මා නොවේ ඈ නුඹේ 69 කොටස

“මේ වරෙන්කෝ.” අපර්ණා ආයෙම සහස්‍රාව අල්ලගත්තෙ යුවතිගෙ කතාවෙ ඉතුරු ටික අහගන්න.

“ඇයි?” සහස්‍රා ඇස් ලොකු කරන් ඇහුවෙ එක පාරටම අපර්ණා සහස්‍රාව කාමරේට ඇදගෙන දොරත් වහගත්ත නිසා.

“ඇයි අහන්නෙ මැට්ටියෙ ඊයෙ කතාවෙ ඉතුරු ටික කියපං. එදා යුවති අපේ මැට්ටව මීට් වෙන්න ගියානෙ. මොකද උනේ? අපේ එකා මුකුත් කරදරයක්…” අපර්ණා හිටියෙ කොයි වෙලාවටද මේක අහගන්නෙ කියලා ඇඟිලි ගනිමින්.

“නෑ අක්කා.. එදා චමත් යුවතිට හැම ඇත්තක්ම කිව්වා. එදා තමයි යුවති දැනගන්නෙ චමත් මැරි කරපු බව. එයා ගෙදර ඇවිත් අඬ අඬ ඉඳලා පහුවෙනිදා සමීලගෙ ගෙදර ගිහින් තිබුනෙ නිකන්. කම්මැලිකමට. එහේදි යුවති දැනගත්තා සමීත් සුදු අයියට ආදරේ බව. යුවති නිසයි සමී හිත හදාගෙන තිබුනෙ කියලා. යුවති උපරිම ට්‍රයි කරල තිබුනා එයා සතුටින් ඉන්න බව හැමොටම පෙන්නන්න. සුදු අයියගෙ බර්ත් ඩේ එක දවසෙදි මට යුවතිගෙ වෙනසක් දැනුන නිසා මම යුවතිට කතා කලා. ඒ වෙලාවෙ හැමදේම මට කියලා එයා මගෙන් උදව් ඉල්ලුවා මේ චමත්ගෙ ප්‍රශ්නෙ සමීගෙන් හංගන්න.” සහස්‍රා කිව්වා.

“යකෝ මූව තියන්න වටින්නෑනෙ. මදැයි ඉගෙනගන්න කියලා රට යැව්වා. ඉතිං මොකද උනේ ඊට පස්සෙ?” අපර්ණා ඇහුවා.

“කොහොම හරි යුවති උපරිම ට්‍රයි කරා චමත්ගෙයි එයාගෙයි සම්බන්ධයක් තියෙනවා කියලා සමීට අඟවන්න. චමත් රට ගියේ යුවතිගෙන් සමාව අරන්. ඒ ඉන්න අතරෙදි තමයි සමී වෙඩින් එකට චමත්ව ගෙන්න ගන්න ඕනෙ කියලා චමත්ව කන්ටැක්ට් කරගත්තෙ. සමී හැමදේම මට කියනවනෙ. මම ඒක දැනගත්ත ගමන් චමත්ට කෝල් එකක් ගත්තා. අරන් කෙරෙන්න ඕන දේ කිව්වම අපරාදෙ කියන්න බෑ ඌ ඒකට කැමති උනා. ඒ කිසිම දෙයක් වන්දනා ආන්ටිලා දන්නෙත් නෑ. යුවති හැමදේම හැමෝගෙන්ම හැංගුවා. මේක මෙච්චර කාලයක් දැනන් හිටියෙ මම චමත් යුවති විතරයි. ඒත් වන්දනා ආන්ටිලා චමත්ගෙ විස්තරයක් දැනගන්න චමත්ගෙ ගෙදර ගියපු පළවෙනි දවසෙම එයාලා ඇත්ත දැනගත්තා. ඊට පස්සෙ යුවති ආන්ටිලාට කෝල් කලා. අද ඔයත් දැනගත්තා. මගෙ හොඳ අක්කනෙ. කවදාවත් සමීට මේක දැනගන්න තියන්න එපා. එහෙම උනොත් මොනව වෙයිද දන්නෙ නෑ. දන්නවනෙ සමීගෙ හැටි.” සහස්‍රා අපර්ණාගෙ අත් දෙකෙන් අල්ලගෙන කිව්වා.

“එතකොට කෝ දැන් යුවති?” අපර්ණා ඇහුවෙ කිසිම වෙලාවක යුවති දැන් ඉන්න තැනක් ගැන සහස්‍රාගෙන් කියවුනේ නැති නිසා.

“ඒක මාත් දන්නෙ නෑ. සමීට බබාලා ලැබෙන්න කලින් දවසෙ මට කෝල් කරා. ආයෙම එයාට ගන්නත් එපා කිව්වා. ඊට පස්සෙ ගත්තට ෆෝන් ආන්සර් කලෙත් නෑ.” සහස්‍රා කිව්වෙ දුකින්.

“ආන්ටිලා දන්නෙත් නැද්ද?” අපර්ණා කල්පනා කරමින් ඇහුවා.

“අනේ මන්දා. ආන්ටිලා මුකුත් කියන්නෙත් නෑ. අර බූරුවට කතා කරා. ඒ උනාට ඌ දන්නෙත් නෑලු.” සහස්‍රා තරහෙන් කිව්වෙ.

“ඇත්තටම ආන්ටිලා නොදන්නවා වෙන්න බෑනෙ බඩී. කොහොමද බං අම්මලා තමන්ගෙ දරුවෙක් ගැන හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නෙ. බලපං මෙහේටම කොච්චර නම් එනවද එයාලා සමී ගැන බලන්න. එහෙම එකේ තමන්ගෙ දරුවා ගැන නොබල ඉඳීද?” අපර්ණා ඇහුවා.

“ඒක නම් ඇත්ත තමයි. ඒත් එයාලා අපිට නොකියන්නෙ මොකක් හරි හේතුවක් නිසාද දන්නෑනෙ.” සහස්‍රා හිතුවෙ එහෙමයි.

“ඒයි මේ දොරත් වහගෙන මොනවද කරන්නෙ? අක්කා… බඩිත් නෑ.” විහංසා දොරට ගහ ගහ කතා කලා.

“එනෝ…. දොර වැහුවෙ නෑ වැහිලා.” සහස්‍රා ගිහින් දොර අරිද්දි අපර්ණා දුවලා වොශ් රූම් එකට ගියා.

“කෝ අක්කා…” විහංසා කාමරේ පුරාම නෙත් යවලා ඇහුවා.

“එයා වොශ් රූම් එකේ. කෙල්ලව නිදි කෙරෙව්වා මම.” සහස්‍රා සාමාන්‍ය විදියට කිව්වෙ විහංසාගෙ ඇස් වල තිබුන අමුත් බැල්ම නිසාමයි.

“හා අපේ ඩබලත් නිදි. මට කම්මැලියි. ඒකයි බැලුවෙ. මං කියන්නද කෙල්ලත් ගිහින් අපේ ඇඳෙන් තියාගමු. මොනව හරි කතා කර කරවත් ඉමුකො අනේ. මට පාලුයි බං.” විහංසා කියද්දි සහස්‍රාට දුක හිතුනා.

“හා එහෙම කරමු එහෙනම්. අක්කට කියන්න බබාව එහා කාමරේට එක්කන් යනවා කියලා.” සහස්‍රා එහෙම කියලා කෙල්ලව අරන් විහංසාගෙ කාමරේට ගියා.

“අක්කා කෙල්ල අපේ රූම් එකේ…” විහංසා වොශ් රූම් එකේ දොරට තට්ටු කරලා කිව්වා.

“හා මම එන්නම්.” අපර්ණා කිව්වා.
____________________________________________________________________

“මැණික…” මියුරංග කතා කලේ මහ රෑ එකටත් ඇහැරිලා ඉඳන් පුතාලව නලවන විහංසා දිහා දුකෙන් බලාගෙන.

“ම්ම්…” විහංසා හෙමිහිට කතා කලේ.

“ඔයාට කරදරේ නේද?” මියුරංග ඇහුවා.

“ඇයි ඒ?” විහංසා ඇහුවෙ නලල රැළි කරලා.

“කොල්ලො දෙන්නා නිසා නින්දක්වත් නෑනෙ.” මියුරංග ඇඳේ ඉඳගත්තා.

“ඇයි ඉඳගත්තෙ. නිදියන්න ඔයා. දැන් නිදියයි මෙයා.” විහංසා පුතාගෙ හිස අත ගාමින් කිව්වා.

“මම අපි දෙන්නටම තේ හදන් එන්නම්.” මියුරංග එහෙම කියලා කිචන් එකට යද්දි උදම්නුත් කිචන් එකේ.

“ආ මලයා… මොකද නින්ද යන්නෙ නැද්ද?” උදම් හිනාවෙවී ඇහුවා.

“ඔයා මොකද මේ?” මියුරංග ඇහුවෙ පුදුමෙන්.

“කෙල්ල නිදි නෑ. පව් අපර්ණා. විනාඩියක් ඇහැ පියෙව්වෙ නෑ.” උදම් කිව්වෙ දුකෙන්.

“විහංසත් එහෙමයි. මම මේ ආවෙ කිරි කෝපි එකක් හදන් යන්න.” මියුරංග කිව්වා.

“හා… මේ වතුර දැන් උණු කලේ. මේකෙන් ගන්න.” උදම් එහෙම කියලා තේ දෙකත් අරන් කාමරේට ගියා. මියුරංග හෙමිහිට කිරි කෝපි දෙකත් හදාගෙන ගියා.

“ඔයාට මම නිසා කරදරේ.” විහංසා දුකින් කිව්වෙ මියුරංග දිහා බලලා.

“මගෙ කොල්ලො දෙන්නා වෙනුවෙන් මොනවද කරන්න බැරි මැණික.” මියුරංග විහංසාගෙ නළල සිපගෙන කිරි එක දුන්නා.

“උණුයිනෙ. මෙච්චර ඉක්මණට වතුර උණු කරාද?” විහංසා ඇහුවා.

“මම යද්දි අයියා කෝපි හදනවා. ඌ උණු කරපු වතුර එකෙන්ම මම තේ හදන් ආවා.” මියුරංග හිනාවෙවි කිව්වා.

“එහෙනම් අද එයාටත් නයිට් ඩියුටි වෙන්න ඇති.” විහංසා හිනාවෙවී කිව්වා.

“ඔව් අයියට දුකයි. අක්කා පව්ලු.” මියුරංග කිව්වා.

“අපිත් පව්නෙ එහෙනම්. එහෙම කියන්න බෑනෙ මහත්තයෝ. අද අපි ඉන්නවා වගේම මීට කාලෙකට උඩදි අපේ අම්මයි තාත්තයිත් මේ වගේම ඇහැරන් ඉන්න ඇති.” විහංසා කිව්වා.

“ඒක නම් ඇත්ත. ඉස්සර මම අම්මට නිදියන්න දුන්නෙම නෑලු.” මියුරංග හිනාවෙවී කිව්වා.

“ෂ්ෂ්ෂ්… නිදි දැන් නම්. දැන්වත් තේ එක බොන්න….” එහෙම කියලා විහංසා ඇඳෙන් නැගිටින්න හැදුවා විතරයි මිනූ ඇහැරුනා. දෙන්නටම එක පාර හිනා ගියා.

“ඉන්න මම එයාව අතේ තියන් ඉන්නම් ටිකක්. ඔයා මේක බීල ඉන්න.” මියුරංග විහංසාගෙ අතටම මග් එක දුන්නා.

“මෙයා ඔයා වගේමයි.” විහංසා හිනා වෙවී කිව්වෙ විනුල පෙන්නලා.

“මේ දෙන්නට සුදු පුතා චූටි පුතා කියල දිගටම කිව්ව නම් මාර අනාථයි. ලොකු වෙලා රණ්ඩු වෙයි ඇයි එකම වගේ ඉද්දි එක්කෙනෙක්ට සුදු පුතා කිව්වෙ කියලා.” මියුරංග එක එක කතා කියනවා. විහංසා බලන් හිටියෙ ආදරෙන්.

පහුවෙනිදා උදේන ආවා කොල්ලො දෙන්නව බලන්න.

“ආ මගේ කොලු පැටව් දෙන්නා කෝ බලන්න.” උදේන විහංසාට කන්න පලතුරු වගයක් අරන් ඇවිත් ඒ ටික විහංසාගෙ අතට දීලා කාමරේට ගියා.

“කවුද ආවෙ විහංසා…” මියුරංග වොශ් රූම් එකෙන් එනගමන් ඇහුවා.

“ආහ් තාත්තා උදේම ඇවිත්.” මියුරංග ඇහුවා.

“උදේම ආවා දවසෙම ඉඳලා යන්න පුලුවන්නෙ පුතා. අද ඔෆිස් යන්නෙ නැද්ද?” උදේන ඇහුවා.

“නෑ තාත්තා අද ගෙදර. ඊයෙ මුලු රෑම නින්දක් නෑ.” මියුරංග කියද්දි උදේනට හිනා ගියා.

“ඉස්සර මායි දෝණිලගෙ අම්මයි දෙන්නත් ඔහොමයි. හැම අම්මෙක් තාත්තෙක්ම එහෙමයි පුතේ. හැබැයි එහෙමයි කියලා මම කවදාවත් රස්සාවට නොගිහින් ඉඳලා නම් නෑ.” උදේන කිව්වා. මියුරංග හිස කසමින් ඇඳ උඩින් ඉඳගත්තා.

“කොල්ලො දෙන්නව දැක්කම යන්න හිතෙන්නෙ නෑ තාත්තා.” මියුරංග කිව්වා. උදේනට හිනයි.

“ඒක නම් ඇත්ත. කෝ පුතේ මට ලොක්කව හොයාගන්න බෑනෙ.” උදේන කිව්වා.

“මොකද තාත්තටත් තියෙන්නෙ අනිත් අයගෙ ප්‍රශ්නෙමද?” විහංසා තේ එකක් හදාගෙන කාමරේටම ආවා.

“ඒකනෙ දෝණි… මට හොයාගන්න බෑනෙ.” උදේන හිනාවුනා.

“තාත්තා මේ ඉන්නෙ ලොක්කා… විනුල.” විහංසා නිදාගෙන ඉඳපු ලොකු පුතාව පෙන්නලා කිව්වා.

“කොහොමද දෝණි දෙන්නව වෙන් කරල අඳුර ගන්නෙ?” උදේන ඇහුවෙ හොඳ කල්පනාවෙන් දෙන්නගෙම දිහා බලන ගමන්.

“මෙන්න මෙයාගෙ…. ලොක්කගෙ බර්ත් මාක් එක අනිත් එක්කෙනාට වඩා ලා පාටයි.” විහංසා හිනාවෙවී පෙන්නුවා.

“ඇත්ත තමයි… ඒක හොඳට නොබැලුවොත් පේන්නෙ නෑ. ඔයාගෙ නම් ඉතින් දවසෙම මේ දෙන්නගෙ දිහාවෙනෙ ඇස් දෙක ඇත්තෙ.” උදේන කිව්වා.

“ඒ උනාට තාත්තා මට නෙමෙයි වෙනස පෙනුනෙ මෙයාට.” විහංසා මියුරංගව පෙන්නුවා. මියුරංග හරි ආඩම්බරෙන් හිනා උනේ.

“ඒක තමයි දෝණි තාත්තගෙයි දරුවන්ගෙයි තියෙන බැඳීම.” උදේන කියද්දි විහංසාගෙ ඇස් අගට කඳුලක් ඉනුවා.

බබාලා දෙන්නව වෙන් කරලා අඳුර ගන්න පුංචි මාක් එකයි තිබුනෙ. ඒකෙන් තමයි දෙන්නව වෙන් කරලා අඳුර ගන්න පුලුවන් උනේ. ගෙදර හැමෝම වගේ දැන් බබාලා දෙන්නව නිවැරදිව අඳුරගන්නවා. ඒත් තාමත් අප්පච්චිට නම් පැටලුනා දෙන්නව.
____________________________________________________________________

“සමී… පූගෙ බර්ත් ඩේ එක නෙක්ස්ට් වීක්. අපි මොකක් හරි ප්ලෑන් කරමු නේද?” සහස්‍රා මතක් කරන්න කලින්ම විහංසායි මියුරංගයි නම් සර්ප්‍රයිස් එකක් ප්ලෑන් කරලයි තිබුනෙ. විහංසාට ඒ නිසා හිනාගියා.

“ඇයි? මොකද උඹ හිනාවෙන්නෙ?” සහස්‍රා ඇහුවා.

“අපි රෙඩි කරා සර්ප්‍රයිස් ගිෆ්ට් එකක්. එදාට පුංචි පාටි එකක් ඕර්ගනයිස් කලා ලමා නිවාසෙ.” විහංසා කියද්දි සහස්‍රාට හරිම සතුටු හිතුනා.

“අනේ සමී ඔයා නම් මාරයි. කොල්ලො දෙන්නගෙ වැඩත් එක්ක ඔයාට ඕවා හිතන්නත් වෙලාව තියෙනවනෙ.” සහස්‍රා විහංසාව තුරුල් කරන් කිව්වා.

“අද අයියා නිවාසෙන් වැඩේ කන්ෆර්ම් කරන් එයි. ඊට පස්සෙ තියෙන්නෙ ලේස්ති වෙන්න. කට්ටිය කොටස් බෙදාගමු.” විහංසා කිව්වා.

“සෝ ස්වීට් සමී.” සහස්‍රා ආයෙමත් විහංසාව තුරුල් කරගත්තා.

“ආහ් මොකද මේ නෑනලා සිප වැළඳ ගෙන.” අපර්ණා කෙල්ලත් වඩාගෙන ආවා.

“ආ… අපි මේ වැඩක් ප්ලෑන් කර කර හිටියෙ. ඔයාලට සර්ප්‍රයිස් එකක්.” සහස්‍රා කිව්වා.

“ඒ මොකද්ද බං ඒ.” අපර්ණා ඇහුවෙ කෙල්ලව ඇඳෙන් තියන ගමන්.

දැන් පූට අවුරුද්දක්නෙ. කෙල්ල මල්ලිලා දෙන්නට පණ වගේ. පූ හෙමිහිට පහත් වෙන්න ගියේ මිනුලගෙ නලලට හාදුවක් දෙන්න. සහස්‍රා ඇස් වලින් අනිත් දෙන්නට පෙන්නුවා. අපර්ණා කෙල්ලව මෙහාට කරන්න හදද්දි විහංසා අතින් අල්ලලා ඉන්න කිව්වා.

“කොල්ලට ඇහැරෙයි බං.” අපර්ණා රහසින් කිව්වා. විහංසා මූණෙ ඉරියව් වලින් කිව්වෙ කමක් නෑ කියලා. කෙල්ල බොහොම පරිස්සමට මිනුලගෙ නලල සිප ගෙන කට්ටියගෙ දිහා බලලා හිනා උනා.

“යූ සෝ ස්වීට් මයි බේබී…” සහස්‍රා කෙල්ලව තුරුලට අරන් සිපගත්තා. විහංසාත් සතුටින් හිනාවෙලා කෙල්ලගෙ හිස අත ගෑවා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *