38
##නිම්හිම් සේයා##
38
පොඩ්ඩක් අවුල් වගෙ මට දැන්..මන් හදන කෑම මේ මැටි ඇටිකුකුලා කාවිද..වැඩි දේකුත් නෑ ඉතින්..ආදරෙ කලා මිසක් කන්න ආස මොනාද කියලා අහලාවත් නෑනි..සීනී අම්මා උන්නට ආසයි මගෙ අතින්ම එයාට හැමදේම හදලා දෙන්න ..ඉතින් දෙනෙත් අයියා ඇහරෙන්න කලින් ඇදෙන් පැනලා වොශ් රූම් ගිහින් වොශ් එකක් දාන් කෙලින්ම ආවෙ කුස්සියට….
ම්ම් මොනාද මන් මෙයාට හදන්නෙ..ඔක්කොටම කලින් තේ හදමුකෝ..ම්ම් අද පොඩ්ඩක් එලියට ගිහින් අපි දෙන්නට තේ බොන්න එකම ජාතියෙ මග් දෙකක් අරන් එන්න ඕනී..
හීටර් එක ගහලා වතුර එකක් උනු කලා..දෙනෙත් අයියා වෑඩිපුර ආස මොනටද දන්නෙ නෑ..තේ..කෝෆි..මන් ආස කෝෆී බොන්නනි..මට කෝෆි හදන් දෙනෙත් අයියට තේයි කෝෆියි දෙකම හැදුවා..ම් මන් නම් බොන්නෙ හොදටම නිවුනාමනේ..එයා කොහොම බොනවා ඇත්ද..ශි මන් දන්නෙ නැනී මොනාවත්ම..ආදරෙ කරද්දි වගෙ නෙමී අයියෝ..අමාරුයිනේ අප්පා..අම්මි කෝම ලයිෆ් එක බැලන්ස් කරනවද මන්දා…සීනී අම්මගෙන් වත් අහන්න ඕනී එයා මොනාටද කැමති කියලා..
දැන් උදේට කන්න හදමු..ම්ම්ම් මොනාද හදන්නෙ..අහ් රොටි හදමු…ගිය පාර හදපු රොටිය මතක් වෙලා මට තනියෙම හිනා..
කෝමහරි අදනම් ලස්සනට රොටිය ආවා..සුවදේ බෑ…දැන් ලුනු මිරිස් හදමු..බ්ලෙන්ඩ කරනවද නැත්තම් අඹරනවද…අම්මි නම් කියලා තියෙන්නෙ එක්කො වන්ගෙඩියෙ කොටන්න නැත්තම් ගලේ අඹරන්න කියලා..එතකොට ලූ රස වැඩි..
මන් ලූණූ..මිරිස් කෑලී එහෙම දාලා අබරන්න යන්නෙ හොද ගුලියක් දැන්..අනේ ඉතින් කවදා කෑව ටකරන්ද..කොකොහොමද අයියො මේක අඹරන්නෙ…
මේක නම් ඔබාමා එක්ක සාම ගිවිසුමක් ගහනවටත් වඩා අමාරු වැඩක්…අනෙ හයියෝ…
මන් අහස පොලව ගැටගහන්න කල්පනා කර කර ඉන්න වෙල්රෙ තමයි දෙනෙත් අයියා පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්තේ..හිමින් මගෙ උරහිසට බර වෙලා මගෙකම්මුලක් හැපුවා..මන් එහෙම්ම අත දාලා එයාගෙ කොන්ඩෙ අවුල් කලා..
මගෙ සුද්දිය මොකෝ කරන්නෙ මේ උදෙන්ම ම්ම්..මොකෝ මේ ම්ම්..
අයියා
ම්ම්ම්
මට සමාවෙන්න අයියො
ඇයි
මන් දන්නෙ නෑ අයියො ..මට දැනෙන්නෙ නෑ අයියෝ
මොනාද දැනෙන් නැත්තේ
මේ ලුනුමිරිස අබරන්න අනෙ
අපෝ ඕකත් වැඩක්ද ඉන්නකො කියලා දෙන්න
දෙනෙත් අයියා මාව තවත් තද කරන් මගෙ අත් දෙක මිරිස් ගල උඩින් දෙපැත්තෙන් තිබ්බා..දැන් ඉතින් ඔන්න එයා මට කියා දෙනවා..
මෙන්න මෙහෙම ඉස්සරහට පිටිපස්සට..අතින් ..ම්ම්..
ඒ වුනාට වෙන්නෙ වෙන වැඩක්නෙ අයියො..
ඒ මොකක්ද
මෙයා මුකුත් නොදන්න ගානට අහන හැටි ඇයි අනෙ…
මැට්ටා ..කෝ කෝ හරි ඇති ඉගැන්නුවා..අයින් වෙන්න අයින් වෙන්න..
මන් දෙනෙත් අයියව උකුලෙන් තල්ලු කලා..
දෙනෙත් අයියා පුන්චි එකෙක් වගෙ ඔරොවන් ඉන්නවා…
මොකෝ
තරහයි
හා..මම් යාලූයි..මේසෙන් ඉදගන්නකො බබියෝ..මන් තේ ,කෝෆී සේරම හැදුවා
ඒ මොකෝ
ඉතින් මම් දන්නෙ නෑනී ඔයා මොනාටද ආස කියලා ඒකයි..
ම්ම් මම් ඉතින් ආස..මේ අර..ඔය..අර් අන්න මේ ඒවා ඒවා බොන්න
දෙනෙත් අයියා ඇගිල්ල දික් කරලා තැනක් පෙන්නුවා..මාත් ඉතින් මැට්ටි වගෙ බැලුවානෙ..මෙයා නම් ඕනීම නෑ අයියො …හරි නරකයි..
මැට්ටා
මැට්ටි මන් ඕන එකක් බොනවා..ඔයා ආස මොනාටද
කෝෆී බොන්න
ම්ම් හරි මටත් කෝෆී එහෙනම් හරිද..මගෙ මැනික මහන්සි වෙන්න ඕනී නෑ..මන් කැමති ඔයා ආස හැම දේටම..
ඇත්තමද..
ඔව් ඇත්තමයි මැට්ටි..කෝ ඉතින් උදේ ඉදන් පබ්ලිස් ආච්චම්ම මොනාද හැදුවෙ…
ම් රොටි..
ඒ පාර ඒ ඇස් උඩ ගියා..උපහාසෙන් මන් දිහා බලලා බඩ අල්ලන් හිනා උනා..
මොකො
නෑ නාසා එකට කෝල් එකක් ගන්න ඕනී
අර මොකොටද
පියාබන පිරීසි තියෙනවා කියලා
අනෙ මේ ඕන්නෑහ්..ඕන් නෑමයි..
හී මැට්ටි..කමක් නෑ දෙන්නකො මන් සතුටින් කන්නම්..මොනා කරන්නද ඉතිම්..අයියො සල්ලි..
ඩී එන් එස් ගෙ මල්ලි..ඔයාට කන්න බයයි නම් මම් විසික් කරන්නම්..හ්ම්ම් ඕන්නෑ හ්ම්ම්..මන් විසික් කරනවා සේරම..ඉන්න්කො
කොච්චර ආසවෙන්ද මන් හැදුවෙ..ඒත් මෙයා..මන් හදපු රොටී ඔක්කොම අතට අරගත්තා..දානවා සේරම ඩස්පින්..හුම්..ඇයු අනෙ
හෝව් හෝව්..අම්මො සැර…ලුනුමිරිස් ඕන්නෑ..ඔය නපුරු සැර මූන දිහා බලන්ම ඔක්කොම කෑවාකී..
දෙනෙත් අයියා රොටී ටික උදුරන් මගෙ මූන බල බල කෑවා…හ්ම්ම් මන් තරහයි
මට තරහයි අයියො මෙයාගෙ වැඩේම මාව අවුස්සන එකමයි..හුම්..මන් දිහා හිනා වෙවී කන ලස්සන ..ඇටි කුකුලා..
ඇටිකිකිලි
ඔව් ඉතින් මට මෙතන මුකුත් හිතන්න වත් පුලුවන්යැයි මාව කියෝනවනි මෙයා..
මන් දෙනෙත් අයියට රැව්වා..එයා තොල් වලින් මට හාදූ දෙනවා රොටී කකා..
ඔන්නෑ..මැට්ටා
මැට්ටි ..
මන් එයාව කෙනිත්තුවා ..නියපොතු වවන් උන්නු නිසා රිදෙන්නත් ඇති..
හයියො මේකීනම්..කන වෙලේට බල්ලෙක්ට වත් හින්සා කරන්න එපා කියලා අහලා නැද්ද..
ඔයා බල්ලෙක් යැයි ඔයා ඇටි කුකුලෙක්නෙ..පේන්නෙ නැද්ද..
හා මන් පෙන්නම්කො..ඇටිකුකුලා ගොලුබෙල්ලිව කන හැටි..හපන්නෙ නැතිවම ගිලිනවා..
හා මමත් නිකම් ඉදී
ඔව් ඔව් නිකම් තමයි ඉන්න දෙන්නෙ කොහොමත්
ආව් ආව් මෙව්වනි යකෝ ලව් කියන්නෙ ..නියමයි ..මාරයි..සුප්පා..තද තද
මේ ශේන් අයියටත් ඕන්නැත් එකක් නෑ..හැබයි ඉතින් වෙලාවෙ හැටියට එයා ආපු එක හොදයි..නැත්තම් මේ ඇටිකුකුලා මොනා කියවයිද දන්නෙ නෑ..කට ඇරියොත් ඉතින් කියන්නෙම ඕන්නැති කතාවක්..
අම්ම්ට සිලි..නියම ටයිම් එකටනෙ මන් සෙට් උනේ..
ශේන් අයියා අවසරයක් නැතිවම මේසෙන් ඉදගෙන දෙනෙත් අයියගෙ පිගානෙන් කන්න ගත්තා…
ඒ මචන්..අද සීනී අම්මගෙ රෙසපි වෙනස් වෙලානී..වෙනදට රොටියෙ ගනකම වැඩී..මේ නිකම් තුනී බිස්කට් එකක් වගෙනේ..බලහන් අහසත් බලන්න පුලුවන් ..නියමයි උනු උනුවෙන්ම..
දෙනෙත් අයියා මට ඇහක් ගහලා ඉගි කලා..අනෙ ඉතින් ආසයි හදලු කෑමක් රසයි කියද්දි..අපෙ අම්මියටත් මේ වගේම දැනෙනවා ඇති..අපි ආසවෙන් ඔක්කොම කාපු දාට එයාගෙ ඇස් දිලිසෙන්නෙත් මේ වගෙ වෙන්න ඇති…
මේ අපෙ සේයාගෙ වැඩ
නෑහ්..බොරූ..
බොරු නෙමී ඇත්ත
වාව් වාව් නියමයි ..ඔන්න දැන්නම් සුපිරි සේයා..
ම්ම්ම්
මේ ඒක නෙමී..මද්ද බන් සති දෙකක් විතර නිවාඩු ගත්තා..ඔෆිස් වරෙන්කො..අරහෙ චෙක් ගොඩ ගැහිලා..වරෙන්කො අදවත්..මන් ආවෙ එක්කන් යන්න..
අද..
ඔව් අද මේ දැන්..
ඉතින් උබම බලලා කරපන්න්කෝ..
හනෙ බන්..සේයා ගෙදරනි ඉන්නෙ..ඕන වෙලේක බලාගනින්..දැන් බිස්නස් බලපන්..මන් බලනවා තමයි ඒත් උබ බලනවා තරම් ගතියක් නෑ බන්..හෙට අර මීටීන් එකත් තියෙනවා ..උඹ අනිවා එන්න ඕනී…
ඒකනි බම්..මන් සේයට කොච්චර කීවත් මාවම අල්ලන් ඉන්නවනි..එන්න දෙන්නෙත් නෑ..හෙන වදේ බම්..
අහ් එතකොට දැන් මමද අල්ලන් උන්නෙ
හා නැතුව..උබට කියන්න මන් උදේ ලෑස්ති වෙන්න ආවෙ.එද්දි මෙයා තේ කෝපී දෙකම හදලා..ඕවා ඉතින් එක පාර බොන්න පුලුවන්ද..අනික වෙන එකෙක් බීලා ඒවට ක්ලේම් දෙනවට වඩා මම්ම බීලා ටොයිලට් එකෙ දවස ගෙවන එක හොදයි බාම්..
පුහ්..මෙයාලට ඉතින් මන් දැන් බයිට..හුම් හුම්..
හික්ස්..අනේ සේයා පැට්ටො..අපේ බොසා කොල්ලව රිලීස් කොරනු මැන ..පීස් පීස්
හරි වැඩක් නෙ..මන් අල්ලගත්තු එකක් නෑ මෙයා තමයි ..මේ..
ඔව් මේ..
නෑ මුකුත් නෑ
හෝව් හෝව් අපි තාම තනිකඩ කොල්ලො..අපෙ හිත් තලම්න එපා ශුදෝ..
හික්ස්..හරි මචන්..මන් එන්නම්…යන් යන්..උඹත් කවදාහරි බදියී නේ..එදාට බලමුකෝ..
හා හා බලමූ..
දෙනෙත් අයියා ඉතින් ඔෆිස් යන්නයි හදන්නෙ මට දැන් පාලුයි..ජොබ් එකට යන්නත් හිතයි ආයෙත්..
දෙනෙත් අයියා ගියාට පස්සෙ මන් කම්පුයුට එක ලග ඉද ගත්තා..මන් ටයිප් කලා..
ඉන්න බැ මට ඔබෙන් මිදිල
ගෙවන හැම තත්පරෙක් පාසා
ඔබේ රුවමයි සිතේ ඇදිලා..
යන්න එපා නුඹ මාව හැරලා
හිතම නැවති යාවි මැරිලා..
–===මතු සම්බන්දයි –====
Hello there! Do you know if they make any plugins
to assist with Search Engine Optimization? I’m trying to get my blog to rank
for some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Appreciate it! I saw similar blog here: Bij nl