35
##නිම්හිම් සේයා##
35
මේ දැනෙන හැගුමන් කොහොම වචන කරන්නද කියලා මට නම් තේරෙන්නෙම නෑ..අපි අපේ වෙන දවස වැඩි ඈතක නෑ..හැම දෙයක්ම එකින් එක මතකෙට එනවා..ගෙවුනු හැම තත්පරයක්ම,ගෙවෙන හැම තත්පරයක්ම අලුත් හීන හිතට ගෙනත් දෙනවා…
මට මතකයි මුලින්ම ඒ ඇස් දැක්ක දවස,,ඒ නිල් ඇස් ලග මගෙ හිත නතර උන්නු හැටි.අපේ ඇස් කතා කල හැටි..එයා ලග උන්නු ඒ දවස් හතර අම්මා කෙනෙක් වගෙ මම් එයා ගැන වද උනු හැටි..ම්ම් තාමත් එයා ඇදන් උන්නු අයියගෙ ඇදුම් මගෙ අල්මාරියෙ කොනක සුවද ගගහා හැන්ගිලා ඉන්නවා..අපෙ අයියා ඒ ඇදුම් හොයද්දි මන් මුකුත් නොදන්න ගානට උන්නු හැටි..අයියා කෑ ගගහා ඉද්දි කෑම කකා උන්නු මට ඉස්පොල්ලෙත් ගිහින් තාත්ති දඩාන් ගාලා පාරක් දුන්නා හොදටෝම මතකයි…
අවුරුදු හතරක් දෙනෙත් අයියගෙන් පනිවිඩයක් ලැබෙනකම් මන් කොච්චර නම් වද උනාද..ජනේලේ ලගට වෙලා මහ රෑ කීයක් නම් සුසුම් හෙලුවද..පෝන් එක අතේ තියන් කී දවසක් හීල්ලුවද..
එදා ටෙඩි බෙයාගෙ අස්සෙන් ඒ ලියුම ලැබුනු දා මගෙ හිත සතුටු වුනු තරම්..එකෙන් පස්සෙ මම් හිත කොච්චර රිද්දෝ ගත්තද අනන් මනන් හිතලම..
උපන් දිනෙ දවසෙ ඒ නිල් ඇස් ආයෙමත් හම්බුනාම මම් ඒ නිලැස් එක්ක කොච්චර නම් දොඩමලු උනාද..
අපිට පරන දේවල් මග අවුරද්දි දෙනෙත් අයියටත් වඩා ඒ ගැන වද වෙලා මන් කරපු වීර වැඩ..හම්මෙ සමහර දේවල් මතක් වෙද්දිත් ඇගත් එක්ක හිරි වැට්ටෙනවා..
ජීවීතේට අරමුනක් ලැබුනම අපි කොච්චර නම් වෙනස් වෙනවද..අලුත් විදියට හිතන්න ගන්නවද…
දගකාර කටකාර මුරන්ඩු සේයා මේ උදේ පාන්දර නැගිටලා එයාගෙ හිත අකුරු කරන්නෙ ජීවීතේම වෙනස් කරපු ඒ ලස්සන සොදුරු හැගීම නිසා නෙමීද..
තව දවස් තුනකින් සේයා නිම්නාදී ජයසිංහ ..සේයා නිම්නාදී ජයසුන්දර වේවී…ම්ම්ම්..හීන ලෝකෙක අතරමන් වෙලා වගෙ අපූරු හැගුමක් හිත පුරාම ලැගුම් අරගෙන..ලියන්න පුලුවන් කවි පොතක් පිරෙන්න කවි…
මතු සම්බන්දයි..