Page 103 of 127
1 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 127

~~~~~ ආදර පාරමී ~~~~~ 47 කොටස

ලය තුලින් පැමිණි තදබල කැපුම් වේදනාවත් සමග දෑස් ඇරියේ කොතරම් කාලයකින්ද කියා මම නොදැන උන්නෙමි …. මා වැතිරී උන් යහනට ඉහලින් එල්ලෙමින් තිබුණු ලේ පිරුණු බෝතලය තුලින් ගලාගෙන ආ ලේ බිදු නලයක් දිගේ විත් කැනියුලාව හරහා ශරීරය තුලට ඇතුළු වෙමින් තිබුණි …මද වෙලාවකින් මට වැටහුනේ මා තවමත් ජිවතුන් අතරබවයි … සිදුවුවේ කුමක්දැයි සිහිකිරීමට මා වෙහෙස…

~~~~ ආදර පාරමී ~~~~~~ 46 කොටස

‘ඇයි …ඇයි…. ඔයා මගේ හිම්සරවම ආදරේ කරන්න තෝරා ගත්තේ ….මින්දුලි … නංගි ඔයාට තිබ්බේ හිම්සර මට ආදරේ කරනවා කියලා දැනගත්ත දවසේ එයාගෙන් ඈත්වෙන්න ….. ‘’ ඇසින් ගලා ආ කදුළු නතර උවා නොවේ .. දරාගෙන බොහෝ දරාගෙන මා කතාකලේ බොහෝ සංසුන්වය … ‘මම ජිවිතේ පළවෙනියට ආදරේ කලේ හිම්සර අයියාට ….. හිතක ඇතිවෙච්ච පලවෙනි ආදරේ අමතක කරන්න අමාරුයි…

~~~ආදර පාරමී ~~~~ 45

කොටස ‘බබී ඇයි මේ කාමරෙන් එළියට බහින්නේ නැතිව ඉන්නේ …’ තාත්තා මා සොයා ආවේ දින ගානක් මා නොදුටු නිසා විය යුතුය .. තාත්තා මට බෙහෙවින් ආදරය කල බව මා දනිමි …. මේ ලෝකේ මට සෙනෙහෙ පානා කිසිවෙකු වේ නම් ඒ ඔහුම විය හැකිය .. ‘පාඩම් කරනවා තාත්තා ..’ මම කිවේ බොරුවක් බව මගේ දෑසේ වූ බැල්මෙන්…

~~~~ආදර පාරමී ~~~~~ 44 කොටස

මගේ ජීවිතය හිම්සරගෙන් මුදාගත නොහැකි තරමට මගේ හදවත ඔහු වෙත බද්ධවී තිබුණි … හැම සිතුව්ල්ලකම වුවේ ඔහු පිළිබද හැගීමක්ම පමණකි ….. හැකි සෑම නිමේෂයක හිම්සරව දැක වදනක් හෝ දොඩමළු වීමට මා බොහෝ ප්‍රිය කලෙමි …දුරස් බව දුරුවී අපි නැවත ලංවෙමින් උන්නෙමු .. ‘පාරමී මම නුවර යනවා රගර් මැච් එකකට ..’ විභාගයට තවත් තිබුනේ සතියක් පමණි…

~ආදර පාරමී ~~~ 43 කොටස

~~~~~ආදර පාරමී ~~~ 43 කොටස වේදනවා කාලයත් සමග සමනය වෙමින් තිබුණි ….. සියල්ල යථා තත්වයට පත්වුවත් වරින් වර අම්මා ගැන මතකයේ වේදනාව සුසුමක් ලෙසින් මුවින් පිට නොවුනාද නොවේ .. මගේ ඉල්ලීම පිළිගත් තාත්තා මත්පැන් පානය නොකර උන්නත් ඔහු බොහෝ නිහඩ පුද්ගලයෙක් බවට පත්වුණි …. මංජු අම්මා සියල්ල නිහඩව බලා උන්නා මිස කිසිවෙකුට දොස් නොකිවාය ……

~~~~~ආදර පාරමී ~~~~~ 42 කොටස

ඒ රාත්‍රියේ බොහෝ වේලාවක් ගෙවී යනතුරුම තාත්තා නිවසට පැමිණියා නොවේ …. තාත්තා මෙලෙස පරක්කු වී නිවසට පැමිණීමට පටන්ගත්තේ අම්මාගේ මරණයෙන් පසුවය … අම්මාගේ මරණයේ වේදනාව ඔහුගේ හිත තුල නිරන්තරයේ හොල්මන් කරනවා වෙන්න ඇත …. ‘තාත්තා තවම නැහැනේ …’ මංජු අම්මා දම්සාරි දෙස බලමින් හුල්ලන්න වුවාය .. ඇයට තම පෙම්වත් සැමියාගේ මේ වෙනස දරාගැනීමට බොහෝ අපහසු…

~~~~ආදර පාරමී ~~~~ 41 කොටස

මිදුලේ නතර තිබුණු කාරය තාත්තාගේය…. මා මිදුල සිසාරා බැල්මක් හෙළුවෙමි …නිවසේ පිල මත අසුන්ගෙන පාර දෙසට නෙතු යොමා උන්නේ තාත්තාය …. ගේට්ටුව ඇරගෙන පැමිණි මා දුටු ඔහු උන් තැනින් නැගිට මදක් ඉදිරියට ඇවිද ආවේය … ‘තාත්තා …’ අඩියට දෙකට දිව ගොස් තාත්තාගේ පපුවට තුරුළු වූ මා ඉකිබිද අඩන්න උනෙමි ….හේතුවක් දැන හෝ නොදැන තාත්තා නිහඩවම…

~~~~ආදර පාරමී ~~~~ 40 කොටස

ඒ දින කීපයේ හිම්සර මා තනි නොකල තරම්ය . … කොළඹ නොයා ඔහු මා වෙනුවෙන් නුවර නැවතී තිබුනේ මේ නගරයේ මට කාත් කවුරුවත් නැති බව දැන උන් බැවිනි … අම්මා වෙනුවෙන් පවත්වන පිංකම වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් අත නොතිබුණු බැවින් ඇය මා වෙනුවෙන් ඉතුරුම් ගිණුමේ තැන්පත් කල මුදලින් කොටසක් ගැනීම හැර මුදල්සොයා ගැනීමට මගක් තිබුනා…

~~~~ආදර පාරමී ~~~ 39 කොටස

මේ ගොම්මන් යාමයේ පාළු සුසාන භුමියට මා සොයා පැමිණියේ කවුරුන්ද … මොහොතකට හුස්ම නැවතුනා සේ දැනෙද්දී මා හැරී බැලුවෙමි …මා අසලින්ම පතාක යෝධයෙක් සේ හිටගෙන .. දුක්බර බැල්මක් දෑස දරාගෙන උන්නේ හිම්සරය … ‘පාරමී … ’ උරහිස මත තබාගෙන උන් අත ඉවත් නොකරම ඔහු මා දෙස බලා ඉද්දි සිරුරේ හැම රෝම කුපයක්ම කෙලින්වී ගත හිරි වැටි…

~ආදර පාරමි ~~ 38 කොටස

“ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා” ‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් ඒ උනාට කවදා හරි මරණය කියන ධර්මතාවයට මේ ඇත්ති මුහුණ දෙන්න ඕන … ඔය කාරණය ගැන හිත හිතා දුක්වෙන්වාට වඩා මේ ඇත්ති වෙනුවෙන් කරන්න…

Page 103 of 127
1 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 127