#විසේකාරයා 15

👦 15 දගකාරකම 👦

“බබා.. මගෙ වස්තුවෙ.. මට තවත් ගෙදර ඉන්න බෑ..මාව කොහාටහරි අරන් යන්න..ප්ලීස්.. බාප්පිගෙයි නිරෝධගෙයි කරදර ඉවසන්න බෑ දෙයියනේ තවත්..”

එයා අඩන්න වගේ කියද්දි…මම එයාගෙ ඔලුව අතගෑවා..

“මම මොකක් හරි කරන්නම්..”

මම කිව්වෙ මේ ගැන ටිකක් හිතන්න ඕන නිසා.

“හ්ම්ම්.. ඉක්මනට කරන දෙයක් කරන්න බබා ..ප්ලීස්..”

“හ්ම්ම්..”

අපි තවත් ටික වෙලාවක් කතාකරකර ඉදලා ගෙදර ආවා..
එයාව හංදියෙන් වීල් එකක නග්ගවලා යවලා මම පයින් ගෙදර ගියා.. මොකද අපි දෙන්නා එකට යනවා දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා..

ගෙදරට ගොඩවුනු ගමන්ම මම කලෙ කාමරේට රිංගගත්තු එක.. මොකද මට හිතන්න දේවල් ගොඩක් තිබුනු නිසා..

ඇදේ දිගාවෙලා වහල දිහා බලාගෙන මම කල්පනා කරන්න ගත්තා..

“පුතා….පුතා…”

ඒත් එක්කම වගේ සාලට දිහායින් තාත්තගෙ කටහඩ ඇහුනා..මම ගැස්සිලා ගියා ..

“එනවා තාත්තා..’

මම සාලෙට ගියෙ මූණත් අතින් පිහිදගෙන ..

“පුතා… මෙහෙ එනවා..”

වෙනදට වඩා ටිකක් සැරෙන් තාත්තා කතාකරද්දි..හිතත් ගැස්සිලා ගියා..

අම්මා සෙටිය ලග හිටගෙන ඉන්නවා ඇසුත් ලොකු කරන්.

“ඇ..ඇයි තාත්තා… ?”

මම එහෙම අහගෙන තාත්තා වාඩිවෙලා හිටපු සෙටිය ලගට ගියා..

‘ වාඩිවෙනවා මෙතනින්..”

ආයෙත් සැරෙන් කියද්දි..මම අම්මා දිහා බලාගෙනම වාඩිවුනා.. අම්මත් බයවෙලා..
අක්කත් කාමරේ ඉදන් දුවගෙන් වගේ ආවෙ ඒ වෙලාවෙ.

“අහ්..තාත්තා අද කලින්ම..”

අක්කා කිය්ද්දි..තාත්තා අක්කා දිහත් ඔරවලා බැලුවෙ දැන් ගිලින්න වගේ..
අක්කගෙත් ඇස් ගැස්සෙනවා මම දැක්කා..

“කොහෙද තමුසෙ ගියෙ..?”

ගහෙන් ගෙඩි එන්න වගේ තාත්තා අහද්දි..සත්තයි මගෙ සර්වාංගෙම වෙවුලුවා..

“ම්..මම..මේ..ය්..යාලුවෙක්ගෙ ගෙදර ..ගියෙ තාත්තා…ඇ..ඇයි.”

මම කටට ආපු දේ කියලා දැම්මා..

‘හ..යාලුවෙක්ගෙ ගෙදර..එතකොට නෝනෙට කොහෙ යනවා කියලද ගියෙ..?”

තාත්තා අම්මා දිහාට හැරිලා අහද්දි මමත් බැලුවෙ අම්මා දිහ..

“ම්..මේ..මට කිව්වෙ ටවුන් එකට යනවා යාලුවෙක් හම්බවෙන්න් කියලා..”

“හ්ම්.ඒකත් එහෙමද..?”

තාත්තා සැකෙන් වගේ අහද්දි අම්මා ඔලුව වැනුවා..

“එතකොට..ඔය තමුසෙ හම්බෙන්න ගිය යාලුවා..කෙල්ලෙක්ද..කොල්ලෙක්ද.”

ආයත් තාත්තා ඇහුවා.. දැන් නම්.මට චූ බරත් එනවා..

තාත්තා හරි අහිංසකයි.හැබැයි තරහා ගියාම ඒ තරම් නපුරු රාක්ශයෙක්.තවත් නෑ මේලෝකෙ.. ඒනිසාම..අක්කයි මමයි දෙන්නම එයාට පණ බයයි…

“ම්..මේ…කො…කොල්ලෙක්..තාත්තා…”

‘හහ්..කොල්ලෙක්නෙ…එතකොට.. ඔය කොලු යාලුවගෙ ගෙදර තියෙන්නෙ.. බීච් එකේ වැටකෙයියා ගහක් අස්සෙද..?”

හුටා..දැන්නම් මම ඉවරයි..ඒ කියන්නෙ..තාත්තා.. ඔක්කොම දැනගෙනද…

මම බිම බලාගත්තෙ කියන්න දෙයක් කටට ආවෙ නැතිනිසා..

“යකෝ.. තෝ මොකක්ද් මේ කලෙ…ආ..කතාකරපන්…”

තාත්තා තරහින් ස්ටුල් එක උඩ තිබුනු මල්පෝච්චිය විසිවෙලායන්න අතින් ගහලා කෑගහලා කියද්දි… අක්කා අතින් කට වහගත්තා.. මමත් ගැස්සිලා ගියා..

‘අපෙ මහත්තයා..ඇයි මේ…?”

“ඇයි…ඇයි කියලා අහගන්නවා තමුන්ගෙ පුතන්ඩියාගෙන්..”

“පුතා..මොනාද මේ තාත්තා කියන්නෙ..”.

අම්මා අහද්දි…මම කදුලු පුරවන් අම්මා දිහා බැලුවා..

“මූ මොනවා කියන්නද.. කරන්න පුලුවන් නව නිංගිරා වැඩ කරලා දැන් කට පියන් ඉන්න ලස්සන..”

එහෙම කියාගෙන තාත්තා නැගිට්ටා.

“මේ බලනවා…මේ බලනවා පුතන්ඩියගෙ වැඩ..”

තාත්තා අම්මට එයාගෙ ෆෝන් එක පෙන්නුවා.. අම්මා ඒක දිහා බලන් ඉදලා අත් දෙකින්ම ඔලුව බදාගත්තෙ අඩ අඩ..

“අනෙ මයෙ රත්තරනේ ..මොකක්ද උඹ මේ කලේ..”.

එහෙමම පුටුවට වැටුනු අම්මා පපුවට ගගහා අඩනවා..

ෆෝන් එකට එබීගෙන හිටපු අක්කාත් අඩ අඩම අම්මව අල්ලගත්තා..

“යකෝ… තොට මේ ලෝකෙ කෙල්ලො නැතුවද මේ බැදපු එකියෙක්ව අල්ලගත්තෙ.. අනික ඒකි තොට වඩා වැඩිමල් යකෝ… වියතක් තරම් කොට කෑලි ඇදන් විලිසංගියක් නැතුව පාරක් පාරක් ගානෙ යන.. මිනිස්සුත් එක්ක ලගින ගෑනියෙක්වමද තොට හම්බුනෙ ලව් කරන්න…? නැත්තම් තෝත් ඒ මිනිස්සු වගේ ඒකිත් එක්ක ලැග්ගද..?’

තාත්තා කෑගමින් අහද්දි.. මම බයවෙලා තාත්තා දිහා බැලුව…මේවගේ දෙයක් මම තාත්තාගෙන් බලාපොරොත්තු වුනේ නැහැ..
අනික..මේ එයා කියන්නෙ මොනවද…
මගෙ ග්ලිටර් අයිස් එහෙම කෙනෙක් නෙමි.. එයාගෙ බාප්පයි එයාට එහෙම කරන්න පෙලඹෙව්වෙ..ඒත් එයා එහෙම නෑ…

“කතාකරපන්.. කියපන්..තෝත් ලැග්ගද ඒකි එක්ක..?”

“අනේ…න්..නෑ..තාත්තා.. මොනවද ..මේ කියන්නෙ..?”

“කියන්නෙ..කියන්නෙ තොගෙ ඔලමොට්ටල වැඩ ගැන. තෝ දන්නවද මේකි කවුද කියලා.. ?”

“ඔව් තාත්තා..එයා මට හැමදේම කිව්වා..”

“හහ්..හැමදේම කිව්වද..එතකොට මේකි හම්බකරන් කන්නෙ කොහොමද කියලත් කියන්න ඇතිනෙ..?”

“ඔ..ඔව් තාත්තා.. එ…එයා මොඩ්ලින් කරනවා කියලා කිව්වෙ…”

“මොඩ්ලින්..🤣🤣🤣🤣 මොන මොඩ්ල්න්ද යකෝ.
මේකි හම්බකරන්නෙ ඇග විකුනලා.”

තාත්තා කියද්දි… මගෙ ඔලුව උඩ අකුණක් පිපිරුවා වගේ වුනා..

“ම්..මොකක්..න්..නෑඅ.එහෙම නෑ තාත්තා…ඔයාට වැරදිලා..එයා එහෙම නෑ තාත්තා..”

“කටවහපන්..”

තාත්තා මගෙ කම්මුලට ගහපු පාර මම විසිවෙලා ගිහින් පුටු ඇන්දෙ ඔලුව වැදුනා..

“අනේ..තාත්තා..එපා..”

අක්කා අඩාගෙන දුවගෙන.ඇවිත් මාව බදාගත්තා..

ඇස් රතුකරන් යක්ශාවෙශෙන් මගෙ දිහා බලන් ඉන්න තාත්තා කියන දේවල් මට විශ්වාස කරන්නම බැහැ. මොකද..ග්ලිටර් අයිස් මට හැමදේම කියපු නිසා ඇත්ත මම දන්නවනෙ..තාත්තට වැරදීමක් වෙලා..

“මහත්තයෝ..අනේ කොල්ලට ගහන්න එපා…”

අම්මත් තාත්තගෙ අතේ එල්ලුනා.

“මොනවද නෝනෙ මේ වෙන්නෙ..මම හිතුවෙනෑ මගෙ එකා මෙහෙම වෙයි කියලා.. මගෙ කොල්ලා ගැන හරි ආඩම්බරෙන් මම හිටියෙ..ඒත් ඌ මේ මොනවද කරන්නෙ..මට..මට මේක මුලින්ම ආරන්චි වුනෙ දැන් මාස දෙකකට විතර කලින්..

එදා සමර මට ඇවිත් කිව්වම මගෙ කොල්ලා බීච් එකේ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා මම හිතුවෙ නෑ..ඒත්… අද.. අද සමරෙ ෆොටෝ එකක් අරන්ම ඇවිත් මට පෙන්නද්දි..මගෙ ඔලුව පිස්සු වැටුනා.

එහාගෙදරට ආපු අය ගැන දැනගත්තෙ මම එයාලා ආපු දවසට සතියකට විතර පස්සෙ නෝනෙ.

ඒ ඔය කෙල්ලගෙ අම්මා තාත්තත් නෙමි.. ඒ කෙල්ලව මිනිස්සු ලගට යවලා හම්බකරගෙනයි මේ මිනිස්සු මේ සැප විදින්නෙ…
මගෙ එකා ඒකි එක්කම පැටලෙයි කියලා මම හිතුවෙ නෑ නෝනෙ….”

තාත්තා අත් දෙකම ඔලුවෙ ගහගෙන සෙටියෙන් වාඩිවුනා..

“පුතා..මොකක්ද දරුවො මේ කලෙ..?”
.
“අනෙ අම්මා..මම වරදක් කලෙ නෑ අම්මා.. එයා වගේම මමත් එයාට ආදරෙයි අම්ම.. එයාගෙ බාප්පයි එයාව පොලබවන්නෙ මේ දේවල්.වලට්..ඒත් එයා එහෙම කරන්නෙ නෑ..එයා මොඩ්ලින් කරලයි හම්බකරන්නෙ.. එයා මට ඔක්කොම කිව්වා අම්මා..”

“මොඩ්ලින්..මොඩ්ලින් කලා නම් එක පින්තූරයක් දකින්න එපැයි පත්තරේක ටීවී එකක..උඹ දැක්කද ඒව..?

“න්..නෑ තාත්තා..”

“එහෙනම් යකෝ ඔහොම විශ්වාස කරනවද.. ලැජ්ජාවක් නැතුව ඇග පෙන්න පෙන්න පාරෙ යන හැටියෙන්වත් උඹට ලැජ්ජා හිතෙන්නෙ නැද්ද..?”

“අනේ..තාත්තා..එයා අසරණයි තාත්තා..”

“කටවහපන්..නැත්තම් මම උඹව මරනවා. උඹ තාම පොඩි වැඩියි මේවා තේරුම් ගන්න.. අදින් පස්සෙ..මේ ගෙදරින් හෙල්ලෙනෙ නෑ උඹ..අඩියක් හරි එලියට තියලා අහුවුනොත්..මම උඹව මරනවා..එච්චරයි..”

ඇගිල්ල මගෙ දිහාට දිගුකරලා තාත්තා එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා..

“මූව කාමරේට දාලා ලොක්කරනවා.. මම උන් එක්ක මේක බේරගන්නකම්..”

තාත්තා අම්මට එහෙම කියාගෙන කාමරේට ගියා…

අක්කා හොදටෝම අඩනවා.. මමත් කාමරේට ගියෙ වේදනාව දරාගන්න බැරුවම.

තාත්තා කියපුවා චුට්ටක් වත් විශ්වාස කරන්න මට බැ.. මොකද මම දන්නවා..එයා එහෙම නෑ කිය්ලා.. මම ඇදේ හාන්සිවෙලා ඇඩුවා..
මට දුකයි..මම නිසා අම්මා අඩපු එකට.. තාත්තා වේදනා විදපු එකට.. ඒ වගේම..
මට් දුකයි..මේ විදියට ග්ලිටර් අයිස්ට චෝදනා කරපු එකට…

මතුසම්බන්ධයි❤️ .

**************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *