුත්තක් පෙනුනා.
“අහස්… මහත්තයෝ…” විහංසා කතා කලේ යුවතිලගෙ ගෙදර ගිහින් එන ගමන්.
“ම්ම්ම්….” මියුරංග ඩ්‍රයිව් කරන ගමන්ම විහංසා දිහා බැලුවා.
“චූටිගෙ අමුත්තක් දැක්කෙ නැද්ද?”
“ඒ කියන්නෙ?”
“නෑ… එයා… මේ… අර කෝල් එකක් ආවෙ. ඒකෙන් පස්සෙ ටිකක් අමුතු උනා වගේ නේ…” විහංසා කල්පනා කරන ගමන් කිව්වා.
“මම දැක්කෙ නෑ. සමහර විට බයෙන් ඇත්‍තෙ. වෙඩින් එකට දවස් කීයද. ඔයත් ඒ දවස් වල ඔහොමයිනෙ.” මියුරංග හිනාවෙවී කිව්වත් ඔහුටත් යුවතිගෙ වෙනසක් දැනුනා. දෙන්නම ඒ ගැන කල්පනා කර කර යද්දි විහංසාගෙ ෆෝන් එක රිංග් උනා. සහස්‍රාගෙන්.
“හෙලෝ බඩියෝ… කොහොමද? කෙල්ලට අපිව මතක් වෙනවනෙ.” විහංසා කිව්වෙ ඊයෙ සහස්‍රා කෝල් නොකර නිසා.
“අනේ කෙල්ල ඊයෙ මහන්සියට නින්ද ගියා බං. කොහෙද ඉන්නෙ? ගෙදර වෙන්න බෑ.” සහස්‍රා කිව්වා.
“උඹට ඉව තියෙනවද?” විහංසා හිනා උනා. සහස්‍රාත් එහා පැත්තෙන් හිනා වෙන සද්දෙ ඇහුනා.
“ඉව තියෙනවා. උඹ නොදන්නවා උනාට. කියපංකො කොහෙද ගියේ?”
“චූටි බලන්න ගියා.” විහංසා කියද්දිම සහස්‍රාගෙ ඔලුවට පාරක් වැදුන වගේ දැනුනෙ.
“ඇයි හදිස්සියෙම?” සහස්‍රා පුදුමෙන් වගේ ඇහුවා.
“හදිස්සියෙම අහන්නෙ. උඹ මොන සිහියෙන්ද ඉන්නෙ. තව දවස් තුනයි කෙල්ලගෙ වෙඩින් එකට.” විහංසා කිව්වා.
“ආ… ඒක නිසාද? හ්ම්ම්… මේ ඒක නෙමෙයි මොකද යුවති කියන්නෙ?” සහස්‍රා නිකමට ඇහුවා. සහස්‍රා කතා කරන ගමන් කල්පනා කලේ යුවති ඇයි විහංසා එහේ ආව බව නොකිව්වෙ කියලා.
“මුකුත් නෑ. ඒක නෙමෙයි බඩී.. චූටි දැන් මගෙන් ගොඩක් ඈත් වෙලා. ඔයාට පුලුවන්ද කෝල් එකක් දීලා එයත් එක්ක කතා කරන්න. එයාට අපි ඉද්දි කෝල් එකක් ආවා. කෙල්ලගෙ මූණ ටක් ගාලා වෙනස් උනා. ඇහුවට කිව්වෙත් නෑ. මට බයක් දැනෙනවා. ප්ලීස් පොඩ්ඩක් බලනවද? කතා කරද්දි කියයි.” විහංසා කිව්වා. විහංසා දන්නෙ නෑනෙ සහස්‍රාගෙ කෝල් එක නිසයි යුවති අමුතු උනේ කියලා.
“හ්…හා හා මම අහන්නම්. ඔයා වොරි වෙන්න එපා. මම අහන්නම්.” සහස්‍රා කලබලෙන් කිව්වා.
“මේ සමී මම පස්සෙ ගන්නම්ද? තාම බඩු අස් කරනවා බං. බුදු සරණයි.” සහස්‍රා කෝල් එක කට් කරා.
“බඩී මේ…” කියද්දිම සහස්‍රා කෝල් එක කට් කරලත් ඉවරයි.
“ඇයි?” මියුරංග ඇහුවා.
“නෑ මට කියන්න දුන්නෙත් නෑ කලබලෙන් කෝල් එක තිව්වා.”
“අනුරාධ එන්න ඇති.” මියුරංග හිනාවෙවී කියද්දි විහංසා ඇහි බැමි හකුලලා බැලුවා.
“ඉතින් මටනෙ කතා කලේ?” විහංසා අමනාපෙන් කිව්වෙ.
“හරි ඉතින් දැන් ඒ දෙන්නා මැරි කරලනෙ. ඌ එක පාරට ඇවිත් මොනව කරාද දන්නෑනෙ.” මියුරංග හිනාවෙවී කියද්දි විහංසා මියුරංගගෙ කනක් මිරිකලා අහක බලාගත්තා.
____________________________________________________________________
සහස්‍රා චමත්ට කෝල් එකක් ගත්තා ඉක්මණින්.
“හෙලෝ මචං…” චමත් කෝල් එක ආන්සර් කරපු විදියෙන්ම සහස්‍රාට තේරුනා කවුරු හරි ඉන්න බව.
“කව්ද ලඟ ඉන්නෙ?” සහස්‍රා ඇහුවා.
“ආ මචං මම මේ අපේ අක්කලාගෙ ගෙදරට ආවා පොඩ්ඩක්. උඹ දන්නවත් ඇති උදම් සේනාධීර කියලා.. මගේ මස්සිනානෙ.” චමත් යාලුවෙක් එක්ක කතා කරනවා වගේ හෙමිහිට අපර්ණා ලඟින් නැගිටලා එලියට ගියා.
“මම උඹට කිව්වනෙ මේ දවස් ටිකේ අපේ ගෙදර යන්න එපා කියලා. මොන මගුලක් කරනවද.” සහස්‍රා තරහෙන් ඇහුවෙ.
“හරි බං. මට ආයෙම කවදා මෙහෙම එන්න වෙයිද දන්නෙ නෑනෙ. ඒකයි ආවෙ.” චමත් දුකෙන් කිව්වා.
“මෙච්චර දවසක් කරපු වැඩේ දැන් කන්නෙ නැතුව මේ හිටිය වගේ ඉඳප. අරකි අරෙහෙ පිස්සු නටනවා. තව ටිකෙන් අපේ දෙන්නට මාට්ටු.” සහස්‍රා අවුලෙන් කිව්වෙ.
“ඒක නෙමෙයි බං. දැන් අන්තිමට මොකද්ද වෙන්නෙ?” චමත් ඇහුවෙ ඔහුට අවසානයක් හිතා ගන්න බැරි නිසා.
“උඹ අපි කිව්ව විදියට වැඩේ කරපංකො. ඊට පස්සෙ තේරෙයි.” සහස්‍රා එහෙම කියලා කෝල් එක කට් කරා. චමත් ෆෝන් එක අතේ තියන් කල්පනා කර කර ඉද්දි යුවතිගෙන් කෝල් එකක් ආවා.
“කියන්න යුවී…” චමත් කතා කරා.
“නිකන් ගත්තෙ… දෝණියි මියුරංග අයියයි ඇවිත් ගියා. ඔයා මේ කරන දේ වෙන කිසිම කෙනෙක් කරන්නෙ නෑ චාම්. තෑන්ක් යූ.” යුවති බිඳුනු හඬින් කියද්දි චමත්ට යුවති ගැන ලොකු අනුකම්පාවක් දැනුනා.
“යුවී සමී අක්කලා ආවා. මම පස්සෙ ගන්නම්. බායි.” චමත් කෝල් එක කට් කරා.
“ආ … මෙයා මෙහේ. අන්න මනමාලි සෝතාපෙන්.” විහංසා කාර් එකෙන් බැහැලා චමත් ලඟට එනගමන් කිව්වා.
“දැන් කතා කලා. එයාට අප්සට්.” චමත් කිව්වා.
“ඇයි අප්සට්?” විහංසා ඇහුවා.
“අක්කා මට මැරි කරලා සතියකින් වගේ ආයෙම යන්න වෙනවා ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න. යුවීට එන්න බෑ කියනවා ඔයාව දාලා.” චමත් කිව්වා.
“මොකද්ද? එයා එන්න බෑ කියනවා. එහෙම කොහොමද නෑවිත් ඉන්නෙ. මම එයාව එවන්නම්කො. යූ ඩෝන්ට් වොරි. මට මහන්සියි කොල්ලෝ. අයියා එක්ක කතා කර කර ඉන්න.” විහංසා චමත්ගෙ කොන්ඩෙ අවුල් කරලා කාමරේට ගියා.
“ඒ ඇත්තමද කිව්වෙ?” අපර්ණා චමත් ලඟින් ඉඳගෙන ඇහුවා.
“හ්ම්ම්…” චමත් බිම බලාගෙන කිව්වා.
“යුවති එක්කම යන්න. මැරි කරන එකේ තේරුමකුත් නෑනෙ ලමයෝ.” අපර්ණා චුරු චුරු ගෑවා.
“ඔව් එක්කන් යනවා. ඒක කරන්න පුලුවන් සමී අක්කට විතරයි. ඒකයි නොකියා ඉන්න හදලත් ආයෙම කිව්වෙ.” චමත් කිව්වා.
“හා… ඉන්න මම මෙයාව ඇඳෙන් තියලා එන්නම්.” අපර්ණා දරුවත් අරන් කාමරේට ගියා.
“මචං… උඹ ඉන්නෙ වෙන අවුලක. කියපං. මොකද්ද අවුල.” මියුරංග ඇහුවෙ චමත් ලඟින් ඉඳගන්න ගමන්.
“නෑ බං. එහෙම අවුලක් නෑ.” චමත් මූණෙ හැඟීම් හංගන්න උපරිම ට්‍රයි කරන ගමන් කිව්වා.
“හරි… උඹට කවදහරි හිතුනොත් කියන්න ඕනෙ කියලා. අන්න එදාට මට කෝල් එකක් දීපං. මම උඹට ඉන්නවා.” මියුරංග චමත්ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වා.
“එල බං..” චමත් මියුරංගව වැළඳගෙන කිව්වා.
චමත් යනවත් එක්කම වගේ මියුරංග කාමරේට ගියා.
“මහන්සිද?” මියුරංග ඇඳෙන් වාඩි වෙලා ඇහුවා.
“නෑ මම කල්පනා කලේ මේ දෙන්නා ආයෙම ලෙඩක් ඇදගෙනවත්ද කියලා. මට බයයි අහස්.” විහංසා ඇත්තම කිව්වා. ඇගේ හිත ඇතුලෙ මහා යුද්ධයක්.
“ඇයි බය වෙන්නෙ?” මියුරංග විහංසාගෙ හිස අත ගාලා ඇහුවා.
“චූටි මම නිසා මේ සැරෙත් මොන විකාරයක් කරයිද දන්නෙ නෑ.” විහංසා බිඳුනු හඬින් කිව්වා.
“ඔයා නිසා මොනවද එයා කලින් කලේ?”
“ඇයි ඔයාගෙන් අයින් උනේ.” විහංසා කිව්වා.
“එයා අයින් නොවුන නම් අපි තුන් දෙනාම විඳවනවා. අනික එයායි මායි ගැලපෙන්නෙ නැති නිසානෙ අයින් උනේ. මෝඩ කතා කියන්න එපා.” මියුරංග තරහෙන් එහම කියලා වොශ් රූම් එකට ගියා.
විහංසා කඳුලු පිහිදාගෙන ජනේලය ලඟට ගියා. ඇගේ හිත කිව්වෙම යුවති මොකක් හරි මෝඩ වැඩක් කරයි කියලා. ඇගේ හිතට දැනුනා යුවති චමත්ට ලං උනේ තමන්වයි අහස්වයි ලං කරන්න ඕන නිසා කියලා.
එදා නින්දට යනකන්ම දෙන්නා අතරෙ කතාවක් උනේ නෑ. මියුරංග කතා කලේම නෑ. විහංසා නම් කතා කරන්න ට්‍රයි කරා. ඒත් මියුරංගගෙන් කිසිම සපෝර්ට් එකක් තිබුනෙ නෑ. මියුරංග සද්ද නැතුවම නිදියන්න ගියා. විහංසා පුටුවට වෙලා පොතක් කියෙව්වා.
“ආව්….” විහංසා එක පාරටම කෑගැහුවා.
“මැණික මොකද උනේ? විහංසා…” මියුරංග දඩ බඩ ගාලා ඇඳෙන් නැගිටලා විහංසා ලඟට ආවා.
“කකුලට මොකද්ද උනා.. ආව්…” විහංසා කකුල අත් දෙකෙන්ම බදාගෙන. මියුරංග බිම වාඩි වෙලා කකුල අත ගානවා.
“මොනවද ගාන්නෙ? බාම් ගෑවට කමක් නැද්ද?” මියුරංග ඇහුවා.
“බාම් ගාන්නෙ නැද්ද කොහෙද.” විහංසා වේදනාවෙන් කිව්වා.
“අනේ රත්තරං.. මොකක් කරන්න ගිහින්ද මේ උනේ. ඔයා පුටුවට වෙලානෙ හිටියෙ මෙච්චර වෙලා.” මියුරංගගෙ කටින් පැන්නා ඔහු මෙච්චර වෙලා නිදි වගේ හිටියට විහංසා දිහා බලන් ඉඳපු බව. විහංසාට හිනා ගියත් හිනාව තද කරගෙන කකුල ගොඩක් අමාරුවෙන් වගේ කෙඳිරි ගෑවා.
“මුකුත් කලේ නෑ. එක පාරටම උනේ.” විහංසා කියවන හැටියට මියුරංගට දුකයි.
“අනේ පණ… මොකද්ද කරන්නෙ එහෙනම්. ඉන්න මම අක්කට කතා කරන්නම්.” මියුරංග දුවන්න හැදුවේ.
“අක්කලා නිදි ඇති. දැන් රෑ වෙලානෙ. මේක හරියයි. ඔයා නිදියන්නකො. යන්න.” විහංසා කලබලෙන් එහෙම කියලා කකුල පුටුව උඩට ගත්තා. මියුරංග බිම වාඩි වෙලා විහංසාගෙ මූණ දිහා බලන් හිටියා. ඒ මූණෙ කිසිම වේදනාවක් පෙනුනෙ නෑ.
“බොරු නේද?” මියුරංග තරහෙන් ඇහුවා. විහංසාට දුක හිතුනා මියුරංග වෙනදට වඩා අද ඇයට තරහෙන් කතා කරපු නිසා. ඇස් වල කඳුලු පුරවගෙනම හිස වැනුවේ ඔව් කියන්න.
“මෝඩ කෙල්ල මගේ. මෙහෙ එනවා.” මියුරංග විහංසාව තමන්ගෙ ලඟට කරන් තුරුල් කරගත්තා. විහංසා ඇස් පියාගෙන ඒ උණුසුම වින්දා.
“ආයෙම මෝඩ කතා කියනවද?” මියුරංග ඇහුවා.
“නෑ…” විහංසා හෙමිහිට මිමිණුවා.
“ආයෙම තරහ වෙනවද?” විහංසා ඇහුවා.
“මම තරහා වෙනවද මගෙ මැණික එක්ක.” මියුරංග ඇයව තවත් තදින් තුරුල් කරගත්තා.
“එන්න නිදියන්න යමු.” දෙන්නම ඇඳට ගියා.
පහුවෙනිදා උදේම විහංසා යුවතිට කෝල් එකක් ගත්තා.
“දෝණි..”
“දෝණි තමයි. මොකද්ද මේ චමත් කියන්නෙ?” විහංසා ඇහුවෙ තරහෙන්.
“මොකද්ද?” යුවති පුදුමෙන් ඇහුවා.
“චමත් එක්ක රට යන්න බෑ කියන්නෙ මොකද?” විහංසා තරහෙන් ඇහුවෙ.
“මම ගියාම ඔයාව බලාගන්නෙ කවුද දෝණි.” යුවති ඇහුවෙ හිත ඇතුලෙන් උඩ පනින ගමන්. විහංසාගෙ කටින්ම මේක අහගන්නයි යුවති බලන් හිටියෙ.
“මාව බලාගන්න ඔයා විතරමයිනෙ ඉන්නෙ. අහස් ඉන්නවා අපර්ණා අක්කා ඉන්නවා බඩීව ගෙන්න ගන්න පුලුවන්. අම්මලා දෙන්නම ඉන්නවා අපේ තාත්තා ඉන්නවා තව කවුද මට ඕනෙ චූටි. ඔයා ඔයාගෙ ජීවිතේ මං වෙනුවෙන් කොච්චර කාලයක් කැප කරන්න හිතනවද?” විහංසා දිගටම කතා කලේ තරහින්.
“මට මගෙ දෝණි වෙනුවෙන් ජීවිත කාලෙම උනත් කැප කරන්න බැරි නෑ.” යුවති කිව්වෙ කඳුලක් ඇගේ ඇස් වලින් වැටෙද්දි. වන්දනා කාමරේ දොර ලඟට වෙලා කඳුලු හෝගාලා වැටෙද්දි බලාගෙන හිටියා.
“චූටි මට ජීවිතේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. නේද? ඉතින් ඇයි තවත් ඔයාගෙ ජීවිතේ කැප කරන්නෙ?” විහංසා ඇහුවා.
“නෑ දෝණි මම කියන්නෙ.” යුවති හෙමිහිට කතා කලේ.
“නෑ චූටි මම කියනදේත් අහන්න. චමත් කියන්නෙ කොච්චර හොඳ ලමයෙක්ද. ඔයාට කොච්චර ආදරෙයිද ඒ ලමයා.” විහංසා කියවනවා යුවති අඬ අඬ අහන් හිටියෙ.
“හ්ම්ම්…”
“එහෙනම් මගේ චූටි චමත් එක්ක රට යනව නේද?” විහංසා හිත ගලක් කරගෙන ඇහුවා. සහස්‍රා දුරට යද්දි හිත හදාගත්තා යුවති ලඟ ඉන්නවා කියලා. ඒත් දැන් යුවති ඊටත් වඩා දුරට යන්න හදනවා. කොහොමද දරා ගන්නෙ. විහංසා ඒත් දුක දරාගත්තා ඒ හැමදේම යුවතිගෙ හොඳට කරන දේවල් නිසා.
“හා… මම යන්නම්.” යුවති අඬ අඬ කිව්වා.
“මම ආදරෙයි මගෙ චූටියෝ. ඔයාට සතුටින් ඉන්න පුලුවන්.” විහංසා ආදරෙන් කිව්වා.
“මාත් ආදරෙයි දෝණි. මම එන්නද දැන්.” යුවති ඇහුවා.
“ගෙදර ඉන්න පැට්ටෝ… අද දවස රෙස්ට් කරන්න. දවස් දෙකයිනෙ. මම හවසට එන්නම් අයියත් එක්ක.” විහංසා කිව්වා.
“හා එහෙනම්. මම තියන්නම් දෝණි.” යුවති කෝල් එක කට් කරා. විහංසා වරුවක් යනකන් කොට්ටයක් තුරුල් කරගෙන ඇඬුවා. පණ හා සම මිතුරියො දෙන්නම තමන්ගෙන් ඈත් වෙන්න යනවා. විහංසා ඒ දුක දරා ගත්තෙ හරිම අමාරුවෙන්.
____________________________________________________________________
දවස් ගෙවිලා යුවතිගෙත් චමත්ගෙත් වෙඩින් එක දිනය උදා උනා. සහස්‍රාට එන්න උනේ නෑ අනුරාධට නිවාඩු ගන්න බැරි උන නිසා. අනිත් හැමෝම හිටියා. විහංසා හිටියෙ හරිම සතුටින්. අන්තිමට මේ දෙන්නත් මැරි කරනවනෙ කියලා විහංසාට හිතුනා. යුවති ආසාවෙන් හිටියා වගේම චාම් මංගල උත්සවයක් තමයි කලේ.
“චූටි… අයි ලව් යූ සෝ මච්..” විහංසා යුවතිට සමුදෙමින් ඇයව වැළඳගෙන කිව්වා. යුවති ඉකිගසමින් හැඬුවා මිසක් වචනයක්වත් කිව්වෙ නෑ.
“සතුටින් ආදරෙන් ඉන්න.” විහංසා චමත්වත් වැළඳගෙන කිව්වා. හැමෝගෙම ආශිර්වාද මැද යුවතිගෙයි චමත්ගෙයි වෙඩින් එක බොහොම චාම්ව ලස්සනට සිදු උනා.
යුවතියි චමත්නුයි පිටත් වෙද්දි වන්දනා හිටියෙ දරාගන්න බැරි දුකක් හිතේ හංගගෙන. තමන්ට හිටපු එකම වස්තුව මෙහෙම තමන්ගෙන් වෙන් උන එකට වන්දනා හිටියෙ ලොකු සිත් තැවුලකින්.
“වන්දනා.. දුක් වෙන්න එපා. අපේ කෙල්ල හොඳ ගුණධර්ම වලින් පිරුණු දරුවෙක්. ඒ ගැන හිතලා අපිට සතුටු වෙන්න පුලුවන්.” දයාන් කිව්වෙ එච්චරයි.
යුවති කාර් එකට නගින්න ගිහිල්ලත් ආයෙම දුවගෙන ඇවිත් විහංසා බදාගෙන අඬන්න ගත්තා.
“චූටි… ඇයි රත්තරං මේ… ඔයා යන්නෙ ඔයාගෙ ජීවිතේ වැදගත්ම දවසට. සතුටින් ඉන්න.” විහංසා යුවතිව පුලුවන් හැම විදියටම සැනසුවා.
“හ්ම්ම්…. ඔව් දෝණි. මගේ ජීවිතේ වැදගත්ම දවස අද.” යුවති කඳුලු අතරෙම හිනාවෙලා කිව්වා.
“යුවී අපි යමු.” චමත් ඇවිත් යුවතිගෙ අතින් අල්ලගෙන ගියා. විහංසා එහෙම්මම මියුරංගගෙ උරහිසට වාරු උනා.
“අඬන්න එපා.. එයා සතුටින් ඉඳියි.” මියුරංග විහංසාගෙ කඳුලු පිස දමමින් කිව්වා.
“මට සතුටුයි. එයාට චමත්ව හොඳට මැච් වෙනවා.” විහංසා හෙමිහිට මිමිණුවා.
ආයෙත් හමුවෙමු.