D & S……… 47

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
47

ශයිනිගෙ කෝල් එකෙන් පස්සෙ දීගායූ එයාගේ කට්ටියත් එක්කම ජීප් එකත් අරන් පාරට බැස්සා..

මේ වෙලේ දීගායුගෙ මොලෙ නිකම් පුපුරපු ගෑස් කම්පැනි එකක් වගේ..ඒ තරමට හිත අවුල් ගිනි ජාලයක්..

කෝමත් කෙල්ලගෙ හැටි දන්න නිසා කොල්ලට චුට්ටක් සැනසීමයි..වෙන කෙල්ලෙක්ට ඔය වගේ උනා නම් බයටම මැරිලා..ඒත් කෙල්ල කොහොම හරි කෝල් එකක් දෙන්න පොටක් පාද ගෙන කතා කරා ඇත්තටම තමන්ගෙ තෝරගැනීම ජීවිතෙ වෙනුවෙන් වැරදි නෑ කියලා කෙල්ල ආයෙ ආයෙම ඔප්පු කළා..

කොල්ලා කරන රස්සාව අනුව බයගුල්ලියෙක් එක්ක ජීවිතෙ ගෙනියන්න හැදුවොත් කවදාවත් යාදෙන්නෙ නෑ ඒක කොල්ලා දන්නවා..

කෙල්ලෙක් ලඟ තියෙන්න ඕන සුකුමාල බව කෙල්ලගෙන් පේන්නෙ නෑ තමයි..ඒත් ඒ හිත කොච්චර බය නැති උනත් ඒ හිත යට සැඟවිලා තියෙන ගෑනුකම කෙල්ල තුලින් විටින් විට මතු වෙනවා..

කොහොමටත් ගේ ඇතුලට වෙලා බත් තම්බ තම්බ දරුවො වද වද ඉන්න කෙල්ලෙකව දීගායුට කවදාවත් ඕන කලේ නෑ..ඒවාත් කෙරෙන්න ඕනී..ඒත් කෙල්ල ගාව තියෙන දඟකාර,නිර්බීතකම ලඟයි කොල්ලා නැමුනෙ..

කෙල්ලව කෝවක දැම්මත් සමහර දෙ වෙනස් කරන්න බැරි බව කොල්ලා දන්නවා..ඒ වගේම කෙල්ල කෙල්ලම හිතලා දවසක ලස්සන සුන්දර ආදරනීය හැමදෙයින්ම පිරිච්ච බිරිඳක් වෙන බව කොල්ලගෙ හිතෙ තදින්ම විස්වායක් තියෙනවා..

දැනට නම් කෙල්ලගෙ අතින් උනු වතුර කෝප්පයක් වත් හරිහමන් විදියට නොලැබෙන බව කොල්ලා ඉර හඳ වගෙ දන්නවා..ඒත් කෙල්ල ගොඩාක් ටැලෙන්ටඩ්..පොඩ්ඩක් අවුස්සලා දැම්මනම් කෙල්ලට දෙයක් අල්ලගන කරන් යන වැඩි කාලයක් යන්නෑ..ඒකත් කොල්ලා දන්නවා..

මෙ වෙලේ කෙල්ල මොනා කරනවා ඇද්ද..කෙල්ලට කෙසෙ වෙතත් කෙල්ලගෙ ලඟින් ඉන්න අයට නම් අබ සරණ බව කොල්ලා දන්නවා..

කෙල්ල ගැන හිත හිතාම ආව නිසා කොල්ලට වටපිටාව ගැන ගානක් උන් නෑ..ඒත් හදිස්සියෙ ඇස් ගැටිච්ච දෙයක් නිසා කොල්ලා සයිඩ් කන්නාඩිය ආයෙම බැලුවා..ම්ම් කොල්ලගෙ සැකේ හරී..

රහීම්

බොස්

රහීම් තමයි ජීප් එක ඩ්‍රයිව් කලේ..අනිත් අය පිටිපස්සෙ..

කට්ටිටම ඇටෙන්ශන්..හිමින් සැරෙ පිටිපස්ස බලන්න..අපෙ පිටි පස්සෙන් එකපාට කා දෙකක් ෆලො කරනවා අපිව..

කට්ටියම ශේප් එකෙ හැරිලා බැලුවා..

අප්පට සිරි ඇත්ත නේන්නම්..අපි මොකො කරන්නි..නවත්තන්නද ටිකක් අල්ලලා..

ම්ම් එපා..යන්කො ටිකක්

දීගායු ටිකක් කල්පනා කරා..අනිත් අය සැරින් සැරෙ බල බල කොල්ලගෙන් උත්තර ලැබෙන කම් බලන් උන්නා..

ම්ම්ම් හරි..රායිට්

කොල්ලා හරි කියන්නි ඉතිම් හරිම තමයි..ඒක කොල්ලා යටතෙ වැඩ කරන හැමෝම හරියටම දන්නවා..

කොල්ලා ගත්ත තීරණයක් ස්තීරයි වගේම ඒ තීරනයක් වැරදුනෙ බොහොමත්ම කලාතුරකින්..

ඉතින් දැන් කට්ටිය සැදි පැහැදී ඉන්නෙ කොල්ලගෙ තීරනෙ ගැන දැනගන්න..

කොල්ලා එයාගෙ නල්ලට තට්ටු කර ගත්තා..

සර්

මොකො කරන්නි අපි

හුම්ම්..මේකයි..උන් අපිව ෆලො කරනවා.

අනික උන් ලඟයි කෙල්ල ඉන්නෙ..අපි කෙල්ල ඉන්න තැන දන්නවා කියලා දැනගත්තොත් අපිට කලින් උන් ඉස්සර වෙනවා..ඒ හින්දා අපි ටිකක් පහු බහිමු..

ඒත් සර් ශයිනි නංගි..

ම්ම් එයා ගැන හිතලා තමයි මේ තීරනෙ..මට මගේ කෙල්ලගෙ නියකට වත් හානි නොවි කෙල්ලව ඕනී..

ම්ම්

හුම්ම්..අපි කලබල උනොත් ශයිනිව උන් කොහෙ හරි අරන් යයි..දැනට අපි දන්නවා කෙල්ල සේෆ්ටි කියලා..ඒ නැතත් කෙල්ලගෙ හැටි හොඳාකාරවම දන්නවනි..කෙල්ලට නම් කරදර වෙන්නෑ.

කෙල්ල ලඟ ඉන්න අයට මිසක්..අනික මෙ අපිට ලැබුනු තව අවස්තාවක් මීරාව කොටු කරගන්න්..මට ඌ ගැන තියෙන වයිරෙ තවත් දලු දැම්මා මේකෙන්..

මගෙ ඇස් ඉස්සරාම මගෙ කෙල්ලව අරන් යනකම් මට බලන් ඉන්න උනා..

කොල්ලා එයාගෙ එයාගෙ යටිතොල් හයියෙන් හපා ගත්තා..ඒ තරහට..

අනිත් අය කොල්ලට ඉඩ දීලා බලන් උන්නා..කොල්ලගෙ හිත අද ගොඩාක් රිදිලා බව කට්ටිය දන්නවා..කොහොමත් දීගායු කියන්නෙ අවශය දේ මිසක් අනිත් වෙලෙට කතා කරපු කෙනෙක් නෙවෙ..

අනික මෙ හැමෝම දැනන් උන්නා කොල්ලගෙ හිතෙ මීරා එක්ක තිබ්බ වයිරෙත් ..කෙල්ලට තිබ්බ ආදරෙත්..

මෙහෙමයි දැන් වෙන්නි..අපි දැන් බෙදෙනවා..රහීම් මා එක්ක ඉදලා අනිත් තුන් දෙනා දේශාන් ලග ගෙදරින් බහිනවා..එතකොට දේශාන් තමයි අපි තුන් ගොල්ලවම කන්ටැක් කරන කෙනා..හැබැයි අපි උන්ට පෙන්නන්න ඕනි අපි තාම කෙල්ල ගැන දන්නෑ කියලා..

තව දේශාන් ඇරෙන්න අනිත් දෙන්නා කෙල්ල ඉන්න ගෙ දන්නවනි..එතන ඔත්තු බලන්න ඕනි..හරියටම එහෙට එන යන අය බලලා මීරා එන ටයිම් එක අපිට කියන්න ඕනි..මන් සෙට් එකක් ඕඩර් කරන්නම්..

හ්ම්ම් ඕකෙ සර්

…ටික වෙලාවකින් දේශාන් ලගෙ ගේ ලගින් තුන් දෙනෙක් බැස්සා..

තවමත් එක කා එකක් දිගායුලා උන්නු ජීප් එක ෆලො කරනවා..

සර්

අපි

හ්ම්ම් අපිට තව කෙනෙක්ව මේකට ඕන වෙනවා..

කාවද සර්

ශයිනිව හොඳටම දන්න කෙනෙක්..යන් එයාලගෙ ගෙදර

හරි සර්

ටික වෙලාවකින් ඩී එන් එස් ගෙ මාලිගාවක් වගේ ගේ ඉස්සරහා කොල්ලත් රහීමුත් ජීප් එක නැවැත්තුවා..

හැමෝම දුවන් ආවා කොල්ලා ගෙට ගොඩ වෙද්දිම..

අම්මා කෙනෙක් තමන්ගෙ දරුවෙක්ට තියෙන ආදරෙ අහන්න දෙයක් නෑනි..ඊයෙ මුලු රෑම අඩලා අඩලා සේයාගෙ ඇස් රතු වෙලා..වෙනදට තේජස් පාටින් ඉන්න දීගායු හැමදාම අනුගමනය කරපු ඒ ප්‍රතාපවත් ඩී එන් එස් ගෙ මූනත් අද හේ බාලා ගිහින්..

අනෙ පුතා..

සේයා ඇඩු කදුලින්ම දුවන් ආවා..

අයියෙ දෝනි ගැන ආරන්චියක් නැද්ද

හ්ම්ම්..ඒ ගැන කතා කරන්නයි ආවෙ..

දීගායු තේ එකක් එහෙම බොනගමන් විස්තරෙ කීවා

අනෙ මගෙ කෙල්ල..කොල්ලෙක් වගෙ හැදුනට හැසිරුනාට ඒත් චූටි කෙල්ලෙක්..ලෝකෙ මිනිස්සු ගැන නොදන්න..

සේයා ටිකක් කලබල නොවි ඉන්න දෝනි හොඳින් කියලා අපි දන්නවනි..අපි කලබල උනොත් උන් දෝනිට මොනා හරි කරාවි

හ්ම්ම් ඒක තමයි ශයිනිගෙ තාත්තෙ මාත් කල්ප්නා කලේ..

හුම්ම්..දැන් පුතා මොකො කියන්නි..මොකක්ද අපි කරන්න ඕනි

තාත්තෙ තාම මීරා අපිට කෝල් කලෙ නෑනි..අපි බලමු..එයාට මොනාද ඕනි කියලා අපෙන්.

අපි මුකුත් නොදන්න ගානට ඉදලා වෙලාවට එන්ටර් වෙමු..

මම ඌට තව අවස්තාවක් දෙන්නෑ..ඌ කරන දේවල් තවත් මට දරාගන්න බෑ..මගෙ කෙල්ලව මගෙ ඉස්සරහා ගෙනියන කම් මට ගෑනියෙක් වගෙ බලන් ඉන්න උනා..

හුම්ම් පුතා ඌට මගෙන් ගන්න බැරි දෙ මගෙ කෙල්ල ලව්වා ගන්න යන්නි..මටත් ඕනි තරම් කන්ටැක්ට් තියෙනවා අන්ඩර් වර්ල්ඩ් එකෙ..ඒත් මගෙ මැනික උන් ලග..ඒකයි මන් මෙ ඉවසන්නි

මාත් ඒකයි තාත්තෙ..කලබල උනොත් ඌ කෙල්ලව වෙන කොහි හරි ගෙනියයි..

දැන් එයා සේෆ්ටි කියලා අපි දන්නවනි..එයා ආයෙම කෝම හරි අපිට කතා කරාවි..ඒ වගේම මීරා කතා කරනකම්.අපි බලමූ…

හුම්ම් පුතා..

දීගායු ගොඩක් වෙලා එහෙට වෙලා කියො කියො උන්නා..

දෙකාමාරට විතර කොල්ලා නැගිට්ටා..

පුතා ලන්ච් අරගමූ..

මට කන්න බෑ තාත්තෙ..මට මගෙ කෙල්ලව දකින කම් හුස්ම වැටෙයිද කියලත් බයයි

ඒත් නොකා නොබි ඉඳලා මෙ දේවල් විසඳන්න බෑ..අනික පුතා තවම තුවාලෙ අමුයි..යන් කමූ

කට්ටියගෙ පෙරැත්ත නිසාම කොල්ලා
ලන්ච් වලට ඉඳගත්තා..

හැමෝම කන්න ඕන නිසා කෑවා මිසක් වෙනදට කෑම මෙසෙ තියෙන සතුට අද නෑ වගේ..

සේයා නම් කළේ දෝනිගෙ හිස් වෙච්ච පුටුව බල බල බත් එක අත ගගා සුසුම් හෙලපු එක විතරමයි..

කාලා පැය බාගෙකට විතර පස්සෙ කොල්ලා යන්න එලියට බැස්සා..

ඒත් ආයෙම ගෙනියන්න ඕනි දෙයක් මතක් උනා…

…තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *