13

##නිම්හිම් සේයා ##
13
මන් මේසෙට ඔලුව තියාගෙන මේස උඩ තිබුනු වීදුරු බෝලේ කරකව කවා කල්පනා කරා..අනෙ දෙනෙත් අයියා ඔයා ,කවුද ඒ කතා කරපු කෙල්ල .මගෙ හිත පිච්චෙන තරම් ඔයා දන්නවනම්..
සේයා
ම්ම්
මොකෝ බබා මේ..
ඇවිත් උන්නෙ ඩබලා..
මුකුත් නෑ..
මුකුත් නෑ .කෝ බලමු ..සේරම ඇදන්නෙ ඉන්නෙ..
අනෙ මේ යනවා යන්ඩ..
මොකෝ පැට්ටො හුලන් ගිය බැලුම් බෝලේ වගේ..කෝ කෝ බලමු..
ඩබලා මගෙ නිකටින් අල්ලලා මූණ උඩට ඉස්සුවා..
සේයා ඔයා අඩලා..
ඇහට රොඩ්ඩක් ගියා..
බොරු
නෑ ඇත්ත
සේයා දවස් ගානක ඉදන් මන් මේක කියන්න හිටියෙ..
මොකක්ද
ඔයා දැක්ක පලවෙනි දවසෙ මට පුදුම හැගීමක් දැනුනෙ..ඔයාගෙ හිනාව,හැඩ,මනුස්සකමින් පිරුනු හිත,නොසැලෙන අදිශ්ඨානය,දගකාරකම,මුරන්ඩුකම,,හුහුරතල් කම,,කටකාරකම මාව පිස්සු වට්ටලා තියෙන්නෙ..සේසේරටම වඩා ඔයාගෙ යාලූකම
මොකක්
මන් ඔලුව උස්සලා ඇහිබැමත් හකුලෝගෙන ඩබලා දිහා බැලුවා,සාසාමාන්‍යයෙන් මන් කෙනෙක්ව කියවන්නෙ එයාගේ ඇස් දෙකෙන්..මේ වෙලාවෙ ඒ ඇස් අවන්කයි..
ඒත් ඩබලෝ..
ඩබලා මට මොනාහරි කිකියන්න යද්දිම තමයි චින්තක ඇවිත් කඩන් පාත් උනේ..මාත් ඩබලත් දෙන්නම එක සැරෙ චින්තක දිහා බැලුවා..
අම්මො ආන් බොස් සේයාව හොයනවා..මුන් මෙතන මල් කඩනවා..
මල් නෙමී වල් ගලෝ ගලෝ හිටියෙ..
මන් එන්නම් යන්..
චින්තක එක්ක මන් බොස් ලගට ගියා..කවදාවත්ම දැකපු නැති කෙනෙක්ව බලනවා වගේ බොස් මන් දිහා බලන් ඉන්නවා..ඒ බලන බැල්ම නම් මට එච්චර ඇල්ලුවෙ නෑ..
චින්තක යන්න..
බෙස්ට් ඔෆ් ලක් සේයෝ..බොසා උඹව ගිලින්ඩද කොයිද යන්නෙ..ඕන් මන් කැපුනා..අරූ මැරෙයි දැන්..
චින්තක කීවත් වගේ බොස් බලන විදිය මටත් ඇල්ලුවෙ නෑ..මොන මරාලයක් බාර දෙන්ඩ යනවද මන්දා..
සේයා ඉදගන්න..
එයාගේ පුටුවෙ හරි බැරි ගැහිලා ඉදගත්තුබොස් ලාච්චුවේ තිබ්බ පේපර්ස් වගයක් අර ගත්තා ..මන් එතකන් ටේබල් එකට තට්ටු කර කර ඇස් හතර අතේ යැව්වා..
සේයා
ඉයස් බොස් සේයා මට ඕන ඔයාගෙන් ලොකුම ලොකු උදව්වක් ..

ඒ මොකක්ද

සේයා දන්නවනෙ..මේ තමයි මගේ ජීවීතේ ..මගේ හීනේ..අපි මේක මේ තරම් උඩට ගෙනාවෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නවනේ..මන් බැන්ක් එකට ගොඩක් නයයි සේයා ..ඔයා නිසා චුට්ටක් අපි ඔලුව ඉස්සුවා..මට මේ දේවල් කරගන්න ස්පොන්ස කෙනෙක් හම්බුනා ඊයේ..

ඉතින්

මේ තියෙන්නෙ ඇග්‍රීමන්ට් එක..එයා මේක බාරගන්නෙ එක කොන්දේසියක් උඩ..

ඒ මොකක්ද

බොස් මොනා කියනවද මන්දා.ඇයි මට විතරක් අඩගහලා මේවා කියන්නෙ ..

සේයා මගේ ගැලවුම්කාරී ඔයා..

මොකක් .මේ මන්..

ප්ලීස් සේයා මේකට සයින් කරන්න ..වැරදි දෙයක් නෙමී මේ..අපි හැමෝම වෙනුවෙන් ..

සයින් කරන්නම්..ඒත් මේ මොකක්ද ..මාත් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද ..

ප්ශ්න අහන්න එපා වස්තුවෙ..ප්ලීස්..සයින් කරන්න..ඔයාට වරදක් කරන්නෙ නෑ..වරදක් වෙන්නෙත් නැ..

මට බොස්ව විශ්වාසයයි ..ඒත් මේ මොකක්ද

ඩී.එන්.එස්..

ඩී එන් එස්..

ඔව් ඒ තමයි ස්පොන්ස ..එයා මේක බාරගන්නෙ ඔයා අවුරුද්දක් එයා ලග ,එයාලගෙ කම්පැනි එකෙ මීඩීයා වැඩවලට පෙනී හිටියොත් විතරලු..

මේ මොන මගුලක්ද..ලොවම දන්න මා නොදන්න ඩී.එන්.එස්

ප්ලීස් සේයා

හැමදාම සේයාට වැරදෙන තැන..තව කෙනෙක්ගෙ දුක බලන් ඉන්න බැරිකම ..මගෙ ඔෆිස් එකෙ ලොක්කා මන් ඉදිරියේ එයාගේ කම්පැනි එකම ලන්සු තියලා බේරගන්න කියනවා..දැන් මන් මොකෝ කරන්නෙ

මන් දන්නෙ නෑ මේකේ මොන මොනා ලියලා තියෙනවද කියලා..ඕන දෙයක් මන් සයින් කලා..වරදින්න හරි හරියන්න හරි..

තැන්ක් යූ සේයෝ..බය වෙන්න එපා..නරකක් කරන්නෙ නෑ මන්..කිසිම දාක..

හ්ම්ම් හා

මටත් ඉතින් වෙන්නෙ මොකක් හරි පිස්සු වැඩක් සෙට් වෙන එක තමයි ..මොකක්ද මේ ඩී එන් එස් කියන එකාට මාවම ගන්න තියෙන පිස්සුව..මන් අතින් මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවද දන්නෑ පෙර ආත්මෙකදි වත්..අහු වෙද්දෙන්කෝ ඩී එන් එස්..

මන් කරවනවා එයාගේ ඩී එන් ඒ වෙනස් වෙන්නම..

මොකො

ඩබලා ඉතින් ඕනී එකටයි එපා එකටයි දෙකටම හොට දානවා..දැන් කියන්නැයි බොස් මට නොවැද වැන්දා කියලා..

ඕන් ඩබලෝ දැන්ම මගෙ සයින් එක අරන් තියාගන්න හරිය..මන් ඉස්සරහට බෙස්ට් ඇක්ට අවෝඩ් එක ගන්නවා ආයේ දෙකක් නෑ

අප්පද බොල ඒකත් ඒමද..ප්ලීස් ප්ලීස් ඔටෝගැප්ස් ප්ලීස්..

ඩබලා එයාගේ ශර්ට් එකේ උඩ බොත්තම් ගලෝලා පපුව පෙන්නුවා..

මන් ඔතන සයින් කරාම ග්‍ර්ල් ෆ්‍රෙන්ඩ් දේවී පලු ගැලවෙන්ඩ..

එහෙම එකෙක් නෑ බන්..ඒකටනෙ මේ දත කන්නෙ..අවුරුදු හතරක් තිස්සෙ..කට්ට කන්නෙ..

මොකක්..

මුකුත් නෑ..මෝඩී..

නැ.නෑ කියන්න ගිහින් ගිලපු දේ කියනවා..

මුකුත් නෑ බබී..බඩුවක් අහන්නම්ද

හ්ම්ම්

ඔයා ආදරෙ කරලම නැද්ද..

මන් කල්පනා කරන්න පටන් ගත්තා..මන් ආදරෙ කරලම නැද්ද..තාම ආදරෙ කරනවා..

කියනවකෝ

අනින් නැතුව ඉන්නවකෝ..

බබී මම් සිරා කීවෙ ඉස්සෙල්ලා ..ආදරෙයි ගොඩක් මන්..

ඩ් ඩබ..මොක..

ඔව් බබී ආදරෙයි මන්..අද නෙමී.ඔයා දැක්ක මුල් දවසෙ ඉදලා ඇති උනු ආදරයක්..මට බෑ කීවට නම් කමක් නෑ..ඒත් මගෙ යාලූකම නැති කරන්න එපා බබී..ඔයා මේ ටිකේ අමුතුයි..අනෙ ඇයි..

හොද යාලුවෙක්ට කිසිම දෙයක් හන්ගන්න බැ කියන්නෙ ඕක තමයි ..

ඩබියෝ මන් කෙනෙක්ට ආදරෙයි ..තාමත් ආදරෙයි

ඌ ඔයාව මග ඇරියද..කෝ ඌ

නෑ මට මග ඇරුනා..මගෙ නොසැලකිලිමත් කමින් මග ඇරුනා..එයා මට ආදරෙයි කියලා මන් දැනගත්තෙ අවුරුදු හතරකට පස්සෙ..දැන් එයා කොයි ඉන්නවද මන් දන්නෙ නෑ..පෝන් නම්බ එකක් විතරයි තියෙන්නෙ ..ඒකත් එයාගෙද දන්නෙ නැ..

අප්පො මෝඩී පෝන් නම්බ එකක් තියෙනවා නම් හොයාගන්ඩද බැරි මෝඩී..ඕකෙන් බලනවකෝ..වයිබ ඉමෝ ඉන්නවද කියලා ්

කිව්වත් වගේ මට ඒක කල්පනා නොවුනු හැටි..මේ ඩබල් පැටියට නම් දෙන්නි ඕනී කෙසෙල් ඇවරියක්ම..

ඩබලෝ

ම්ම්

තරහද

අනෙ නෑ..ඔයා මගෙ ෆිට් එක..ඔයාට ඕනී හෙල්ප් එකක් දෙනවා..ඕකේ..අපි හොයාගමූ..

ෆිට් තමා…

ඩබලා ගියාට පස්සෙ මන් පෝන් එකේ ඩේටා ඔන් කරලා වයිබ එකේ කන්ටැක්ස් බැලුවා..අහ් මේ ඉන්නෙ..ඔන්ලයින් ඉන්නවා..වාව් වාව් වාව්..

එකපාරටම මන් කවුද කියලා කියනවද ඒමත් නැත්තම් ..මට ඒ කටහඩ අහන්න ආසයි..ඒත් දැනටමත් එයා කාගේ හරි නම්..

මන් ගන්නෙ නෑ..ගෙදර ගිහින් අයියගෙ පෝන් එකෙන් කෝල් එකක් දාලා බලනවා..හිත කියන්නෙම කෝල් එකක් ගන්නමයි කියලා..ඒත් මගේ හිත පෑරෙන දෙයක් සිද්ද උනොත්..මට ඒක දරාගන්න බැරි වෙයි..

මගේ කල්පනා ලොව මල් වනේ බිදලා දාන්න දුන්නක් අරන් ආව දඩයක්කාරයෙක් වගේ ආයෙමත් ඔලුව දැම්මෙ චින්තක ..ඒ පාර මොකෝ

ඇයි

හිරු කියේශන්ස් එකෙන් ඇවිත්..අපේ ප්‍රින්සස්ව බලන්න ..

මල වදයක් උනානේ..හා එන්න කියන්න

ගුඩ් ඊවිනින් මිස්..

ගුඩ් ඊවිනින්

මිස් හෙට අපි අර වැඩෙ කරමු එහෙනම්

මොන වැඩේද

ඊයේ කතා කරගත්තූ වැඩේ..

හා අනේ හා..හෙට වැඩෙ හෙට කතා කරමු..මන් කැමත්ත දුන්නනී..

හා..මිස් මේ ඇදුම් හෙට අදින ඒවා..එතකොට මේ පේමන්ට් එක..වැඩෙ ඉවර කලාම ඉතුරු පේමන්ට් එක..

හ්ම්ම්

මේක අපේ ක්ලයන්ට් ගෙන් මිස්ට..එහෙනම් හෙට උදේ හතට අපි එනවා මිස්ව ගන්න ගෙදර

හ්ම්ම්..

කට්ටිය ගියාට පස්සෙ මන් මගේ ආම්පන්න ටික සයිඩ් බෑග් එකට දා ගත්තා..අහ් තව පොඩ්ඩෙන් ඇදුම් ටික අමතක වෙනවා..එතකොට චෙක් එක..පනස් දාහක් ඇඩ්වාන්ස්..මෙච්චර ..තව මොනාද මේ එවලා තියෙන්නෙ ..මේ ලොකු පාර්සලේ ..

චොක්ලට් ,අහ් චොකලට් ,එතකොට මේ බුක්ස්..තව පුන්චි චිට් එකක්

this for you
my little fairy..

dns..

අයියෝ මට නම් පිස්සු වගේ කවුද මේ ඩී එන් එස්..මන් ආස දේවල් මට එවන,මාවම ඕන කියන,මට බලෙන් සල්ලි දෙන

dns???????????????

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *