#විසේකාරයා 12
12 දගකාරකම
“මලයා…7ට විතර යමුද පන්සල පැත්තෙ.. මම නිවාඩු ආවම අනිවාරෙන්ම යනවා..”
අඹ ගහ යට ගහලා.තියෙන බංකුවෙ වාඩිවෙන ගමන් සසංක අයියා කිව්වා.
“හ්ම්ම්..යමු එහෙනම්..”
මමත් කිව්වෙ ටිකක් ඇවිදින්න ආසා වුනු නිසා..
“එහෙනම් 7 වෙද්දි ලේස්තිවෙමු..”
“හා..”
සසංක අයියගෙ නංගි වැලේ රෙදි අකුල අකුල මිදුලට ආවා..
“පොඩ්ඩි.. පිච්ච මල් ටිකක් කඩාගන්න වට්ටියට.රෑට පන්සල් යමු අපි..”
සසංක අයියා කියද්දි.. එයා ඔලුව වනලා ඇතුලට ගියා..
හරිම අහිංසකයි වගේ එයා… දැක්කත් හිත නිමෙනවා…
මම එයා යන දිහා බලාගෙන හිතුවා..
අපි 7 වෙද්දි ලේස්ති වුනා.. මම කොහොමත් කොහෙ ගියත් සුදු ටීශර්ට් එකක් අරන් යන නිසා අද ලේසි වුනා..
ඩාක් බ්ලූ ඩෙනිම් එකට වයිට් ටී එක ඇදලා කොණ්ඩෙත් අතින් උඩට හදලා මම කාමරෙන් එලිය්ට එද්දි මගෙ මූනටම හම්බුනෙ එයාව..
එයා මගෙ දිහා කන්න වගේ බලන් ඉදලා.. ඉක්මනින් බිම බලාගත්තා..ලැජ්ජා හිතුනද කොහෙද..
සසංක අයියත් ශර්ට් එකේ බොත්තම් දදා සාලෙට ආවා..
“යමු නේද එහෙනම්..’
“හා…”
මමත් එලියට බැස්සා..
” මලයා.. පන්සල පාරෙ ගල් තියෙනවා..කාර් එකෙන් යන්න අමාරුයි.. මම අම්මව සුටුස් ගාලා ස්කූටර් එකෙන් පන්සලට දාලා එන්නම් .ඔයා හෙමින් නංගි එක්ක ඇවිදන් එන්න..කමක්නැනෙ..”
“අනේ..කමක්නෑ අයියෙ. ඔයා යන්න අම්මා එක්ක..”
මමත් කිව්වා..
“මගෙ දණහිස් වල අමාරුවක් පුතේ..ගොඩක් දුර ඇවිදින්න බෑ කැක්කුම එනවා..ඒකයි..නැත්තම් අපි ඔක්කොටම එකට යන්න තිබුනා..”
“අනේ..කමක්නෑ අම්මෙ.. පරිස්සමෙන් යන්නකො.”
මම එහෙම කියද්දි අයියා හෙල්මට් එක දාන් මගෙ දිහා බැලුවා..
“නරියට කුකුල් කොටුව බාරදුන්නද මංදා..”
හෙමීට නෑසෙන්න වගේ අයියා කියද්දි.. මම එයාට ගහන්න පැන්නා.. ඒත් එක්කම කකුල හැප්පුන පාර තව චුට්ටෙන් මම බිම.
‘පරිස්සමෙන් එන්න එහෙනම්.. “
අයියා නංගි දිහාත් බ්ලලා හිනාවෙලා කියලා අම්මාවත් දාගෙන ගියා..
“යමු..”
හීන් හඩින් එයා කියද්දි..මමත් එයාට සමාන්තරව ඇවිදන් ගියා..
කහපාට මල් වැටුනු සුදු ගවුමක් එයා ඇදන් හිටියෙ.ඇත්තටම හරිම සරල චාම් ලස්සනක් තිබුනා එයාගෙ.
“දේවාශ්රී අක්කා මාත් එක්ක කතාකරලා තියෙනවා ෆෝන් එකෙන්..එයා හරිම හොදයි.අපේ අයියට හොදටම ගැලපෙනවා..”
මග ඇවිදන් යන අතරෙ එයා කියද්දි.. මම එයාගෙ මූණ දිහා බැලුවා..
එයා මගෙ දිහා බලලා හිනාවුනා..
‘අක්කා කිව්වා…ඔයාලා එක්ක කතා කලා කියලා..”
“ඔයා මෙහෙ ආවෙ…අපි ඔයාලට ගැලපෙනවද කියලා බලන්න නේද…?”
එයා අහද්දි..හිත චුට්ටක් ගැස්සුනා..මොකද මේ ආපු ගමන වැරදිදෝ කියලා මට දවලුත් හිතුනු නිසා..
“අක්කි තමයි මගෙ පණ.. මම කැමති නෑ..එයා අඩනවට.. එයාගෙ ඇස් වලින් එක කදුලක්වත් වැටෙනවා මට බලන් ඉන්න බෑ..
එයා මට අයියා ගැන කිව්වම…මම විස්තර හෙව්වා.. අයිය අපිට විස්තර කිව්වා..
නමුත්. එයා කියන්නෙ ඇත්තමද කියලා මට හොයාගන්න පුලුවන් එකම ක්රමය මේක නිසයි… මම ආවෙ..”
මම මගෙ හෘදසාක්ශියට එකගවම කිව්වා..
“ඔයා කල දේ හරියටම හරි..”
මට පුදුමයි එයා එහෙම කියපු එකත්.
“තෑන්ක්ස්.. මම බයවුනා.. ඔයාලා මාව වැරදියට තේරුම් අරන් කියලා..”
“අනේ..අපි එහෙම නෑ..”
එයා කිව්වා..
පන්සලට විනාඩි 20ක් විතර ඇවිදන් ගියා..ඒක හරි ලස්සන පන්සලක්..
අපි ඇතුල්වෙනකොටම වගේ කොල්ලො සෙට් එකක් එයා දිහා බල බල මොනවදෝ කියනවා..
“මචං..අර බලපන්..
සුපටිපටි පන්නෝ.. හැට්ට පටි පැන්නෝ...”
උන් එකා එකා එහෙම කියකිය මහ හයියෙන් හිනාවෙනවා..
මම එයා දිහා බලද්දියි දැක්කෙ එයාගෙ යට ඇදුමෙ පටියක් උරහිසින් මෙහාට වෙලා පිටට පේනවා කියලා..
කොල්ලො ටික එයා දිහා බලන් ඉද්දි ..මම එයාට ලංවෙලා එයාව උන්ගෙන් කවර් කරගත්තා..
“ඔයාගෙ ගවුම හදාගන්න උරහිසින්..”
මම පහත්වෙලා කනට කරලා කියද්දි.
එයා ඉක්මනින් ඇදුම හදාගෙන අර කොල්ලො දිහා බැලුව…ඒ කියන්නෙ එයාටත් ඒක ඇහෙන්න ඇති කලින්..ඒත් ඒ කිව්වෙ එයාට කියලා නොහිතන්න ඇති.
“අනේ…තෑන්ක්ස් ඔයාට..”
එයා මගෙ දිහාට හැරිලා කිව්වා.. ඒ ඇස් වල කදුලු..
“යමු අපි.”
මම උන්ට පේන්නම එයාගෙ අතින් අල්ලගෙන ඉක්මනින් එතනින් ඇතුලට ආවා..
සසංක අයියයි අම්මයි හාමුදුරුවො එක්ක කතාකරනවා බෝධිය ලග ..
මම එයාලා පේන මානෙදි එයාගෙ අත අතෑරියා..
“අහ්..මේ එන්නෙ කියනකොටම මල්කි දුවත්…..”
හාමුදුරුවො කියද්දි..එයා අතේ තිබුනු මල් වට්ටිය අම්මට දීලා දණ ගහලා හාමුදුරුවන්ට වැන්දා..
“සුවපත්වේවා…”
“හාමුදුරුවනේ..මේ තමයි මම කිව්ව මල්ලි..”
“හ්ම්ම්..එහෙමද..”
හාමුදුරුවෝ මගෙ දිහාට හැරිලා කියද්දි.මමත් පහත්වෙලා වැන්දා..
“මල්ලි.. මේ තමයි .. මගෙ අම්මගෙ එක කුස උපන් සහෝදරයා.. භද්දිය හමුදුරුවො..”
සසංක අයියා කියද්දි..මම පුදුමයෙන් උන්වහන්සේ දිහා බැලුවා..
“සසංක මට කියලා තියෙනවා ඔය දරුවා ගැන.. මූන බැලුවම පේනවා හරිම පින්වන්ත දරුවෙක් කියලා..මේ දරුවා තාම පාසල් යනවද..?”
“එහෙමයි හාමුදුරුවනේ..”
“හොදට ඉගෙන ගන්න.. මගුල් ලකුනු පෙන්නුම් කරනවා..”
හාමුදුරුවො මගෙ දිහා බල බල කිව්වා..
“මල්ලි.. අපෙ හාමුදුරුවන්ට සාස්තර කියන්න පුලුවන්..”
සසංක අයියා මට ලංවෙලා කිව්වා..
“හ්ම්ම්..එහෙමද..”
“මල්කි දුව… ඔන්න ජීවිතේ වෙනස්වෙන කාලෙ ඇවිල්ලා.. අනාගත සහකාරයෙක් එනවා ජීවිතේට ඉක්මනින්ම.. බලාගෙන ඉන්න…”
හාමුදුරුවෝ එහෙම කියද්දි..එයා බිම බලාගත්තා ලැජ්ජාවෙන්.
‘අම්මේ…එහෙමද අපෙ හාමුදුරුවනේ ..එහෙනම් අපිත් විමසිල්ලෙන් ඉන්න ඕන නේද අම්මා..”
“අප්පේ…ඔව්…”
“බයවෙන්න කාරි නෑ පුතා.. කෙල්ලගෙ අනාගතේ සුභයි..”
“එහෙනම් කමක්නෑ හාමුදුරුවනේ .”
“එහෙනම් ගිහින් මල් පූජා කරල වැදලා එහෙම එන්නකො… “
“එහෙමයි අපෙ හාමුදුරුවනේ ..”
අපි හැමදෙනාම.හාමුදුරුවන්ට වැන්දා..උන්වහන්සේ ආවාස ගෙට වැඩිය අතරෙ අපි මල් පූජා කරන්න ගියා…
පැයකටත් වඩා පන්සලේ ගතකරලා ආපහු එන්න හදද්දි..අක්කාගෙන් කෝල් එකක් ආවා..
සසංක අයියා අම්මා එක්ක ස්කූටර් එකෙන් ගිය අතරෙ එයාගෙ නංගි ආවෙ මාත් එක්ක..
‘හෙලෝ.. අක්කා..”
“මල්ලි බබා.. කොහොමද.. මොකද කරන්නෙ..?”
“අපි පන්සල් ආවා අක්කා..”
‘අනේ…එහෙමද.. කෝ.අයියා ඉන්නවද ලග..’
“අහ්..එයා අම්මාව එක්කගෙන ස්කූටර් එකෙන් ගෙදර ගියා අක්කා.. ම්..මේ… එයාගෙ නංගි ඉන්නවා..”
“හපොයි..මේ මනුස්සයට පිස්සුද.. නරියෙක්ට කිකිලියෙක් බාරදීලා යන්න..“
සසංක අයියා හවස කියූ කතාවම අක්කත් කියද්දි ඔන්න ඉතිම් මට මලපැන්නා..
“අනේ..අක්කා.. මම එහෙම නෑ..”
“හ්ම්ම්..හ්ම්ම්..මම දන්නවනෙ අපෙ එක්කෙනාගෙ හැටි.. කො..දෙන්න මගෙ කෙල්ලට ෆෝන් එක..”
“අහ්..මෙන්න වැඩක්..එතකොට මම පිට එකා වෙලා එයා මගෙ කෙල්ල වෙලාද..හ්ම්ම්..හ්ම්ම්..කමක්නෑ..කතාකරන්න එපා මාත් එක්ක ආයෙත්.. ඉන්නවා මම.ෆෝන් එක දෙනකම්..”
මට ඇත්තටම තරහා ගියා..ඇයි යකෝ…හ්ම්ම්..
“ආ…අක්කාට ඔයා එක්ක කතාකරන්න ඕනලු..’
මම එයාට ෆෝන් එක දුන්නා..
“හෙලෝ.. අක්කි..”
ටික වෙලාවක් දෙන්නා කතාකර කර හිටියා..
එහා පැත්තෙන් අක්කා කියපු දේකට එයා මගෙ දිහා බලලා හිනාවුනා…
මට මලපැන්නා..ඇයි වදේ..මේ නෑනලා දෙන්නා එකතුවෙලා..මම කොන්වෙලා..
මේක මහ කූර ලෝකයක්..
මම මෙයාට දෙකක් කියන්න හිතන් එයා දිහා බලද්දිම…..
මතුසම්බන්ධයි
එශ්