D & S……….21

**

ඉතින් තියනවා බලන් ඉන්නේ…

එයා ගන් එකේ ඒම් එක අර ගත්තා..

අහ්…

කණ ලගින්ම ඇහුනු වෙඩි සද්දෙ නිසා මාත් දිගාත් ඒ පැත්ත බැලුවා..

සර් …

මේ එන්නෙ දිගාගෙ ගෝලයෙක් නේද..මට මෙයාව මතකයි..එදා දිගාව දැක්ක පලවෙනි දවසෙදි මෙයාලත් උන්නා…

මොකො කෝසල..

සර් අපි බලන් හිටිය දවස ආවා…

ඌ ආවද..

ඔව්..දැන් පනිවිඩෙ ආවා..

හ්ම්ම් හරි..කට්ටියටම මගෙ ටෙන්ට් එකට එන්න කියන්න..

මේ මොකෑ වෙන්නෙ මට එදා කීවෙ දඩයමට ආවා කියලා ඒ දඩයම ගැනද මෙ කියන්නෙ..එයා මාව පහු කරන් අඩියට දෙකට ටෙන්ට් එකට ගියා..මටත් පස්සෙන් ගිහින් අහන් ඉන්න හිතයි..ඒත් කට්ටිය මැද්දෙ මන් ආවෙ මොකටද කියලා බැන්නොත් මට මහා පල් එක…හ්ම්ම් ගියොත් නිකම් බැනුම්..අනික මට අඩගැහුවෙත් නෑනි..හුන් හුම්..මාව මෙතන චුට්ටක් වත් වටින කෙනෙක් නෙවෙනෙ ඉතිම් හුම් හුම්..

එතනට මගේ සිසීටිවි කැම් එක දාන්න තිබ්බ නම්..එයාට ඕන කමක් තිබ්බ නම් මට අඩගහන්න තිබ්බනි..බෲනො ඈත කැලෙ දිහා බලන් ඉන්නවා..මටත් තියෙන්නෙ බෲනො වගේ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න..

මගෙ සුසුම් පොද කොච්චර හයියෙන් වැටුනද කියන්නෙ බෲනොත් මන් දිහා බැලුවා..

බෲනෝ

ඌ කෙදිරිල්ලක් දාලා නැට්ට වැනුවා..ඇත්තටම දිගා මූ වෙලා මූ දිගා උනා නම්…බල්ලගෙ තියෙන මනුස්ස කම දිගා ගාව නෑනි…දිගා තමයි බලු තඩියා..බෲනො තමා කොල්ලා..

මාත් බෲනෝ ගාවින් වාඩි උනා..බෲනෝගෙ බෙල්ල මන් බදා ගත්තා..

බෲනො ඔයාට තියෙන තැන වත් මට නෑනි බෲනෝ..මට හරියට මේ දේවල් දැනගන්න කම් පිස්සු වගේ..බෲනෝ..මට ගෙදර යන්න ඕනි..මගෙ අම්මි ,තාත්ති බලන්න ඕනි..අඩු තරමෙ මට ගෙදරට කතා කරන්න විදියක් නෑ..පෝන් එකත් තියෙද්දි එයා නිකමට වත් මට එක කෝල් එකක් දෙන්නෑ..මන් දන්නෑ බෲනො මගෙ යාලුවට එදා මොනාද උනෙ කියලා..එතකොට ඇයි එයාලා මාව හොයන්න නාවෙ..අනික එයාලා දැන් ඉන්ෆොමේශන් කරලා ඇතිනෙ ගෙදට්ට..ඇයි තාත්ති මාව හොයන් නැත්තෙ..මට යන්න ඕනි..මගෙ ඒම් එකට..මේ දේවල් හැම දෙයක්ම අහම්බෙන් තමයි උනෙ..ඒත් එයාට පුලුවන්කම තිබිලත් එයා මාව යවන්නැත්තෙ ඇයි බෲනෝ…

මාව තියන් ඉන්න එකෙන් එයාට එක්ස්ට්‍රා කරදරයක් විතරයි…බෲනෝ …ඔයාට කොච්චර වැලුව් එකක් තියේද..ඒත් මන් ඔයා තරම් වත් වටින්නෑ…

හුම් බ්‍රෲනො එයාට තිබ්බා ඕනි නම් මටත් අඩ ගහන්න හුම්ම්..කමක් නෑ..බෲනෝ දිගාට වාරයක් නම් ශයිනි බබාටත් වාරයක් එයි..

බෲනෝ හැම දෙයක්ම අහන් ඉන්නවා…එක අතකට දිගා එක්ක ඉන්න එක සැනසීමක්..එදා රෑ එයා වෙනුවට ඔය කියන විදියෙ අයට මාව අහු උනා නම්..අම්මි තාත්තිවත් නොදැන ශයිනිගෙ ජීවිත්ත් ඩවුන් ද පල්ලන් වෙන්න තිබ්බා..එහෙනම් ශයිනිව හොයන්න මිශන් එකක් තමයි දිගායූ සුවස්න සර්ට කරන්න වෙන්නෙ…

මම බෲනෝ එක්ක කැලේ දිහා බලන් ඉද්දි කවුරු හරි පිටි පස්සෙන් ඇවිත් මගෙ උරහිස් උඩින් අත තිබ්බා…

මන් හැරිලා බැලුවා

ශයිනි

ශයිනි…

මන් කතා නොකර උන්නා..මගෙ මූනෙ තරහක් පේන්න ඇති..

අපො අබ දැම්මොත් පුපුරයි..එනවා යන්න

කොහිද

මගෙ ටෙන්ට් එකට

අර මොකටද

අර මොකටද අහන්නෙ කිස් එකක් දෙන්න

මට බෑ

ඇයි බැරි

මට ඔයාට කිස් දෙන්න බෑ

එහෙනම් කාටද දෙන්න හිතන් ඉන්නෙ ආ..

බෲනොට

අනෙ අසරණ බල්ලා..මේ වෙන වෙලේක මෙතන කොමඩි ශෝ එකක් කරමු..එනවා ලේට් වෙනවා

මොනාටද

මොනාට හරි..එනවකො..

හ්ම්ම්…

දැන් ඉතින් මෙයා කියන කියන දේ කරන්න එපැයි..මොන කෙහෙල් මලකට ටෙන්ට් එකට එක්කන් යනවද මන්දා..

තමුන් මෙතන ලතා වෙන්නැතිව එනවකො…මීටර් දහයක් යන්න මෙච්චර ටයිම් ගන්නෙ..

හා හා හා…

දිගාගෙ වැඩේම මට බනිනවනි..ඉන්නවකො..මන් එයාවත් පහු කරන් ටෙන්ට් එක ඇතුලට දුවගෙන ගියා..

ඇත්තටම මන් හිතුවෙ ඒක ඇතුලෙ කවුරුවත්ම නෑ කියලා..ඒත් දිගාගෙ ගෝලයො හතර දෙනාම ඒක ඇතුලෙ..කොල්ලො ටික මම් කලබලෙන් ඇතුල් වෙනවා දැකලා ගැස්සුනා…

මන් ආපහු හැරෙද්දිම දිගාත් ටෙන්ට් එකට ඇතුල් උනා

එයා ආපහු මාව හරවන් එයාගෙ කට්ටිය ඉන්න තැනට ගියා..

කෝසල..දිස්න..රහීම්..දේශාන්..

ශයිනි..

එයා මටත්..ගෝලයන්ටත් අපි එකිනෙකාව අදුන්වලා දුන්නා..

හ්ම්ම් අලුත් මෙම්බර් කෙනෙක් හෝප්ස් උන් නැති උනාට අපිට දැන් මෙයාව අයින් කරන්න බෑ..සෝ දිස් ඉස් අවර් නිව් පාට්නර්..ඇන්ඩ් අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එයාව මේ මිශන් එකට ගන්න වෙනවා..මොකද අපි කවුරු හරි එයාව පොරොටෙක්ට් කරන්න ඕන..දන්නවනි කට්ටියම ඒ ගැන..දැන් මෙතන මෙයාව රැක රැක ඉන්න බෑ…අපි අපිට හම්බෙච්ච මේ චාන්ස් එක අත් හරින්න හොද නැ..තවත් කෙනෙක් ඉන්න එක හොදයි…එයාගෙන් අපි වැඩක් ගමු..අනික ශයිනි කියන්නෙ කවුද කාගෙද කියලා අමුතුවෙන් ඉන්ට්‍රඩියුස් කරන්න ඕනි නෑනි..එයත් පොලිස් ට්‍රේනින් එකෙ ඉන්නෙ..මේ දේවල් එයාට හොද එක්ස්පීරියන්ස් එකක් වෙයි..

හොදයි එහෙනම් ලෙක්චර්ස් ඉවරයි..මිශන් එක ගැන කතා කරමු..

ඕකෙ යකින්නි..වෙල්කම්ටු අවර් ගෲප්

හෑ

මොකක්ද ඒ මට ඇහුනු සුමිහිරි වචනෙ..මන් එයාලගෙ මෙම්බර් කෙනෙක්..ඔහ් මන් වීරයෙක් වෙන්න යන්නෙ..

සුපිරි වීර ශයිනි…

මාත් එයාලගෙ පාට්නර් කෙනෙක්..ඉයේ…

ඩෙග ඩෙග පරි රබට කැකිරි..

මට නටන්න හිතෙ උඩ පැන පැන

දිගා විතරක් උන්න නම් අවුලක් නැ..මේ තව කොල්ලො ඉන්නවනි..අනික මෙතන පොලො චුට්ටක් ඇදයි වගෙ…

…තවත් සේයාවකට..

එහෙනම් සූර වීර ශයිනිත් එක්ක හෙට පොලිස් පරික්ශක දීගායු සුවස්නගෙ මෙ මිශන් එක මොකක්ද කියලා හෙට ඉදන් දැනගමු..

තෑන්ක්ස් ලයික් කමෙන්ට්ස් වලට..කමෙන්ට්ස් වලට වෙන වෙනම රිප්ලයි නොකලට හැම එකක්ම මන් කියවනවා..කියෝලා තමයි ලයික් කරන්නෙ..පරණ කොටස් බලන්න එන්න මගේ වෝල් එක පැත්තට…

සූර වීර ශයිනිත් – දීගායු සුවස්නත් D & S එක්ක ඊලග කොටසින් හම්බෙමු… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *