D & S………50

මේ මහ රෑ මොකාද මේ රූම් එකට රිංගන්නී..

ඇඳ ලඟට එන්න කලින් මන් දොර අයිනට ගියා..නිකම් නෙවෙ ඇඳ පොල්ලකුත් එක්ක..

ශයිනියා එක්ක හැංඟිමුත්තු කරන්න ආස එක්කෙනා බලමුකො..

ගොඩක් ගෑනු ළමයින්ට වරදින්නෙ..ඕනිවට වඩා අහිංසක වෙන්න ගිහින්..
අවදානමට පෙර සුදානම..

අපි එහෙමයි ඕන්..

ආව කෙනා හිමීට දොර ඇරලා ඒ විදියටම ආයෙ හිමින් දොර ඇරියා..

මන් දොර අයිනෙ නිසා එයාට මාව පේන්නෑ..

ආව විදියටම හීමිට අඩිය තියලා ඇඳ ලඟට ගියා..

හෙලෝ ..හෙලෝ

හෙලො හෙලො ගාන්නි..මන් කෝල් එකක් ද..

එ ශාලුත් ගෙ කටහඬ නෙවෙ..මිහිරානුත් නෙවෙ..එහෙනම්..අයියා…
නෑ මගෙ දිගුස්ගෙ තියෙන කටහඬත් නෙවෙ..

ඒ පාර පෝන් එකේද කොහිද ටෝච් එක ගහලා ඇඳට අල්ලන්නවා..

අහ් මෙ දවල් ආව දේසිත්…මොන අහවල් කෙංගෙඩියකටද මෙ රූම් එක අස්සට ආවේ…

මම තනියෙන් මුමුණ මුමුණ ඉද්දි එයා හැරුනා..

කොයි එකටත් සූජානම් බොඩි එක..මන් ඇඳ පොල්ල තවත් උස්සලා අල්ල ගත්තා..හුම්ම් තාත්තා මදිවට පුතාලත්..

බුදු අම්මෝහ්…

එයා මගේ පහර අතින් නවත්තුවා..මට දැන් පොල්ල හොල්ලන්න බෑ…යකඩ ගිලලද මන්දා..

ඒ මදිවට මේන් මෙයා මගේ මූණට ටෝච් එක අල්ලනවා..මම රවලා බැලුවා

හනෙ අම්මෙ යකින්නක් වගේ..කොන්ඩෙත් කඩන්..මෙ ඇස්..ඔහ්..මට බෑ

බැරි නම්.මොකටද ආවෙ ආ කෙල්ලෙක් ඉන්න රූම්.එහෙකට මේ මහ රෑ..ආ..හිතුවද අනිත් කෙල්ලො වගෙ මං දුර්වලයි කියලා..

එහෙම හිතන් ඉන්නවනම්. තමුන්ට වැරදිලා හරිද..මෙ ශයිනි අන්තිම මොහොත වෙනකම් සටන් කරනවා තේරුනාද තේරුනාද

හම්මෙ ඉතින්..රුව වගේමයි කටත්….එළ එළ..කෙල්ලෙක් ඉන්න ඕනි ඔහොම තමා..එතකොට ඔයාගෙ නම ශයිනිද

ඔව් ඇයි..තාත්තන්ඩි ඒකත් වෙනස් කරාද ආ ආ

අම්මො බටකොළ ආච්චියෙක් වගේ..

කලුවරෙ උනත් දේසිත්ගෙ හිනාව මට පේනවා..මෙ දේසිතා මගෙ ලේ කෝප ප්‍ර්කෝප කරනවා…

ඔව් මන් බටකොල ආච්චි..මට පිස්සු..මම ශාලුත්ගෙ වයිෆ් දැන් හරි නෙ..මම ශාලුත් ගෙ වයිෆ් නම් ඔයා එයාගෙ මල්ලි නෙ..

මොකො මෙ මහ රෑ නෑනාගෙ රූම් එකට රින්ගුවෙ ආ..කියනවා

අම්මො තනිකර පුලන් දේවි වගේ..හෝව් හෝව්..ඔක්කොටම කලින් ඔය රේඩියො එකෙ සද්දෙ ටිකක් අඩු කරමු..නැත්තම්.ඩැඩා ඒවි

ඔ.මටත් ඕනි ඒක තමයි..කාව හරි මෙතනට ගෙන්න ගන්න තමයි

එහෙනම් ඉතින් මන් ඩැඩාව එක්කන්ම එනවනි..එහෙම නෙවෙ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි

මොනාද..

මෙ අහන්න..වරදවා හිතන්න එපා..මම ඇත්තටම දන්නෑ ඔයා මොනාට,මොන හේතුවක් නිසා අපෙ ගෙදර ඉන්නවද කියන එක..ඒත් මන් කවදාවත් බිලිව් කරන්නෑ ඔයා අපෙ ශාලුත් අයියගෙ වයිෆ් කියලා..ඔයා වගෙ කෙල්ලෙක් නෙවෙර්..කිසි දාක වෙන්න බැ..මට කියන්න ඇත්ත..බිලිව් මි වැරදි අදහසකින් ආවෙ නෑ මන්..මගෙ ඩැඩාට අර විදියට කතා කරන්න හේතුව මොකක්ද..ඔයා කවුද..කාගෙද..මට කියන්න සේරම

මං චුට්ටක් කල්පනා කරා..මෙයා හොඳ කෙනෙක් වෙන්නත් පුලුවන්..ඒත් මීරාගෙ පුතානි..මගෙ හිත දැනගන්න එව්වද දන්නෙත් නෑ…

මෙ ශයිනගෙ පිලොසිපිය එක තමයි කාලා බලනකම් කිසි දෙයක් රහ නෑ කියන එක..සමාර චොක්ලට් ලස්සනට ඔතලා තියෙ..එත් කද්දි නෑ රසක්..මෙයත්😒😒😒😒😒

ඒ පාර ඇයි සයිලන්ස්..ඩෝන්ට් බිලිව් මී..ලිස්න්..මං කිසිදාක මගෙ අම්මි ගැන කියලා දිවුරන්නෑ..බිලිව් මී

ඔහොම තමා කවුරුත්..හුම්ම්..මට මෙහෙන් යන්න උදව් නම් ඕනි තමයි..ඒත් කවුද දන්නෙ තවත් කරදරයක්ද කියලා

හ්ම්ම් සොරි ඔයා මාව බිලිව් කරන්නෑනි..ඕකෙ සොරි මෙ රෑ ඔයා ඉන්න රූම් එකට ආවට..මං යන්නම්..

දේසිත් ආයෙම දොර ලඟට ගියා.

හ්ම්ම් ඕකේ

මියයන්න සුදානම්
මීරා අතින්…
සමරන්න දැන් එන්න
දේසිත් ඉතින්..

මෙ සිරා වෙලෙත් මට සින්දු කෑලි මතක් වෙනවනි අප්පා

දේසිත් ඉන්න

එයා යන්න ගිය ගමන නැවැත්තුවා

ඔයා මගෙ නමට් දන්නවා

ඔව්

හුම්ම්.

ඉතින්

හුම්ම්..

මන් ලොකු හුස්මක් අරන් පිට කරා..ඒ හුස්ම දෝංකාර දිදි කාමරෙ පුරා තිබ්බා ටිකක් වෙලා..

මන් ඇඳෙන් ඉඳ ගත්තා..මම දම්නෑ..බාබකිව් මැශින් එකින් ගෑස් ලිපට වැටෙන්න වෙයිද කියලා..ඒත් මට දැන් මෙතනින් ගැලවෙන්න ඕනි..කෝම හරි මොන විදියකින් හරි

එයත් ඇවිත් පැත්තකිම් ඉඳ ගත්තා

මෙ අහන්න ශයිනි..මාව ට්‍ර්ස්ට් කරන්න..ඔයා වගෙ ලස්සන ගෑනු ලමෙක් ඇයි මෙහෙ..අනික ඩැඩා කීව දේවල් බොරු කියලා මට හොඳටම දැන් තේරෙනවා..ඇත්ත ඔයා වෙරි ඩිෆිකල්ට්..බට් ඒක ඩැඩා කියන විදියෙ නෙවෙ..ඔයා ග්‍ර්ල් කෙනෙක් උනත් කිසි බයක් නෑ..නියමයි..අයි ලයික් ඉට්..හරියට ඉන්ග්ලිශ් ෆිල්ම් වල ඉන්න ස්ටන්ට් ග්‍ර්ල් කෙනෙක් වගෙ..

හුම්ම්..මට කියන්න ඔයා ඩැඩා ගැන හිතන විදිය

ම්ම් මන් ඩැඩා දැක්කෙ මට අවුරුදු හය හතේදි..එතෝට ශාලුත් අයියට අවුරුදු දොලහක් වගෙ..ඩැඩා අපි ලඟ රැදුන් නෑ..හැබැයි එයා ශාලුත් අයියට ටිකක් වත් ආදරෙ නෑ..ඩැඩා රටමයි උන්න්..ඩැඩා
කරන්නෙ මොනාද එයාගෙ ජොබ් එක ඒ මුකුත් දන්නෑ මන්..අම්මා දන්නවා..ඒත් කීවෙ නෑ කවදාවත්..කාලයක් යද්දි ඒ ගැන අහන එක මං නවැත්තුවා..දෙන දෙ කාලා වෙන දෙ බලන් උන්නා..මගෙ ලෝකෙ..අවුරුදු දහාඅටක් වෙද්දි මන් ගියා ජපෑන් ස්ටඩීස් කරා..මෙ ආවෙ යාලුවෙක් ගෙ වෙඩින් එකකට..ඉතින් අම්මා දන්නෙත් නෑ මන් එනකම්..තව දවස් 05 කින් මන් ආයෙම යනවා..මට ග්‍ර්ල් කෙනෙක් නෑ…ම්ම් ඇත්තටම අයි ලයික් යූ..

ඔහ්…

ඇයි ඔහ් ගෑවෙ..ඇත්තට කීවෙ..ඔයාගෙ ලස්සනට..එතකොට ඔයාගෙ ප්‍ර්සනැලිටි එකට..ඔයාට කවුරු හරි ඉන්නවද..ඔන්න කියන්න එපා ඒ අපෙ අයියා කියලා..මොකද ඔයා වගෙ කෙල්ලෙක් කිසි දාක ඒ වගෙ කෙනෙක් සිලෙක්ට් කරන්නෑ..

හුම්ම්

මොකො නිකම් බස්සියෙක් වගේ

මම කොහොමද ඔයාව විස්වාස කරන්නි..ඔයත් ඔයාගෙ තාත්තා වගේද දන්නවද

ඒ කිවෙ..ඇයි ඩැඩා ගැන ඔහොම කියන්නි..ඔයා මොනාද එයා ගැන දන්නෙ..

හුම්ම් ඔයා නොදන්න ගොඩාක් දේවල්

ඒ මොනවද ..

මම දේසිත්ට මන් දන්න හැමදේම කෙටියෙන් කීවා…මම කාගෙ කවුද..මෙහෙම ඉන්න හේතුව

දේසිත් හොඳට ඇහුම් කන් දුන්නා..

එයා නැගිට්ටා..

ආයෙම මගෙ ඉස්සරහට ආවා..මගෙ මූණෙන් අල්ල ගත්තා

මෙ අහන්න මම දන්නෑ ඔයා කියන්නි ඇත්තද කියලා..දරුවෙක්ට දරන්න බැරි ගොඩක් දේවල් ඔයා මගෙ ඩැඩා ගැන කීවා..ඒත් මගෙ හිත කියනවා මේ කතා කරන ඇස් බොරු කියන්නෑ කියලා

ඇත්තටම ඔයාව දැකලා තාම පැය ගානයි..ඒත් මගෙ හිතට ඔයා ගොඩාක් වැදුනා..මම …

ඒ මූණ මගෙ මූණට ලන් වෙනවා..එයාට ඕනි

මාව…..😱😱😱???නෑ නෑ මේ ශයිනි කොච්චර ප්‍ර්ශ්න ගොඩක පැටලිලා උන්නත්..ශයිනිගෙ ආත්මය දිගායු වෙනුවෙන් විතරයි

මගෙ මූණට ලන් වෙන ඒ මූන මන් අත තියලා නැවැත්තුවා

ඇයි..මන් ඔයාට කැමති ශයිනි

සොරි මම දැනටමත් එන්ගේජ් වෙලා ඉන්නෙ..මට කෙනෙක් ඉන්නවා

ඇත්තමද

ඔව්

ඇයි ඔයා එයාට කැමති

එයා මගෙ නිසා

හුම්ම්..සොරි…

හුම්ම්..මට හෙල්ප් කරන්න..මෙතනින් යන්න

එයා නැගිට්ටා..

හ්ම්ම් ශයිනි..මම ඔයාව මෙතනින්…
එක්කන් යන්නම්..එන්න..

ඇත්තමද

ඔව්..යන්

ම් මෙ තවත් උගුලක්ද

ඔන්න ඔහෙ යන්වා..

එයා මාවත් අල්ල ගෙනම සාලෙට අවා…

අපිට එන්න උනෙ අඩි දෙකයි..

ඔහොම නවතිනවා…

…තවත් සේයාවකට….

🌼🌼🌼🌼🌼😊😊😊🌼🌼🌼🌼🌼

අද විජයග්‍රාහී 50 වෙනි දිනය සපුරන ශයිනියා වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්ම යන්න හොඳෙ..සස්සනයි කියනවට වඩා කතාව ගැන දැනෙන දැනුන දේ කියන් යන්න … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *