D & S……….16

**

එකින් එකට වෙනස් හීන ගොඩක් දැක දැක උදේ වෙලා කියලත් දැන දැන ඇගිල්ලත් කටෙ ගහන් මන් දොයිය ගත්තා..

මෙ අම්මි නම් ඉන්න දෙන්නෑනේ..චුට්ටක් ඉන්නකො අම්මියො

අම්මි මගෙ මූණෙ වතුර ගානවද ම මන්දා..මූණ තෙත් වෙනවා…මොකො වෙලාද අම්මට..

මන් කකුල් දෙකම උඩට අරන් අත් දෙකෙන් ඒ කකුල් දෙකම බදන් තවත් ගුලි උනා..ඇස් අරින්න බෑ අප්පා දැවිල්ලයි..

ඉන්නකො අම්මියො අනේ..

එක පාරටම අතට ලොම් වගෙ අහු වෙනවා..අම්මිට කොහිද ලොම්..එතකොටයි මට මතක් උනෙ මන් ඉන්න තැන..

ඊයෙ රෑ මන් නිදා ගත්තෙ දිගා ලග..දිගාට ලොම්??????

මන් හිමින් ඇස් ඇරලා බැලුවා..තඩි කලු බල්ලෙක් කෙල වක් කර කර මගෙ මූණ දිහා බලන් ඉන්නවා..හෙල්ලෙන්නත් ් බයයි..ශු ශූ යනවා..යනවා මගෙ ළග ඉන්නෙ නැතුව

ඒ බෲනෝ ඔය මෝඩිට ඉන්න දීලා මෙහෙ එනාවා..

මොකක් බෲනෝ..අනික ඒ දිගා..ඊයෙ රෑ නොඋන්නු බල්ලෙක් දැන්..මට හොදට මතකයි..ඊයෙ රෑ බල්ලෙක් උන්නෙ නෑ මයි..එහෙම උන්න නම් ඌ මට බුරන්න ඕනි..

මන් එහෙම්ම කකුල් එරමිනියා ගොතන් වාඩි උනා..මගෙ පෙනුම කීවොත් කොන්ඩෙ ගොතලා තිබ්බ එක ලෙහිලා..ඒ කොන්ඩෙ කොල රොඩු පැටලිලා…හරියට පිස්සියෙක් වගෙ ඇති…

මන් මගෙ බෑග් එකත් තුරුල් කරන් දිගා දිහා බැලුවා ..එයා මට පිටුපාලා වැඩක්…දුමක් එනවා..මොනා හරි උයනවාද…

බෲනෝ….මෙයාත් දිගා වගේමයි..කලු පාට ඇල්ශේශන් බල්ලෙක්..හිට ගත්තොත් ම්ට චුට්ටක් පොඩි ඇති…ඉන්න හැටි…දිගා වගේමයි..පොලිස් බල්ලෙක්…

දිගා මෙහෙ කරන්නෙ මොනාද
ඒ මදිවට ඊයෙ රෑ නො උන්නු බල්ලෙක්..
මේවා සේරම අහන්න ඕනි..ඊට කලින් කුක්කු ඕනි…

මන් හිතද්දිම දිගා නැගිටලා මග් එකකුත් අරන් මන් දිහාවට ආවා..

ගුම් මෝනින්

මෝනින්

මොනාද

බැලුවා ..එයා මට පිටුපාලා වැඩක්…දුමක් එනවා..මොනා හරි උයනවාද…

බෲනෝ….මෙයාත් දිගා වගේමයි..කලු පාට ඇල්ශේශන් බල්ලෙක්..හිට ගත්තොත් ම්ට චුට්ටක් පොඩි ඇති…ඉන්න හැටි…දිගා වගේමයි..පොලිස් බල්ලෙක්…

දිගා මෙහෙ කරන්නෙ මොනාද
ඒ මදිවට ඊයෙ රෑ නො උන්නු බල්ලෙක්..
මේවා සේරම අහන්න ඕනි..ඊට කලින් කුක්කු ඕනි…

මන් හිතද්දිම දිගා නැගිටලා මග් එකකුත් අරන් මන් දිහාවට ආවා..

ගුම් මෝනින්

මෝනින්

මොනාද

ආ පණ එන්න චූටි බබාට කිරිත් එක්ක මයිලො…බොනවා

ම්ම්…මන් ඒ මග් එක අතට ගත්තා..ඇත්තටම මන් හිතුවෙ විහිලු කරනවා කියලා…මයිලො තමයි…

ඊයා කුණු කෙල පිටින්ම බීවා

මන් මග් එක මූණට ඔබන් දිගා දිහා බලන් කිරි එක බීවා…මෙයා මොනා හරිම රහස් වැඩක්..නැත්තම් ඇයි මෙ මයිලොත් අරන් කැලෙ ඇවිත් ඉන්නෙ..

ම්ම් ආ

බීලා කෝප්පෙ මන් දිගාටම දික් කලා..

හෝදනවා ඕක

මොකක්

ඇයි ඇහුන් නැද්ද බිව්ව නම් හෝදනවා

මට බෑ

මෙ අහනවා මන් තමුන්ගෙ වැඩ කාරයා නෙවෙ..යනවා ගිහින් හෝදනවා

කොහින්ද

දිගා මට ඇගිල්ල දික් කරලා පෙන්නුවා

වතුර..එතකොට ඊයෙ රෑ ඉදලා තියෙන්නෙ ගගක් ලගද…අනෙ මන්දා රහස් ගොඩයි

මග් එකත් හෝදන් මූණත් සෝදන් මන් මේ පැත්ත හැරුනා..මේ බෲනො ගොයියා මොකො මගෙ පස්සෙ

ශූ ශූ යනවා එහාට

දිගා වගේම තමයි මුරන්ඩු පොලිස් බල්ලෙක්..මාව කන්න වගෙ බලන් ඉන්න හැටි..

මන් අපි උන්නු තැනට ආවා..එයා අනිත් පැත්ත හැරිලා …මන් සද්ද නොකර පිටිපස්සෙන් ගියා.

ලගටම ගියාට පස්සෙ දිගා මගෙ අත අඹරලා එයාගෙ ඉස්සරහට ගත්තා..එයාගෙ අනිත් අතෙ ගන් එකක්..ඒක මගෙ කම්මුලකට තියලා මන් දිහා බලන් උන්නා..

මෙ බලන බැල්ම..මගෙ ඇස් පිය සිය වාරයක් විතර ගැහෙන්න ඇති

මොකො යකින්නි හොරෙන් එන්නෙ ආ

මට රිදෙනවා

සොරි..එයා අත ලිහිල් කරා ඒත් තවම අතෑරියෙ නෑ

මොකො ඔහොම කට උල් කරන් බලන්නෙ ආ..

කෝමත් මට තිබුනෙ චූටි ලිප්ස් දෙකක්…මට ප්ශ්නයක් හිතට ආවම ඒ කට උල් වෙනවා..එයා අත අතෑරලා..තොල් වලට ඇගිල්ලක් තිබ්බ

මොකො..ම්ම්

ප්ශ්නයක්

මොකක්ද

ඔයා මෙ කැලෙ මොනාද කරන්නෙ..අනික අරයා ..එයා උන්නෙ නෑ ඊයෙ රෑ…

මන් ඉන්නෙ තමුසෙගෙ ප්‍ර්ශ්න වලට උත්තර දෙන්න නෙවෙ

බැහැ මට ඒවා දැනගන්න ඕනි..ඔයා මෙ කැලෙ බල්ලෙකුත් එක්ක..

බල්ලෙක් එක්කනි උන්නෙ කෙල්ලෙක් එක්ක නෙවෙ නෙ…

අනෙ මාව පිස්සු වට්ටන්නැතුව කියන්නකො

දඩයමෙ ආවා

දඩයමෙ..මෙ යාලෙ..තහනම් නෙ..ඔයා බොරු කියන්නෙ…මට ඇත්ත දැනගන්න ඕනි..

මෙ යකින්නි..මට ඕනි නම මන් බොරු කියනවා..මට ඕනි නම් ඇත්ත කියනවා..මට ඕනි නම් මන් දඩයම් කරනවා..මට ඕනි නම් මන් බල්ලෙක් එක්ක කැලෙ ඇවිදිනවා..ඒ වගේම මට ඕනි නම්…මෙ චූටි මූණ…..

මොහොතක් එයා ආයෙම මන් දිහා බලන් උන්නා..මට හිතුනෙම පැනලා මාව කිස් කරයි කියලා..ඒ බැල්මෙ තිබුනෙ ඒක නෙවෙද..

ආයෙම ඒ මූණ හැගීම් විරහිත උනා…

මට ඕනි නම් තමුන්ගෙ ඔලු කට්ට කුඩු වෙන්න තියෙනවා..මෙ කැලෙ තමුන්ව හොයන්න කවුරුත් නෑ..ඒක තේරුම් ගන්නවා…ඊයෙ රෑ නිසා ් මන් එලෙව්වෙ නැත්තෙ..දැන් යනවා..

හහ් මටත් ඕනි නෑ ඔයත් එක්ක ඉන්න..තේරුනාද…හිතෙ ඇති..

මන් එහෙම්ම ගිහින් මගෙ ශූශ් දෙක දාගත්තා..ඒත් දකුණු කකුලෙ ශූස් එක දාන්න අමාරුයි..එතන නිල් වෙලා..ඉදිමිලා..මටත් නොදැනිම කෙදිරි ගෑවුනා

මොකො

මගෙ පෙනුම චූටි ලමෙක් වගෙ වෙන්න ඇති..තාත්තා කෙනෙක් ඉස්සරහා තුවාල උනු චූටි ලමෙක් වගෙ..

මගෙ කකුල ඉදිමිලා

කෝ බලමු

ඕනි නෑ

මන් ඒ අත ගැසුවා..

දගලන් නැතුව ඉන්නවා මන් බලන්න..

එයා එතන ඇන තියාන මගෙ කකුල ඒ දනහිසක් උඩට ගත්තා…

ආව්

රිදෙනවද

ම්ම්ම්

හ්ම්ම්..මොකෙක් හරි විදලා කොයි ලෝකෙ රින්ගලද මන්දා…

හුම්ම්ම්

ඉන්න මන් මොනා හරි ගාන්නම්..

එයාගෙ බෑග් එකෙන් කීම් එකක් අරන් මගෙ කකුලෙ ගෑවා..

දැනුත් රිදේද

හ්ම්ම් ටිකක්

ඇවිදින්න පුලුවන් නේද

පුලුවන්

හරි..අපි යන්

කොහිද

මෙතන පදින්චි වෙන්න නෙවෙ නෙ ආවෙ..යන්..

එයාම මගෙ ශූශ් එක පරිස්සමට දාලා මාව නැගිට්ටුවා…

ඔහොම ඉන්නවා මේ ටික අස් කර ගන්න කම්

විනාඩි දහයක් යද්දි එතන කවුරුත් නොහිටිය විදියට එයා අස් කලා..

මගෙ බෑග් එකයි එයාගෙ එකයි දෙකම ගත්තා..එක අතකින් මාවත් අල්ල ගත්තා

යන්

මට බෑ..කොහිද

කට වහන් එනවා

මෙයා කියන දෙ අහනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ…

එයා වටපිට බල බල හයියෙන් අඩිය තිය තිය මාවත් ඇදන් ඉස්සරහට ගියා..බෲනොත් අපෙ පස්සෙන් එනවා…

අනෙ මහන්සියි

ඇත්තටම මට ගොඩක් මහන්සියි..ඊයෙත් මන් කොච්චර ඇවිදින්න ඇද්ද…

හ්ම්ම්..මෙතන නවතිමු..ටිකක්..බෲනො මෙයා බලා ගන්න..මන් ඉක්මනට එන්නම්

මාව දාලා කොහිද යන්නෙ

ඇයි යකො මේක හරි කෙලියක් නෙ…ඊයෙ රෑ තමුන් ගියෙ ඒකට යන්නෙ..එනවද මන් එක්ක

හී…හා ඉතිම්..කියන්න එපැයි..මෝඩයා

මන් එතන ඉදන් උනු ඒවා කල්පනා කරා..බෲනොත් මගෙ ලග ඉදන් හති දානවා…

බෲනො

ඌ ඔලුව කරකෝලා මන් දිහා බැලුවා

ඔව් ඔයාට තමයි බෲනො..කියන්න ඔයාවත් ඇයි ඔයාලා කැලේට ආවෙ.. ආ…එයා ලග පෝන් එකක් නැද්ද..මෙච්චර හැමදේම අරන් එයා කැලේට ආවෙ ඇයි..ඔයා කොහිද ඊයෙ රෑ උන්නෙ..ඇයි මන් ඔයාව දැක්කෙ නැත්තෙ..ඔයා උන්නනම්.ඇයි ඔයා මට බිරුවෙ නැත්තෙ බෲනො..මේවා දැවෙන ප්ශ්න…

මෙයත් දිගා වගේමයි..රෝස පාට දිග දිව එලියට දාන් හැහ් හැහ් ගගා හති දානවා මිසක් මුකුත් කියන්නෑ..අනික මටත් පිස්සු මන් බල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා..

කෝ අප්පා මෙයා…චූ දාන්න මෙච්චර වෙලා..හහ්..අනිත් එකට වෙන්නැති..මන් හින්දා ලැජ්ජාවට නොකියා ඉන්න ඇති..ඒත් ඒකටත් වෙලා ගත්තා වැඩියි..

ඇයි මෙච්චර පරක්කු..මොනාද මේ බෑග් එකෙ තියෙන්නෙ..මන් බෑග් එක අදින්න හදද්දිම පෝන් එකක් රින් වෙනවා…

මට මෙ හැමදෙයක්ම ප්‍ර්ශ්න..පෙහෙලිකාවක්…

…තවත් සේයාවකට…

ඔයාලටත් එහෙම නේද 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *