D & S……….09

**

මටත් සිද්ද වෙච්චි දෙයක් මොන මල ඉලව්වකට මේ මෝඩ දිගාගේ ඉල්ලීමට කැමති උනාද මන්දා…මූ මාව කිස් කලොත් හයියො ..මගෙ කුලුදුලු පෙම වෙනුවෙන් තියන් ඉන්න නොයිදුල් කිස් එක..හයියු සන්සාරේ…

ඉන්නවකො දිගා එනකම් බලන් උන්නොත් මූ මෙතන මට බබෙකුත් දීලා නවතින්නෙ..පෙන්නන්ම්කො කෙල්ලන්ගෙ බලේ…

මොකො සුවිට් හිනා වෙන්නේ..

ඊලගට මේ පිස්සට වෙන දේ ගැන හිතලා මගේ කට කොනකට හිනාවක් ආවා…

මන් මගේ ඇස් දෙක අඩවන් කලේ මේ මෝඩයා කරන දේට මන් අවනත උනා වගේ..

ඔහ් වාව් සෙක්සි ලුකින්…

ඔයාට මාව කිස් කරන්නද ඕනි පැටියෝ

ඔයා වෙරි කුයික් නේ බබා

ඔව් මන් කුයික් තමයි..ම්ම්ම්…ඔයාට ජීවීතේටම කෙල්ලෙක්ගෙ කිස් එකක් මතක හිටින්න දෙන්නම් අම්මියෝ..

ම්ම්ම්

ඊලග තත්පරෙ කොල්ලා මගෙ වතට නැඹුරු වෙද්දිම මගේ කකුලක් කීයාත්මක වෙලා ඉවරයි..ඔන්න ඉතින් අහන්න එපා කොහෙටද ඒ ශොට් එක වැදුනෙ කියලනම්..

ඌයි අම්මෙ..

කොල්ලා එයාගෙ යටි බඩ අල්ලන් කෑ ගහද්දි මන් කකුල් වලට ගැම්ම දීලා දීවා…පිටි පස්ස හැරි හැරි දීව නිසා ඉස්සරහින් ආව දිගාව දැක්කෙත් නෑ….මන් දුවද්දි දිගා මාව අල්ල ගත්තා..

ඔහොම නවතිනවා

මගෙ වැඩෙ ඉවරයි..යන්න දෙනවා..

එහෙම කොයිද එනවා යන්න

කොල්ලා තවමත් එතන…දුන්න ශොට් එකට දුවාගන්න බැරිව ඉන්නෙ..අද දැනගන්න ඇති කෙල්ලන්ගෙ බලේ..ඌරා

යු ආ අන්ඩ ඇරෙස්ට්

කොල්ලව මාන්චු දාලා සෙට් එක පිටින්ම අරන් ගියා..හැම දෙයක්ම උනෙ එලියෙ නිසා පාටි එකට බාදාවක් උන් නෑ..තවමත් දිගා මාව අල්ල ගත්තු ගමන්…

මොකො ඇඹරෙන්නෙ

මට රිදෙනවා

කොහිද..කකුලද

ඔයා බලන්ද උන්නෙ

ඔව්

බලන් උන්නනම් ආවෙ නැත්තෙ..ඌ කිස් කලා නම්

නිකම් තියෙන තොල් දෙක කිස් කලාම මොකො

මොකක්…

හරි හරි මන් දන්නවා චූටි යකින්නි බේරෙනවා කියලා

මන් මුකුත් නොකියා කට ඇද කර කර උන්නා..හහ් මෝඩයා වගෙ බලන් ඉදලා එන්න තිබ්බනෙ හින්දි ෆිල්ම් වල වගෙ..ඇවිත් ඩිශුම් ඩිශුම් කියලා පාරවල් දෙක තුනක් දුන්නනම් මොකො…මෝඩ දිගා

දිගා හිනාවෙනවා

මොකො

කටෙ හැටි

ඇයි කට මොකද

චූටි බබෙක් වගේ..හිතෙනවා මට

මොනාද

අම්මො හිතෙන දේ කරන්න ගියොත් අරූට වෙච්චි දේ මටත් වෙයි…එනවා යන්

මට බෑ මට ගෙදර යන්න ඕනි

මන් ඇරලවන්නම්..යන්

බෑ තාත්ති වෙහිකල් එකක් එවයි…

ඔහ් මට අමතක උනානි…රජකුමාරියො අපි වගෙ දුප්පත් අයගෙ වාහන වලට නගින් නෑ කියලා…

ඔයා දුප්පත්ද

ඔව් ගොඩක්

දුප්පත් කියන්නෙ මොකක්ද

මන් දන්නෑ

එහෙනම් එහෙම කීවෙ…

නිකම්

හ්ම්ම්

පාටි එකට යන්ද

බෑ..

කිව්වොත් කිව්වමයි නේද

ඔව් ඒ මගෙ හැටි

හ්ම්ම්

දන්නවද

මොනාද

ඔයාගෙ නෑදෑයො එන්නෙ රෑට නේද

ඒ කවුද

බස්සො

අහ්..හහ් හහ් හා

දිගාට මෙච්චර ලස්සන හිනාවක් තියෙනවා කියලා දැක්කෙත් දැන්..කොහිද ඉතින් ඕන වෙලෙක රාස්සයෙක් වගෙ කොයි වෙලේ කාවද ඩැහගන්නෙ කියලා බලන් ඉන්නෙ…අනික මෙතුවක් දවස් හිතෙ තිබ්බ තරහව දුරස් බව අඩු වෙලා මොකක්දෝ ලබැදියාවක් හිතෙ ඇති උනා කියලා හිතෙනවා…ඒත් මට වැඩිදුර හිතන්න නොතියා තාත්තිගෙන් කෝල් එකක් ආවා..හ්ම්ම් තව ටිකකින් ලොකු අයියා ඒවි එක්කන් යන්න..

ගෙදරින්ද

ඔව්

යනවද

ඔව්

දන්නවද

මොකක්ද

කාලෙකට පස්සෙ මන් හිනා උනේ…මේ ජොබ් එකත් එක්ක හිනාව අමතක වෙනවා…ඒ හිනාවත් එක්කම

හිනාවත් එක්කම

කාලෙකට පස්සෙ

කාලෙකට පස්සෙ

චූටි යකින්නියක් දැක්කා..නියම ශොට් එක..බදින කොල්ලට දෙයියන්ගෙ පිහිටයි

මට කවදාවත් නැතුව හිතට ලැජ්ජාවක් දැනුනෙ ඇයි ..කවුද මන බදින කොල්ලා…

අන්න ඔයාව ගන්නද කොහිද ඇවිත් තියෙන්නෙ

අහ් ලොකු අයියා ඇවිත්…

මන් යන්නද

ඕකෙ චූටි යකින්නි..තෑන්ක්ස් මිශන් එකට හෙල්ප් කරාට..හෙට නිව්ස් බලන්න..අපි අල්ලගත්තෙ කාවද කියලා…අනික ඔයා ඌට දුන්නෙ නියම දඩුවම

බායි

බායි

බුදු සරණයි

ගෙදර අයට ඇරෙන්න මන් වෙන කිසි කෙනෙක්ට බුදු සරණයි කියලා නෑ…ඒ රලු හිත මගෙ හිත හොල්ලලාද..

පීප් ….

ඒයි දෝනියෙ නගින් නැද්ද

අහ් මට අමතක උනා..

මන් ලොකු අයියා ් ගාවින් ඉදගෙන සීට් බෙල්ට් දා ගත්තා

ඒයි දෝනි

ම්ම්

කවුද ඒ

කවුද

කවුද කියලා තමයිමාත් අහන්නෙ

කොල්ලෙක්

මන් ඒක දැක්කා..කියනවා කවුද ඒ

දැනගන්නම ඕනිද

ඔව්

කෝ කන ලන් කරනවා

ලොකු අයියා වාහනෙ ඩ්‍රියිව් කරන ගමන්ම මගෙ පැත්තට කණ ලන් කලා…

මන් හයියෙන් හූවක් තිබ්බා….හී ආවා මෙතන

මෝඩි…ඉන්නවකො මන් හොයා ගන්නම්

හා…හොයලා මටත් කියන්න

මොනාද

විස්තරනි..මාත් දන්නෑ…

අනේ මෙහෙමත් කපටි කෙල්ලෙක්

අයියලාගෙම නන්ගි බබි නෙ ඉතිම්…මේ අම්මිට නම් කියන්න එපා හොන්ද

ඇයි

රහස් අනේ…

හ්ම්ම් හ්ම්ම්…

දැන් චූට්ටක් කට වාගන්න මට දෝමතයි….

ශීට් එක පිටි පස්සට එජස්ට් කරන් මන් දොයි ගත්තා…ඔන්න මන් දොයි ඈ…ඩෝන්ට් ඩිස්ටබ් මී..

….තවත් සේයාවකට….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *