#YOU_ARE_MY_DESTINY 03

🌼 03 කොටස 🌼

“උම්මා..😘😘😘😘😘😘😘😘😘😘

“මොකක්ද යකෝ මේ මහදවල් පාර මැද ඉදගෙන කරන්නෙ..”

කා‍ර් එකේ බොනට් එක උඩ කෙල්ලෙක්ව තියාගෙන කිස් කර කර ඉන්න රවීන් දැක්ක හේශ්ට මලපැන්නා..

“ඇයි..උඹට අවුල්ද…”

කිසිම ගානකට නොගෙන රවීන් එහෙම කිව්වෙ හේශ් දිහාවත් නොබලම..

“මේක පාර යකෝ..ඔන්න ඕක නවත්තපන්..බලපන් .මිනිස්සුත් බලන් ඉන්නවා..”

බයික් එක රේස් කර කරම හේශ් කිව්වත් ..රවීන් කනකටවත් ගත්තෙ නෑ..

“උඹ ඕන මගුලක් කරගනින්..මම යනවා..”

මලපැනපු හේශ් එතනින් යන්න ගියෙ පවනට බදු වේගෙන්..

“කවුද ඩාර්ලින් ඒ ..”

“යාලුවෙක් ස්වීටි… කෝ…එන්න එන්න.. නවත්තපු තැනින් කන්ටිනියු කරන්න..😘😘😘😘😘😘😘😘

හේශ් කෙලින්ම ගියෙ තරුණ්ගෙ ගෙදර..

හේශ් තරුන්ගෙ ගෙදර ගාඩ්න් එකට බයික් එක දාද්දිම දොරකඩ ඉන්නවා දැක්කෙ තරුණ්ගෙ නංගි..

බයික් එක පාක් කරලා ගේ ඇතුලට යද්දි..කෙල්ල පැනි හිනාවක් දැම්මෙ හේශ්ව හොල්මන් වෙලා යන්න..

කෙල්ල ඇත්තටම ලස්සනයි..

“නංගී..කෝ…අයියා ඉන්නවද…”

“ඕ…”

“උඩද…?”

“ඕ…”

“නිදිද ..නැද්ද…?”

“ඕ….”

හේශ් දිහා බලාගෙනම කෙල්ල තනි අකුරෙන් උත්තර දෙද්දි හේශ්ට මල පැන්නා..

“නංගි.. ඔයා ඉස්කෝලෙ ගියාද…?”

“ඕ..”

“සිංහල දන්නවනෙ..”

“ඕ..”

“සිංහල හෝඩිය උගන්නද්දි…අකුරු 56ක් තියෙනවා කියලා ඉගැන්නුවෙ නැද්ද..?”

“ඕ…”

“එහෙනම්..ඕ විතරක්ම කියන්නෙ..”

හේශ් නෝන්ඩියට වගේ අහගෙන ස්ටෙයා කේස් එක ලගට යද්දිත්..කෙල්ල හැරිලා බලන් ඉන්නවා…

“පිස්සුද මංදා…”

දත් තිස් දෙකයි තව තුන හතරකුයි එලියෙ දාගෙන ඉන්න තරුන්ගෙ නංගිට අසූ හාරදාහට බැන බැන හේශ් උඩට ගියා..

“ආහ්.. හේශ් අයියගෙ ලස්සන…අම්මෝහ්………..ආම් ක්‍රේසි අබවුට් යූ අයියාහ්……”

කෙල්ල හිතත් එක්ක තනියම පිස්සු කෙලිද්දි හේශ් ගියෙ තරුණ්ගෙ කාමරේට…

ටීශර්ට් එකකුත් නැතුව ශෝටක් විතරක් ඇදන් කොල්ලා ඇදේ නිදි හතරගාතෙ දාගෙන…

හේශ් කොල්ලා ලගට ගිහින් ඇදෙන් වාඩිවුනා..

**ඊයෙ බීපුවගෙ ප්‍රතිඵල තමයි මේ.. අද වූශු ක්ලාස් යන්නත් බැරිවුනානෙ..**

එහෙම හිත හිත හේශ් තරුණ්ගෙ හිසකෙස් අතරෙ අතැගිලි යැව්වා…

හේශ්ට තරුණ් ගැන තිබුනෙ තමන්ගෙ අයියලා ගැන තියෙනවා වගේ මහා ආදරයක්..

ඉස්සර ගෙදරදිත් අයියලා හේශ්ට කියලා ඔලුව අතගාවගන්නවා..මොකද හේශ්ට තිබුනෙ හීනිදිගු ඇගිලි..
ඒ වගේම එයාට හොදට මසාජ් කරන්නත් පුලුවන්…

ටික වෙලාවක් තරුන්ගෙ ඔලුව අතගගා ඉන්නකොට කොල්ලා හැරිලා හේශ්ගෙ උකුලින් ඔලුව තියාගත්තා ..

හේශ් ගැස්සිලා ගියා…
කොල්ලා හොදටම නිදි…

හේශ් නොනවත්වාම ඔලුව අතගාද්දි..යාන්තමට ඇහැරුනු තරුන් ගැස්සිලා වගේ හේශ් ලගින් ඉවත්වුනා..

“ස්..සොරි මචං.. මට නින්දගිහින් තිබුනෙ…”

“ඉට්ස් ඕකේ බං…”

තරුණ් ඇදෙන් වාඩිවුනා..

හේශ්ගෙ දෑස් ගිය කොල්ලගෙ දේහදාරී ශරීරයට..

“කෙල හලන්න එපා බං..ජිම් පලයන්..උබටත් මේ වගේ ඇගක් හදාගන්න බැරිවෙන එකක් නෑ..”

“පිස්සු බං..ඇගේ මස් කදුලක් නෑ.. මේ තියෙන ඇට ටිකත් කුඩුවෙලා යාවි ඔය යකඩ පොලු උස්සලා.. මොනවා උනත්..උඹෙ බොඩි එකනම් පට්ට ඈහ්..”

“තෑන්ක්ස් තෑන්ක්ස්…ඒ..දෙයක් අහන්නද…?”

“අහපන්..”

“මට සාදාරන සැකයක් ඇතිවුනා බං උඹ ගැන..”

“මොකක්ද..?”

“උඹ කෙල්ලොන්ට කැමතිත් නෑ.. කොල්ලොන්ව වර්නනා කරනවාත් වැඩියි…උඹ.. කොලුකාරයෙක්ද බං..”

“ඊයා යකෝ..තොගෙ කටට පනුවො ගහන්නෝන…ගල් ඉබ්බා…”

ඇදේ තිබුනු කොට්ටයක් අරන් හේශ් තරුණ්ට ගහගෙන ගහගෙන ගියා..

“ඒ…ඇති බං..ඇති..මට හිතුනු දේනෙ මම කිව්වෙ..සොරි බං ඉතින්..”

හේශ් තරහින් මූණ රතුකරන් අහක බලාගත්තා ..

ඒත් එක්කම වගේ තරුණ්ට කෝල් එකක් ආවා..

“අපෝ… “

“මොකෝ…?’

‘අරකි බං…”

“මම එලියට යන්නම්..කතාකරපන්..පවුනෙ..”

හේශ් යන්න නැගිට්ටා..

“එපා..”

නැගිටින්න හදපු හේශ්ගෙ අතකින් අල්ලගෙනම තරුණ් කෝල් එක ආන්ස්වර් කලා..

හේශුත් එහෙමම ආයෙත් ඇදෙන් වාඩිවුනා..

“හෙලෝ…”

“………..”

“නෑ බබී…දැන් නැගිට්ටෙ..”

“………”

“හ්ම්ම්..ඔව්..ඊයෙ ක්ලබ් ගිය නිසා තමයි ඉතින්..”

‘……….”

“හා..හා..හවසට මීට්වෙන්නම්..”

“………”

“හරි හරි උන් එක්ක එන්නෙ නෑ..තනියම එන්නම්..”

“……..”

“හරි අනේ…තියනවා…බායි…”.

කොල්ලා කට් කරලා ෆෝන් එක ඇදට විසිකලා..

“මේකි මල ඇනයක් බං… “

“කෙල්ලොනෙ බං..ගනන් ගන්න එපා..”

“හ්ම්ම්..ගෙදරින් ප්‍රපෝස් කරලා තියෙන නිසා ඉවසනවා..නැත්තම් කනට දෙකක් දීලා දාලා ගිහිල්ලා ගොඩක් කල්…”

“පව් බං.. ඒකිට බය ඇති..”

“ඔව්.ඔව්…ඒකිට බයයි මම උඹලව ආශ්‍රය කරලා නාස්තිවෙයි කියලා..”

“ඒකත් එහෙමද…හ්ම්ම්.. කොහොමත් එන්ගේජ්මන්ට් එකත් ලගයිනෙ.. ඉතින්..අපි උනත් දැන් මීට් වෙන එක ටිකක් අඩුකරමු බං..”

“පිස්සුද තොට.. රවීනයාගෙන් මට වැඩක් නෑ.. ඒත් උඹ.. උඹ මං ලග ඉන්න ඕන.. හැමතිස්සෙම…හැමදාටම…”.

හේශ්ගෙ ඇස් දිහා බලාගෙනම තරුන් එහෙම කියලා බාත්රූම් එකට ගියා..

හේශ් කල්පනා කලෙ තරුන් කියපුවා ගැන..

පැය බාගයක් විතර කොල්ලා නාගත්තා.
ටවල් එක පිටින්ම කොණ්ඩෙත් ගස ගස කාමරේට එන තරුණ්ව දැක්ක හේශ්ගෙ ඇස් ලොකු උනා..

සික්ස් පැක්ස්… මස්ල්ස් පිරුනු නිරුවත් උඩුකයෙන් වතුර බිංදු බේරෙනවා..

ඔලුව ගස ගස එද්දී..කොල්ලගෙන් පෙනුනෙ මාරම සෙක්සි ලුක් එකක්..

ඒත් එක්කම හේශ් ඇදෙන් නැගිට්ටා..

‘මම එලියෙන් ඉන්මම්..උඹ ඇදගෙන වරෙන්…”

තරුණ්,එලියට දුවන්න හදපු හේශ්ගෙ අතින් අල්ලලා ඇදලා අරන් බිත්තියට තියලා තදකරගත්තා..

හේශ් බයවෙලා..හයියෙන් හුස්ම ගන්නවා..

“මොකද..ම්ම්… ඔයාට විතරද පුලුවන් ඒ තරම් සෙක්සි වෙන්න..ආහ්… ඇයි..අපිට බැරිද.. ඊයෙ..කා එකේදි… මාව හපන්න හිතෙනවා කිව්වා නේද…. අද…මට ඔයාව හපන්න හිතෙනවා…”

ඇස් පුංචි කරන් හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන්.. අමුතු ස්වරයකින් තරුන් කියද්දි.. හේශ් හොදටම බයවුනා..

“අපරාද කරන්න එපා යකෝ… උඹ කොල්ලොන්ට කැමති නෑ කිව්වා නේද…?”

“මම එහෙම එකක් කිව්වද..මට මතක නෑනෙ… දන්නවද…
අයි ලා…යික් බෝයිස්….”.

හේශ්ගෙ නලලෙ ඉදලා කම්මුලක් හරහා දබරැගිල්ල පහලට ගෙනයමින් කටහඩ හීන් කරලා කොල්ලා කියද්දි… හේශ්ට හීන් දාඩිය දැම්මා…

ඒත් එක්කම තරුන් මහා හයියෙන් හිනා වුනා..

“මොකෝ බං මේ…අහ්..දාඩියත් දාලා…යකෝ…බයවුනාද…?”

තරුන් අහද්දිම වගේ ගෙදර වැඩට ඉන්න ඉන්දි කාමරේට ආවා..

තරුන් තවමත් ඉන්නෙ හේශ්ව බිත්තියට තියලා තදකරගෙන..

ඒ දෙන්නා ඉන්න විදිය දැක්කම.. ඉන්දිට ඉන්න තැනත් අමතක වුනා.. ඉන්දි කිව්වට මෙයාගෙ නම ඉන්දීවරී…දෙමල කෙනෙක්..

“හයියයියෝ..කඩවලේ… චූටි මාතියා.. හයියයියෝ…”.

අතේ තිබුනු බීම වීදුරුව යාන්තම් බිම නොවැටී ස්ටූල් එක උඩින් තියලා ඇස් දෙකට අත් දෙකින්ම ගහ ගහ ඉන්දි කාමරෙන් එලියට දිව්ව…

‘ඒ…අර ගෑනි මොනවා හිතුවද දන්නැ…’

😂😂😂😂හැමදාම හිතන දේ තමා..”

“පවු බං..උඹ ගැන වැරදියට හිතයි බං..”

😂😂කමක්නෑ බං.. ඒකත් හොදයි..”

“පිස්සු යකෝ තොට..ඔය ගෑනි දැන් කී පාරක් අපිව මෙහෙම දැක්කද.. ඒකි හිතනවා ඇති අපි දෙන්නම කොලුකාරයො කියලා..”

😂😂😂😂

“උඹ නම් පිස්සු යකෙක්..මම යනවා එලියට…”

හේශ් කාමරෙන් එලියට යන්න ගියා..

“හේශ්…”

තරුන් කතාකරද්දි…හේශ් හැරිලා බැලුවා..

😘

තරුණ් කට උල් කරලා කිස් එකක් දුන්නා.. හේශ් තරුන්‍ට එකසිය ගානට ඔරව ඔරව එලියට ගියා…

සාලෙට යද්දි..තරුන්ගෙ ඕ නංගි ඉන්නවා වාඩිවෙලා..

** ඈ යකෝ..දැන් මම එද්දි ඇදන් හිටියෙ ගවුමක් නෙහ්..දැන් මොකක්ද මේ සරුංගලේ ඇදන් ඉන්න …**

හේශ් හිතුවෙ තරුන්ගෙ නංගි ඉනේ ඉදල වියතක් විතර දිග සාය කෑල්ලකට බඩ පේන්න කොට ටීශර්ට් එකක් ඇදල කෙටි ස්ට්‍රේට් කොන්ඩෙත් කඩාගෙන ඉන්නවා දැකපු නිසා…

හේශුත් කෙල්ලව ගනන් නොගෙනම ගිහින් සෝෆා එකෙන් වාඩිවෙලා මැගසින් එකක් අතට ගත්තා…

මැගසින් එක බලන අතරෙ හේශ්ට දැනුනා..කෙල්ල තමන් දිහාම බලන් ඉන්නවා කියලා..
හේශ් යාන්තම් ඇහැදාලා බලද්දි..හිතුවා වගේම කෙල්ල ඇස් කටේ දාන් බලන් ඉන්නවා..

හේශ් ගනන් නොගෙනම හිටියා..

විනාඩි 15ක් විතර යනකොට තරුණ් පහලට ආවා..ඒ එද්දි කොල්ලා දැක්කෙ සෝෆා එකට වෙලා හේශ්ට පැණිහලන නංගිව..

“ඒයි… චුයින්ගම්.. මොකෝ මෙතන..”

තරුන් එහෙම අහගෙනම කෙල්ල ලගට යද්දි හේශ් මැගසින් එක පැත්තකින් තියලා කොල්ලා දිහා බැලුවා..

හේශ් වගේම බ්ලැක් කලර් ශොර්ට් එකකට ස්කයි බ්ලූ පුමා ටීශර්ට් එකක් ඇදලා…කොල්ලා මාරම හැන්සම්…

“මොනාද අයියා… මම කීලා තීනෝනෙ මට චුයිංගම් කියන්න එපා කීලා..ප්ලීස් අනා…මම ආස නෑ..”

“අහ්…ඔයා කතාකරන්නත් දන්නවා එහෙනම්..”

කෙල්ලගෙ කතාවට උත්තර දුන්නෙ හේශ්..

කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

“ඒ මොකෝ බං එහෙම කිව්වෙ..’

“නෑ..මේ…මම එන වෙලාවෙ මෙයාගෙන් අහන අහන හැම එකටම ඕ කිව්වා විතරනෙ ..ඒකයි..”

හේශ් එක්කම මහ හයියෙන් හිනාවුනු තරුණ් නංගියෙ කොන්ඩෙන් ඇද්දා..

“මේ..තමුසෙ ඔහොම බාගෙට පේන්න ඇන්දා කියලා මූව දාගන්න බෑ.. හරිද.. මූ අවුරුදු ගානක් ඇමරිකා වල ඉදලා ආවෙ.. එහෙදි බිකිනි ඇදන් ඉන්න සුද්දියො පවා දැකලා තියෙනවා.. ඒ නිසා.. මගෙ හොද චුයිංගම් වගේ වෙන ඇදුමක් දාගනින් මයෙ අම්මා.. උඹ පව් නැත්තම්…”

හේශ්ට ඇහැක් ගහලා තරුණ් කියද්දි.. කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරුනා..

“තෙරුණි..යන්න වස්තු..ඇදගන්න වෙන ඇදුමක්..අපි පොඩි ගමනක්යනවා..එන්න ටිකක් හවස්වෙයි..අර ඇණේ ආවොත්..නවත්තගන්න එපා.. මොකක්මහරි කියලා එලවලා දානවා..”

කෙල්ලගෙ කම්මුලෙන් ඇද ඇද තරුණ් කියද්දි.. කෙල්ලගෙ මූනෙ ඇදුනෙ ලස්සන හිනාවක්..

එහෙම්මම තරුණ් හේශ්ට යමු කියලා ඔලුවෙන් ඉගි කරමින්ම එලියට ගියා..

හේශ් යන්න හැරිලත් ආපහු බැලුවෙ තෙරුණි දිහා..

කෙල්ල බායි කියලා අත වැනුවා.. තවමත් ඒ ඇස් වල ආදරේ උතුරනවා කියලා හේශ්ට දැනුනා..

ඔලුවෙන් ඉගි කරලා යන්නම් කියලා..කොල්ලා එලියට ආවා..

තරුණ් එයාගෙ ඩුකාටියෙ නැගලා හෙල්මට් එක හේශ්ට දික්කලෙ එයා එක්කම ඒ බයික් එකේ යමු කියලා වගේ..

හේශුත් එයාගෙ බයික් එක ලොක් කරලා යතුර සාක්කුවෙ දාගෙනම තරුණ්ගෙ පිටුපසින් වාඩිවුනා.

මතුසම්බන්ධයි❤️

*****************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *