~~~ආදර පාරමී ~~~~17 කොටස
‘නිකිල්ට අද රගර් ප්රැක්ටිස් …. ෂුවර් එකටම හිම්සරත් ඇති ….’ දුක්බරව තිබු මාගේ මුහුණ දෙස බලමින් නෙතුලි සුසුමක් හෙළුවාය …හිමසර නමින් සිත බොහෝ අඩමින් තිබුණි … දරාගෙන බොහෝ දරාගෙන මා නෙතුලි පසුපසින් වැටුනෙමි … මට උවමනා උවේ ඔහු හමුවී මා ඔහුට ආදරය නැති බව කියා ඔහුගේ සිත හැදීමටය …‘උඹ එතැන ගිහින් පිස්සු නටනවා එහෙම නෙවෙයි…