#මුලා_වූ_පෙම්වතී 20
විසිවන දිගහැරුම “නංගියො මූණ සෝදන් එන්න ටිකක්. ඕවා සාමාන්‍ය දේවල් … අඬලා දොඩලා වැඩක් නෑ. ජීවිතේට මූණ දෙන්න. දේෂු ඔයා ගැන ගොඩාක් හිතනවා.” දිල්මි කිව්වේ මගේ ඔලුවත් අතගාලමයි. මට එයා අන්තිමට කියපු වචන ටිකනම් හිතට බරක් එකතු කලා. දේෂු මං ගැන හිතනවා වෙන්න පුලුවන් එත් එයා මට අනුකම්පා කරන නිසයි මගේ අසරණකමට පිහිටක් වෙන්නයි ඒ….