36

##නිම්හිම් සේයා##
36
නීවී සැනහුනු
පේමයක් ලග
අකුරු කරනෙමි
ජීවිතයම මම…
අද වෙඩින් එකට කලින් දවස .තව පැය කීපයකින් හෙට දවස උදා වේවි..ඉදින් මන් ඔහුගේම වේවි..
දුකකුත් නැතුවා නෙමි..ගෙදර උන්නු පුන්චි දගකාරි..අදින් පස්සෙ එයාගෙ ලෝකෙට යනවා..අම්මා,තාත්ති ,අයියා,ආච්චම්ම ,කේතු ,සුදු බෝලයෝ ,ටොම්සි මේ සේරමල්ලා අතෑරලා..හ්ම්ම් ඉතින් ..ආසයි වගේම දුකයි..
අලුත්ම ලෝකයක්..නැවුම් බවක්..කෝල බවක් හිත පුරාම වෙලිලා..බයයි අලුත් ජීවීතේ මාව ,කොයි විදියට බාර ගනිවිද…
ගොඩක් බිසී ඉතින් ..එක පැත්තකින් කැවුම් කොකිස් ඉදෙන සුවද.තව පැත්තකින් නෑදෑයන්ගෙ කසු කුසු..අම්මි,තාත්ති ,අයියා සැරින් සැරෙ හොරෙන් කාමරේට එබිලා හොරෙන් සුසුම් හෙලනවා..මමත් ආයෙමත් පුන්චි කාලේ වගෙ තාත්තිගෙ සරම් ඔන්චිල්ලාවෙ පැද්දෙන්න ඇත්නම් කියලා හිතෙනවා ..අම්මිගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන මුදුවට හිසකෙ අතගාන්න කියන්න හිතෙනවා ,,අයියා බබා එක්ක හෑන්ඩ් ෆයිට් එකක් තියලා රන්ඩු කරන්න හිතෙනවා ..මෙච්චර කල් මන් කරපු හැම දග වැඩකටම සමාව ඉල්ලලා ආච්චම්ම ලග අඩන්න හිතෙනවා ..අනෙ ටොම්සියො ඔයයි මායි ආයෙ කවදා ඩාන්ස් කරන්නද…
දෙනෙත් අයියා මගෙ තමයි ..මගෙම තමයි ඒත් හෙට ඉදන් මම් එයාගෙ බිරිද..මගෙ දගකාරකම්,අඩුපාඩුකම් එයා ඉවසාවිද…
=======
ඒයි ඒයි මේන් එක්කෙනෙක් සයිලන්ට් වෙලා අන්න කට්ටිය ඇවිත්…
හුටා අද කෑදර පාටිය..ඒ කියන්නෙ වෙඩින් එකට කලින් දවසෙ මනමාලිගෙ ගෙදරින් මනමාලයාට දෙන අන්තිම බෝජන සන්ග්‍රහය…ඉස්සර කාලෙ නම් මේ විදියට කලේ බදින්න කලින් දා මනමාලි ගෙදර ඉන්නවද බලන්නලූ…ඇත්තටම මන් දැන් ඉන්න විදිය මේ මෝඩයා දැක්කොත් බය වේවි…
ටීශර්ට් එකයි.කොට ඩෙනිමයි .ඇදන් ඇදට වෙලා නිදාන උන්නෙ.මූහූනට දාපූ පේශ් පැක් එකත් එක්ක…ඇස් දෙකට පිපින්‍යා පෙති දෙකකුත් තියන්…
මෙහෙම ගිහින් බය කරන්න හිතයි…ඒත් මෙච්චර කල් දෙනෙත් අයියා ඉස්සරහ නිදහසෙ උන්නු සේයාට අද අමුතු ලෙඩක් ඇවිත්…ලැජ්ජා බය..හයියෝ සන්සාරෙ…ඔන්න ඉතින් අවුරුදු විසි හතරටම මේ ලේඩේ හැදුනමයි ඕන්…
මෙහෙම ගිහින් කට්ටියව ස්ප්‍ර්‍යිස් කරන්න හිතෙනවා ..හික්ස්..ඒත් බෑනෙ කොල්ලොද බල්ලොද නෑයොද ,නොනෑයොද ඔක්කොමල්ලා අපෙ ගෙදර පිරිලා..
දිග නිල්පාට ගවුමට රෝස පාටින් අත් දිගට දාලා තියෙන්නෙ ..ඒකත් ඇදන් කොන්ඩෙ ඉස්මුදුනට කරලා ගෙඩියක් බැදලා මන් එලියට ගියා..
මෙයාලා මිදුලේ පොඩි පාටි එකක් වගෙ…ලොකු අයියලා දෙන්නා,අපෙ අයියා,ශේන් අයියා ,ඩබලා ඒ වගේම මගෙ නිල් ඇස්..
කවදාවත්ම නොදැනුනු කෝල බවක් හිතට දැනෙනවා..අද ඉස්සෙල්ලම මෙයාලව දැක්කා වගෙ නිකම්..
ටිකක් කාලා බීලා ඉවර වෙනකම් මම කේතු එක්ක පාඩුවෙ ඉදන් උන්නා..ඒත් මගෙ ඇස්..ඒ නිල් ඇස් දහස් වාරයක් එකිනෙකාව ගැටෙන්න ඇති..ඒ ඇස් වල තිබුනෙ ලෝබකම පිරුනු ආශාවක්..
මගෙ පැත්තෙන් ඔක්කොම උන්නෙ කොල්ලො නිසා මට බර්‍යිඩ් මේඩ්ස් කෙනෙක් නෑ..ශේන් අයියා .ඩබලා..සුදු බෝලයෝ දෙන්නා මගෙ gruop එක..මන් නම් කැමති මගෙ ආදර ටොම්සියවත් ගන්න ඒත් ඉතින් පොටො වලට බෑනේ..
සේරම කාලා බීලා ඉවර වෙලා මිදුලේ ලොකු පැදුරක් එලාගෙන ඉදගත්තා..ඩෝල ගහලා සින්දු කියන්නයි ඕන් ලෑස්තිය..වෙනදා නම් සේයා බබා දානවා කජු කිරි ශිවන්‍යා ඩාන්ස් එකක්..හී හී අද ඉතින් තැන්පත් විශාකා මන්..
අම්මිගෙ උරහිසට ඔලුව තියාන මන් ඒ නිල් ඇස් දිහා බලන් උන්නා…
ම්ම්..මගෙ ආදර සේයා මැනිකගෙන්ද,හෙට ඉදලා මට සේයත් එක්කම හම්බෙන තාත්ති ,අම්මි ,,අයියා ,කේතු නන්ගි,සුදු බෝලයො ආච්චම්ම ,,ඒ වගෙම සේයගෙ ලොකු අයියලා ,නෑදෑයො..ම්ම් සේයගෙ ෆිට් එක නේතක මල්ලි,ඒ වගෙම දුකට සැපට හැම එකකටම මා එක්ක උන්නු මගෙ බොකු ශේනා මේ හැමෝගෙන්ම අවසරයි..අද මන් මේක කියන්නම ඕනී කියලා හිතුවා..මේ රහස..ම්ම් කිසිම කෙනෙක් මා ගැන වැරදියට නොහිතාවි කියලා හිතනවා..
හැමෝම නිකන් අන්දුන් කුන්දුන් උනා..මෝකො දෙනෙත් අයියට පිස්සු වත් හැදීගෙන එනවද..මෙච්චර කල් නඩුවක් නිසා යම්තම් දුක් ගැහට විදලා බේරුනා..මේන් මෙයා ලග තවත් රහසක්..හ්ම්ම්..මොනාද මෙයා කියන්න යන්නෙ
රට උන්නු කාලෙ සුද්දියෙක් එක්කවත් පොඩි මෙව්වා එකක්..හහ් ඒවා කොහිද..ටොම්සියව දම්මලා ගස්සන්නෙ..
මන් වගෙම හැමෝටෝම පුදුමයක් මෙයා මොකක්ද මේ කියන්න යන්නෙ කියලා ..
ම්ම් මේක පටන් ගන්නෙ අවුරුදු හතරකට කලින්..මාව අප්පච්චි මැරුවා කියලා අත් අඩන්ගුවට ගත්තම මට හිතා ගන්න බැරි උනා..ඇයි දෙවියනෙ හිතකවත් තිබුනු දෙයක්ද..ඉතින් කටුනායක එයාපෝට් එකෙදි මගෙ අතට මාන්චු දැම්මම මට ඉවසුම් නැතිව ගියා..ටිකක් මගකට එනකම් මොනා කරන්න්ද කියලා හැගීමක් දැනුන්නෙ නෑ ඒත් මේ හරියෙදි හිතුනෙම පනින්න..එහෙම හිතන් වෙලාවක් බලලා පැනගත්තා..බස් එකෙ ටික දුරක් ඇවිත් මේ ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්සා..ම්ම් දැක්කෙ මේ ගේ..ලස්සන ගෙයක්..ඉස්සරහ දොර ඇරලා තිවුනත් මගෙ අතෙ මාන්චූ දැකලා ගෙදර අය බය වේවී කියලා අතන පේර ගහෙ මුදුනට ගිහින් මේ ඉස්සරහම තියෙන කාමරෙ බැල්කනියට පැන්නා..බැලු බැල්මට පුන්චි එකෙක්ගෙ වගෙ තිවුනු කාමරෙ ඉන්නෙ මොකාද කියලා හොයලා බලන්නෙ නැතුවම රූම් එකෙ ඇද යටට රින්ගුවා..මගෙ වාසනාවට කිසිම කෙනෙක් ආව නැති නිසා නිවී සැනසිල්ලෙ මාන්චු ගලෝගෙන බයයි..මහන්සියයි එක්ක නින්ද ගියා.
රෑ ඇහුනා ලස්සන කටහඩක්..ගේ ඇතුලෙ පිරිමි කටහඩවල් ගෑනු කටහඩවල්..ඒ වගෙම පුන්චි නන්ගි කෙනෙක්ගෙ කට හඩකුත්..හ්ම්ම්..ටික වෙලාවකින් කාමරෙ දොර ඇරුනා..පිරිමි කෙනෙක් මොනාහරි උස්සන් අරන් ඇවිත් ඇද උඩින් තිබ්බා..පස්සෙ ලයිට් නිවලා යන්න ගියා..
සේරම සද්ද නැති වෙනකම් හැන්ගිලා උන්නා..බඩගිනි දෙයියනෙ..කන්න දෙයක් ඕනී කියලා හිතුනා..ඒත් ඔක්කොටම කලින් මේ කාමරෙ අයිති කාටද කියලා බලන්න ඕනි කියලා හිතුනා..
කාමරෙ ලයිට් දාන්න බයයි..ගෙදර අය ඇහරුනොත්..නිදියන් ඉන්න කෙනා ඇහරුනොත් මාව අල්ලලා දේවි..ඒ නිසා හිමින් සැරෙ පෝන් එකෙ ලයිට් එක ඇදට ඇල්ලුවා..
අනෙ දෙවියනෙ පුන්චි ලස්සන බෝනික්කියෙක් ඇදෙ ගුලිවෙලා නිදි..එයා සයිස් ලොකු ටෙඩි බේකුත් බදා ගෙන..ඉස්සෙල්ලම හිතුනෙ පොඩි ලමෙක් කියලා ඒත් පස්සෙ දැක්කා පුන්චි නන්ගි කෙනෙක්.අවුරුදු පහලවක් විතර කියලා ..පුදුම ලස්සනක් ..හිතුනා මට පුන්චි හාදුවක් දෙන්න..ඒත් ආයෙම ඒ ආපු සිතුවිල්ල ගැන මන් ලැජ්ජ උනා..මේ කෙල්ල හදිස්සියෙ වත් ඇහරුනොත් මම් ඉවරෙටම ඉවරයි..ඒත් ඇස් අහකට ගන්නම බෑ වගෙ..එදා රෑ ගොඩක් වෙලා ඒ පුන්චි බෝනික්කි දිහා බලන් උන්නා..ආයෙම හිතුනා මේ රූම් එකෙන් වෙන එහෙකට යන්න..ඒත් බෑ මේක හදලා තියෙන විදියට..
මගෙ හිතට මන් තරවටු කර ගත්තා..උබ ආවෙ කෙල්ලන්ගෙ ලස්සන බලන්න නෙමි හැන්ගෙන්න තැනක් හොයා ගන්න විතරයි කියලා..ඉතින් එදා රෑ බඩගින්නෙම නිදා ගත්තා..
ම්ම් ඔන්න පහුවෙනිදා ඒ පුන්චි නන්ගි මන් දැක්කා..ලස්සන පොඩ්ඩියෙක්..දගකාර මල්ලක් වගෙ..දවසෙන් බාගයක් රූම් එකෙ පිස්සු කෙලිනවා..රූම් එකෙන් ගියාම පාලුයි..මම් ඉතින් නිකම් ඉන්න කම්මැලි කමට ඒ නන්ගියගෙ රූම් එක පොඩ්ඩක් බැලුවා..ටෙඩිබෙයො ගොඩයි..ශා හැන්ගිලා ඉන්නත් මරු..ඒ වගෙම පොත් රාක්කයක්..පොත් ගුල්ලියෙක්ද කොහිද..පොත් නැති තැනක් නෑ..ඇද යටත් පොත් හැබයි ඒකනම් කෙල්ල ලියපු එකක් වගෙ..ආසවට පොත පෙරලලා බැලුවා..ම්ම් මුල්ම පිටුවෙ කවියක්..කවිකාරියක් වගෙ..සේයා නිම්නාදී ජයසිංහ ..මේ කෙල්ල හිතට එන ඔක්කොම කවියෙන් ලියලා..ඒකෙ කවි වල තිබ්බ විස්තර එක්ක ගෙදර සේරම..මේ කෙල්ලගෙ සිතුම් පැතුම් හැමදේම දැනුනා..අනෙ මේ වගෙ හුරතලියක් මගේම කරගන්න ලැබුනනම් කියලා ලෝබකමක්..ඒත් ආයෙම හිත තරවටු කලා..මොනාද මේ හැන්ගිලා ඉන්න නේද ආවෙ කියලා..

ඉතින් එදා තව පොඩ්ඩෙන් මාව අහු වෙනවා..මන් ඇද යට උන්නෙ..කෙල්ලගෙ පුන්චි කොන්ඩෙ මගෙ අතට අහු වුනා..මේක ඉතින් දග මල්ලක්නෙ..ඇදෙ උන්නට ජිම්නාස්ටික් දාලා බාගයක්ම ඇදෙන් බිම..කියවන කතා අහගෙන හිනාව තද කරන් උන්නෙ ගොඩක් අමාරුවෙම්.බඩගිනි ඒත් කරන්න දෙයක් නැස්..අහු වෙයි කියන බය..එදත් මන් බඩගින්නෙ..
ඊලග දවස කෙල්ලගෙ බර්ත් ඩේ එක..මන් සේරම උඩ ඉදන් බලාගෙන..මේ කෙල්ලට හැමෝම ආදරෙ පාටයි..මොන කෙනාද ඉතිම් මේ වගෙ ලස්සන හැඩකාර දගමල්ලකට ආදරෙ නොකරන්නෙ..ඇත්තමයි මගෙ අම්මි උන්නනම් මේ කෙල්ලව ගෙදර අරන් යන්න මට දෙනවද කියලා අහන්න තිබුනා..එදා මේ කට්ටියම කොයි හරි ගියා..හැබයි කෙල්ල කාමරෙ දොර ලොක් කරලා ගිය නිසා එලියට යන්න විදියක් නෑ..මන් එදා නිදහසෙ ශේනට කෝල් එකක් ගත්තා ඉන්න තැන කියලා කරන්න ඕන දේ කතා කරගත්තා..බඩගිනි ඉන්නම බෑ..ඇද යටට වෙලා නිදා ගත්ත..
ඔන්න ගොඩක් රෑ වෙලා කෙල්ල ආවා..මන් හිතම්නි තෑගි ගොඩකුත් එක්ක..කෙල්ල එකින් එක ඒවා බලන හැටි මන් ටෙඩි බෙයො ගොඩෙ ඉදන් බලන් උන්නා ඒ මූනෙ ඇති වෙන හැගීම් එකින් එක කියවන්න උත්සහා කලා..ඒ වෙලෙ ගොඩාක් රෑ වෙලා තිවුනෙ..ටෙඩියෙක්ගෙ බූලෙක් ගිහින්ද කොයිද නහය දනවා..හෙන අමාරුවෙන් නවත්තන් උන්නත් සද්දෙ පිට වුනා කෙල්ල බය උනාද මන්දා..ම්ම් ඉක්මනට ලයිට් නිවලා නිදා ගත්තා…
පැය බාගයක් විතර සද්දයක් නැතිව ගෙවුනා..මන් හිතුවෙ කෙල්ල නිදි කියලා ..ඉතිම් බඩගිනි..අද නම් කෙල්ල ගාව මොනා හරිම ඇති කියලා හිතන් නැගිට්ටා..වැරදිලා ඔලුව වැදුනා සීනුවෙ..ශිට් කෙල්ල දගලනවා..හැන්ගෙන්න ලැබුනෙත් නෑ..මෙන්න කෙල්ල ඇදෙ ඉදන්ම ලයිට්
ම්ම් කෙල්ල ඇදෙ ඉදන්ම පෝන් එකෙ ලයිට් එක ගැහුවා..කෑ ගහන්න කට හදනවා වගෙ දැනුනා..ඇග උඩට නැග්ගා..ඒත් කැත හිතකින් නෙමි..එහෙම කරනවනම් කලින් දවස් දෙකෙ මන් එහෙම කරනවා..කෑ ගහන්න බැරි වෙන්න කට වැහුවත් ඒ ඇස් කතා කරනවා..මගෙ ඇස් එක්ක..හ්ම්ම් චුට්ටක් ඉදලා අතෑරියා..මගෙන් ප්‍ර්ශ්න අහගෙන අහගෙන ගියා අම්මො බිබීසී එකෙන් බැහලා වගෙ..මන් බඩගිනිකිවම ඒ ඇස් කරුනාවෙන් අනුකම්පාවෙන් පිරුනා..මුකුත්ම නොකියා පහලට ගියාම ඇත්තටම බය හිතුනා..ඒත් පුන්චි විස්වාසයක් තිබුනා කෙල්ල එහෙම නොකරාවි කියලා..
මෙන්න විනාඩි පහලවකට පස්සෙ ආවා..මාව,හෙව්ව..මන් හැන්ගිලා උන්න..ම් අනෙ මගෙ අම්මා වගෙ මට කන්න ගෙනත්..පුන්චි ඩගකාරිට හිතකුත් තියෙනවා වගෙ කරුනාවන්ත..කාලා ටිකක් වෙලා කෙල්ලට කතාව කීවා..හිතන තරම් මෝඩ නෑ..ඇත්තටම ඒ ඇස් වල මන් ගැන විස්වාසයක් නෑ කියලා තේරුනා..පුදුමෙ කියන්නෙ එයා හිතපු හැමදේම මගෙ හිතට දැනුනා..මොකද ඒ කතා කරන ඇස්..ඒවා,මන් කියෙව්වා ..
මැට්ටි මට එයාගෙ බෙඩ් ශීට් එක දුන්නා..මට සතුටුයි..විශ්වාස තියන්න පුලුවන් කෙල්ලෙක්..හ්ම්ම් ඊලග ඩවස කෙල්ල මාව රැක්කෙ මගෙ අම්මා වගෙ .අදින්න ඇදුමක් නෑ කියලා දැකල අයියගෙ ඇදුම් ගෙනත් දුන්නා..හනෙ යට ඇදුමකුත්..මේ දගකාරිට මෙච්චර මොලයක්..ඇත්තමයි එදා තමයි මන් තීරනෙ කලෙ කවදාහරි මගෙ ජීවිතෙ මේ දගකාරි ආවොත් ආදරෙ දෙනවා පැලෙන්නම කියලා..එයාගෙ හිතෙ ඉන්න කොල්ලා ගැන එයා කීවම මාර සතුටක් දැනුනා..ශා ඒ සේරම මට තියෙනවා ..හැබයි මගෙ හිත කීවා දැන්ම හිත කියන්න යන්න එපා කෙල්ල වැරදියට හිතාවි කිය්ල..ඊලගට මන් කෙල්ලගෙ හිත බලන්න මගෙ කෙල්ල ගැන කීවා දැක්කා ඒවා අහලා කෙල්ලගෙ මූන නාලු වෙන හැටි..පපුවට අරන් තුරුල් කරගන්න හිතුනා..මෙන්න මෙයාට ඩෝන් ගිහින් මගෙ ඇග උඩට පැනලා ගැහුවා..හනෙ අම්මො ගිනි බෝම්බියක්..ආස හිතුනා තවත්…
ඊලග දවස මන් කෙල්ල ලග ඉන්න අන්තිම දවස..හිතට දුකයි ..මගෙ ඇගෙ කෑල්ලක් දාලා යනවා වගෙ ..ඊටත් හපන් කරන දේවල් ලෝබ කමෙ බෑ..මට ඇදුම් ගෙනල්ලා..අනෙ මගෙ අම්මා..වගෙ..මෙච්චර කරපු කෙල්ලට මගෙ හිත කියලා ඒ කරපු දේට ගරහන්නෙ නෑ කියලා හිතුවා..ඒත් නොකියා බෑ..හොරෙන් ලියලා දැම්මා..ඒක දැකලා මට කෝල් කරයි කියන විශ්වාසෙන්..
දවස් හතරක් මාව පරිස්සම් කරපු දේවතාවිට සමු දුන්නා ..ආව විදියටම..ඒත් මගෙ හිත තියලා ගියෙ..මන් වෙනුවෙන් බලන් උන්නොත් හැමදේම විසදන් සේයව ඉල්ලනවා කියලා හිතුවා..
හ්ම්ම් ඔන්න ඔකයි කෙටියෙන් රහස…
ඔක්කොම අහන් උන්නු කට්ටිය පුදුම වෙලා..ඩබලා නම් විසිල් පාරක් දැම්මා..දැන් ඔන්න අම්මි තාති මාව කන්න වගෙ බලනවා..
ම්ම් තාම ඉවර නෑ..අම්මෙ තාත්තෙ මන් එයාට කිසි වරදක් කලෙ නෑ..අපි කිසිම වරදක් කලෙ නෑ..මගෙ දේවතාවි මන් ආරක්ශා කලා..ඕන උන්නෙ නැස් අහින්සකීගෙ ජීවිතෙ කන්න..ආදරෙයි නම් මලක් වගෙ එයාව ඔයාලගෙ අවසරෙන් බලා ගන්න ඕන උනෙ .සමා වෙන්න හොරෙක් වගෙ ආවට..ඒත් ඔයාලගෙ මලට මන් මුකුත්ම කලෙ නැස්..මට එයාව ඔයාලගෙ අකමැත්තෙන් ගෙනියන්න තිබ්බා..ඒත් වැඩක් නෑ..මට කාත් කව්රුත් නෑ..මගෙ මැනිකව ඕන කලෙ ඔයාලත් එක්කමයි මන් ගොඩක් තාත්තිට ගරු කරනවා..අයියට..මගෙ සල්ලි දිහා නොබලා ඔයාලගෙ ගව්‍රවෙ ගැන හිතුවා..අනෙ තව කියන්න තේරෙන්නෙ නැස්..සමා දෙන්න හැමෝම මට..අම්මෙ තාත්තෙ අයියෙ..මන් ඔයාලගෙ චූටි මැනිකව මගෙ ඇස් වගෙ බලා ගන්නවා..ඒ මගෙ ජීවිතෙ මගෙ හයිය..එයත් එක්ක ඔයාලත් ඕනි සමා වෙන්න වරදක් උනානම්…
දෙනෙත් අයියා අඩනවා..මේ මමත්..මන් ගැන ඔච්චර ආදරයක් හිතෙ පුරවන් උන්නද.දෙවියනේ..
යකඩො මේ දෙන්නව කන්න එපැයි..මාර ගේමක් නෙ දීලා තියෙන්නෙ …
මේ ලොකු අයියා..
ඒකනි මෙච්චර උන්නු මටවත් කීවෙ නෑ ..
කේතුගෙන් දෝශාරෝපන…
මගෙ මැනික මට විස්වාසයි..
ඒ අච්චම්මා…
තාත්තා දෙනෙත් අයියව බදා ගත්තා..ඒ ඇස් වලත කදුලු..
පුතෙ…මට ඔයාලව විස්වාසයි..මගෙ කෙල්ලව වඩා ඔයා ගැන විස්වාසයක් ආවා..අදත් මේකි අපිට කීවෙ නෑ..පුතාවගෙ කෙනෙක් ලැබුනු එකට සතුටු වෙනව..හ්ම්ම්..මේ මගෙ පන..අපෙ ගෙදර ආලෝකෙ,,සතුට..මේකිගෙන් පුන්චි පුන්චි වැරදි වෙයි..උයන්න වත් හරිහමන් විදියට්ස් දන්නෙ නෑ..මගෙ දගකාරි,හුරතලි..හෙට ඉදන් අපෙ ගෙදර සතුට ඔයාට දෙනවා…
තාත්ති මාව අතින් අල්ලන් දෙනෙත් අයියට දුන්නා..අනෙ බෑ වාවන්නෙ නෑ මට..මම තාත්ති බදන් ඇඩුවා..ඉකි ගහලා ඇඩුවා…
හ්ම්ම් එදා කට්ටියගෙ උසුලු විහිලු මැද දොලහ වෙනව වත් දැනුනෙ නෑ..දෙනෙත් අයියව මෙහෙම්ම තියා ගන්නමයි හිතෙන්නෙ..තා පැය දෙකකින් අන්දන්නන්ත් එනවා..දෙනෙත් අයියා කට්ටිය එක්ක ගියා..හ්ම්ම්..
දුකයු අද මගෙ අම්මා තාත්තා එක්ක ඉන්න අන්තිම දවස..මන් ඒ දෙන්නා මැද්දෙන් නිදා ගත්තා..
ඉතින් හෙට වස්සානෙ පැමිනේවී…
කැදැල්ලෙ ඇති වූ කිරිල්ලි වගෙ
දෙමාපියන් සෙවනේ..
නිදැල්ලේ උන්නෙ මා විනෝදයෙන්
ලැබ අමෝද සහනෙ
මන්ගල නැකතින් පෙම්බරයෙකු හා
හෙට මා පිට වෙනවා..
ඒ ගැන හිතනා මොහොතක් පාසා
දෙනත පිරී යනවා….
—-මතු සම්බන්දයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *