02

..##නිම්හිම් සේයා ##
2
කවුරුද අප්පා මගේ සුවබර නින්දට බාදා කරන්නෙ..පෝන් එක අඩනවා..ක්‍රීන් ක්‍රීන් ගාලා..ඉන්න එකෙක්ට බැරිද අප්පා ඕක ආන්සර් කරන්න..
ඉක්මනට ඇදෙන් පැනලා පඩි තුන හතරක් පිමි පැනලා සාලේ පෝන් එකට ආවා..
හෙලෝ..
අහ් චූටී මැනිකේ..කෝ අපේ අයියා..
අහ් තාත්තගෙ එකම සහෝදරී..ලොකු නැන්දා..
ලොකු නැන්දෙ තාත්ති නිදි..ඉන්න මන් එයාට දෙන්නම්..
හදිස්සියක් නෙමී මැනික..මේ අද හවසට ඔය පැත්තේ එන්නයි කිය්ලා..
හා නැන්දියෝ මන් කියන්නම්..
කියපු පරක්කුවට ලොකු නැන්දි පෝන් එක තියලත් ඉවරයි..ශි අහගන්නත් බැරි උනානේ..අයියලා දෙන්නත් එනවද කියලා..එහෙම උනොත් අද රෑට බැල්කනි එකේ එලකිරි කයියක් දාන්නත් තිබ්බා..අපේ අයියත් සෙට් උනාම නියමයි..දැන්ම මේ ආරන්චිය රිපෝට් කරන්න ඕනී වහාම..
මන් ඉක්මනට අම්මියි තාත්තියී ඉන්න රූම් එකට දීවා..මැනස් කියලා මෙලෝ නාමයක් මට නෑනී ඉතින්..හප්පට යනකොටම අපේ තාත්ති අම්මිට කිස් එකක් දෙනා..හයියෝ මමත් ආව වෙලාව..දැන් ඉතින් දෙන්නා මාව දැක්කත් එක්කනේ මොකෝ කරන්නෙ ආයේ හැරෙනවද..ඒත් මේ හොට් නිව්ස් එක නොකීවොත් රෑට කන්න හදන්න ගියාම බැනුම් කෝටීයයී..කියනවද නොකියනවද කියලා හිතනකොටම තාත්ති කතා කලා..
චූටී මැනික මොකෝ..ම්ම්
අම්මි ලැජ්ජාවෙන් ඇඹරෙන්නෙ අලුත් මනමාලී වගේ..හී හී ඉතින්..
“ලොකු නැන්දිලා එනවා කීවා අද..මේ…
හරි හරි පැටියෝ කෝ මෙහෙට එන්න..
“මට බෑ””
ඇයි..
“ඔය ඉන්නෙ මාලීයෝ ඔයාගේ දීපීකා පදුකෝන්..ඕන් එයා එක්ක යුග ගීයක් කියලාම එන්නෝ..”
මෙහෙවර මගෙ හොර පූසී..
“මට බැරියෝ..මන් දුවනවෝ..”
පව් ඉතින් දෙන්නගෙ ආලයට මා අතින් සිදුවු බාදාව..අහ් ආච්චම්මා ..ඔය ඉන්නෙ මගේ කටු අත්ත..එල්ලෙන්න ඕනී චුට්ටක්..ආච්චම්මා එක්ක එල්ලුන්නැත්තම් මට එදාට නින්ද යන්නෙත් නෑ..ආච්චම්මා ඇස් පියාන බණ අහනවා..නිදි ..උපාසක ආච්චම්මා සතරපෝයට සිල් ගන්නවා..ඒ උනාට නපුරි..දුශ්ටී..මන් ඇගිලි තුඩු වලින් ඇවිදන් ගිහින් ආච්චම්මාගෙ පුන්චි රේඩීයෝ එකේ චැනල් එක මාරු කලා..සුදානම් පිට ඉන්න ඕනී ..
වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න..
අහ් ගයාන්ගෙ මරු සින්දුව මේ වෙලාවටම ගැලපෙනවා..මෙච්චරවෙලා සැප නින්දක උන්නු ආච්චම්මා එක පාරම නැගිට්ටා..මන් උලුවස්සට මුවා වෙලා බලන් උන්නා..දැන් දැන් පරමාණු බෝම්බ දෙක තුනක් පිපිරේවී..වටපිට බලලා එයා කාමරෙන් එලියට ගියේ කවුද මේ වැඩේ කරේ කිය්ලා බලන්න වෙන්නැති..ආච්චම්මගෙ සැකේට මාව මේ මොහොතේ , ලක් වෙනවා..තවත් මොහොතක් බලා ඉදලා මන් ආයෙමත් ආච්චම්මා කලින් අහන් උන්නු බණ ගිය චැනල් එකට මාරු කලා..හී හී දැන් බලමූ..ඕන් එනවා..

මොකාද බොල මා එක්ක කොලොප්පම් කරන්නෙ..මේන් බහිරවයෙක්ද මන්දා..මාලිට කියන්න ඕනී මේ රේඩීයෝ එක බලන්න කියලා..

හී හී පව් ආච්චම්මා ..දැන් ආච්චම්මා අනිත් පැත්ත හැරිලා ඉන්නෙ..දැන් මුකුත් නොදන්න ගානට ගිහින් ලොකු නැන්දි එන නිව්ස් එක කියන්න ඕනී..

ආච්චම්මා ..

අහ් චූටි මැනික.බලන්නකෝ මේ රේඩියෝ එක..

“කෝ බලමූ ආච්චම්මා..අහ් සවුත්තු වෙලා නේ”

ඔව් පුතේ..

“මේ ආච්චම්මා ආන් ඔයාගේ දූ එනාලූ”

මේ සමන්තිකා දූ

“ඔව් ඔව්..ඔන්න මන් ඔයාට වාරතාව දුන්නා..මගේ ඩියුටිය ඉවරයු..මේ ආච්චම්මා අර සින්දුව ශෝක් ඈ..””

අනෙ අනේ මේ කෙල්ල නම්..

හී හී..ඔන්න අද රෑට ආයෙ අවුස්සනකම් දැන් හිතට සනීපයී..අපේ අයියා නැති වෙලේ ස්කූටී එක අරන් වත්ත වටේ රවුමක් යන්න ඕනී..අද එයා පල්ස එකෙන් ගිහින් තියෙන්නෙ..කේතූ කේතු ගෑවට මෙයාට තව ස්පෙයා පාර්ට්ස් තියේ වගේ හොයලා බලන්න ඕනී ..නිකම් අරින්න හොද නෑ..

බයික් එක අරන් වත්තේ රවුමක් පැද්දා..හුටා ආච්චම්මගේ මිරිස් පාත්තිය ඉවරයි..හපොයි දැන් ඉතින් දවස් ගානකට බර බරේ..අද ලොකු නැන්දි ආවම යවන්න ඕනී මෙයාව පටෝලා..

හොර පූසී වගේ මන් කුස්සිය පැත්තට ගියා..ආච්චම්මා අම්මි එක්ක දාගෙන උයනවා..සුවදේ බෑ..මන් උයලා තිවුනු වෑන්ජන එක එක ඇරලා බැලුවා..

කොහේ ඉදන්ද ආවෙ..අත සෝදලද ආවේ ආ

“අනේ සුදු අම්මියෝ උදේ හේදුවා අත..උක්කු ඕනී..හදා දෙන්නකෝ..”

යසයි උක්කු බොන බබා..මේ දීපීකෝ මේ කෙල්ලට ගෙදර වැඩක් පුරුදු කලොත් නරකද..මනුස්සයෙක් ආවොත් තේ ඩින්ගක් වත් හදන්න දන්නවද ..

“අයියෝ ආච්චම්මා හරි සිම්පල්..ෆ්‍ර්‍ර්‍ර්ඩ්ජ් එක ඇරියා මයිලෝ එකක් ගත්තා..බටේ ගැහුවා..දුන්නා ආපූ කෙනාට..”

අනේද කියන්නෙ..උදව් කලොත් නරකයි ඇවිත්..

“ඇයි මන් උදව් කරන්නෙ..ඔයාලා දෙන්නගේ ලාචෝරූ කෑම අපතේ යවන්නෙ නැතුව අමාරූවෙන් හරි ගිලලා දාන්නෙ..ඒ උදව්ව මදිද”

චූටී දූ දැන් ඇති..ගිහින් තාත්තිට මේ තේ එක දෙන්න..

සුදු අම්මියා හිනාවීගෙනම මට තාත්තිගෙ තේ එක දුන්නා..මන් ආච්චම්මට දිව උලුක් කලා..ආච්චම්මා තෙල් හැන්ද උලුක් කරලා බලාගමූ කීවා..හැබැයි මෙයාව යාලූ කරගන්න ඕනී..නැත්තම් අම්මි නයිට් ඩියුටි දාට රෑට බොන උක්කු එක හම්බෙන්නෙ නැති වෙයි..මන් ආයේමත් හැරිලා ගිහින් ආච්චම්මාට ලොකු උම්මා එකක් දුන්නා..

“මගේ සුදූ ආච්චම්මා ..ආදේයී හොදේ..”

හා හා නාකී හුරතලේ..

,නියමයි අයියලා දෙන්නම ඇවිත්..මන් ඉස්සෙල්ලම බැලුවෙ දෙන්නා මට ගෙනාවේ මොනාද කියලා..ඔහ් මේ දෙන්නා නිවුන්නූ..හැබයි මන් නම් දන්නවා දෙන්නව අදුරගන්න..එක්කෙනෙක්ගේ දකුණු අතේ තුවාල කැලලක් තියෙනවා..ඒ තමයි පොඩි අයියා..ඒ තුවාලෙටත් හේතුව මේන් මේ සේයා නිම්නාදී තමයි..

එක පාරක් සින්හල අවුරුද්දට මායී අයියලා තුන්දෙනයි නිලා පත්තු කලා..මන් එතකොට එක වසරෙ..පොඩි අයියා කුශාන් තමයි මන් ලග හිටියෙ..මන් බය හින්දා දිග කෝටූවකට ගහලා නිලා එක දුන්නෙ..ඒක පත්තු වෙලා ගිනි පුපුරු විසි වෙද්දි බය උනු පාර මන් ඒක පොඩි අයියගෙ ඇගට විසික් කලා..වෙලාවට අයියා අත් දිග ටී එකක් ඇදන් උන්නෙ..ටී එක පිච්චුනා..අතත් පුච්චන්..

පොඩි අයියා මොනාද ගෙනාවෙ මට..

හපොටි මේ මැට්ටි..ආපු අයගෙ දුක සැප අහන්නෙ නෑ..ගෙනාවෙ මොනාද කියලයි අහන්නෙ ආ..

“අනෙ යන්න..ඔය ඉන්නෙ හොදට..එකම එක නන්ගි බබයි පරම්පරාවටම ඉන්නෙ..වදුරු පැටව් ගොඩක් මැද්දෙ බෝනික්කි වගේ..එනකොට මුකුත් ගේන්න බෑ නම් ඕන් නෑ ඉතින්..”

හප්පො කටු රෝසී..අහ් ආ මේන්

වාව් ලොකු කැඩ්බරි චොක්ලට් එකක්..නියමයි නියමයි සුපර්..උම්මි එකක් දෙන්නම ඕනී..දැන් ලොකු අයියගෙ වාරේ..අහ් මන් අහන්නත් කලින් ලොකු අයියා මට බෑග් එකක් දික් කලා..කට්ටියම බලන් ඉද්දි මන් ඒක දිග ඇරියා..අහ් ශෝයි ශෝයි පොත් පොත් පොත්..අහ් නියමයි ..ලොකු අයියව නම්පෙරලන් උම්මා දෙන්න ඕනී..ඒත් බෑනේ..ආච්චම්මා දැක්කොත් ගෑනු ලමෙක් හැදෙන හැටිද අහයි..වෙලාවෙ හැටියට දෙන්නටම එකම එක උම්මා එක ගානේ දුන්නා..

මට පොත් තියෙන හින්දා දැන් අවුලක් නෑ..නැත්තම් අද මට ගොඩාරියක් දුක හිතෙනවා..අයියලා තුන් දෙනා මාව එලෝලා කාමරේ දොර වහගත්තා..හ්ම්ම් හොර වැඩ..හොයා ගන්නම්කො මන්…ඊලග පාර එන්න කලින් තාත්තිට කියලා අයියගෙ රූම් එකට සීසීටීවී දාගන්න ඕනී..අහ් මොනා කරනවද දන්නෙ නෑ..තුන් පාරක්ම මාව එලෙව්වනෙ ඉතින්…අම්මිත් මුකුත් කියන් නැති හැටි..මන් හොයා ගන්නම්කෝ..ආච්චම්මා දානවා විස්තර හොයන්න..එයා තමයි මේකට ගැලපෙන එකම කෙනා..

හ්පෝ අද එයාත් මන් දිහා බලන්නෙ නෑ..එයාගෙ ලොකු දූ එක්ක රහස් සාකච්ඡා ..පාර්ලීමේන්තුව පෙරලන්නද දන්නෙත් නෑ..දුක තමයි සේයෝ..ඉහී…..

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *