D & S……….05

**

තාත්ති කියපු නිසාම මමත් ඉතින් ටීවි එකට ඇස් දැම්මා…

–අද දහවල් …දුම්‍රිය ස්තානයේදී පොලීසියත් පාතාලයත් අතර සිදුවු වෙඩි තැබීමකින් පාතාලයෙ දෙදෙනෙකු මරු මුවට පත් වි ඇත..අප වාර්තාකරු පවසන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තෙ හදිසියෙ ලැබුනු ඔත්තුවක් මතය..මේ සමගම දුම්‍රියෙන් ප්‍රවාහනය කිරීමට නියමිතව තිබු කුඩු කිලො 7 ක් සමග සැකකරුවන් පස් දෙනෙක් කොටුකර ගැන්මට ඔවුන් සමත් වී ඇත..වැඩිදුර පරික්ශණ ප්දාන පොලිස් පරික්ශක දීගායු සුවස්න යටතෙ සිදු කරයි….

ම්ම් පුහ් විතරක්..මෙයා ටීවි එකෙ..හොම්බත් දික් කරන් ඉන්න හැටි..

ඊලගට පෙන්නුවෙ අපි උන්නු රේල්වේ ස්ටේශන් එකෙ වෙඩි තියා ගත්තුවා..කවුරුහරි පෝන් එකෙන් වීඩීයො කරලා..

හප්පා මාවත් පෙනේද දැන් නම් බයෙත් බෑ..

තාත්ති ඉතුරු ටික බලන්න කලින් මන් රිමෝට් එක අරන් ටීවී එක වැහුවා

ඇයි දෝ බේබියෝ

මන් තරහයි..යන්කො බෆගිනි අනේ..හ්..

මන් තාත්තියා අතින් ඇදන් ටේබල් එකට එක්කන් ආවා .අම්මි ඔක්කොම කෑම ඇරෙන්ජ් කරලා..

දැක්කනි අම්මි අපි කීවොත් තාත්ති එයිද..තාත්ති නිව්ස් බලද්දි අපිට කෑ ගහන්නත් දෙන්නෑ..ඒකට අපෙ දෝනිට..දෝනිට විතරයි තාත්ති ආදරෙ

එහෙම තමයි..තාත්තිලාදන්නවා හොටු කොල්ලො ඉන්නෙ තාත්තිලාව කන්න කියලා දූලා ඉන්නෙ තාත්තිලාට කවන්න කියලා..නේද තාත්තියෝ

හා හා දැන් කට පියන් කන්න

කෝමද අම්මියො කට පියන් කන්නෙ

සැරයක් කීවා නේද මන්

අම්මො හරි හරි මේ උත්තරීතර පාර්ල්මේන්තුව කතානායිකා තුමියගෙ අණ පරිදි නිහඩ වන වගයි…

අම්මි මට තවත් කියවන්න නොදී බත් කටක් කැව්වා…

මේ තමයි මන් දවසෙ ආසම මොහොත..අපි ඔක්කොමල්ලම එකට ඉන්න මොහොත..

කාලා ඉවර වෙලා දැන්නම් මගෙ බන්ඩිත් ඇවිල්ලා..අම්මියි තාත්තියි ටීවී බලනවා..මේ දෙන්නගෙ ආදරෙ දැක්කම මටත් ආසයි ඒ වගේ ආදරේ හිමිකාරියක් වෙන්න..ඒත් මට එහෙම කෙනෙක් ලැබේවිද…අපො කරන තරම් ටෝක් කරන්නෙ මට ස්කූල් යන කොල්ලොනේ..ලැජ්ජාවෙ බෑ..මට වැඩිය චුට්ටන් ඇටිකෙහෙල් කොල්ලො මට ටෝක් කරනො..හපොයි..මේ ලමා පෙනුම කෝමදෝ අයින් කර ගන්නෙ…

හැබැයි ඊට කලින් අර දෙන්නට ඩිස්ට්‍ර්බ් කරන්න ඕනියෝ..

මන් සෙටියේ අනිත් පැත්තෙ ඉදන් දෙන්නගෙ මැද්දෙන් ඉද ගත්තා..ඔන්න දැන් හලියො…

හැබැයි මේමයි කාටත් නොකියු රහසක් තියේ..

ශයිනි බබා තාම ඇගිලි උරනෝ..ඔන්න කීන්න එපා කාටවත් හරිදෝ..එන්කවුන්ට කල්නො මන…

…………………………………….

අද මන් ජිම් යන දවස…හොද පොලිස් නිලඩාරිනියක් වෙන්න සික්ස් පැක් බොඩියක් තියෙන්න ඕනි..හී ඉතින්..ඇත්තම කතාව මේකයි අයියලා තුන් දෙනෙක්ම යනො ඉතින්..මාත් එයාලා එක්කම යන්න එපැයි..නැත්තම්.මෙයාලා රටෙ නැති නැට්ටිච්චියන්ව එක්කන් එයි..එතකොට එකම රැජිණ වශයෙන් මගෙ ස්වාදීනත්වය රැක ගන්න බැරි වෙන වා..

මාගේ මේ ව්‍යාමය හුදෙක් සික්ස් පැක් බොඩියක් ලබා ගැනීමෙ අරමුනම නොව බව්න්ඩික අකන්ඩත්වය යටතෙ පාජාතන්තවාදී ගෝලීයවාදී රවුම් හතැර්ස් මෙලො රසයක් නැති ඇති අපෙ කුටුම්බය තුල මාගේ රාජදානිය අණසක සියලු කල්හි තබා ගැනීමටයි..

හී ගනන් ගන්න එපා..ඒ කියපුවා මට තේරුනෙත් නෑ…

ජිම් එකට ගිහින් බෑග් එක තියලා එක්සයිස් කරන්න පටන් ගත්තා….මගේ එහා පැත්තේ ඉන්න කොල්ලා අත පුම්බනවා…ඔහෝ ලස්සනයි..මෙයා පිටිපස්ස හැරිලනෙ

ඉන්නේ…එතනට ගියොත් මන් ඉදියි හාල්මැස්සියක් වගේ..මට ඕනි මේ වගෙ කොල්ලෙක් අනේ..තෝක්ස් වෙම්න යන්න ඕනි ඉස්සරහට…

ඒ ශයිනි

පුදන කොටම කාපිය යකා වගේ රශිනියත් ඇවිත්

ගුඩ් මෝනින්

ගුඩ් මෝනින්

මොකො බම්..මන්.ආවාට අකමැතිද

එහෙම එකක් නෑ ..උබ ආවෙ වැරදි වෙලාවෙනේ

ඇයි

ඉස්සරහා බලහන්කෝ

වාව්…ඒහ් මාරයි නේ

ඒකනි ඒකනි

මූණ ලස්සනද

දන්නෑ බම්

ෆයිටර් ටේල් එක පුම්බනවා වගේ මසල් පුම්බනවා වගෙ ඉන්නවා මිසක් හැරුන් නෑනෙ තාම මේ පැත්ත

ගෑනු ලමයි දෙන්නා මොකො කුටු කුටු ගාන්නෙ ආ

ඒ පාර ටුටුවත් ඇවිත්

මුකුත් නෑ අයියා…මේ රශිනි ෆයිටර් මාලුවෙක් ගැන කියනවා

රශිනි මට අනිනවා දාගෙන

ෆයිටර් මාලූ

ආ ඔව් ඔව් ..මෙ ශයිනිට ඕනිලු එකෙක්

එහෙමද..හරි යන ගමන් අරන් යමු

අරන් යන්න පුලුවන් වෙයිද

ෆයිට කෙනෙක්නෙ ජෑම්.බොටිල් එකක දාලා ගෙනිච්චැකී

ඒක අහලා අපි දෙන්නට හිනා ගිය තරමක්…

ඊලගට අපි දෙන්නා රයිඩ එකෙ දීවා…මන් තාමත් එහෙම..රශිනි මහන්සි නිසා වතුර බිබි උන්නෙ..මට පේන්නෙ ඈතින් තියෙන මුහුද..රශීට පේන්නෙ ජිම් එකෙ ඇතුල

රශී කවුරුහරි දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා

මොකො

එහ් අර කොල්ලා

කොයි

ෆයිටර් ෆිශ් බම්

ඉතිම්

අපි දිහාට එනවා

නෑහ් බොරු

ඔව් ඔව්..

ගනන් ගන් නැතුව ඉමු..කෙල්ලොනි..රෙස්පට්නි..

මන් එහෙම කියලා රශීට ඇහක් ගැහුවා..

එක්ස්කියුස්මි ශයිනි නිතිශ්කා ජයසුන්දර

හෑ කාද බොලෙ මගෙ උප්පැන්නෙ නම කියන්නෙ..

රශීට ඉස්පොල්ලෙ ගියෙත් මන් හැරිලා බැලුවෙත් එකට

..මතු සම්බන්දයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *