D & S……..14

**

මොකක්ද මට ඒ ඇහෙන නුපුරුදු සද්ද ගොඩ..කොහිද මන් මෙ ඉන්නෙ…ඇයි මට රිදෙන්නේ

මන් මොකක්ද උනෙ කියලා කල්පනා කලා…අහ් මාව ලිස්සලා රූටලා වැටුනා..

මගෙ ඇග පුරා කොල රොඩු..මන් ඒවා ගැසුවා..වැලමිට,කකුල,,මූණ සීරීලා..මූණට මොනා හරී වෙලා නම් හයියු කොල්ලෙක් වත් බලන එකක් නෑ …මට යන්න වෙයි වෙන රටකට..ඔව් තාත්තිට කියනවා..මන් කරනවා ප්ලාස්ටික් සර්ජරි එකක්..බාබි කෙනෙක් වගෙ මූණ හදා ගන්නවා…

ඒත් ඒත් එතකොට දිගා..එයා කොහොමද මාව අදුන ගන්නෙ..

අයියො මමත් මෙ මොනාද හිතන්නෙ..එක පැත්තකින් මන් කැලේක තනිවෙලා..තවත් පැත්තකින් මම් ඉන්නෙ කෝහෙද කියලාවත් දන්නෑ..දැන් වෙලාව…වෙලාව…

කලුවරයි..කැලේ නිසා තවත් අදුරුයි…කෙහෙල්මල් ප්ලාස්ටික් ස්‍ර්ජරි නෙවෙ..දැක්කනි ඇස් දෙකටම අලියෙක් උන්නා..එතකොට තව මොක්කු මොක්කු ඇද්ද…

මන් රොඩු ටික ගසලා නැගිට්ටා…ඒත් කකුල ඇදුම් කනවා..බෑ දැන් තුවාල ගැන හිත හිතා ඉන්න..

මන් දැන් ඉන්න තැන හොයා ගන්න.ඕන..කට්ටියට පණිවිඩයක් දෙන්න ඕනි…ම් එයාලා එනකම් මේ කැලේ සත්තුන්ගෙන් බේරෙන්න ඕන..හිතට ගැම්ම ගන්න ශයිනි….බී පොසිටිව්…ඔයා කවුද….කිසි දේකට නොසැලුනු හැම ප්‍ර්ශ්නෙකටම උත්තරයක් තිබුනු සේයාගෙ එකම දුව…චූටි සේයා…

ඉයස් මටම ජය වේවා
ශයිනිට ජය වේවා

මන් වටපිට බැලුවෙ කවුරුහරි මන් කියන ඒවා අහන් ඉන්නවාද කියලා…

ගහක් උඩ හිටපු කුරුල්ලෙක් ඇරෙන්න මොකෙක් වත් නෑ..ඌටත් මාව ගානක් නෑ

ඌත් උගෙ වැඩක්..ඉතින්..

ශයිනියෝ…උඹ විතරයි…

මන් හයියෙන් කෑගැහුවා…මගෙ සද්දෙට සත්තු කලබල වෙලා ටිකක් සද්ද කලාට ආයෙත් සුපුරුදු විදියටම ගුප්ත උනා…

මගෙ වොච් එක..ම්ම් ඒකෙ පස්…ඒක ඒක අහ් වැඩ..හයට කාලයි…මන් ඉන්න තැනක් හොයාගන්න ඕනි..තිබහයි..බඩත් ගිනියි..අනෙ රොබින්සන් කෲසො වගෙ මෙහෙ ගෙයක් හදන් කැලෙ කෑම කාලා වයසට ගිහින් මාව හොයා ගනීද..

බෑ බෑ ශයිනියට එහෙම වෙන්න කොහෙත්ම ඉඩ දෙන්න බෑ..කෝ මගෙ බෑග් එක.

මන් වැටිච්ච තැනට ටිකක් එහායින් ඒක තියෙනව…thAnk god ඒකවත් තියෙනවා…ඉක්මනට බෑග් එක බැලුවෙ..මොන මොනාද තියෙන්නෙ කියලා…පෝන් එක…හ්ම්ම්..වැඩ…ඒත් ඒත්…අනෙ සිග්නල් වැඩ නෑ…මන් කොහොමද පනිවිඩයක් දෙන්නද….

වෙන…ලණු..බැන්ඩේජ් ,හිස් වතුර බෝතලයක්…අනෙ කන්න දේවල් ඔක්කොම දාගත්තෙ අර මෝඩිගෙ බෑග් එකෙ..එතකොට ගල් ගෙඩියක් වගෙ මන් උස්සන් ඇවිත් තියෙන්නෙ ෆ්‍ර්ස්ට් ඒඩ් බොක්ස් එක..

මන් ඒකෙන් බෙටනොඑට් කීම් එක අරන් තුවාල වලට ගාගත්තා..මූණට ගාන්න බයයි…

ඊයා මොකෙක්ද මේ…මකුලුවෙක්…අයියො මට විද්දද දන්නෙත් නෑ..ස්පයිඩර් මෑන් වගෙ වෙයිද..කමක් නෑ…නූල් වලින් මන් ගේ හොයන් යනවා…

ඇත්තටම මගෙ මොලෙ නරක් වෙලා..තනියෙන් කතා කරනවා..විකාර ඒවා හිතනවා..

ශයිනියො ඔහොම උන්නොත් හැමදාම මෙතනමයි ඉන්න වෙන්නෙ…

ගොඩක් කලුවරයි දැන්..කොච්චර චන්ඩි හිතක් තිබුනත් දැන් මන් ගොඩක් බය වෙලා ඉන්නෙ..අනෙ අම්මි,තාත්ති මට බයයි..

පෝන් එකෙත් බැට්‍රි ඉවර උනු ගමන් ටෝච් එලියත් නැති වෙනවා..පවර් බෑන්ක් එක කෑම්ප් එකෙ…ඒ මදිවට ගස් ගදේ බෑ…මට තේරෙන්නෑ දෙයියනේ මන් මොකක්ද කරන්න ඕන කියලා..

ඔලුවට අත තියන් මගේම පිස්සු කොන්ඩෙ ඇදගත්තෙ..මොනාද කරන්න ඕනි කියලා හිතා ගන්න බැරිව…

හරි නම් මන් දැන් අඩන්න ඕනි…ඔව් ශයිනි ඔයා අඩන්න ඕනි…

මේ ගෙම්බොයි රැහැයියොයි මට පල් එකට විකාර සින්දු කියනවා..උන්ටත් ආස ඇති මන් වගෙ සුරූපි කෙල්ලෙක් එක්ක රෑ ඉන්න.

හරියන්නෑ ටාසන් වගෙ වදුරු පැටියෙක් හොයා ගන්න ඕනි..වැල්වල එල්ලිලා යන්න පුරුදු වෙන්න ඕනි..ඔක්කොටම කලින් ටාසන්ගෙ වොයිස් එක පුරුදු වෙන්න ඕනි…

අයියො මට පිස්සු කියලා හැමෝම කියනවා..ඒත් ඒක අද මටම දැනෙනවා…

ලග පාතින් සර සර සද්දයක් ඇහුන නිසා මන් දඩිබිඩි ගාලා නැගිට්ටා..මොකෙක්ද ඒ..මොකෙක් උනත් මට දැන් මෙතන ඉන්න බෑ…දුවන්නත් බයයි…ඌට මගෙ සද්දෙ ඇහෙයි…මොකො කරන්නෙ..

අහ් මේ ගහා…එක අතකින් කොලු බාගයක් වෙච්ච එක ලොකුම ලොකු දෙයක්..මන් ගහට නැග්ගා…මොකා උනත් දැන් මන් පරිස්සම්..තව ටිකකින් පෝන් එකත් ඕෆ් වෙයි…ගහ යටට මොකෙක් හරි ආවා වගෙ දැනුනා..කලුවරෙ දිලිසෙන ඇහක්…

ඒ ඒ…අහ් මුවෙක්…අයියො මන් මුවෙක්ටයි බයවෙලා තියෙන්නෙ….කමක් නෑ දැන් ගහට නැග්ග එකෙ මෙහෙම්ම ඉන්නවා..

මන් එහෙම්ම වටෙ බැලුවා…හැම පැත්තෙන්ම එක එක සත්තුන්ගෙ නන්ස්ටොප් මියුසික් මිසක් වෙන මුකුත් නෑ..

පොඩ්ඩක් ඉන්න මට මොකක් හරි මග ඇරුනා…මන් ඒ ි දැක්කෙ එලියක් නෙවෙද…මොකා උනත් කමක් නෑ..මන් යනවා එතනට…සත්තු එලි පත්තු කරන්නෑනි..

හිමීට ගහින් බැහගත්තා මන්..මුවා නම් දොයි…එයත් එක්ක තවත් කවුදො ඉන්නවා වගෙ..අහ් මන් දැක්කෙ දැන්..එක්කෙනෙක් නෙවෙ මුව රන්චුවක්ම ඉන්නවා මෙතන..එයාලා ගොඩක් සන්වේදියි..ඒත් ප්ලීස් ඇහරෙන්න එපා..

හිමින් අඩිය තියලා පෝන් එකෙ ටෝච් එක ගහන් මන් ඉස්සරහට ඇදුනා…මොනවගෙ කෙනෙක් කට්ටියක් හම්බෙයිද දන්නෑ…සමාර විට…..නෑ නෑ අසුබ දේවල හිතන්න හොද නෑ…ශයිනි බබාට ජයම වේවා …

ටිකෙන් ටික මන් ඒ එලිය පේන දිහාට ලන් වුනා…ගිනිමැලයක්…කවුද ඉන්නෙ…පේන්න ඉන්නෙ එක්කෙනයි…

හිතට බයක් වගේම සතුටක් දැනෙනවා..මොනා උනත් මනුස්සයෙක්…..අනේ…

ආව්…

කලුවර නිසා මොකක හරි අත පැටලුනා…

මගේ කෙදිරිල්ල ඇහුන වත්ද

කවුද ඔතන ආ

ඒ ඉන්න කෙනා පැහැදිලි නැතත් එයා කොල්ලෙක්..නැගිට්ටා…

කියනවා කවුද

ඇත්තටම ඒ කෙනා කොයි වගෙ කෙනෙක්ද මන් දන්නෑ…මොනා උනත් ් මම් කෙල්ලෙක්…මනුස්සයෙක් ඉන්නවා කියන සතුට දැනුනා වගේම දැන් මගෙ හිතට බයයි…මගෙ ගෑනු හිත පරිස්සම් වෙයන් කියනවා…පෝන් එකෙ ලයිට් එකත් ඕෆ් කරලා මන් සද්ද නැතුව උන්නා…

කෝ දැන් ඒ උන්නු කෙනා ගිනිමැලේ විතරයි පේන්නෙ…කොහිද අතුරුදහන් උනෙ…කාන්තාර වල අතරමන් උනාම මිරිගුව පේනවා වගේ ඒ ඒ හොල්මනක් වත්ද…

තවත් මුකුත් හිතන්න ඉඩ නොතියාම කවුරුහරි පිටිපස්සෙන් මගේ අත් දෙක අඹරලා ගන්නවා දැනුනා..

ආහ්….

කියනවා කවුද තමුන්…මේ රෑ…මොකො කරන්නෙ..අනික තමුන්ගෙ කටහඩ …මෙ කොන්ඩෙ …කෙල්ලෙක්…මොකද මේ රෑ කැලෙ තනියෙන් කරන්නෙ..තව කවුද ඉන්නෙ…ආ..කියනවා

ආහ් කියන්නම් මට රිදෙනවා…

ඒ අත් මාව ලිහිල් කලා ඒත් ඒත් ඒ මට ඇහුනේ..

මන් ඉක්මනට අනිත් පැත්ත හැරිලා…ඒ හැඩ්දැඩි පිරිමි පපුවට තුරුල් උනා…

….තවත් සේයාවකට….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *