Page 31 of 127
1 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 127

මා නොවේ ඈ නුඹේ 54 කොටස

චමත්ගෙන් කෝල් එක එද්දි කට්ටියම කෑම කාලා සාලෙට ආවා විතරයි. විහංසා අපර්ණාට බත් එකක් බඳින ගමන් හිටියේ. ෆෝන් එක රිංග් වෙනවා ඇහුනු විහංසා කුස්සියෙ ඉඳන් ම කතා කලා මියුරංගට. “අයියේ කෝල් එක බලන්නකෝ…” විහංසා කියද්දි මියුරංග කාමරේට ගිහින් ෆෝන් එක ගත්තා. සහස්‍රාට සතුටුයි. මේ ආදරේ හරි ලස්සනයි නේද කියලා ඇයට හිතුනා. “යුවති නෙමෙයි මගෙ සුදු…

මා නොවේ ඈ නුඹේ 53 කොටස

“ගෙදර ඉඳලත් දන්නෙ නෑ කවුරු හරි ආවද කියලා. පුදුම වැඩක්නෙ. නොසැලකිලිමත් කමනෙ. දවල්ට කවුරුවත් නෑ කියලා දන්නවා වට පිටාවෙ හැමෝම. කාර් එකක් නිසා අත පත ගගා ඉන්නවා. කොහෙට ආව එකක්ද කවුරු ආවද මුකුත් දන්නෙ නෑ. ඔය වගේ තමයි මොකෙක් හරි හොරෙක් ආව නම්.” විහංසා දිගටම බනිනවා. ඇඳුම් මාරු කරලා ටවල් එකත් ඇඳන් කණ්නාඩි මේසෙ උඩින්…

මා නොවේ ඈ නුඹේ 52 කොටස

විහංසා පන්සලට ගියේ හිතට දැනෙන මේ වරදකාරී හැඟීමෙන් මිදෙන්න ඕනෙ නිසා. “බුදු හාමුදුරුවනේ මට මේක පහදල දෙන්න. චූටි අහස් අයියගෙන් ඈත් වෙලා ගිහින් තියෙන්නෙ මම නිසා කියලා මට හිතෙනවා. අහස් අයියා මගෙ ගැන හිතන බව චූටි දැනගත්තෙ නැත්නම් අදටත් චූටි සතුටින්. එහෙම උනා නම් මේ වෙද්දි අහස් අයියා චූටිට ආදරේ කරයි. එයා දුකෙන් ඉන්න ප්‍රධානම…

මා නොවේ ඈ නුඹේ 51 කොටස

විහංසා පැයක් විතර බලාගෙන හිටියා චමත්ගෙන් කෝල් එකක් එයි කියලා. ඒත් චමත් ඊට පස්සෙම ඔන්ලයින් හිටියෙ නෑ. විහංසා රෑට කාලා ඇවිත් මියුරංගට කෝල් එකක් ගත්තා. “නිදියන්න හදන්නෙ අයියේ… චමත් ඔන්ලයින් ආවෙ නෑ. මොකද දන්නෙ නෑ.” විහංසා දුකෙන් කිව්වෙ. “හ්ම්ම්.. එහෙමද? එයා ඔන්ලයින් ආව වෙලාවකට බලයිනෙ. කෝල් එකක් ගන්න කියලා ඔයාගෙ නම්බර් එක දාලා තියන්න මැණික.”…

මා නොවේ ඈ නුඹේ 50 කොටස

විහංසා චමත්ගෙ අකවුන්ට් එක බැලුවා. නිකමට වගේ… කියන්න තරම් වැදගත් කිසිම දෙයක් තිබුනෙ නෑ. මේ වෙලාවෙ චමත් ඔන්ලයින් හිටියෙ නෑ. “අපරාදෙ පැයකට කලින් ඔන්ලයින් ඉඳලා.” විහංසා දුක් උනා. “කෝකටත් කමක් නෑ ෆිට් එකක් යවනවා. ආව වෙලාවක දකියිනෙ.” විහංසා එහෙම හිතලා ෆිට් එකක් යැව්වා. ඒ එක්කම විහංසාට කෝල් එකක් ආවා මියුරංගගෙන්. “හෙලෝ….” විහංසා ආදරෙන් කතා කරද්දි…

මා නොවේ ඈ නුඹේ 49 කොටස

විහංසා ගොඩක් වෙලා ට්‍රයි කලත් නම්බර් එක හොයාගන්න බැරි උනා. යුවති පොඩ්ඩක් හෙලවෙනකොටම විහංසා ෆෝන් එක මේසෙ උඩින් තියලා කාමරෙන් එලියට ගියා. “නම්බර් එක නැති වෙන්න විදියක් නෑනෙ. අඩුම තරමෙ වයිබර් වලවත්. මේ ලමයා මට කියන්නෙ බොරුද? නෑ නෑ වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. කොහොමද චමත්ව කන්ටැක්ට් කර ගන්නෙ.” විහංසා හීටර් ජග් එකට වතුර…

මා නොවේ ඈ නුඹේ 48 කොටස

කෙල්ලො දෙන්නා කාලෙකට පස්සෙ එකතු වෙලා ඉන්නවා දැකපු වන්දනාටත් සතුටුයි. “අපි ගිහින් එන්නම් අම්මා..” යුවති සතුටින් උඩ පැන පැන ගිහින් වන්දනාව තුරුල් කරගත්තා. “හ්ම්… පරිස්සමෙන් ගිහින් එන්න චූටි.” වන්දනා යුවතිගෙ නලල සිපගෙන කිව්වා. “ගිහින් එන්නම් අම්මා..” විහංසාත් වන්දනාගෙ දෙපා වැන්දා. “බුදු සරණයි දෝණි. සතුටින් ඉන්න.” වන්දනා විහංසාගෙ නලලත් සිප ගත්තා. ගෙදර යද්දි හැන්දෑවෙ හයත් පහු…

මා නොවේ ඈ නුඹේ 47 කොටස

“මගේ කෙල්ල එන්න… මගෙ ලඟින් ඉඳගන්න.” අම්මා කතා කලා ලඟින් ඉඳගන්න. විහංසා ගිහින් ඉඳගත්තා. මියුරංග ඇසි පිය නොහෙලා බලාගෙන හිටියෙ කෙල්ලගෙ ලස්සන. එදා උදම්ලාගෙ වෙඩින් එකට සාරි ගනිද්දි විහංසාට අරන්දුන්න සාරිය ඇය අදයි මේ ඇඳලා තිබුනෙ. ඒකට ඇය හරිම ලස්සනයි. ____________________________________________________________________ “මේ මොකද්ද?” විහංසා ඇහුවෙ මියුරංග ඇයට ආදරෙයි කියපු දවසෙ ඇයට මොකද්දෝ බොක්ස් එකක් දෙනකොට….

මා නොවේ ඈ නුඹේ 46 කොටස

“ආ සුදු පුතේ… අර ඔයා එක්කම ඉඳපු ගෑණු දරුවා වගේ කෙල්ලෙක් නම් ඔයාට හොඳටම මැච් වෙනවා. කියල වැඩක් නෑ.” ලොකු අම්මා කිව්වෙ මියුරංග ගෙට ඇතුල් වෙද්දිම. පවුලෙ පස් දෙනා ඇරුනම වෙන කවුරුවත් විහංසාගෙයි මියුරංගගෙයි සම්බන්ධය දන්නෙ නෑ. මියුරංගට හිනයි. ඔහු හිනා වෙලා උඩට ගියා ශේප් එකේ.. “ඒක නම් ඇත්ත පුංචි අම්මා. ඒ ගර්ල් මාර ලස්සනයි.”…

මා නොවේ ඈ නුඹේ 45 කොටස

“මගෙ දූ මොකද මේ අඬන්නෙ? අනික ඇයි පුතේ මේ සමාව ගන්නෙ?” වන්දනා ඇහුවෙ හිතට අමුත්තක් දැනෙද්දි. “මුකුත් නෑ අම්මා. මම නිසා අම්මලත් දුකෙන්නෙ. ඒකයි.” යුවති කඳුලු පිහිදාගෙන කිව්වා. “හ්ම්ම්… කමක් නෑ කෝ දැන් හිනා වෙලා ඉන්න. යමු පහළට. ආ ඔයා ටික දවසකින් ගියේ නෑනෙ දෝණිලගෙ ගෙදර. අද හවසට ගිහින් රෑ ඉඳලා එන්න.” වන්දනා කිව්වෙ වැඩි…

Page 31 of 127
1 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 127