Page 1 of 8
1 2 3 4 5 6 7 8

මා නොවේ ඈ නුඹේ 70 – අවසානය කොටස

රෑ කෑමෙන් පස්සෙ කට්ටියම සුපුරුදු පරිදි කාමර වලට යන්න කලින් මියුරංග කට්ටියටම කියන්න දෙයක් තියෙනවා කිව්ව නිසා හැමෝම ගිහින් සාලෙ ඉඳගත්තා. “කියන්න සුදු පුතා.” අප්පච්චි කිව්වා. “ඇත්තටම මේකයි. අපි ප්ලෑන් කරා… ආ අපි කිව්වෙ මායි විහංසායි. ලබන සතියෙ පූගෙ බර්ත් ඩේ එකනෙ. ඉතිං අපි හිතුවා බර්ත් ඩේ එක දවසට ළමා නිවාසෙ පාටි එකක් දාන්න. අක්කයි…

මා නොවේ ඈ නුඹේ 69 කොටස

“මේ වරෙන්කෝ.” අපර්ණා ආයෙම සහස්‍රාව අල්ලගත්තෙ යුවතිගෙ කතාවෙ ඉතුරු ටික අහගන්න. “ඇයි?” සහස්‍රා ඇස් ලොකු කරන් ඇහුවෙ එක පාරටම අපර්ණා සහස්‍රාව කාමරේට ඇදගෙන දොරත් වහගත්ත නිසා. “ඇයි අහන්නෙ මැට්ටියෙ ඊයෙ කතාවෙ ඉතුරු ටික කියපං. එදා යුවති අපේ මැට්ටව මීට් වෙන්න ගියානෙ. මොකද උනේ? අපේ එකා මුකුත් කරදරයක්…” අපර්ණා හිටියෙ කොයි වෙලාවටද මේක අහගන්නෙ කියලා ඇඟිලි…

මා නොවේ ඈ නුඹේ 68 කොටස

දින දෙකකට පස්සෙ විහංසා ගෙදර එක්කන් ආවා. දරුවොන්ගෙ සද්දෙන් මුලු ගෙදරම පිරිලා වගෙයි හැමෝටම දැනුනේ. මියුරංග ඔෆිස් ගියේ නෑ සතියක්ම. “අනේ මට යන්න බෑ වගේ.” මියුරංග යන්න ලේස්ති වෙලත් චුරු චුරු ගානවා. “එහෙම කියල කොහොමද මහත්තයෝ. මේ දෙන්නට දේවල් ඉතුරු කරගන්න ඕනනෙ නේද?” විහංසා මියුරංගව උනන්දු කලා. “හ්ම්ම්… මගේ පැටව් දෙන්නා අම්මත් එක්ක රණ්ඩු නොකර…

මා නොවේ ඈ නුඹේ 67 කොටස

“නර්ස්… පේශන්ට කොහොමද?” උදම් ඇහුවෙ සේරටම කලින්. කාටත් දැනගන්න ඕනත් ඒකනෙ. “පේශන්ගෙ හස්බන්ඩ් කවුද?” නර්ස් ඇහුවා. “ම..මම… එයාට කොහොමද?” මියුරංග සැලෙන කටහඬින් ඇහුවා. “එයා හොඳින් ඉන්නවා. ඒත් මිසිස් අඬනවා ඔයාව බලන්න. ලොකු ඩොක්ටර් කිව්වා ඔයාව ඇතුලට එක්ක එන්න කියලා.” නර්ස් කිව්වා. “මල්ලා බය නැතුව යන්න.” උදම් මියුරංගගෙ උරහිස අතින් තද කරලා කිව්වා. හැමෝම ඇස් වල…

මා නොවේ ඈ නුඹේ 66 කොටස

මියුරංග කිරි එකක් හදාගෙන කාමරේට ගියා කාත් එක්කවත් කතා කලේ නෑ ලොකු කල්පනාවක හිටියෙ. “මල්ලි දැන් දවල්ට කන වෙලාවනෙ කොල්ලෝ.” අපර්ණා කියද්දි මියුරංග ඒ දිහා බැලුවා. “මෙයා දැන් කනවද අක්කෙ. මහන්සියි කියලා කන්න බෑ කියයි. දැන් කිරි එකවත් පොවාගෙන හවස් වෙලා බත් කවනවා.” මියුරංග කියද්දි සහස්‍රා බලන් හිටියෙ අයියා ගැන ඇති උන ලොකු ආඩම්බරයකින්. “අපරාදෙ…

මා නොවේ ඈ නුඹේ 65 කොටස

“සමී…” අපර්ණා විහංසාට කතා කරන්න හදද්දිම විහංසායි අම්මයි දොරකඩ. “ආ මේ අක්කනෙ. අපි ඒත් බැලුවා කවුද කියලා. එන්න අක්කෙ.” අම්මා කතා කලා. “ලොකු අම්මා අද තමයි මාව බලන්න එන්නෙ නේද?” විහංසා මූණ නරක් කරන් අහද්දි ලොකු අම්මා ගෙනාව බෑග් එකෙන් හොයල හොයල පොඩි පැකට් එකක් දුන්නා විහංසාගෙ අතට. විහංසා දරුවව අම්මගෙ අතට දීලා ඒක ගත්තා….

මා නොවේ ඈ නුඹේ 64 කොටස

“අහස්…” විහංසා කතා කලේ මියුරංග ඇහැරෙන්න පරක්කු නිසා. “නැගිටින්නකෝ.. පරක්කු වෙනවා. කෙල්ල බලන් ඇති.” විහංසා ලේස්ති වෙන ගමන් කතා කලා. “කොහෙ යන්නද මේ උදේම?” මියුරංග ඇස් පොඩි කර කර ඇහුවා. “ඇයි අනේ චූටි බලන් ඇති. හෙට එයාල යනවනෙ.” විහංසා මියුරංගගෙ ලඟින් ඉඳගෙන කිව්වා. “හරි හරි මට අමතක උනා. දැන් ඔන්න මූණ බෙරි කරගන්න ඔට්ටු නෑ…

මා නොවේ ඈ නුඹේ 63 කොටස

සහස්‍රාගෙ වෙඩින් එකෙන් පස්සෙ විහංසාගෙ හිතේ තිබුන ලොකුම බර උනේ යුවතිගෙ වෙඩින් එක. චමත් උපරිමෙන්ම සාමාන්‍ය විදියට ඉද්දි යුවතිගෙන් මොකද්දෝ අමුත්තක් පෙනුනා. “අහස්… මහත්තයෝ…” විහංසා කතා කලේ යුවතිලගෙ ගෙදර ගිහින් එන ගමන්. “ම්ම්ම්….” මියුරංග ඩ්‍රයිව් කරන ගමන්ම විහංසා දිහා බැලුවා. “චූටිගෙ අමුත්තක් දැක්කෙ නැද්ද?” “ඒ කියන්නෙ?” “නෑ… එයා… මේ… අර කෝල් එකක් ආවෙ. ඒකෙන් පස්සෙ…

මා නොවේ ඈ නුඹේ 62 කොටස

අපර්ණා බබාගෙ නැපි ගේන්න ගියාම විහංසා දරුවගෙ ලඟින් හාන්සි උනා. ටිකකින් මියුරංග කාමරේට ආවා. “ඇඬුවද?” විහංසා ඇහුවෙ මියුරංගගෙ කම්මුලක් පිරිමදිමින්. මියුරංග සද්දයක් නැතුවම ඇඳෙන් වාඩි වෙලා විහංසාගෙ පපුවට හිස තියාගත්තා. “දුකයි තමයි. මතකද මම අඬපු හැටි.” විහංසා මතක් කලා. “හ්ම්ම්…” මියුරංගගෙ ඇස් වලින් වැටුන කඳුලක් විහංසාගෙ බ්ලවුස් එකට වැටිලා නොපෙනී ගියා. “නැගිටින්න… අක්කා එයි දැන්.”…

මා නොවේ ඈ නුඹේ 61 කොටස

ගෙදර හැමෝම සතුටින් හිටියෙ. අම්මයි අප්පච්චියිත් උඩ කාමරේකට ගිහින් විහංසායි මියුරංගයි පහල කාමරේකට යැව්වා. විහංසාට උඩ තට්ටුවට යන එක තහනම් කරා. “ඔන්න ආයෙ උඩට ගිහින් අහු වෙන්න එපා. මතකනෙ අක්කා ප්‍රෙග්නන්ට් කිව්වම ඔයා කිව්වෙ උඩ තට්ටුවට නගින්න දෙන්න එපා කියලා.” මියුරංග මතක් කරලා දුන්නා. “හරි හරි අනේ… අප්පච්චි ඇයි මේ ගෙදර තට්ටු දෙකකට හැදුවේ.” විහංසා…

Page 1 of 8
1 2 3 4 5 6 7 8