37

##නිම්හිම් සේයා##
37
ආදරෙ වැඩිද මන්දා
හිත මගෙ රිදෙන හින්දා
පන මගෙ නුබම හින්දා
සිත මගෙ නුබට බැන්දා..
නුබට මන් ගැන දැනෙන තරමට
මටද නුඹ ගැන දැනෙනවා
…..
ම්ම්ම්..ජීවීතේ මේ තරම් සොදුරුයිද කියලා මේ දවස් තුනට කී පාරක් නම් හිතෙන්න ඇත්ද…ම්ම්ම්..මේ ඇටි කුකුලා තාම නිදි. දවල් කාලා දොයි ගත්ත ගමන්..නිදා ඉද්දි අහින්සක මුව පැට්ටෙක් වගෙ..ඒ වුනාට බලන්න ඕනී ඇහරන් උන්නම..හප්පෙ තියෙන දගයක්..ම්ම්ම්ම්
කම්මැලි මෙ මැට්ටා නිදියන් ඉද්දි.ඒත් ඇහරන්නත් ලෝබයි..බෙඩ්ශීට් එකට ගුලිවෙලා බුදියන් ඉන්න ලස්සන ..
මන් ජනේලෙ ලගට ගියා..වැහි බින්දු එකින් එක පොලවට වැටෙනවා..හීනීයට පටන් ගත්තු පොදේ පොලවට වැටෙන්නෙ තාච්චියෙ කැවුම් බැදෙනවා වගෙ…
ආසයි ගිහින් වැස්සට ඔලුව අල්ලන්න ..මෙයත් නිදි එකෙ යන්න ඕනී පොඩ්ඩක් ..හුග දවසකින් වැස්සෙ තෙමිලා නටන්න බැරි වුනා…ම්ම්ම්..
දාගෙන උන්නු හීන් පටි ස්ලිපර්ස් දෙක රූම් එකේම තියලා ජනේලෙන් මිදුලට පැන්නා..උදුපියලිය ගොන්නට වතුර පිරිලා නියමයි..දෙනෙත් අයියා ගාර්ඩ්න් එකේ ඉන්දෝලා තියෙන රෝස පාත්තියෙ පොකුරු පොකුරු රෝස පිපිලා..අපි එකතු වෙලා වැස්සෙ ඇති වෙනකම් නැටුවා…රෝස මල් සමගින් සේයා…
ඒයි මෝඩී මෙහෙ එනවා…අයියො මෙහෙමත් මැට්ටියෙක්..
අහ් දෙනෙත් ඇටිකුකුළා නැගිටලා…
බෑ බෑ තා චුට්ටකින් එන්නම්..
මෙන්න මෙහෙට එනවා මෝඩී…
බෑ බෑ බෑ
මන් පුන්චි එකෙක් වගෙ මුරන්ඩු වුනා…දග කරන්න වයසක් ඕනීද දෙයියනේ ..මේ මැට්ටා නම් වැස්සෙ නටනවා තියා හිරිකඩක් වත් වැදෙන්න තෙමිලා නැද්ද කොහිද..
එනවා යන්න..
දෙනෙත් අයියා ලොකු කුඩයක් අරන්. මිදුලට ආවා.මාව එක්කන් ගියා..හපො නපුරා..
තුවායක් අරන් මගෙ කොන්ඩෙ එයා ලස්සනට පිහදැම්මා…ඇදන් උන්නු ගවුමෙ තෙත බේරීලා පේනවා..
අහ් කට් කට කට..සීතයි වෙව්ලනවා දැන්..මාව ගැහෙනවා දැන්
මෝඩී ඔහොම ඉන්නවා වෙන ඇදුමක් අන්දන්න..
එකින් එක ඇදුම් අයින් කරලා මට අලුත් ඇදුමක් ඇන්දුවෙත් දෙනෙත් අයියා..එහෙම්ම මාව බ්ලැන්කට් එකෙනුත් ඔතලා පරිස්සමට සාලෙට වඩන් ආවෙත් දෙනෙත් අයියා ..සේයා වයින් බෝනික්කියෙක් වෙලා..ම්ම් මට තාත්ති මතක් වෙනවා ..තාත්තිත් මෙහෙමයි පුන්චි කාලෙ..අනෙ තාත්ති ..මට ඇඩුනා..
මොකෝ මේ..එලියෙ වහිනවා මදිද..මෙයත් පොලොව තෙමන්නෙ…
තාත්ති මතක් උනා..
ම්ම් මැනික යන්න ඕනිද ගෙදර අනිද්දා යමු හොදද..
බෑ දැන් ඕනී..
දැන් කෝමද මැට්ටියො..මේ නුවරනෙ…
එහෙනම් ඔයා
ඔව් මන්..
ඔයා මගෙ තාත්ති…
ඈහ්..
ඔව්..මගෙ තාත්ති …
හික්ස් මගෙ දූ පැටික්කි..මැට්ටි..බොනවා..මෙ පෙනඩෝල්..
බෑහ්..
එලදෙන..තාත්ති කියන්නෙ බොන්න මැනිකෙ..
අනේ ඔහොම බලන් ඉන්නවා නම් බොන්නම්කො පෙන්ඩෝල් කාඩ් එකම..
###############
අපි දැන් ඉන්නෙ නුවර දලදා මාලීගාව පේන තැනක..රෑට මාලිගාව ලස්සනයි ..හිත බැතියෙන් පුරෝනවා..
වෙඩින් එක ඉවර වෙලා කෙලින්ම ආවෙ මෙහෙට..ම් දෙනෙත් අයියා එක්ක ගෙවුනු මේ දවස් තුන ජීවීතේට අලුත් මිහිරක් ගෙනත් දුන්නා..යුවතියක් වෙලා උන්නු සේයා අද සොදුරු මිනිසෙකුගෙ පතිනියක්..හෙට උදේට අපි ආයෙමත් යනවා..
අම්මි,තාත්ති අයියා කේතූ ආච්චම්ම සැරින් සැරෙ මාරුවෙන් මාරුවට කතා කලා..පලවෙනි දවසෙනම් රෑ අම්මි තාත්ති මතක් වෙලා ඇඩුනත් එක්ක..ඒත් දෙනෙත් අයියගෙ ඒ ආදරනීය පපුවෙ තුරුල් උනාම මුලු ලෝකේම ඒ පපුව මත තියෙනවා වගෙ දැනුනා..
කෙල්ලෙක් මේ ලෝකේ ආසම කරන සොදුරුම තැන..ම්ම්..ඒ පපුවට ඔලුව තියාන ඇස් පියන් ඉද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ..
කිව්වත් වගෙ..ඔන්න මට දැන් හචිස් යනවා..
නහය රතු වෙලා ජම්බූ ගෙඩිය වගෙ..හොටුත් එනවා..දෙනෙත් අයියා මට බැන බැන උනු වතුරෙන් මාව තෙත මාත්තු කරනවා..උන බහින්න..බනිද්දිත් අහන්න ඉන්න හිතෙනවා ..අනෙ ඉතින් මේ ඉන්නෙ මගෙ මහත්තයනෙ..මෙච්චර කල් කොහොමද මන්දා මෙයා ආදරෙ හන්ගන් උන්නෙ..
මන් පාත් වෙලා ඒ නල්ලට මුදු හාදුවක් තිබ්බා..
ආදරෙයි අයියෙ
හුම්..මෝඩි එපා කියද්දි ගිහින් තෙමුනනි..මැට්ටි..
ම්ම්ම්
ම්ම් තමයි ..
හ්ම්ම්..හ්ම්ම්..
දෙනෙත් අයියා හිතුවා වගෙම මට රෑ වෙව්ලලා වෙව්ලලා උන ගත්තා..කොච්චර තෙත මාත්තු කරත් උන බැස්සෙ නෑ..ඒ වගෙම මුලුරෑම මන් උන්නෙ උන විකාරෙන්..
මගෙ දගවැඩෙ නිසා මගේ දෙවනි ගමන මට සමරන්න සිද්ද උනේ හොස්පිට්ල් එකෙ ඇදක් උඩ සේලයින් ගහන්..
අම්මි තාත්ති දොස් කීවෙ මට..දන්නවනි ඉතින් මගෙ හැටිත්..කන් දෙක රිදිලා රිදිලා දැන් මගෙ කන් බෙරේ පිපිරිලාද කොහිද..
හොස්පිට්ල් එකෙ දවස් පහක් ඉදලා මාව ගෙදර එක්කන් ආවා…
ම්ම් දෙනෙත් අයියා මුලු ගේම වෙනස් කරලා..එදා නුවර උන්නෙත් දෙනෙත් අයියගෙම බන්ග්ලෝ එකක..ඒ බන්ග්ලෝ එකෙ තිබුනා වගේම ලස්සන රෝස පාත්‍තියක් මෙහෙත් අලුතින් හදලා..දැන් හරි ලස්සනයි …
සීනී අම්මා හරිම ආදරෙන් මාව පිලිගත්තෙ..ඒත් එක්කම මන් ලගට දුවන් ආවෙ බලු පැටියෙක්..හරියටම කීවොත් ටොම්සිගෙ මුනුපුරෙක් වගෙ…
ම්ම් මෙයා අයියෙ
ඔයාට ..අද ඉදන් එයා ඔයාව බලාගනී…මගෙ සේයා මැනිකට…
ආදරෙයි සුද්දෝ…
බෑ බෑ ආදරෙ විතරක් මදි
එහෙනම්
බබාලා පහ..එයාලා ඕනී..අදම පටන් ගමු හරිද
අනෙ යනවා…
ඇදටද
ඔයා නම්…
මන් දෙනෙත් අයියා පස්සෙන් ගහන්න එලෙව්වා..අනෙ මගෙ දෙනෙත් අයියා
මගෙ නිල් ඇස්.
—–=මතු සම්බන්දයි — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *