මා නොවේ ඈ නුඹේ 60 කොටස
උදම්ගෙයි අපර්ණාගෙයි කෙලි පැටික්කි ගෙදරට එක්කන් ආවට පස්සෙ ඉඳන් විහංසාට වැඩ වැඩියි. බබාව එක්කන් ආවට පස්සෙ විහංසා ඔෆිස් යන එක නැවැත්තුවා. හැම වෙලාවෙම බබා එක්ක තමයි හිටියෙ. අඩුම තරමෙ ගොඩක් දවසකින් තාත්තව බලන්න යන්නවත් උනේ නෑ. ඒ අස්සෙ සහස්රාගෙයි යුවතිගෙයි දෙන්නගෙම වෙඩින් දෙකම එකම දවස් වලට තමයි වැටුනෙ. සහස්රාගෙ වෙඩින් එකෙන් සතියකට පස්සෙ යුවතිගෙ වෙඩින්…