#මුලා_වූ_පෙම්වතී 30
තිස්වන දිගහැරුම වැඩ සේරම ඉවර කරලා රෑ කෑමත් කාලා කමලම්මට කුස්සිය අස් කරන්නත් උදව් වෙලා මං කාමරේට ආවේ නිදාගන්න. ඒත් නින්දනම් අහලකවත් නෑ. හිතට එන්නෙම හෙට මොනවා වෙයිද කියලයි. මං හිතින් හෙට දවසේ කිසි නපුරක් නොවේවා කියලා දහස් වතාවකට වඩා පතන්න ඇති. දුක් විඳලා හෙම්බත් වෙච්චි මගේ ජීවිතේට දේෂුගේ ආදරේ මහමෙරක්. ඒත් දෙමාපියන්ට විරුද්ධ වෙලා…