07
##නිම්හිම්සේයා##
7
ගුඩ් මෝනින්..චූටී මැනික..අද නැගිටිනෙ නෑ..
අනේ ගුඩ්මෝනින් අම්මියෝ..සීතායී..
අහ් අම්මි..මන් දනිපනි ගාලා ඇදෙන් පැනලා කාමරෙ පුරා මගෙ ඇස් යැව්වා..කෝ දිනෙත් අයියා ..නෑ..අම්මි දකින්න නැතුව ඇති..මන් ඇද යටටත් එබිලා බැලුවා..ඒත් නෑ..
මොනාද ලමයො පොලිස්බල්ලෙක් වගෙ හොයන්නෙ..
අම්මිත් මාර කතා කියන්නෙ..පොලිසිය ..මේ මොහොතේ මාත් කරන්නෙ පොලිසි යන වැඩක් තමයි..
මන් පෝන් එක හෙව්වා අම්මියෝ..
අනෙ අනෙ බඩුවක් තිබ්බ තැනක් තාම මතක නෑ..බලන්න මේ රූම් එකේ හැටි..
එහෙම කියන ගමන් අම්මි මගෙ රූම් එකේ තිවුනු ඩස්පින් එක අතට ගත්තා..
මෝඩී මහ රෑ නැගිටන් මයිලෝ බීවද..ඇහරුවනම් කිරි එකක් හදා දෙනවනී..
මගෙ සුදු අම්මි පව්නෙ ඉතින්..සීතයිනෙ මේ දවස්වල..රෑට රෑට ඇතිනෙ වැඩ..
හනෙ මගෙ පැහිච්චි ආච්චි..නරක් වෙලා හොදටම..කවුද ආ මේවා උගන්නන්නෙ..මොකෝ ම්ම්ම් අපිට හොරෙන් කුමාරයෙක් වත් ආවද..
අම්මි මන් තාත්ති අයියා ආච්චම්ම අපි හිටියෙ යාලූවෝ වගේ..ඒ හින්දා අපිට ඕනම දෙයක් කතා කලෑකී..ඒත් අද මන් ලග ලොකුම ලොකු රහසක් තියෙනවා..ඒත් ඒක කියන්නෙ ක්කෝමද කෙනෙක්ගේ ජීවීතයක් මා ඉස්සරහා …මා ගැන විස්වාසෙන් මගෙ රූම් එකේ ඉන්න කෙනාව පාවලා දෙන්නෙ කෝමද..සමාවෙන්න අම්මි..
ඔය ඔය..මතක් කලා විතරයි..හොර කෙල්ල කල්පනා කරනවා..
ඒම දෙයක් නෑ අම්මියෝ..ඒම උනොත් මුලින්ම මගෙ සුදු අම්මියට තමා කියන්නෙ..
මන් අම්මිගෙ උරහිසට නිකට තියන් ඒ වතේ එල්ලිලා කීවා..අම්මි එහෙම්ම පිටිපස්සෙන් අත් දාලා මගෙ කොන්ඩෙ අවුල් කලා..
මගෙ පිස්සි..මන් යනවා..ආච්චම්මාට වද නොදී ඉන්න..මෝඩී ඊයේ බේරුනා උපන්දිනේ හින්දා අද නම් පුපුරාවි කාලබෝම්බේ මොනා හරි කලොත් .
හා සුදු අම්මියෝ..ටොමිසී බබා පල්ලා මුකුත් කරන්නෙ නෑ..
හ්ම්ම් මන් යනවා..බුදුසරණයි වස්තුවෙ..පරිස්සමෙන් ඉන්න..
අම්මි ගියාට පස්සෙ මන් ඉක්මනට දොර ලොක් කලා..මගේ ආදර ආච්චම්මාට අහු උනොත් රටෙත් ඉදලා හමාරයී..අම්මි කිරි එක ගෙනත් මේසේ උඩ තියලා..දිනෙත් අයියා එයාත් තේ බ්බීලා නෑනී..ඒත් කෝ එයා..මන් හිමින්
දිනෙත් අයියා ..කෝ ඔයා…
විනාඩි පහක් නිශ්ශබ්දව ඔහෙ ගලාගියා..මේ මෝඩයා ගිහින් වත්ද….
ශ් ශ්…නන්ගෝ මන් මෙහෙ..
කෝ අප්පා සද්දේ විතරයී..කොයි ලොකේ ඉන්නාද මන්දා..වොශ් රූම් එකෙ දොරත් ඇරලා බැලුවා කෝ මෙයා..
මට මෙච්චර කාලේකට හම්බුනු ඔක්කොම ටෙඩිබෙයෝ එක තැනක ලස්සනට තියලා තිබුනෙ මන්..කාමරේ එක මුල්ලක්ම ටෙඩිබෙයාලගෙන් වැහෙනවා..එක චූටී ටෙඩිබෙයෙක් මගෙ කකුල ලගට විසිඋනා..අහ් මේ ඉන්නෙ හොරා..
උහ්..
මගේ පිලිවෙලේ හොදකම..මගේ රූම් එකේ මාවම පටලැවිලා වැටුනා..වැටුනෙ ටෙඩියෝ ගොඩට..ටෙඩියො ගොඩින් අතක් ආවා..මන් ටෙඩියො ටික අයින් කලා..කෝ නැගිටින්න බෑ දෙවනි පාරත් මන් වැටුනා..දිනෙත් අයියා..
දිනෙත් අයියගෙ දෙනෙත් වල සේයාගේ සේයාව ඇදිලා..හිත ඇතුලෙ අමුතු හැගීමක් දැනෙනවා ..මන් ඒ ඇස් දිහා බලන් ඉන්න බැරිව අහක බලාගත්තා..කන ගාවින් පටන් ගෙන කම්මුල් පුරා පැතිරුනු අමුතු හැගීමක් මූණට දැනෙනවා..අනේ සේයෝ…
චූටී මැනික..මොකො දොර ලොක්කරන්..කන්නෙ නැද්ද..
අහ් ආච්චම්ම දොරට තඩිබානවා..මන් එහෙම්ම නැගිටලා ආයෙත් බෙයාලගෙන් දිනෙත් අයියව වැහුවා..
කන්නම් ආච්චම්මෝ..
අනෙ යසයි ලමිස්සි..තාම මූන කටවත් හෝදලා නෑ..
කොහේද ආච්චම්ම ලමිස්සියක් වෙන්නෙ මන්..මේ තාම තූටීයී..
හපෝ ජරා කෙල්ල..උස ඉස්සිලා තීන තරම් ඇති..ඉක්මනට එන්න මන් ගස්වලට වතුර දාන්න ඕනී..
අද මන් බෙදාගන්නම් ආච්චම්ම ..ඔයා යන්න..
මට ඕනී උනේ කෝමහරී ආච්චම්ම එලෝගන්න..කෝ ඉතින් මේ වදෙ යන්නෙ නැති හැටි..
හපො අද ඇදේ වැරදි පැත්තෙන් නැගිටලා වගෙ..කෝ අයින්වෙන්නඩ මන් කාමරේ අතුගාන්න..
මන් අස් කොරගන්නම් ආච්චම්මො ආච්චම්ම යන්නො..
මන් ආච්චම්ම එලියට දාලා දොර ලොක් කලා .අහ් හරි..
ආච්චම්ම මට බැණ බැන පඩිපෙල බහිනවා..
මදැයි ඔයින් බේරුනා..මෙච්චර කාලේකට මටත් හිතුන් නෑනී මෙතන හැන්ගෙන්න පුලුවන් කියලා..මරු ප්ලේස් එක අප්පා මලාට හොයන්න බෑ කිසිම කෙනෙක්ට..
ඒ පාර මේ මැට්ටා හිනා වෙනවා..
මොකෝ..
ලමිස්සි ..
එහෙම කියලා දිනෙත් අයියා මන් දිහාවෙ බැලුවා..අහ් දැනුයි තේරුනේ..මෙයා ඉන්නවා කියලා අමතක වෙලා ආච්චම්ම එක්ක කියපුඒවා..අයියෝ මගෙත් ජරා කට..
දෙනවා හොදෙ..
වස ලැජ්ජාව..මෝඩයා..වැඩිය දැගලුවොත් ගන්නවා කෝල් එකක් 119වලට..
මැට්ටා
අයියා මේ කිරි එක බොන්න
එතකොට ඔයාට..
මට එපා..මන් බොනවා මයිලෝ..
අපෝ උදෙන්ම ..
යෙප්..
මෝඩ මැට්ටියෙක්..
මන් නහය අකුලවලා ඉව කලා..ඒ පාර දිනෙත් අයිය එයාගෙ කමිසෙ චුට්ටක් උස්සලා එයාගෙ ශර්ට් එකේ සුවද බැලුවා..
ගදයි නේ…
හ්ම්ම්..ගදායි..
මැට්ටි මිනිස්සුන්න්ගෙ මූනටම කියනවනෙ..
ම්ම් ඒ මගෙ හැටි..හිතෙ එකයි කටෙ එකයි නැස්..ගදයි ඇත්තටම ..ඔයා ඉන්නකෝ..මන් ඉක්මනට එන්නම් එතකන් ටෙඩියො ලගට වෙලා ඉන්න..ඕකේ..
මන් ඉක්මනට අයියගෙ රූම් එකට ගියා..අයියගෙ අල්මාරියෙන් ශෝට් එකකුයි ටී එකකුයි අයියා ඇදලාවත් නැති යට ඇදුමකුයි ගත්තා..පව් ..වටපිට බලලා පැනගත්තෙ අපෙ ආච්චම්මාට අහු නොවෙන්න..හම්මො අහු වුනොත් බේරිල්ලක් නෑ..
ඉක්මනට රූම් එකට ඇවිත් දොර ලොක් කලා..
ආ අයියෙ..
දිනෙත් අයියා ඇදුම් අරන් බැලුවා..ඒ ඇස්වල කදුලු..
තැන්ක්‍යු නන්ගි..පින් ඔයාට..මගෙ අම්මට පස්සෙ මන් ගැන හිතුව එකම කෙනා..පින් ඔයාට පින්..දගකාර සේයා පැට්ටා ඇතුලෙ ඉන්න ඒ උතුම් කෙල්ලට ගොඩක් පින්..
ඒ වචන අහ් ඇති මට..හිත නිවෙනවා..මටත් කදුලු ආවා..මේ මැට්ටා ඉස්සරහා අඩන්න බෑ..
බටර් ඇති ගිහින් නාලා ඇදගන්න..මන් කන්න අරන් එන්නම්..
මේ මැට්ටා මගෙ හිතට මොනාද කරලා..අහ් සේයෝ..
කුස්සියට ගිහින් පාන් අරගත්තා..ආච්චම්මාට කියලා බිත්තරයක් බැදගන්න ඕනී ..මේ වෙලාවට තමයි මන් ගැනම දුක හිතෙන්නෙ..ලැජ්ජයි කියන්න තාම මන් ගෑස් එක ඔන් කරන්න දන්නෙ නෑ..ආච්චම්මාට වැදලාවත් බිත්තරයක් බැදගන්න ඕනී..කෝ අනේ මේ ප්‍රේමවතී මනම්පේරී..අහ් අර ඉන්නෙ මිදුල අතුගගා…
ආච්චම්ම ..බඩගිනී..
දැන් කීවේ බෙදන් කන්නම් කියලා..
බිත්තරයක් ඕනී..
ඇයි හොදි තියෙන්නෙ සම්බෝලත් තියෙන්නෙ ..
මදි අද මට බිත්තරයක් ඕනීමයී.
හපො මේ කෙල්ල නම්..
ආච්චම්ම මට බැන බැන බිත්තරයක් බැදලා දුන්නා..
මගෙ හොද කිකිලි..
මන් නොකිවයි කියන්න එපා..චූටී මැනිකෝ..
(මතු සම්බන්දයි )