04
…##නිම්හිම් සේයා ##
4
සේයා මොකෝ කරන්නෙ වැටෙයි අනේ..
“පොඩි වැඩක්…
මන් උන්නෙ බැල්කනි එකේ කෙටි තාප්පෙ උඩ නැගන්..කැටපොලේකුත් අරගෙන..කේතු උදෙන්ම ආවෙ අද එයාලගෙ ගෙදර කවුරුත් නැ කියලා..අද අපේ අයියත් ගෙදර..ආච්චම්මා හිටියෙ නැත්තම් සෙට් කරන්න තිබ්බ දෙන්නව ගානටම..කොහෙද මෙ මල්සරාත් මන් කියන එකක් නාහෙට අහන්නෙ නැනේ..එක්කො ඔය මල් දුන්න මට දෙන්න ඕනී මෙ දෙන්නට පෙම් හීයක් විදින්න..එහෙම ලැබුනානම් මන් විදිනවා සතර අතේ ආයේ ඇට්ටි හැලෙන්න..
අපේ අයියත් මිදුලෙ බෙන්ච් එකෙ ඉදන් පොතක් බලනවා..මට නම් පේන්නෙ පොතක් පෙරලනවා වගෙ..සැරින් සැරෙ උඩත් බලනවා..අදම මේ දෙන්නව සෙට් කරල දාන්න ඕනී..අපිටත් බැරියෑ ඊට පස්සෙ ඔය වෙඩින් කේක් කෑල්ලක් කන්න..
ඔය මොකෝ බන් කරන්නෙ..වරෙන්කෝ චැටක් දාන්න..
“කේතූ මෙහෙ එන්නකෝ.
කේතූ මන් ලගට එද්දිම මන් අයියට කැටපෝලෙන් විද්දා..අහ් ඉවරයි ඒක වැදුනෙ මල් වලට වතුර දදා උන්නු ආච්චම්මාගෙ පස්සට..අයියත් ගල ආව දිහා බැලුවා..අපෝ දාපු කැත හිනාව අහු කරලා දේවි වගෙ මාව..මන් කේතුට කැටපෝල දුන්නා..කේතුත් මුකුත් දන්නෙ නෑනෙ..අහ් දෙන්නගෙ ඇස් එකට වැදුනු ලස්සන..බවතු සබ්බ මන්ගලම් කීවලූ..
“ආහ්..මීදුම් වලා කන්දෙ ඉවසන්න බෑ සීතේ..ලන්වී මට දැන් කියන්න ආදරේදෝ මට ආදරේදෝ..ඕ ඕ..ඕ
කේතු මගෙ කට අතින් තද කලා..අයියාට හිනා..හ්ප්පො මුන් උදව්වක් කරන්න හැදුවමත් වැඩක් නෑ ඉතින්..
කේතුයි මායි ඇදෙ පෙරලි පෙරලි හිනා උනා..කොට්ටෙන් ගහගත්ත..ඊටත් පස්සෙ මන් ඇදේ ඇග තියෙද්දි ඔලුව බිම වැදෙන්න ඇදෙ පෙරලුනා..ඌහ් කොන්ඩෙ..මොකේකට හරි අහු උනා..මන් ආයෙත් අනිත් පැත්ත පෙරලිලා ඇද යට බැලුවා..ම්ම් මුකුත් නෑ..
ඒ පාර මොකෝ..අනෙ සේයෝ ඔයාට එක විදියකට ඉන්නම බෑද…
“එක විදියට ඉන්න බෑ..තුන විදියට හතර විදියට පහ විදියට..
මන් ඇදේ වකුටු වෙවී කේතුට ඒ ඉන්න විදිය පෙන්නුවා..
උබ නම් හොදයි ජිම්නාස්ටික් වලට..ආයේ නැ..දෙකට කැපුව පණුවා වගෙ..
හී හී..
ඒ පාර කේතු පත්තරෙ බලනවා..මමත් කේතුගෙ ඔලුවට උඩින් ඔලුව දාලා ස්‍ර්ච කලා
.අහ් ලග්න පලාපල…
සේයෝ ඔයාගෙ ලග්නෙ මොකක්ද .
“උඹ හිතන්නෙ මොකක් කියලද..
උඹට තියෙන විසෙ හැටියට ශුවර් සතෙක් ඉන්න ලග්නයය්ක්..
“අහ්..අපිට පල් එක නේ..හ්ම් හ්ම්ම්..මන් කටක..කියෝපන් බලන්න මේ සතියෙ මට මොකො වෙන්නෙ කියලා..සදා සොත්ති බවන්තුතේද..නැත්තම් වයද්ම්මා සන්කාරාද..
ඒ එකක් වත් නෙමී
“”ඒ නම්..
කටක ලග්නය..මේ සතියෙ ..
මේ සතිය ඔබෙ සිතෙ මෙතෙක් පැවති කරුණක් ඉශට වේවී..ආගන්තුක පුද්ගලයෙක් නිසා බොහෝ කරදරවලට මුහුණපෑමට සිදුවන අතර ආදරය සම්බන්ද ප්‍ර්ශ්නයකට මුහුණ දීමට සිදුවේ..තුවාල අනතුරු සිදුවිය හැක..පොදුවෙ ගත්කල මේ සතිය ඔබට සුබයි..ජය අන්කය හතර..වර්නය නිල්.
“අප්පද බොල.බයේ බැ..
අම්මා පාරෙ යද්දි බලාගෙන යන්න ඕනී නාදුනන පුද්ගලයෙක්ගෙ වෙඩි පහරකට ලක් වෙන්න ඉඩ නෑ..විශේශයෙන් අපෙ ආච්චම්මගෙන් බේරිලා ඉන්න ඕනී..එයා තමයි මට හතුරෙක්ට ඉන්නෙ..ඔහ් බයේ බැ..
“කේතූ..
ම්ම්ම්
“මට වෙලෙකට මෙ රූම් එකෙ ඉන්න බයයි බන්..
අර මොකෝ
“අනෙ මන්ද..
සේයෝ..උඹේ උපන්දිනෙට මොනාද ඕනී
“ම..මන් එදාට ඉල්ලන්නම්..උඹ දෙනවනෙ..
මගෙ පන උනත් දෙනවා..
හපො පන එපා..ඒක දියන් අපෙ..
කියන්න ගිය දෙ ආයෙම කට ඇතුලට ඔබන් මන් කේතුගෙ මූණ බැලුවා..අහ් චූටි බබා පාට් දැම්මට මෙයත් අම්මෝ…
එදා කේතු ගියෙ ගොඩක් හවස් වෙලා..අයියා ලොකු ලමෙක් වෙල වගෙ කාමරෙන් එලියට ආවෙත් නෑ..ඒ වුනාට මන් දන්නවා හොරා වගෙ සේරම අහන් ඉන්නෙ කියල..මන් අයියගෙ රූම් එකට ගියා..යද්දි අයියා මනෝ ගහලා..
“අයියෙ..
ම්ම්
“ගියා..
කවුද
කේතූමතී..අයියා අපි කියමුකෝ
එයා කැමති වෙයිද චූටීයෝ
“ඇයි නැත්තෙ මගෙ අයියගෙ මොනාද අඩුපාඩු..ලස්සනයි ..හොදට ඉගෙන ගෙන තියෙනවා ..ජොබ් එකක් තියෙනවා..තව
තව..
හැදියාව අන්තිම උනාට මොකො..ලාස්සන කතීනා වගෙ නන්ගියෙක් ඉන්නෙ ..හා නැද්ද
අනෙ මගෙ කට..මෝඩී..
මෝඩයා..
ගෙම්බි
ඌරා..ගෙම්බා..
මොකද්ද කීවේ ආ..
අයියා මගෙ ඔලුවට ටොක්කක් ඇන්නා..ඉන්නවකො..මන් අයියව හපලා දීවා..අයියා පස්සෙන් පන්නද්දි වැඩුනු පාර මාව විසික්.උනා..හප්පා පරණ සීටීබී බස් එකකට මාව හැප්පුනෙ..ආච්චම්මා
.
මේ කෙල්ල නම් මාව මරලා තමයි පස්ස බලන්නෙ..
අනෙ කවදාද ඒ සුන්දර දිනෙ උදා වෙන්නෙ..වට්ටක්කා ඩාන්ස් එකක් දාන්න..
චූටීයෝ..
දැන්නම් ආච්චම්මට එකසිය ගානට නැගලා..පසු බසිමු..අද රෑට ක්‍රියාත්මක වෙමූ…ආච්චම්මා හිතාන ඇති මන් නිකම් ඉදීවී කියලා කරවන්නම්කො උන්දෑට මම..ආච්චම්මා හැමදාම රෑට දත් සෙට් එක ගලෝලා වතුර වීදුරුවකට දානවා..ආච්චම්මට නින්ද යනකල් ඉදලා මන් ආච්චම්මගෙ දත් සෙට් එක අයියගෙ රූම් එකෙන් තිබ්බා .හෙට උදේට උන්දෑගෙ තුරුණු රූ සපුවෙ රහස් හැමෝටම එලිවේවි..අහ් දගලලා දගලලා දැන් දොයි මතයි..
###
මන් ඇදේ ඉදන්ම ගෙදර සද්ද වලට ඇහුම් කන් දුන්නා..ඊය රෑ කරපු වැඩෙ හැටියට අද මෙතන යුද පිටියක් වෙන්න ඕනී..කෝ ආච්චම්මා ..ගෙදර කිසිම සද්දයක් නෑ..නමයත් වෙලා..
මන් නිදියන් උන්නු වෙලාවෙ රාස්සයෙක් ඇවිත් කට්ටියව අරන් ගියාද..නැත්තම් සුමාත්‍රාවේ බූමි කම්පාවක් වෙලා රිකට මාපකෙ උඩ ගිහින් සුනාමියක් වත් ආවද..එහෙමත් නැත්තම් ශාරුක් කාන් ලන්කාවට ඇවිත් කට්ටියම එයාලව බලන්න වත් ගියාද මාව දාලා..ඒවා කොයිද..මාත් එනවෝ..
නැගිට්ටි විදියටම කොන්ඩෙත් කස කසා මන් පල්ලෙහාට බැස්සා..ඉස්සෙල්ලම ගියෙ අයියගෙ රූම් එකට අහ් එයත් නැ..ආච්ච්ම්මගෙ දත් සෙට් එකත් නැ..තාත්ති අම්මිත් නැ..ආච්චම්මත් නැ..මගෙ වැඩෙ නිසා ආච්චම්මා ගෙදරින් ගිහින් මෙයාලා හොයන්න වත් ගියාද..අනෙ
..
මන් ගේ ඇතුලෙ කවුරුත් නැති නිසාම දොර ඇරියා..අහ් තාත්තිගෙ කා එකත් තියෙනවා ..අයියගෙ බයික් එකත්..එතකොට කෝ මෙයාලා..
මිදුලේ ගස් අස්සෙන් සර සර ගාලා සද්දෙ එනව..චන්ඩියා වගෙ උන්නට දැන්නම් හිතට බයයි..
අහ් අනේ..මෙ…
හැපි බර්ත් ඩේ ටූ යූ…හැපි බර්ත්ඩේ ටූ යූ..හැපි බර්ත්ඩේ ඩිය සේයා හැපි බර්ත්ඩේ ටූ යූ..
අහ් මාව බය කරපු තරම්..ඔහ් වාව්..ආච්චම්මා ,අම්මි තාත්ති..අයියා ..කේතු ලොකු නැන්දිගෙ අයියලා දෙන්නා..අහ් මගෙ හුරතල් ටොම්සී..සේරමල්ලා මිදුලේ..
ඔක්කොමල්ලා උම්මා දීලා මාව පොඩි කලා..තාම හිතා ගන්න බෑ මේ ස්ප්‍ර්‍යිස් එක..වාව් සුපිරි..
ඒහේ මෝඩී ඉපදුනු ගමන් ඔහොම්මද ඉන්නෙ..
සේයෝ ..
කට්ටිය එහෙට මෙහෙට ඇදලාම මගෙ ඇගෙ කෑලිත් හැලිලද මන්දා..මන් ඉස්සෙල්ලම කලෙ මාව මේ ලෝකෙට බිහිකරපු මගෙ අම්මටයි තාත්තිටයි වැන්ද එක..ඊලගට ආච්චම්මා ..අහ් එයා දත් සෙට් එක දාගෙන..තරහද දන්නෙ නෑ මා එක්ක..ම්ම් නෑ..
ආච්චම්මා සොරි..
අහ් මගෙ දත්..හරි මැනික..ඔයා නැත්තම් ඇත්තටම මේ ගේ පාලුයි..මන් තරහා නැ..
මගෙ සුදු ආච්චම්මා ..
ඊටපස්සෙ අපි දවසම එලියට ගිහින් විනෝද උනා..මේ වගෙ දවසක්..ම්ම් හිතද්දුත් සතුටුයි..අද පාර්ක් එකේදි මන් කේතුගෙන් මගෙ උපන් දින තෑග්ග ඉල්ලුවා..ඒ මගෙ අයියව බලාගන්න කියලා..ඒකත් හරි..ඕන් මන් ඉදල ඉදල හොද වැඩකුත් කලා..
අයියලා තුන් දෙනයි..අම්මි තාත්තියි කේතුයි ආච්චම්මයි මට තෑගි ගොඩාක් දුන්නා..තාත්ති අම්මියි මට දුන්නෙ මන් කාලයක් ඉල්ලෛල්ලා උන්නු දේ..මටම කියලා ස්කූටී එකක්..දැන් ඉතින් හිතෙ හැටියට රවුම් ගැහුවෑකී..කුශාන් අයියා තිලකවර්ධන එකෙන් ඇදුම් ගන්න වවුචර් එකක්..ලොකු අයියා පොත්..අපෙ අයියා අලුත්ම එයා ලග තියෙන ජාතියෙ පෝන් එකක්..වාව් කේතුත් ලස්සන හෑන්ඩ් බෑග් එකක් දීලා..එතකොට ආච්චම්මා ..එයා මොනාද මේ දීලා තියෙන්නෙ ..
ඒක ගලෝලා බලන්න හදද්දිම බැල්කනි එකෙන් ආව සද්දෙ නිසා මන් සේරම ඇද උඩින් දාලා එතනට ගියා..තවත් පුදුමයක්ද…
(මතු සම්බන්දයි )