Page 4 of 5
1 2 3 4 5

අහම්බෙන් හිමි වූ ඔයා… 11

11 කොටස තාත්‍තා චූටි අයියා දිහත් බලාගෙන ඉදලා ආපහු මං දිහා බැලුවෙ මායි අම්මයි දෙන්නම බය වෙලා බලන් ඉද්දි…මං හිතුවෙම තාත්තා දුම්මල වරම අතට ගනී කියලා… ” විජිතා…මේ චූටි පුතාට තේ එකක්වත් හදලා දුන්නද…”ඒත් මුකුත්ම නොකියා ගෙට ගොඩ වෙච්ච තාත්තා චූටි අයියා දිහා බලන් ඉදලා අම්මගෙන් ඇහුවෙ මාව පුදුම කරලා…අම්මත් බැලුවෙ බලාපොරොත්තු වෙච්ච නැති විදිහට…විශ්වාසයි……

අහම්බෙන් හිමි වූ ඔයා… 10

10 කොටස දවස් දෙක තුනක් ගෙවිලා ගියේ මාව ඇඳටම සීමා වෙලා….හිත මහ ගොඩක් රිදෙද්දි මං කලේ ඇඳටම වෙලා හොරෙන් අඬපු එක…ඉස්සරහට මගෙ ජීවිතේ කොහොම වෙයිද….හිතේ තියන එකම ප්‍රශ්නෙ ඒක…..මං ගෙදර ආපු එක ගැන ගමේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙලා…. අම්මයි තාත්තයි කඩේට යන්න එළියට බැස්සත් අහල පහළ මිනිස්සු බලෙන් කතාවට ඇවිත් අහන්නෙත් මං ඇයි ගෙදර ඉන්නෙ…

අහම්බෙන් හමු වූ ඔයා… 09

09 කොටස ” අනේ තාත්තා…” මට කියන්න පුළුවන් වුනේ එච්චරයි…චූටි අයියගෙ රූපෙ එන්න එන්න ඇස් මානෙන් ඈත් වෙද්දි අම්මයි තාත්‍තයි මාවත් එක්කන් ත්‍රීවීල් එකකට නැග්ගෙ මගෙ ඇස් වලින් මටත් නොදැනිම කඳුළු බේරෙද්දි… ඒ ඇයි කියන්න මංවත් දන්නෙ නෑ….ඇත්තටම මේ වෙලාවෙ අහම්බෙන් හරි මේ දේවල් දැනගන්න ලැබිලා මං ළඟ මගෙ අම්මයි තාත්තයි ඉන්න එක ගැන සතුටු…

අහම්බෙන් හිමි වූ ඔයා… 08

08 කොටස ටිකකින් වාහනේ නතර කලේ නැන්දලගෙ ගෙදර… වාහනේ ගාර්ඩ්න් එකට දාද්දිත් මගේ හිතට දැනුනෙ මහා ලොකු බයක්… ” අදිති…”මං වාහනෙන් බහින්න යද්දි චූටි අයියා කතා කරපු පාරට මාව ටිකක් ගැස්සුනා… ” මේ කිසිම දෙයක් දැන්ම අම්මටයි තාත්තටයි කියන්න ඕන නෑ….තේරුණාද…”මං නිශ්ශබ්දවම එයා දිහා බලන් ඉද්දි එයා කිව්වෙ එහෙමයි… ඔව්..මටත් එහෙම හිතුනා…දැන්ම අම්මටයි තාත්තටයි මේවා…

අහම්බෙන් හිමි වූ ඔයා… 07

07 කොටස චූටි අයියා බය වෙලා ඉන්න මං දිහත් ප්‍රශ්නාර්ථ බැල්මකින් බලාගෙනම ෆෝන් එක අතට ගත්තෙ මාව තව තව බයට පණ නැති වෙද්දි…මොනා වුනත් වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියන එක මට තදින්ම දැනුනා… ” හෙලෝව්…” චූටි අයියා සාමාන්‍ය විදිහට ෆෝන් එකට උත්තර දුන්නත්…ඒ මූණ අඳුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ….මාත් ඒ විදිහටම ඉදගෙන බලාගෙන…

අහම්බෙන් හිමි වූ ඔයා… 06

06 කොටස මං කොහොමහරි හැදුවෙ ගවුම කරේ තියන්හරි තනියම දොරට වාරු වෙලා බැහැගන්න…කකුල් දෙකත් පණ නෑ වගේ මාව ආපහු සීට් එකෙන් ඉන්දෙද්දි එයා බලෙන් වගේ මගෙ අතින් ඇදලා අරන් එලියට ගත්තා…මාත් පරඬැල වගේ එලියට ඇදුනා… කොහොමහරි අපි හාබර් එකේ ඇතුළට ඇවිල්ලා ආවෙ ටිකක් ලොකු නැවකට…කවදාවත් නැවක ගිහිල්ලා තියා නැවක් ළඟ නිකමට හිටගෙනවත් ඉදලා නැති මම…

අහම්බෙන් හිමි වූ ඔයා… 05

05 කොටස ඒ එක්කම සිංදුවේ තාලයට චූටි අයියා මාත් එක්ක දෙපැත්තට පැද්දුනේ කට්ටියගෙ හූ හඬ මැද්දෙ….මං කොච්චර බය වෙලාද කියනවා නම් මාව වෙව්ලනවා මටම දැනෙනවා…තත්පර ගානක් එහෙම අපි තාලෙට නටන්නැති…සමාවෙන්න…අපි නෙවෙයි…එයා….මං කලේ එයාගෙ රූකඩේ වගේ එයා කියන කරන විදිහට එහෙට මෙහෙට වෙච්ච එක….කට්ටිය ඔක්කොම දැහැනකට සම වැදිලා වගේ මොකට බලන් ඉන්නවද මන්දා…ඒ එක්කම හිතුවෙවත් නැති…

අහම්බෙන් හිමි වූ ඔයා… 04

04 කොටස ” නෑ නෑ….ඒක ඕන්නෑ…” චූටි අයිය කිව්වෙ හරියටම මගේ හිතේ තිබ්බ දේවල් කියවලා වගේ…. චූටි අයියා ඒ ෆොටෝ එක ගන්න එපා කිව්ව නිසා හිතට සහනයක් දැනෙද්දි මං උඩට ගත්ත හුස්ම පහළට දැම්මා… පෝරුවේ චාරිත්‍ර ටිකක් දවල් වෙද්දි ඉවර වුනා…ලස්සන සුදු රත්තරං වලින් හදවපු මුද්දක් එයා මගෙ ඇඟිල්ලට දැම්මෙ පෝරුවේදි… මාත් මගෙ අතට දීපු…

අහම්බෙන් හිමි වූ ඔයා… 03

03 කොටස ඔව්…ඒ චූටි අයියා…. ඊයෙ වගේම මගේ ඇස් මටත් හොරෙන් ඒ ඇස් ඇතුළෙම අතරමං වෙලා…එයත් මං දිහා බලන් හිටියෙ මගේ ඇස් දෙක ඒ ඇස් වලින් අල්ලගන්න වගේ… ” අදිති…යන් ඇතුළට….” නැන්දා ඇවිල්ලා කතා කලේ නැත්තන් තාමත් මං ඒ ඇස් ඇතුළෙමයි… චූටි අයියත් මාව අතෑරලා මං එක්කම හොටෙල් එක ඇතුළට ගියේ මගෙන් මූණ හංගගෙන වගේ…….

අහම්බෙන් හිමි වූ ඔයා… 02

02 කොටස ” මොකද්ද….? ” එයා මං දිහාම බලාගෙන ඇහුවා… ” ඔයා මාව බඳින්න කැමති වෙන්න එපා චූටි අයියෙ……ඔ…ඔ..ඔයාට මාව ගැළපෙන්නෙ නෑ…” මං වචන එකතු කර කර එයා දිහා හොරෙන් බල බල කිව්වෙ එයා මොනව කියයිද කියලා බයෙන්… ඒත් ඇත්තටම මං කිව්වෙ ඇත්ත නේද…එයාට මාව කොහොමටවත් ගැළපෙන්නෙ නෑ…. එයා කවුද මං කවුද…මං නිකන්ම නිකන් කෙල්ලෙක්…එයා…

Page 4 of 5
1 2 3 4 5