D & S………36
**
ඔයා නම් දිගෝ…ම්ම් හරි පුදුමයි..මෙච්චර දේවල් කෝමද හිතේ හන්ගං උන්නෙ..ම්ම්ම්..ම්ම්ම්..
ඔයාට මන් ශූට් කලේ ඇඟට රිදෙන්න..ඒත් ඔයා …ඔයා ශූට් කළේ මේ ශයිනියගෙ හාට් එකට..
ඔයාට දැනේද මගෙ හිත් පොජ්ජ කීන් කීන් ගානවා..හරියට මදුරුවෙක් ඇවිල්ලා කණ ගාවිම් සින්දු කියනවා වගේ..
යේ තුම්නේ කයා කියා.මයි ඩිගෝ..මේ තුම්සෙ බෝත් බෝත් චාතාහූ…
ම්ම්ම් ශරි ශරි දැන් ආයෙමත් ලැප් එකට බෙල්ල දාමූ..
–මේ ඊලග එක..ඒක නම් හිතා ගන්න බෑ..මමත් මගෙ ගජයො ටිකත් kfc ගිය වෙලේක අරන් තියෙම්නෙ..මන් ටේබල් එකෙ ඉදගත්තු වෙලේ ඉදන් ආයෙ කෙ එෆ් සී එකෙම් එලියට යනකම්ම පොටෝස්..ඔහ්..මේ මැට්ටා නම්..හොදට finger looking good කියලා ඇඟිලි කන වෙලේකත් අරන්..හපුයි..ශයිනියගෙ මැනසුත් ගිහින්..ම්ම් බලමු මොනාද කියලා තියෙන්නෙ කීලා..
..අද මහා පුදුමාකාර දවසක්..මම දන්නෑ හිත හැම තිස්සෙම හොයන්නි ඒ නිල් පාට ඇස්තියෙන චූටි යකින්නිව..ඒ ඇස් මගෙ ඇස් හොයන නිසාමද මංදා කොහෙ කොහොම කොයි වෙලේක හරි මෙ කෙල්ලව මගෙ ඇස් ඉදිරිපිටට ගේන්නේ..
අද මායි ගෝලයො ටිකයි කේඑෆ් සි ගියා..ඇත්තටම උන්ට ටීට්මන්ට් එකක් දෙන්නයි ගියේ..අපි සෙට් එක කාලා බිල් එකත් පේ කරලා ඉවරයි එතකොට ..කෝල් එකක් ආව නිසා මං ආයෙ ඉදගත්තෙ..අහම්බෙම් ඉස්සරහාට ආව කෙල්ලො සෙට් එක දිහා බැලුනෙ..මෙන්න ඉන්නවා මගෙ චූටි යකින්නි..ක්රේල් කොන්ඩෙ තවත් ක්රේල් වෙලා සෝස පාට කුර්තා එකට තද නිල් ඩෙනිම් එකක් ඇදලා..කෙල්ල වගේම
පිස්සියො සෙට් එකක්..ඉන්නෙ..ඇත්තටම දාහක මැද උනත් ඒ ඇස් ලග හිත නවතින හැටි පුදුමයි..තොල් දෙක හෙල්ලෙන වාරයක් වාරයක් ගානෙ ගිහින් මිරිකන්නමයි හිතෙන්නෙ..
පුදුම දාංගලයක් තියෙන්නෙ මෙ කෙලි බාගෙට ..මං විතරක් නෙවෙ එතන හිටපු හැම කෙනාගෙම ඇස් මෙ සෙට් එකට තමයි එන්ටර් වෙලා තිබ්බෙ..කිරිල්ලියො කිචි බිචි ගානවා වගේ සද්දෙ..හී..මෙ මැට්ටි..මහා පෙරේතියක්..දවසක චිකන් බකට් දහයක් විතර වටෙ තියලා චූටි යකින්නි කන දිහා බලන් ඉන්න ඕනී(ශයිනියගෙ මූන සතු වුනු හැටි මේක බලලා ඔයාලටත් දකින්නයි තිබ්බෙ..වස ලැජ්ජාවයි..)
කෝම හරි එයාට නොදැන මං පොටෝස් ගොඩාක් ගත්තා..මේ කෙල්ලට වගේ වගක් නැති හැටි..
-මම වැස්සෙ නටන පොටෝ දෙකක් ඊලග එකෙ තිවුනේ..මේක නම් අපේ පාර්ක් එකේඒත් කොහොමද මේක ගත්තේ..
අද මම උදේ ජොගින් ගියා…හුග දාකිම්..පාන්දරහීන් පොද වැස්සක්..පොදත් නෙවෙ ටිකක් හයියෙන්..මං දුවන එක පැත්තක තියලා එතන කුඩයක් යටට ගියා..එතකොටයි මං දැක්කෙ එහා පැත්තෙ කුඩෙ ඉන්න කෙනාව..ඩී එන් එස් අන්කල් එක්ක චූටි යකින්නි..කෙල්ලට කොච්චර දාංගලේද කියන්නෙමේ වැස්සෙත් එක විදියකට ඉන්න බෑ..කුඩෙ දිගෙ බේරිලා වැටෙන වතුර එක්ක පුන්චි ලමෙක් වගෙ අත දික් කරන් සෙල්ලමක්..මෙන්න බොලෙ මේ දග මල්ල වැස්සට පැන්නා..අන්කල් කෑ ගහද්දි කෙල්ල මඩ නෑව හැටි..දෙනෝ දාහක් බලන් ඉන්නවාකියලා වගේ වගක් නැති හැටි..හිත කීවෙම ගිහින් චූටි කන් පෙත්තක් සිදෙන්න අල්ලලා කුඩෙ යටට එක්කන් එන්න..තාත්තටත් මෙල්ල කරන්න බැරි හිලෑ නැති චූටි ඇතින්නියෙක්..අනෙ ඉතිම් මගෙ හිත මේ කෙල්ල නිසා හූල්ලන තරම්..
ඔයා මේ වෙලේ මගෙ හිත පිස්සු වට්ටනවා දිගෝ..ඇයි මෙච්චරක් ආසාවක්..මං ගැන..ඔයා හැම තිස්සෙම මට නපුරුකම්.මිසක් ආදරයක් පෙන්නුවෙ නෑනි දෙයියො..ඒත් මං ගැන මෙච්චර හැගීමක්..
ඔය ආඩම්බරකමටමයි මං කැමති මගෙ දිගෝ..
මට මගෙ හිත පාලනෙ කරගන්න බෑ..මං අම්මිට කෙල්ල ගැන සේරම කීවා..අම්මි සේයා ආන්ටි හොඳ යාලුවො..මං අම්මිට කීවා කෙල්ල ගැන අහන්න කියලා..මං දන්නෑ..දන්න තරමින් මෙ පිස්සු කෙල්ලට තාම කොල්ලෙක්ගෙ හෙවනැල්ල වැටිලා නෑ..එකක් කෙල්ලගෙ රූපෙ කෙල්ලෙක් උනාට කොලු වැඩ නිසා..අනික ඩී එන් එස් ගෙ සල්ලි..
අද මං පන්සල් ගිය වෙලෙ කෙල්ල දැක්කෙ..වෙනදට දඟලන පුන්චි යකින්නි..අද සුදු දිග සායට හින්දද මංදා පුදුම තැන්පත් පාටක්..බෝදිය වටෙ පැන් කලෙත් අරන් කෙල්ල මෙ මොනා පාර්තනා කරනවද මන්දා..හීන් තොල් මුමුනව පේන්නෙ ගාතා කියෝනවද කොයිද..කෙල්ල ඇවිදින විදියට මට බයයි..කෙල්ලට ලෙඩක් වත්ද කියලා ඒ තරම්ම සංසුන් ..කෙල්ලට නොදැනෙන්න මං කෙල්ල පස්සෙ ගියෙ..පන්සල් ඇවිත් තිබුනෙ සේයා ආන්ටි එක්ක..දෙන්නම එකට තිබ්බම මිවුන්නු වගෙ..සේයා ආන්ටිගෙම කපාපු පලුව..අම්මිගෙ අතෙ එල්ලිගෙන අයිස්කීම් කන්නයි ගියෙ..මේ දග කෙල්ලටත්අහිංසක කරුනාවන්ත හිතක් තියෙනවා කියලා මං දැක්කෙ අද..එතන බලන් උන්නු හිගන දරුවො දෙන්නෙක් ලගට කෙල්ල ගිහින් කිසි අප්පිරියාවක් නැතුව ඒ ලමයි දෙන්නව අතින් අල්ලන් ඇවිත් එකේ පොඩි කොලු පැට්ටව වඩන් අයිස්කීම් අරන් දුන්නෙ..හිතා ගන්න බෑ..මමවත් ඔහොම කරන එකක් නෑ..ඇත්තමයි මගෙ යකින්නියෙ ඔයා මෙ දීගායුගෙ හිත ටච් කරන හැටි ඔයාවත් දන්නෑ..ඔයා පන්සල් ගිහින් පාර්තනා කලෙ මොනාද කියන්න මං දන්නෑ..ඒත් ඔයාගෙ හැම විශ් එකක්ම
හැබෑ වෙන්න ඕනි..
–මෙකෙ තිබුනෙ මන් සුදු ප්ලෙයාඩ් ලේස් ස්ක්ර්ට් එකට සුදු අත්දිග බ්ල්වුස් එක ඇදන් බෝදිය නාවන පොටෝස් වගයක්…..
මන් දන්නෑ මාව මොනාද වෙනො මගෙ දිගො..ඔයාගෙ මේ නවල් එක කියෝලා ඉවර වෙද්දි මගෙ හිත නැවතිලා මෙ ඇඳේම මැරිලා තිබුනොත් පුදුමයක් නෙවෙ..
අද මං බලාගෙන ඉන්නු උත්තරෙ අම්මි අරන් ආවා…
..තවත් සේයාවකට…