නුබේ පතිනියයි මා හතලිස් තුන්වන දිගහැරුම
අනේ එහෙම නෑ අක්කා..ගයාන් අයියා හරි හොදයි..විහිලුයි..”දෙව්මිනී පැවසුවේ ලැජ්ජාවෙන් “ඔව් නංගා ගයාන් අයියා නැත්නම් අද දේව් මම ලග නෑ”වන්දනා පැවසුවේ සුසුමක් හෙලමින් “ඇයි අක්කා…අයියයි ඔයායි එකතු උනේ යාලුවෙලා නෙමේද..ඔය දෙන්න දැන් ඉන්න විදියට මට හිතුනේ ඔයාලගෙ මැරේජ් එක ලව් මැරේජ් එකක් කියලා..” “නෑ නංගා.දේව් මමයි මැරි කරේ ප්‍රපෝසල් එකකින්.”යැයි පැවසූ වන්දනා ඇගේ අතීතය දෙව්මිනීට පැවසූවා…