#විසේකාරයා 16

👦 16 දගකාරකම 👦

අද දවසෙ උදේ ඉදලම මුකුත් කෑවෙ නැති නිසා පට්ටම බඩගිනියි. ඒත්..කාමරෙන් එලියටවත් එන්න එපා කියපු නිසා මම කාමරේටම වෙලා හිටියා තරහටම..

තාත්තට ලැබිලා තියෙන්නෙ වැරදි ආරංචි.. මගේ කෙල්ල එහෙම නෑ. මට එයාව විශ්වාසයි. මම එයා ගැනම කල්පනා කරකර ඉද්දි අක්කා කාමරේට ආවා..

“මල්ලියො..”

අක්කා මගෙ ඔලුව අතගාගෙනම ඇදෙන් වාඩිවුනා. එයාගෙ අතේ ලොකු බත් එකක්.

“බත් ටිකක් කාල ඉමු මහත්තයො.. ම්ම්…”

අක්කා බත් කටක් අනලා මගෙ මුවට ලංකලා..

“මට එපා..”.

මම අහක බලාගත්තෙ තරහින්..

“පිස්සෙක් නොවී කාලා ඉන්නවා.. බඩ පිරුනට පස්සෙ ප්‍රශ්න වලට විසදුම් ගලාගෙන එයි ඔලුවට “

අක්කා එහෙම කියලා මගෙ කටට එබුවා අර බත් කට.

“එයා එහෙම කෙනෙක් නෙමෙයි අක්කෙ..’

මම කිව්වෙ ඒ බත්ටික ගිලලා..

“දැන් අක්කාටත් දේවල් හංගනවා නේද මල්ලා..හ්ම්ම්..කමක්නෑ..”

අක්කගෙ ඇස් වල කදුලු.

“මම ඔයාට මුකුත් හැංගුවෙ නෑ අක්කෙ..”

‘ඔය දෙන්නා එෆෙයා එකක් පටන් ගත්තු එකවත් මට කිව්වෙ නෑනෙ. “

“අක්කෙ.. අනේ..අඩන්නෙපා ඕයි . මේ අහනවා..මම ඔක්කොම කියන්නම්..”

“හ්ම්ම්..”

“එයාව මම මීට් වුනෙ එකපාරයි අක්කෙ.. මම ඒක ඔයාට කිව්වනෙ නේද..”

“හ්ම්ම්..ඉතින්..”

“ඊට පස්සෙ ආයෙත් මීට් වුනෙ අද..”

“හ්ම්ම්..”

“එයා මට ආදරෙයි කිව්වා අක්කෙ..මමත් කොහොමත් එයාට ආදරෙයි එයා දැක්ක දවසෙ ඉදලම.. ඉතින්..මමත් කිව්වා එයාට එහෙම..”

“හ්ම්ම්..”

“එයා ගැන ඔක්කොම මට කිව්වා අක්කෙ. එයාගෙ බාප්පලු එයාව බලෙම් මොඩ්ලින් වලට යවන්නෙ. පොඩි කාලෙම..එයාට බාප්පා කරදර කරලා.. දැන්.. එයා මැරිකරලා ඉන්න කොල්ලත්.. එයා පව් අක්කෙ..”

“මල්ලියො.. ඇයි ඔයා එහෙම කෙනෙක්ට…..”

“ඔයත් කෙල්ලෙක් නේද අක්කෙ.. එයාගෙ අසරණකම ඔයාට දැනෙන්නෙ නැත්ද..?”

“මැට්ටො..නොදැනෙනවා නෙමෙයු.ඒත්.. හැමදේම දැනගෙනත්..ඔයා එයාට ආදරේ කරන එකයි මට පුදුමෙ.. “

“මම එයාට අවංකවම ආදරෙයි අක්කෙ..’

“මල්ලි.. මම දෙයක් අහන්නද..?”

“හා..”

“එයා කිව්වොත්.. අපිව අතෑරලා …එයාව තෝරගන්න කියලා.. එයාව කොහාටහරි අරං යන්න කියලා….එතකොට…ඔයා මොකද කරන්නෙ..?”

අක්කා අහද්දි..මම උඩගියා .ඇයි ඉතින්…එයා කිව්වනෙ එයාව අරන් කොහාටහරි යන්න කියලා..

“ඉතින් කියන්න..මොකක්ද ඔයා කරන්නෙ..අපිව අතෑරලාදාලා යනවද..?’

“අමාරුවෙ වැටෙන දේවල් අහන්නෙපා හලෝ..”

“අමාරුවෙ වැටෙන…?හහ්..මොකක්ද ඒ කතාවෙ තේරුම..?අදක ඊයෙක හම්බෙච්ච කෙල්ලවයි අපිවයි අතරින් එකක් තෝරගන්න එකත් දැන් ඔයාට අමාරු වෙලාද..?”

අක්කා ඇහුවෙ කේන්තියෙ.

“ඒමගෙ පලවෙනි ආදරේ අක්කෙ..’

“එතකොට අපි…? අපි කවුද මල්ලි ඔයාගෙ…?’

අක්කට ඇඩුනා.. එයා බිම බලන් අඩනවා.

“මේ අහන්න රත්තරං.ඔයා තාම පුංචි වැඩියි මේ වගේ දෙයක් තේරුම් ගන්න. හරි අපි හිතමු එයා නරක නෑ කියලා..ඒත්..එයා බාප්පා අතින් අනාත වෙලා නේද ඉන්නෙ..එකපාරක් නෙමි කීපපාරක්ම.. නිතරම වගේ. නේද..? එහෙම කෙනෙක්ව හිත හදාගෙන ඔයාගෙ වයිෆ් කරගන්න පුලුවන්ද මල්ලි ඔයාට ? ඔයා ආදරෙ ඇති.. ඒත්.. වෙච්ච හැමදේම අමතක කරන්න පුලුවන්ද..?

මම දන්නවා මේ වෙද්දි ඔය කෙල්ලො ගානක් එක්ක යාලුවුනා.. එ ඔක්කොම ලස්සන කෙල්ලො.. කලින් කොල්ලො එක්ක යාලු නොවුනු අය..
ඇයි ඔයා ජොලියට හරි එහෙම අයවම තෝරගත්තෙ ?

ඒ අපි කැමති නෑ සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් පාවිච්චි කරන්න.නේද…? එහෙම එකේ..
මුලු ජීවිතකාලයක් බෙදාගන්න.. නාස්තිවුනනු කෙල්ලෙක්ව තෝරගත්තෙ ඇයි ඔයා..?”

“එතකොට..එහෙම අයට ජීවිතයක් නැද්ද අක්කෙ..? එයාලට ආදරේ උරුම නැද්ද..?”

“අපිට වැදගත් ඔයාගෙ ජීවිතේ මල්ලියො.ඔයයි අපි තුන්දෙනාගෙම පණ.. ඉතින් ඔයාගෙ ජීවිතේ නාස්තිකරගන්න දෙන්න මට බෑ..
මමත් ආදරේ කරනවා..ඔයා එයා ගැන දැනගත්තම .. මම ඔයාට එයා ගැන හොයන්න කිව්වා. හදීසියෙවත් ඔයා එයා නරකයි කිව්වානම්..මම ඒ අෆෙයා එක එවෙලෙම නවත්තනවා මල්ලි.. මොකද.. මට මගෙ අම්මා තාත්තා මල්ලි තරම් මේ ලෝකෙ වෙන කවුරුත් වැදගත් නැති නිසා..

තාත්තා වුනත් දෙයක් කියන්නෙ හොදට හොයලා බලල.. නිස්කාරනේ කෑගහන මනුස්සයෙක් නෙමෙයි අපෙ තාත්ත..ඒක ඔයත් හොදට දන්නවා. එය හොද ලෝයර් කෙනෙක්. ඉතින් එයා දෙයක් ගැන සැක හිතුනම ඒක පස්සෙ පන්නගෙන ගිහින් ඇත්ත හොයාගන්න කෙනෙක්..එහෙම කෙනෙක්ගෙ කටින් බොරුවක් කියවෙයි කියලා හිතන්න අමාරුයි මල්ලි.”

“මට තේරෙන්නෙ නෑ අක්කෙ මම මොනවද කරන්නෙ කියලා.. මට පිස්සුවගෙ..”

‘මේ අහන්න.. එයා කියපු සමහර දේවල් ඇත්තනෙ..ඔක්කොම නැතත්.. ඉතින්.. ඔයා එයා එක්ක කතාකරන්න.කෙලින්ම අහන්න තාත්තා කියපු දේවල්..එයා කියන පිලිතුර අනුව..ඉදිරියට හිතන්න..”

අක්කා එහෙමකියලා මට කවපු බත් පිගානත් අරන් යන්න ගියා.. මමත් කල්පනා කලා..අක්කා කියපුදේවල ඇත්තක් නැත්තෙත් නැ.. ඒත් ..මොන හේතුවක් නිසාද මංදා මට ග්ලිටර් අයිස්ව අවිශ්වාස කරන්න හිතෙන්නෙ නැහැ..

රෑ වෙනකම් කල්පනා කර කර ඉදලා අම්මලා නින්දට ගියාට පස්සෙ..මම එයාට කෝල් එකක් ගත්තා

“බබා…ඇයි මේ…නින්දයන්නෙ නැද්ද..?”

“මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕන..”

“ම්ම්..අහන්න බබා..”

‘මටඇත්තම කියන්න..ප්ලීස්.. මොකද…මෙ වෙද්දී..තාත්ති අපි ගැන දැනගෙන ඉවරයි..ඒනිසා..”

“වට්..තාත්ති..ඔහ් ගෝඩ්..දැන් මොකද කරන්නෙ..?”

“මොකක් කරන්නද කියලා හිතාගන්න ඕන නිසා තමයි මම කිව්වෙ මම අහන දේට ඇත්තම කියන්න කියලා..”

“කියන්න බබා ඉතින්..”

“ඔයා.. මොඩ්ලින් කරලා විතරමද..සල්ලි හොයන්නෙ..වෙනමුකුත්…?”

එතනින් එහාට මට අහන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.. ඒත්.. එයා නිශ්ශබ්දයි.

‘ඇයි උත්තර දෙන්නෙ නැත්තෙ..?”

“ඔයා එහෙම දෙයක් ඇහුවෙ ඇයිකියලා දැනගන්න පුලුවන්ද..?”

මම අහපු දේට උත්තරයක් වෙනුවට එයා ආපහු මගෙන්ම ප්‍රශ්න කලා..

“මොකද… අපෙ තාත්තා..දවල්..මොනවදෝ විකාර වගයක් කියවපු නිසා..”

මම කිව්වෙ ටිකක් තරහින්.

“බබා හිතනවද.. මම බබාට කිව්වෙ බොරු කියලා..?”

‘නෑ..මම එහෙම හිතන්නෙ නෑ..හැබැයි..මට හිතෙනවා…ඔයා ඇත්ත කිව්වෙත් නෑ කියලා..’

එයා ආයෙත් නිශ්ශබ්දයි.

“විශ්වාසය නැති තැනක ආදරයක් පවත්වගෙන යන්න බෑ බබා..ඔයාට මාව විශ්වාස නැත්තම්..මේ ආදරේ තේරුමක් නෑ නේද..”

එයා ටික වෙලාවක් කල්පනා කරකර ඉදලා කිව්වා.

“මම කිව්වනෙ..මට ඔයාව අවිශ්වාස නෑ.කියන දේ තේරුම්ගන්නවා..මටදැනගන්න ඕන ඇත්ත…”

“මම කිව්වෙත් ඇත්ත තමයි.ඉන් එහාට මට ඔයාට කියන්න දෙයක් නැ.. මම තියනවා..ඔයා මාව විශ්වාස කරනකම්.. ආයෙ මාත් එක්ක කතාකරන්නෙපා..’

එයා එහෙම කියලා තරහින් කෝල් එක කට් කලා..

මට දැනුනෙ පුදුම කේන්තියක්.මම ෆෝන් එක ඇද අයිනට විසිකලා..
ඒක ඇදෙන් බිමට වැටිලා කෑලි වලට වෙන්වුනා..

හිතේ තිබුනුතරහට මම නැගිටලා ගිහින් බිත්තියට අතින් ගහගෙන ගියා..

මට දැනුනෙ ග්ලිටර් අයිස් මගෙ ප්‍රශ්නය මගහරිනවා කියලා..

මම කේන්තියෙන් කාමරේ එහෙ මෙහෙ ඇවිද්දා.. මට හරියටම දැනගන්න ඕන මේකෙ ඇත්ත නැත්ත.. මේකට මොකක්මහරි කරන්න ඕන කියලා මම හිතාගත්තා….

ඔලුවත් පැලෙන්න වගේ හිතලා හිතලම. ගෙදරින් එලියට යන්න විදියකුත් නෑ තාත්තගෙන් අවසර නැතුව..
කරන දෙයක් ඔලුවට එන්නෙත්නෑ..
මම ෆෝන් එක ආයෙත් හදාගෙන ජූඩාට මැසේජ් එකක් තිබ්බා හෙට උදේට අපේ ගෙදර එන්න කියලා ඉස්කෝලෙ නොයා. දැන් ඉතින් සතියක් විතර නිවාස අඩස්සියෙ ඉන්න වෙනවනෙ..

මැසේජ් එක දාලා ෆෝන් එකත් පැත්තකින් තියලා මම නිදාගත්තා..

මතුසම්බන්ධයි❤️

**************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *