D & S……….22

**

මට පුදුම සතුටක් දැනෙන්නෙ..ගොඩාක් සතුටුයි…ඒත් මෙ සතුට සමරන්න අවස්තාවක් නෙවෙයි..

පොඩ්ඩක් සීරියස් වෙමු ශයිනියො

මම මගෙ හිතට ගැම්මක් ගත්තා..එකෙන්ම…නෑ නෑ දෙක තුනෙන්ම..

ඔන්න මන් ඉනිස්පැක්ටර් ශයිනි…මේ ශයිනිගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙවෙ කරන්න බැරි වැඩක්..

ශයිනි අහගෙනද ඉන්නෙ

හපො මෙ දිගාගෙ උකුසු ඇස් වලට සේරම පේන හැටි..

ඉයස් බොස්

හ්ම්ම්..දැන් මෙහෙමයි..අපි අපේ ටාගට් එකට යන්න ඕනි..හරියට ගනන් බැලුවොත් අපිට තියෙන්නෙ පැය හතලිහයයි..ඒ නිසා අපි ඉමිඩියට්ලි වැඩ පටන් ගන්නම ඕනි..සෝ මෙහෙමයි වෙන්නෙ..දැනට අපි පහයි නෙ..අපෙ දඩයම ගොඩාක් සන්විදානාත්මකයි..මෙ කැලෙ ඇතුලෙ සෑහෙන්න පිරිසක් ඉන්නවා..අනිත් එක උන්ට සපෝට් කරන අපෙ සෙට් එකකුත් ඉන්නවා..ඉතින් උන් ගොඩයි..අපි චුට්ටයි..දිනන්න තියෙන අවස්තාව සීමිතයි..හැබැයි බැරි නෑ..කෝසල හෙඩ් එකට දන්වලා අපිට හෙල්ප් කරන්න හොදම කොල්ලො ටිකක් රෙඩි කරන් තියන්න ඕනි..එතකොට දේශාන් මෙහෙ සිස්ටම් එක ඔයාට බාරයි..අනිත් දෙන්නයි මමයි තමයි ඇතුලට යන්නෙ..ඒ වගේම අපි පස් දෙනාගෙන් එක් කෙනෙක් ලග ශයිනි ඉන්න ඕනි…

අපි හරියට ඇටැක් කරන්නෙ අද රෑට…ඉතින් ගන් සේරම රෙඩි කරන් ඕනම දේකට මූණ දෙන්න බලන් වැඩෙ කරමු..ඒ වගේම අමතක කරන්න එපා අපිට මොනා උනත් ශයිනිත් පොටෙක්ට් වෙන්න ඕනි..ශයිනිත් මතක තියා ගන්න..හැම තිස්සෙම අපි පස් දෙනාගෙන් එක් කෙනෙක් එක්ක ඉන්න ඕනි..බෲනොත් ශයිනිට දෙනවා.

මහ ලොකුවට මට මිශන් එකට අඩගැහුවට මාව නිකම් වීදුරු පෙට්ටියක දාන් වගෙනෙ ගෙනියන්නෙ..

ශයිනිය කිසිදින මරණයට බිය නැත..මෙ සින්හල ලේ බිය අදුනන්නෙ නැත..(හැබැයි ඉතින් ඉදලා හිටලා කැරපොත්තෙක්ට,හූනෙක්ට,කටුස්සෙක්ට බය වෙන එක වෙනම ස්ටෝරියක්)

ඒ වගේම කියපු කිසිම දෙයක් මෙලො හසරක් තේරුන් නෑ..මොකක්ද මෙයාලගෙ දඩයම…

හොදයි ආයෙම දවල් කෑමෙන් පස්සෙ හම්බෙමු..ඉතුරු කරන්නෙ කලින් රෙඩි උනු විදියට..

හ්ම් එ කියන්නෙ සර් කියවලා ඉවරයි වගේ..දැන් එයාගෙ කතාව ඉවරයි ඉස්කෝතුයි ටටා බායි..

ඔක්කොමල්ලා ගියා එලියට..දැන් මන් මොකො කරන්නෙ..එයා ලැප් එකත් ඔන් කරන් මොකක්දෝ වැඩක්..

මම දැන් පැය බාගයක් තිස්සෙ මෙතන මහපට ගිල්ලෙන් පොලව හාරනවා..තව චුට්ටක් හෑරුවොත් නිදානයක් උනත් මතු වෙන්න පුලුවන්..

එයා වැඩෙ ඉවර කරලා ලැප් එක ඕෆ් කරන් නැතිව මාව ගනන් ගන්නෙ නැතුවම යන්න ගියා..

ශයිනො මෙ තමයි අව්ස්තාව…මැට්ටා ආයෙ ආවොත් ඒකයි වැඩෙ..මගෙ හිත කියන්නෙම මේක බලපන් කියලා..ඔන්න ඔහෙ හිත කියන දේත් අහලම බලනවා නැත්තම් පවුනෙ මගේ හිත…

මන් ඉක්මනට ලැප් එක ලගට ගියා…ම්ම් මේකටත් පාස්වර්ඩ් දාලද..අනිවා දාලා නම් ඇති…

හ්ම්ම් හිතුවා හරි පාස්වර්ඩ් තියෙ…මම එයාගෙ නම..බෲනෝ එක එක ඒවා දැම්මා..නෑනෙ හෙල්ලෙන්නෙ වත්…ම්ම්ම්..නිකමට ඔන්න ඔහෙ ඉන්න එකෙ මගෙ නම ගහලා බලමු..

ඒලෙවල් පේපර් එකෙ නොදන්න ඒවට කණාවට උත්තර දැම්මා වගෙ ඔන්න ඔහෙ මගෙ නම ගහලා බලමූ…

S ha yi ni…

ම්ම්ම් නෑනි…මොකක්ද එයා මට හැම තිස්සෙම කියන්නෙ අහ් මතක් උනා

Yakinni…

ඔහ් මයි ගෝඩ්..දෙයියනෙ..ඒක ඕපන් උනා..ඕපන් උනා..

ඒ කියන්නෙ..එයා එයා…පස්සෙ හිතමු..දැන් මේක බලමූ…

මිශන් D..

අපි මේක චේන්ජ් කරමු…ම්ම්ම් මිශන් D & S

දැන් මේක මාරු කරපු එක එයා දකියි..ඒත් කමක් නෑ…මන් මොකට බය වෙන්නෙ එයාට…

ම්ම් මේකෙ තියෙන්නෙ එක මනුස්සයෙක්ගෙ එක එක ව්දියෙ පොටෝස් වගයක් ..ඒ වගේම එයා ගැන විස්තර…හ්ම්ම්.. එතකොට මේද එයාගෙ දඩයම…

තේරෙන්නෙත් නෑ..වෙන මොනාඩ තියෙන්නෙ බලමු..ඩොකියුමන්ට්ස්..

ඈ..මේ මගෙ නමින් ෆයිල් එකක්ම තියෙන්නෙ…මමත් දරුනුයි තමයි..ඒත් අපරාදකාරියක් නෙවෙ නෙ..ඉදලා හිටලා කාමේසු මිච්චා චාරා,සුරාමේරය මජ්ජා පමා නැතුව අනිත් තුන කලාට අපරාද කාරියක් යැයි…

මන් කොච්චර ලැප් එක ගැනම හිත හිතා උන්නද කියන්නෙ..දිගා මගෙ ලගට ඇවිත් කණ මිරිකන කම්ම මට එයා එනවා දැනුන් නැති හැටි

අහ්…ආව්

කාගෙන් අහලද කියනවා මගෙ දේවල් ඇල්ලුවෙ..ආ ආ..

කියන්නම්.කියන්නම්.අතාරින්න..ආව්

අතාරින්න ඕන්නම් මෙහෙම ලග තියන් ඉන්නෙ නෑනේ

මොකක්

මුකුත් නෑ..යකින්නි කොහොමද මේක ඕපන් කලෙ ආ…

කෝම හරි..මට මේ දේවල් දැනගන්න ඕනි..මට මගෙ ගෙදරට කතා කරන්න ඕනි..ඔයාට මෙ හැම දෙයක්ම තියෙද්දි ඇයි මට එක කෝල් එකක් ගන්න දෙන්නැත්තෙ

ඒක ඒක…ම්ම්..මන් මොකටෙයි තමුන්ට උත්තර බදින්නෙ..ආ…

හුම් හැම තිස්සෙම ඔගොම කියලා මගෙ කතාව මග අරින්නෙ ඇයි…

කට වහන් මෙහෙ දෙනවා ලැප් එක..මෝඩි

හ්ම්ම් ආ ගන්නවා..බලනවා දවසක ඔයාට මේ හැම දුස්ට කමකටම වන්දි ගෙවන්න වෙයි අන්න ඒක මතක තියා ගන්නවා

හා..ඒ වගේම තමුනුත් මේක මතක තියා ගන්නවා..මන් යන යන හැම තැනටම රින්ගලා මට ඇණයක් වෙලා ඉන්නවට තමුන්ට වන්දි ගෙවන්න වෙයි සෑහෙන්න..රිදෙයි ගොඩාක්

හා මන් බය වෙයි

වෙයි තමා ඔය තියෙන කට එතකොට නෑ කියලා මන් දන්නවා

හා බලමුකො

බලන්නත් වෙයි තමා ගොඩක් ඒවා..

මොන අන්ඩර් දෙමලයක් කියනවද මන්දා මෙ පිස්සු දිගා…

ඒ පාර සද්දයක් නෑ…මන් මගෙ පැපරාසි ඇස් එක එල්ලෙ දාලා බැලුවත් එයා කරන දේ මට පෙවුන් නෑ…ඒත් මන් දැන් පාස්වර්ඩ් දන්නවනි..ඇයි එයා මගෙ නමින් පාස් වර්ඩ් දාන් ඉන්නෙ..

මේක නම් සෑහෙන්න බොන්න ඕනි පුරස්නයක්..ඒ හින්දමයි මන් එතන තිබ්බ 500ml වතුර බෝතලෙ එක හුස්මට බී ගෙන බීගෙන ගියේ..

වතුර බීලා ටිකක් වෙලා යද්දි මට ඉන්නබෑ..දැන් ඉතින් ඇඹරි ඇඹරි හිටහන්කො

මෝඩි මගෙ ටෙන්ට් එක පිටිපස්සෙ ඇති අපි හදපු වොශ් රූම් එකක් යනවා ඉතින්..

ලැප් එක දිහා බලන් උන්නට මෙයාට කතරගම දෙයියො වගෙ මූනු හයක් තියේද මන්දා ඒකත් දැක්කනි…

එයා කීව විදියට ඇත්තටම ටෙම්පරි වොශ් රූම් එකක් එතන..මන් වොශ් රූම් ගිහින් එද්දි දුම් දාන බත් පිගන් දෙකක් එතන…

මැට්ටි

ම්ම්ම්

ඔන්න කනවා

මොනාද

පේන්න තියෙන ඒවා තමයි .කොහිද ඉතින් කෙල්ලෙක් උනාට තෙ එකක් වත් හදන්න දන්න එකක් යැයි..මට ඉතින් ජීවිත කාලේම කඩෙන් තමයි ටී එකක් බොන්නත වෙන්නෙ

මන් තෙ හදන්න දන්නෑ කියලා මෙයා කෝමද දන්නෙ..අනික මෙයාට මොකො තේ හදන්න බැරි උනා කියලා කඩෙන් තේ බොන්න වෙන්නෙ..මොකක්ද ඒ හරුපෙ තේරුම

ඇත්තටම මේවා දැවෙන ප්‍ර්ශ්න

…තවත් සේයාවකට…

සුට්ටයි සුට්ටයි කියලා බනින්න එපා..ටිකක් අසනීපෙන් ඉන්නෙ.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *