32

##නිම්හිම් සේයා##
32 ,,,,,ඔලුවත් එක්ක පුපුරන්න එන්වා ඇයි දෙයියනෙ එසෙ මෙසේ දුරක් යැයි අව්වෙ දුවන් ආවෙ..හම්මෙ ඉතින්..කකුල් රිදෙනවා හොදටම ..දෙනෙත් අයියා ඩ්‍ර්‍යිව් කරන ගමන් මන් දිහාම සැරින් සැරෙ බල බල යනවා..ඔලුව අත ගානවා..ඒ ගමන්ම මොනා හරිත් කල්පනාත් කරනවා..මන් ඒ මුන දිහා බලන් උන්නා..
ලියන්න පුලුවන් කවි සීයක් උනත්..මගෙ ජීවිතෙ මගෙ ආදරෙ මගෙ දෙනෙත්..දෙනෙතෙ ඇදුනු සේයා…
මොකො මැට්ටි ම්ම්..මාව කන්නද හදන්නෙ..
නෑ ගිලලා දාන්න…
ගිලි තමයි මෝඩී..තව චුට්ටක් පරක්කු උනානම්..ඔහොමත් ගොන් වැඩ කරනවද..අරූ ලග ඔයාගෙ පෝන් එක නෙද..පොටොස් තිබ්බද
ම්ම් ටිකක්..ඒත් ඒවා කොහොමත් ඉන්ටර්නෙට් එකෙ තියෙන ඒවා..ශූටින් කරද්දි ගත්ත ඒවා..
වෙන
වෙන මුකුත් නෑ..
හ්ම්ම් ඔය බල්ලට ඕකත් ඇති පලිගන්නවනම්..මගෙ මැනික පරිස්සමෙන් ඉන්න ඕනි හරිද..ගෙදර අය බය වෙලත් ඇති..හ්ම්ම් ඔන්න දැක්කනෙ කට්ටිය මිදුලෙ..
අම්මයි කේතුයි හොදටම අඩපු පාට පේනව්..තාත්තිත් අඩන්න ඔන්න මෙන්න වගෙ ආච්චම්ම වීල් චෙයා එකෙ..අහ්
කා එකෙන් බහින්න ලැබුනෙත් නෑ කට්ටියම මාව වට කර ගත්තා..මමත් ඒ ආදරනීයයන්ගෙ උනුසුමට එකතු උනා..
කට්ටිය ඉස්සරහ සේරම විස්තර කියන්නම පැයකට වඩා ගියා…ඔක්කොමල්ලගෙ අවසාන තීරනේ උනේ මන් ගෙදරින් පිට යන එක වැරදියි කියලා..ආයෙ ඉතින් නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් කීවලු..ඔන්න කට්ටිය එකතු වෙලා ටීවී කිරිල්ලිගෙ තටු කපලා දැම්මා..අනෙ සේයෝ…
රෑටත් කාලා දෙනෙත් අයියා ගෙදරින් යද්දි දහයත් පහු උනා..මෙහෙම්ම එයාව තියාගන්නම තිබුනනම්..එහෙනම් ..හී ඕන්නෑ ..සේයා හොද ලමයා..
රෑ මැද ඇහරිලා හීනෙනුත් පෙවුනෙ මන් මිහිරාන්ගෙන් බේරෙන්න දුවපු දිවිල්ල..ඇත්තටම අහ්හු උනා නම් අද සේයට මොනා වෙලා තියේවිද..
එහෙම්ම කල්පනා කර කර ඉදලා දන්නෙම නැතුව මට නින්ද ගියා..
දැන් මන් ගේ ඇතුලෙ හිර වෙලා සතියක් විතර එපා වෙනවා අයියො කොහොමද ඉතින් එකම තැනක හිර වෙලා ඉන්නෙ..තව දවස් දෙකකින් නඩුවත් කතා කරනවා..ඒක බලන්නවත් මාව එක්කරන් යයිද මන්දා…
කේතුයි අයියයි ලමයි දෙන්නයි කේතූලාගෙ ගෙදර ගියා..අද ලොකු නැන්දාගෙ මාමා නැථි වෙලා අවුරුද්දෙ දානෙ..ආච්චම්ම ගෙදර තනියෙන් දාලා යන්නත් බැරි නිසා නොගිහින්ම බැරි නිසා අම්මයි තාත්තයි දානෙ ගෙදර ගියා..දවල් නිස ඉතින් අවුලකුත් නෑනී..
ඉන්න බෑ පුදුම පාලුවක් තියෙන්නෙ..ඉස්සර වගෙ ආච්චම්ම කෙලින් කටින් උන්නනම් පොඩි විහුලුවක් හරි කරලා ඉන්න තිබුනා..ඒත් ඉතින් දැන් විහිලු කරන්න ගිහින් ආච්චම්ම නිවන් යාවි..එතකොට හොල්මනක් වෙලා මගෙ පස්සෙන් කැර්කේවී..
ටොමිසියත් වයසට ගිහින්..මා එක්ක ඩාන්ස් පාරක් දාන්නවත් කෙනෙක් නැ ක්.කම්මැලි කමට ටීවී එක දාගත්‍තා…හනෙ ඉතින් ඒකෙත් බලන්න කියලා මෙලො දෙයක් නෑ..
එක පැත්තක පබ්ලිස් සීයා ගමේ කොස් ඩෙවල් එකාක් හදද්දි අනිත් පැත්තෙ ශාන්තා මායාදුනෙ ආන්ටි චොප්සි එකක් හදනවා..බඩගින්නකුත් එන්වා..
කොහොමත් අම්මලා එද්දි රෑ වෙයි..ඉතින් ආච්චම්මට මටයි කන්න රයිස් කුකර් එකේ බත් ටිකක් උයා ගත්තා..ගෝවා කොල සම්බෝල හදලා අල කිරට හදල සැමන් ඊවා..අනෙ ඉතින් සේයා දැන් උයන්නත් දන්න්වනි..මතක් වෙනවා ඩීඑනෙස් ට පියාබන පීරීසී හදල දුන්නු හැටි..හික්ස්..වෙලාවක පියාබන පිරිසියාක් හදලා එකේ නැගාලා යන්න් ඕනී ලෝකේ වටේ රවුමක්..
නාගෙන ආච්චම්මට බතුත් කවලා දෙකාමාරට විතර මමත් බත් එකක් බෙදන් සාලේට ආව..තනියෙන් කන්නත් කම්මැලී..
පලවෙනි බත් කට අනද්දිම ගෙදර බෙල් එක රින් උනා..
කවුද අනෙ රින් කරලා ගෙදරට එන්න ඉන්න කෙනා..අම්මියි තාත්තියි මෙච්චර ඉක්මනට එන්න විදියක් නෑ..ටොම්සිත් බිරුවෙ නැත්තෙ අදුරන කෙනෙක් නිසා වෙන්න ඇති..හ්ම්ම්
ගිහින් මන් දොර ඇරියා..
කලු පාට ඩෙනිමට නිල් ශර්ට් එකක් ඇදන් මට පිටුපාලා හිටන් ඉන්න කෙනා කවුද මේ..
අහ් දෙවියනෙ ..
දෙනෙත් අයියා ඔයා..මේ වෙලාවෙ
ඔව් මන් තමයි එන්න බැරිද
ඒත් තාත්ති ..
හා ඒ කියන්නෙ යන්න කියලානෙ හ්ම්ම් යනවා..
දෙනෙත් අයියා එහෙම්ම ආපහු යන්න හැදුවා..මන් දුවලා ගිහින් ඒ අත අල්ල ගත්තා..එයා මගෙ අත ගැසුවා..තරහෙම් මූන නාලූ කරන් ඉන්න ලස්සන …
සොරි එන්න..ඒත් ගෙදර කවුරුත් නෑ බබො..තාත්තා එපා කීලනි තියෙන්නෙ ඒ නිසයි එහෙම කීවෙ..සොරි..
හ්ම්ම්
හ්ම්ම් නෙමී හා…
දැන් මන් ඒ අත් දෙකම මගෙ අත් දෙකින් අල්ල ගත්තා..හිත පුරා මගෙ මැට්ටව බැලුවා..නොදැක උන්නු සතියෙට මෙයා ටිකක් සුදුත් වෙලා..මට හොලෙන් කීම් ගානාද කොයිද..තාමත් චුට්ටක් තරහින් වගෙ…
මන් ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඒ නලලට පුන්චි හාදුවක් දුන්නා..ඒ අත් මගෙ බද වටෙ යන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ..ටිකෙන් ටික ඒ තොල් මගෙ දිහාට ලන් වෙනවා වගේ…මම් ඇස් පියා ගත්තා…
ආව්…
මෝඩී කවුරුත් නැති වෙලේ එන්වා මෙතන මාව කිස් කරන්න …ආවෙ මෝඩිව බලලා යන්න …දැක්කෙ නැති නිසා…අම්මේ මෙයා මගෙත් සිල් බිදිනවා..ඇස් පියා ගත්තු ලස්සන ..
හපො වස ලැජ්ජාව ඉතින්..හුම් හුම් හුම්..
හරි හරි…ඔන්න අපි ඈතට ගියා..
හරි මගෙ මැට්ටියෙ..කවුරුත් නැති වෙලේ ගෙදර ඇවිත් ඔයා කිස් කරන්න ඕනීනම් ඒ ටික මන් කරන්නෙ අවුරුදු හතරකට කලින්..ඒ නන් දැන් මෙයා ඉදියි ලමයි පහකුත් එක්ක…
මොකක් ඒ කොහොමද ..අවුරුදු හතරට ලමයි පහක්..
ඇයි මෝඩී පලවෙනි පාර දෙන්නයි දෙවනි පාර එක්කෙනයි ආයෙත් තුන්වෙනි පාර දෙන්නයි තේරුනාද..
හ්ම්ම්..ඒ උනාට මන් දෙන්නෙ එක්කෙනයි
ඒවා කොහෙද ඉතින් මන් එක්ක..නඩුව ඉවර වෙච්චි ගමන් මෝඩී මගෙ හරිද…
ඇත්තටම
නෑ බොරුවට
අයියා දැන් අම්මිලා ආවොත් මොකො කියන්නෙ
බයවෙන්න දෙයක් නෑ තාත්තගෙ පර්මිශන් අරන් ආවෙ ඔයත් තනියෙන් නිසා යන්න කීවා මට…
ඒමද..
ඔව්..
හරි යන් ගෙට…
මන් දෙනෙත් අයියගෙ අතින් අල්ලන්ම ගේ ඇතුලට ආවා..
ඉතින් මොනාද බොන්නෙ..ම්ම්
අම්මෙ මුකුත්ම එපා අනිත්දට නඩුවට යන්න ඕනී මට මතකයිනෙ එක්කෙනෙක් පියාබන පිරිසි හැදුවා..අනෙ අම්මෙ මේන් වැන්දා මුකුත් එපා..ඉන්නකො මන් පීට්සා ඕඩ කරන්නම්..
පෝන් එක අරන් ඔබන ගමන් දෙනෙත් අයියා අරුම පුදුම දෙයක් දැක්කා වගෙ මේන් බලන් ඉන්නවා…
මොකෝ
අර මේසේ උඩ
මොකක්ද
බත්..ඔයා ..අම්මි උයලද ගියෙ
නෑ…
ඒනම්..
මන් ඉව්වා…
හෑ…
ඔය කට වහනවා මෝඩයො මැස්සො යයි මන් තමයි ඊවේ..
අප්පට සිරි…බයෙත් බෑ…
කනවද..
මට එපො..
එක කටක්..මන් වෙනුවෙන් පීස්
හ්ම්ම්
හරි හරි මැට්ටි කීන හින්දම කන්නම්කො..හැබයි ඩෙටෝල් දාලා අත හෝදන් එන්න ඕනී..අප්පෙ විශබීජ ඇති කෝටී ගානක
අනෙ යනවා..
ආයෙමත් අත සෝදන් ඇවිත් බත් එක ඇනුවා..ම්ම්ම්..
ඔන්න..
පලවෙනි කට එයාට කැව්වා..මූන වෙනස් උනා..මොන විදියෙ රසක් දැනෙන්න ඇත්ද..ම්ම්..ඒ පාර කදුලුත් පියා ගත්තා
මොකෝ
අම්මා මතක් උනා සේයා
ඒ ඇයි
අම්මා උයපු බත් වගෙ රසයි..බොරු නේද මගෙ මැට්ටියා නෙමී නේද ඉව්වෙ..
මන් තමයි ..
ඇත්තටම ඇත්තටමද
ඔව් ඔව් ඔව්..මැට්ටා
රසයි කෙල්ලෙ ඇත්තමයි දැන් නම් ඔන්න මගෙ ඒ හීනෙත් හරි
ඒ මොකක්ද
මගෙ හීනයක් තිබ්බා කවදා හරි ගෑනිට කියලා රසට උයන් කන්න..හිතුවෙ හැමදාම පියාබන පිරිසි කන්න වෙයි කියලා..ඒත් දැන් ඒකත් හරි
ඔයා හොද නෑ විහිලු ඉතින්
නෑ මැට්ටි නෑ කෝ කවන්න
ම්ම්ම්..
රසට අනලා කටවල් පහක් කැවුවා..දැන් මට මෙයාට පුන්චි විහිලුවක් කරන්න හිතයි..බත් එකට දාලා ඇනුවා කොච්චි මිරිස් කරලක්..හික්ස්..සොලියෝ ඉතින්..ඉදලා හිටලා මේ වගෙ හිරිහැරයක් කලෙ නැත්තම් සේයට නින්ද යන්නෙ නෑ නී..පෝන් එක ඔබ ඔබා උන්නු නිසා එයාට ගානක් උනෙත් නෑ..
ස්ස්ස්ස්ස්සහ්..අම්මො සැර..දැවිල්ලයි මැට්ටි අයියො…
දෙනෙත් අයියා දුවනවා වතුර හොය හොයා දැන් නම් දුකත් එක්ක හී ඉතින්…
වතුර වීදුරුවක්ම බීලා ඒ මදිවට සීනීත් කාලා දෙනෙත් අයියා මට රවනවා
මොකෝ
මොකෝ තමයි මරු මෝඩී ඉන්නවකො
ඇයි..ඒක බත් එකෙ තිවුනෙ..
හනෙ යනවා හිතලමයි කැව්වෙ…ඔහොම ඉන්නවකො
.
දෙනෙත් අයියා එයාගෙ අත් වලින් මාව ඇදලා ගත්තා..මාව ඒ පපුවට හිර කර ගත්තා..තොල් දෙකෙ ලස්සනට ඇගිලි තුඩෙන් රටා ඇදලා එයාගෙ තොල් ලන් කලා..මන් ඇස් පියා ගත්තා..එකයි දෙකායි තුනයි ඩෝන්…
ඕන් ඉතින් දෙවනි පාරටත් ..දෙනෙත් අයියගෙ පෝන් එක රින්ග් උනා..එයා සොරි කියලා පෝන් එකට ආන්ස කලා..ටිකකින් ඒ මූන තවත් කලු උනා..මාව ලිහිල් උනා..නල්ලට හයියෙන් ගහගත්තු එයා ..බිත්තියට හයියෙන් පාරක් ගැහුවා..ශිට්
ඇයි අයියෙ…
ලෝයර්
ඔව් ලෝයර් මොකෝ
ඇක්සිඩන්ට් වෙලා නන්ගි..ඔෆිස් එක ඉස්සරහම
ඉතින් අනෙ එතකොට ..ඒත් අයියා එයාට මොකද
හුම්ම්..එතනම…
මොනවා
අනෙ දෙවියනෙ නඩුවට තව දවස් දෙකයි…අනේ
(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *