D & S………33

**

කලුවරේම අත පත ගාලා ලයිට් එක ඔන් කලා…ම්ම්ම්…

මගෙ අම්මො මෙහෙමත් පොටො ගහනවද අයිය😵😵😵😱😱😱😱

මේ පොටො එක හොදයි අපායෙ කැලැන්ඩරේට..මැට්ටෙක් කියන්නෙ නිකම් යැයි..එයාගෙ ලොකු පොටො එකක්..එක ඇහක් වහන් ශූට්කරන..ම්ම් මගෙ පපුවටම හරියටම ශූට් කලා වගේ දැනුනෙ..මැට්ටානි ඉතිම් කෝමත්

මගේ බෑග් එක එතන තිබ්බ ටේබල් එක උඩින් තියලා මම ඉතින් අවට සිරි නැරඹුවා..ඕහ් හතර වටේට මෙයාගෙ පොටෝස්…මහම මහා පිස්සෙක්..

ම්ම් පුන්චි කාලෙ නම් කෝතු කිතයියෙක් වගේ..දැන් ඉතින් මහා දාර ගහක් වගේනේ..

අහ් මෙ ම්ම් පොටො ජෙනික් මෙයා

ම්ම් එකක ඉන්න විදියට හරිම ආදරෙ හිතෙනවා..ඒ ඇස්වල හිනාව උතුරනවා..දිගාගෙ හීනි දිග ඇස් තවත් හීනි වෙලා..ඇස්වලින් හිනා වෙනවා..

කෙනෙක්ගෙ හිත බලන්න ඕනි නම් එයාගෙ ඇස් දිහා කෙලින් බලන්න ඕනලූ..

අනෙ ඉතින් ඕමබලන්න එපා දිගංචියො..ශයිනි බබීගෙ චුට්ටන් හිත මෙව්වා වෙනවා නෙ..

එකක උන්නෙ බෲනෝ වෙන්න ඕනි..බෲනො ගොයියා නම් තාමත් හැන්ඩි කොල්ලනි..

ම්ම් බෲනො පැට්ටා තාම එලියෙද දන්නෑ..මං එයාට පොරොන්ඩුත් උනා එයාව රෑ ගන්නවාකියලා..දැන් ඉතින් බූට් කාපු බුරුනො වගෙ ඇති..හෙට ගිය ගමන්ම ලෙහන්න ඕනි..

ම්ම්ම් මහන්සී..වොශ් එකක් දාන් එමූ..මන් වොශ් රූම් ගිහින් ටවල් එකත් ඇදන් ආවා..කොහිද ඉතින් ඇදුම් මාරු කරන්න කියලා යැයි..මේම් මෙ දිගා තුවක්කුවකුත් දික් කොරන් බලන් ඉන්නවානි..අහක බලා ගන්නකො වදේ..ම්ම්ම්

මං එයාගෙ පොටො එක දිහා බලන් ඉද්දිමයි පෝන් එකත් රින්ග් උනෙ..කවුද මේ..

ම්ම්ම් එක අතනික් කොන්ඩෙ පීර ගන්න ගමන් මං පෝන් එකට ආන්ස කලා..

හෙලො..

පිස්සි මෝඩි හරකි..යකින්නී

ඔහෝ මෙයානි

මොකො

කොහිද ඉන්නෙ

ආ කියනවා..මොකටද මහා රෑ හොස්පිට්ල් ආවෙ..

හුම්ම් වෙඩි වැදුනට කටෙ සැර නම් අඩු වෙලා නැ අම්මපා..අනිත් සැරෙ තියන්න ඕනි කෙලින්ම දත් සෙට් එකම බඩට යන්න..හී එතෝට කෝම ඉදීද🔫🔫🔫🔫🔫

මට බකස් ගාලා හිනා ගියා..

කොල්ලා දත් සෙට් එක නැතුව කෝම ඉදීද කියලා

මොකො යකින්නියෙ හිනා වෙන්නෙ කොයිද ඉන්නෙ කියනවා ආ..

ම්ම් මං ඉන්නෙද

ඔව්..නැතුව මං යැයි

ම්ම් හොයා ගන්නකො මන් ඉගි දෙන්නම්..

යකින්නිට නම් …අහ්..ග්‍ර්ර්..

මෙතන තියෙනවා වඳුරෙක්ගෙ එක එක විකාර පොටෝස් වගයක්..එතෝට කලු පාට කබඩ් එකක්..ම්ම් ටේබල් එකක් තියෙ ඒකෙ මහා විකාර පොත් ගොඩක්..ශර්ලොක් හොම්ස් පාවිච්චි කලා වගෙ අත් කාචයක්..ඩ්‍රෙසින් ටේබල් එකක්..ඒක උඩත් වදුරා හිනාවෙන පොටො එකක්..ම්ම් ඩස්පින් එකක්..තව තව ආහ් ශූ රැක් එකක්..ඒකෙ නම් මකුලොවොත් ජනාවාස හදම් ඉම්නෝද කොයිද..බිත්තයට ඇටෑච් කරපු ටීවී එකක්..අහා තව පොඩිම පොඩි ටෙඩි බෙයෙකුයි…හැ මේ මොකක්ද චූටි බාබි ඩෝල් කෙනෙක්..

මැට්ටි මගෙ රූම් එකේද

ආහ් මෙ ඔයාගෙ රූම් එකද මං දැනන් උන් නෑනි..ඒක තමයි අමුතු උරුලෑ ගඳක් ආවෙ..

මං කියන්නෑ..කෝමද අපෙ ගේ හොයා ගත්තෙ..කාගෙන් අහලද අපෙ ගෙදර ගියෙ ආ..ලැජ්ජ නැද්ද මහ රෑ කොල්ලෙල්ගෙ

රූම් එකෙ ඉන්න ආ..

නෑනි ලැජ්ජාවක් නෑ..මට කියනවා ඇයි මෙ බාබි ඩෝල් කෙනෙක් තියන් ඉම්නෙ..

මතක නැද

මොනාද

හ්ම්ම් මුකුත් නෑ..ඔය ඩෝල්ට මොන හරි කලොත් මං බලා ගන්නම්..

අනෙ මං ඩෝල් ලට ආස නැ..

හ්ම්ම් මං දන්නවා

අනෙ මන්දා..

අනෙ මන්ඩා නෙවෙ රෑ හින්දා උන්නට කමක් ණැ..මොනා හරි ඇදලා තිබ්බොත් දන්නවනි

හපො වැඩේමයි..මොකො මේක ක්‍රිස්ටල් රූම් එකක් යැයි..මට නිදි මතයි

නිදාගන්නවා පස්සෙ..මට කියනවා ඊයෙ ඉදන් උනු ඒවා

ඒ මොකටද

වෙන මොනාටවත් නෙවෙ මගෙ ලැප් එකටයි පොන් එකටයි අබ සරන පතන්න

අබ සරන පතන්ම ඕනි නෑ..මන් ඒවා ඇල්ලුවෙ නෑ තාම

හ්ම්ම්..හා හා කියනවා මොකො උනෙ කියලා

මං එයාට ඊයෙ ආයෙම හැරිච්ච මොහොතෙ ඉදන් අද එයාගෙ රූම් එකට එනකම්ම උනු දේවල් කීවා..

චුට්ටක් ඉන්නවා මැට්ටි..කාවද හම්බුනා කීවෙ

ම්ම් මිහිරාන් කියලා අන්කල් කෙනෙක්..එයාව මන් කලින් දැකලා නැ ඒත් හරිම පුරුදුයි වගේ..

මොමාද එයා කීවෙ

මන් දිගාට මිහිරාන් අන්කල් කියපුවා කීවා

ඕ ශිට්..මැට්ටි වයිබර් ඔන් කරනවා

ඒ මොකටද

කිව්වම අහල පන්ඩිතයා නොවි ඔන් කරනවා

තර්ජනම තමයි ඉතින් මෙයාගෙ..

එයා මට වයිබර් වලින් පොටෝස් වගයක් එවලා..ඔහ් මෙ මිහිරාන් අන්කල් නෙ

මැට්ටි..යකින්නි

ම්ම්ම්

ම්ම් නෙවෙ මෙයාවද දැක්කෙ

ම්ම් ඔව් එයා තමයි කවුද ඒ

ඕ මයි ගෝඩ් ශිට් ශිට්..දඩයම අපි ලගටම ඇවිත්

ඒ කීවෙ

මෝඩි ඔය මිහිරාන් කියන්නෙ චයිනිස් මීරාටම තමයි

ඔහ් දෙයියනෙ ඇයි මට අදුන ගන්න බැරි උනෙ.හරි ඒකතමයි බලු රෑනකට අහු උනා කීවෙ..ඒත් හරි එයා කෝමද් අපෙ අම්මිව අදුනන්නෙ

මිහිරාන් නොහොත් චයිනිස් මීරා කරපු පලවෙනි අපරාදෙ මොකක්ද දන්නවඩ

මොකක්ද

මීරා තමයි ඔයාලගෙ සීපප්පව මැරෙව්වෙ

සීපප්පා කීවෙ

ඩී එන් එස් ගෙතාත්තා..

ඔහ් එකද..අම්මි මට කියලා තියෙනවා ඒ කතාව..හුම්ම් ඒක තමයි..එහෙනම්..අම්මිලාව මතක් කරන්න කීවෙ

මැට්ටි නිදිද

නෑ නෑ මේ පීනනවා

හා එහෙනම්.පීනනවකො..

ඔව් පීන්නවා මන් මෙ මාලු අල්ලන ගමන්

ඕනි එකක් අල්ල ගන්නවා හැබැයි මගෙ ඇදෙ චු එහෙම දැම්මොත් බලාගමු

අහ් ඒක නෙවෙයි මං අනිත් එක කරන්නයි හැදුවෙ

අම්මපා මෙ යකින්නිගෙ කට..

ඔව් කට ඇයි මොකො

මං ලග උන්නනම් මොකො කරන්නි දන්නවද

මොනාද

කියන්නැ කරලම පෙන්නන්නන්නම්කො

හා කෝ

මට මැට්ටි නිසා නිදියන්නත් නෑ

ඒ මොකො..

මෝඩි කොච්ච්රවත් බෙලිකටු මල්ල හොලො හොලෝනි ඉම්නෙ..

අනෙ යනවා

මං නෙවෙයි තමුනියි මගෙ රූම් එකෙ ඉන්නෙ ඒ හින්ද තමුම්ම යනවා..

හා ඉන්නවකො මං දැම්ම යනො

මෝඩි එලහරකි යකින්නි.මේ රෑ කොහිවත් යන්නෑ තේරුනද..පුලුවන් නම් මං එනකන් අපෙ ගෙදර ඉන්නවා

මට ඹැ..

හුම් හුම් මැට්ටියෙ මට තියන්න හිතෙන්නෑ පෝන් එක..

හ්ම්ම් මටත්..හිත කියනවා ඔයා කියන දේ අහන් ඉන්න කියලා..

නෑ නෑ මට නම් කන් රිදෙනවා දැන්

හිතට වංචනිකව මන් කියෙව්වා

මෝඩි මැට්ටි යකින්නි..

මට කියන්න මීරා එක්ක ඔයාගෙ තියෙන සම්බන්දේ

මම දැන් පෝන් එකෙ හෑන්ඩ්ෆ්‍රී එක කටෙ ගහන් දිගාගෙ ඇද උඩ මුනින් පෙරලිලා කකුල් දෙක දකුනටයි උතුරටයි පද්ද පද්දා එයාගෙ ලැප් එකෙ පොටෝස් බලන ගමන් ඉන්නෙ

මං මුලින්ම බලන්න ගත්තෙ මීරා ගැන තියෙන රීසර්ච්..දිගා මේවා ගොඩාක් එකතු කරලා තියෙනවා මීට අවුරුදු විසිගානකට කලින් ඒවා ..

නිව්ස් පේපර්ස් වල ගිය මඩර් කේස් එකක් ගැන..මේකෙ තියෙන්නෙ

මට කියන්න ඔයා මෙච්චරම මීරා ගැන හොයන්නි ඇයි

ඌ ගැන..හහ්..ඌ ගැන නැතුව මං වෙන කවුරු ගැන හොයන්නද

ඒ මොකො..පුන්චි කාලෙ ඉඩන්ම

ඔව් පුන්චි කාලෙ ඉදන්ම.මම ඌ නිසයි පොලිසියට බැදුනේ..

දන්නවද ඌ ඌ..

…තවත් සේයාවකට…
🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞

Leave a Reply

Your email address will not be published. Required fields are marked *