මියෙදෙන තුරා… 04
04. වන කොටස. අැදුමට මගේ හිත අාසා කලත් මට පහලට යන්නට සිත් දුනෙන් නැහැ. මට දැනුනේ නුහුරු බවක්. ලොකු බේබී.. මම ලීලම්මගේ කට හඩ අැහුන සැනින් දොර අැරියේ අැදුම ගැන අහන්න . මාව දැක්ක ගමන් ලීලම්මගේ අැස් පුදුමයෙනුත්, සතුටිනුත් පිරී ගිය බව මට පෙනුනා. අනේ ලස්සනයි සුරංගනාවියක් වගේ. මගේ ලොකු බේබිට අැස්වහ කටවහක් නම් වදින්න…