#YOU_ARE_MY_DESTINY 05
05 කොටස
නාලා ඔලුව පිහිද පිහිද කාමරේට එනකොටම හේශ්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..
“හෙලෝ…මචං හේශ්.. “
“අහ්..කියපන් රවීන්..”
හේශ් ඇදෙන් වාඩිවුනා..
“මචං..අද අපෙ මමීගෙ බර්ත්ඩේ එක.. අද හවස පාටි එකට උඹ අනිවාරෙන් එන්න ඕන…”
‘අහ්..ඕකේ මචං..අනිවා එන්නම්..”
“හරි එහෙනම්.. හය වෙනකොට මෙහාට වරෙන්..”
“අහ්..හරි..තරුණ්ටත් කිව්වද…?”
“ඔව්..ඌට කිව්වා.. ඌට එන්න වෙන්නෙ නෑලු..මොකක්ද කොන්ෆරන්ස් එකක්ලු අද..”
“එහෙමද.. ඕකේ මචං..මම එන්නම්..”
“ඕකේ..බායි..”
“බායි මචං..”
හේශ් රවීන්ගෙ කෝල් එක කට් වෙනකොටම අනිත්පැත්තට ගත්තෙ තරුණ්ට..
ඊයෙ රෑත් කොල්ලගෙ ෆෝන් එක ඕෆ්..
කොල්ලා හේශ් එක්ක තරහින් වගේ ඉන්නෙ කියලා..නිකමට හේශ්ට හිතුනා..
දැන් රින්ග්ස් යනවා..ඒත් ආන්සර් කරන්නෙ නෑ..
දෙතුන්පාරක්ම ගත්තත් ආන්සර් කරන්නෙ නැති නිසාම ..හේශ් කොල්ලට මැසේජ් එකක් දැම්මා..
Uba tharaha welada math ekka ? Sorry machan waradak unanam.. uBa ada ravinge gedara party ekata yanne nedda.. mama yanawa. puluwankamak thibboth waren..
Bs..tc..
ෆෝන් එකත් පැත්තකට විසිකරලා හේශ් සාලෙට ගියා..
මෙත්තා , සාලෙ කොනකට වෙන්න තියලා තිබුනු මාලු ටැංකිය අස් කරනවා
“ආ… සෝසමල මොකෝ කරන්නෙ උදෙම්ම…?”
සෝෆා එකට පැනලා කකුල් දෙක්ත් උඩ තියාගෙන හේශ් ඇහුවෙ ටීවී එකත් දානගමන්..
“මම මේ දවල්ට උයන්න ගන්න මාලු බානවනෙ..”
තරහින් වගෙ මෙත්තා කියද්දි..හේශ්ගෙ ඇස් ලොකු උනා..
එහෙම්මම සෝෆා එකෙන් බිමට පැනලා..ටැංකියෙන් බේසමටදාලා තිබුනු මාලු ටික ගනන් කලා..
“මෙත්තො… මේකේ මාලුදෙන්නෙක් අඩුයිනෙ..”
“ඇයි ඊයෙ රෑට බැදලා දුන්නෙ උන් දෙන්නව තමයි..”
මෙත්තා වතුර බකට් එක එලියට අරන් යනගමන් කියද්දි.. හේශ් කල්පනා කලා..
ඇත්ත තමයි..ඊයෙ රෑට බැදලා තිබුනෙ පොඩි මාලු වගයක්..
කොල්ලා කටත් ඇද කරන් ආපහු ගෙට එන මෙත්ත දිහා බලද්දි..මෙත්තා මහා හයියෙන් හිනාවුනා..
“අනෙ අම්මපා..ඉලන්දාරියො ඉන්න මේ ගෙදර..මේ වගේ වැඩක්වත් කරගන්න කෙනෙක් නැතිවුනානෙ..
උන් දෙන්නා මැරිලා පාවි පාවි හිටියෙ.. මාස තුනකින් විතර මේක අස් කරලා නෑනෙ..
මහ ලොකුවට ආසාවට ගෙනත් තියාගත්තා.. දැන් ඇහැක් ඇරලා බලන්නෙ නෑ…”
මෙත්තා හේශ්ට හොදට දෙහි කපනවා..
හේශුත් ඉතින් ආදා වගේ ලිස්සලා ගිහින් සෝෆා එකට වැටුනා..
ටීවී එක දිහා කටත් ඇරන් බලන් හිටපු හේශ් ආයෙත් මෙත්තා දිහාට හැරුනා..
“ඒ…කරුනා..මේහ්.. බඩ්ඩක් අහන්නෙයි..?”
“හ්ම්ම් හ්ම්ම්…”
“ඔයා… බැදලද…?”
ඇද….ලා වගේ මනමාල කමට හේශ් අහද්දි..මෙත්තා බැලුවෙ ඔරවලා..
“ඇයි බදින්නද අහන්නෙ..?”
ඒකටනම් හේශ්ට තරු විසිවුනා..
“මොනාද අනේ කියන්නෙ. උයාට කෙලින් කටින් හිටගෙන ඉන්නවත් බෑ ..එහෙව් එකේ උයා කොහොමද…”
එච්චරයි හේශ්ට කියන්න හම්බුනෙ.. මෙත්තා අතේ තිබුනු සර්වියට් එක..කෙලින්ම හේශ්ගෙ ඔලුවෙ….
“විහිලුවක් සුද්දි කලේ…”
“හොදටම නරක් වෙලා දැන් නම් .හිටින්කො.. ලොකු නෝනා ආවම..සේරම කනේ තියනවා මම..”
“අනේ…මයෙ සූකිරි බෝල කැටේ… අම්මටනම් කියන්න එපා හුදේ.. එයා මාව නිවාස අඩස්සියෙ තියයි…අනේ…එපා ඈ….”
‘හොද වැඩේ…එහෙම තමා වෙන්න ඕන…”
හේශ් ආයෙත් ටීවී එකට එබුනා..
මොනවා කිව්ව කලත්… ඒවා මේ දෙන්නගෙ විහිලු..මෙත්තා හේශ්ට පණ වගේ ආදරෙයි..හේශ් උනත් එහෙමයි…
“සෝස කුමාලි..අද සෑට පාටි එකක් තියෙනවා යන්න.මට හොද ටීශර්ට් එකකුයි ට්‍රවුසර් එකකුයි අයන් පාරක් දාලා තියන්න හොදේ… “
“අයියට කිව්වද..?”
“තාම නෑ..කිව්වොත් යන්න දෙන එකක් නැ… අනේ මම යන්න ඕන සෝසකුමාලියො..මගෙ බෙස්ට් ෆ්රෙඩෙක්ගෙ..රවීනයා..උයා දන්නවනෙ..”
“හ්ම්ම්..තරුණ් පුතා යන්නෙ නැද්ද..?”
“නෑ අනේ..එයාට අද කොන්ෆරන්ස් එකක්ලු..එයා මාත් එක්ක තරහත් වෙලා අනේ.. ඇයිද මංදා..”
“මොකක් හරි කටකැඩිච්ච කතාවක් කියන්න ඇති හිත රිදෙන්න..”
“අනේ නෑ අයියෝ….”
“හ්ම්ම්.. පරිස්සමෙන් හැබැයි..මම නම් කැමතිම නෑ රෑට එලියට යනවට.. අර දරුවව විශ්වාස කරලයි මම ඔහොමවත් යන්න දෙන්නෙ..ඒත් අද එයත් නෑනෙ…”
“මම පරිස්සමෙන් එන්නම් අනේ..”
“හා..හා..”
“බඩගිනියි අප්පා..නැද්ද බඩට දගන්න දෙයක්..”
“අන්න.. මාශ්මෙලෝ පුඩින් එකක් හැදුවා..ෆ්‍රිජ් එකේ ඇති..කන්න..”
“ශහ්..උම්ම්ම්ම්මා…”
ආයෙත් සෝෆා එකට උඩින් පැනලා අඩියට දෙකට කිචන් එකට දුවපු හේශ් ආයෙත් සාලෙට ආවෙ පුඩින් භාජනෙත් අතේ තියාගෙනම්..
“ආ…ඔය මොකෝ…ඕකෙන් ටිකක් කප් එකකට දාන් කන්න.. අයියටත් ඉතුරුකරන්න.’
‘අනේ ඌට ඕනෙ නෑ.. මේ..මම.කප් එකක තමයි දාන් තියෙන්න්..මේ..”
පුඩින් භාජනේ පෙන්න පෙන්න හේශ් පුඩින් කන හැටි මෙත්තා බලන් හිටියෙ කදුලු පුරවගෙන.
“අනේ මගෙ හුරතලා…”
මෙත්තා හෙමින් මිමිනුවෙ හැට්ටෙන් කදුලු පිහිදන ගමන්..
“මට ඒක ඇහුනා……….”
හේශ් කෑගහලා කිව්වෙ මෙත්තාට ඇහැකුත් ගහන ගමන්.
පහ විතර වෙද්දී…හේශ් නාගත්තා.. කාමරේට ඇවිත් කොණ්ඩෙ ඩ්‍රයර් එකෙන් ඩ්‍රයි කරගත්තා..
මෙත්තා අයන් කරලා ගිහින් තිබුනු බ්ලැක් කලර් ටී එකයි ට්‍රවුසර් එකයි ඇදගත්තු හේශ් කොන්ඩෙ ජෙල් කරලා පහලට හදාගත්තෙ අතින් එහෙ මෙහෙ කරලා..
ඊලගට බ්ලැක් බූට්ස් දෙක දාගෙන බෑංගල්ස්..රින්ග්ස්..දාගත්තා..
ලෙදර් ජැකට් එක දාගත්තෙ අන්තිමටම..
හරියට 5.40 වෙනකොට.. හේශ් ගෙදරින් පිටවුනා..
ටවුන් එකේ ශොප් එකකින් බැහැලා..හේශ් රවීන්ගෙ අම්මට ප්‍රසන්ට් එකක් ගත්තා..
එයා ගත්තෙ රු.20000ක් විතර වටින සාරි එකක්..
ඒකත් අරන් ගෙදරට යනකොට 6.30 විතර වෙලා..
ඒක තට්ටු හතරක..එක එක හැඩයට හදලා තිබුනු අධි සුඛෝපභෝගී නිවසක්…
වත්ත පුරාම එක එක වර්ගයේ මිල අධික වාහන නවත්තලා…
හේශ් යන්තම් ඉඩක් හොයාගෙන එයාගෙ ඩුකාටිය පාක් කලා..
ඇතුලට යද්දි..හේශ්ගෙ ඇස් උඩගියා..
ගේ ඇතුල නිකම් දිව්‍යලෝකෙ වගේ.. පිස්සු හැදෙනවා.
හැමතැනම ප්‍රභූන් පිරිලා.. ඊටත්වඩා ඔවුන්ගේ ආරක්ශක භටයො…
බලන බලන තැන..
හේශ් ඇවිදගෙන යද්දි… ඒ කමාන්ඩෝ සෙබලු හේශ් දිහා බැලුවෙ හරියට කොටියෙක්දිහා බලනවා වගේ…
හතරවටේ බලබලම හේශ් ඇවිදගෙන ගියෙ ඈත කිහිපදෙනෙක් එක්ක කතාකර කර ඉන්න රවීන් අසලට..
“රවීන්..”
“අහ්…මචා…ං.. “
රවීන් හේශ්ව වැලදගත්තා..
“කෝ බං අම්මා..?”
“වරෙන්..එක්කයන්නම්..”
රවීන් හේශ්ගෙ අතින් අල්ලගෙනම අම්මා ලගට එක්කගියා..
විදේශ කටයුතු ඇමතිනී #ශෙරිල්_අතපත්තු කියන්නෙ.. රවීන්ගෙ අම්මා..
එයාලා එතනට යද්දි…රවීන්ගෙ අම්මා කතා කරකර හිටියෙ අගමැතිතුමාත් එක්ක..
රවීන් ලගට එනවා දැක්ක නිසා ඇමතිතුමිය රවීන්ට කතාකලා..
“ඇයි පුතා…”
“අම්මා.. චුට්ටක් එන්න පුලුවන්ද…”
“අහ්…ඕකේ.. එක්ස්කියුස්මී සර්…”
“ශුවර්..”
ඇමතිතුමිය අගමැති තුමාගෙන් සමුගෙන රවීන්ලා අසලට ආවා..
“අම්මා…මේ හේශ්… අන්කල් ෆෙඩ්රික්ගෙ සෙකට්ර්.. අන්කල් ලයනල්ගෙ,..එයාගෙ බාලයා…”
“ඕහ්… එහෙමද.. මට මිස්ටර් ලයනල්ව කීප පාරක්ම මීට්වෙලා තියෙනවා ඇමරිකා වලදි.. හී ඊස් අ ග්‍රේට් පර්සන්.. නයිස් ටු මීට් යූ සන්..”
“ඉට්ස් අ ප්ලෙශර් මෑම්.. ඇන්ඩ්…මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ…”
හේශ් ශෙරිල්ට අතට අත දීලා එයා ගෙනාපු තෑග්ග ඇය අතට දුන්නා..
“ස්මෝල් ගිෆ්ට් ෆ්‍රොම් මයින් මෑම්..”
“ඔහ්…තෑන්ක්ස් ..”
“අම්මා… අපි එහාට යන්නම් එහෙනම්..”
“ඕකේ පුතා…”
ශෙරීල් සුන්දර හිනාවකින් සංග්‍රාහා කරලා එතනින් යද්දි…රවීන් හේශ්වත් ඇදගෙන එහාට ගියා..
“මචං..උඹ මෙතන්ට වෙලා ඉදපන්..ම්ම්.. දැන් මගෙ කෙල්ලත් එනවා ඇති..මම චුට්ටක් බලලා එන්නම්.අව්ලක් නෑනෙ..”
“නෑ බං..හරි…උඹ පලයන්..”
හේශ් පුටුවකින් වාඩිකරවලා.. රවීන් යන්න ගියා..
හේශ් ආයෙ වතාවක් තරුණ්ට කෝල් කලත්..කොල්ලගෙ ෆෝන් එක ඕෆ්..
සැරින් සැරේ… සර්වන්ට්ස්ලා සර්ව් කරන එක එක දේවල් කකා බිබී හේශ් ඔහේ කම්මැලිකමින් හිටියා..
පැය දෙකකට විතර පස්සෙ ඔන්න රවීන් ආවා..තනියම නෙමි..කෙල්ලෙක් එක්ක…
“මචං..හේශ්.. මේ ඉන්නෙ මගෙ ෆියෝන්සේ .. මිස් ටීශා ඩි සිල්වා. මිනිස්ටර් රත්වත්තෙගෙ ඩෝටර්..”
රවීන් හේශ්ට කෙල්ලව හදුන්වලා දෙද්දි..හේශුත් කෙල්ලට අතට අත දුන්නා…
ටීශා ලස්සනයි.. ස්ලිම් බොඩි එක.. ඒකටම ගැලපෙන්න ඇදපු ශෝට් ටයිට් ඕෆ් ශෝල්ඩර් ෆ්‍රොක් එක..කෙටි ස්ට්‍රේට් කොන්ඩෙ..
කෙල්ලගෙ ලස්සන මනාව කියාපෑවා..
“මෙතන හිටියා ඇති බං..වරෙන් යන්න..”
හේශ්වත් ඇදගෙන වගේ රවීන් ගියෙ මිනි බාර් එක ලගට..
ඒක සම්පූර්න බාර් එකක් වගේ..
මිල අදික මත් පැන් වලින් පිරිලා..
වයින්..වොඩ්කා වලින් පටන්ගත්තම.. එකී මෙකී නොකී හැම ජාතියම ඒකෙ තිබුනා..
රවීන් ටීශාගෙ කරට අතකුත් දාගෙනන වීදුරු වලට වොඩ්කා දාගත්තා…
“ආ…බීපන්..”
රවීන් හේශ්ට වීදුරුව දික්කලත්..හේශ් ගන්න අදි මදි කලා..
මොකද..සැර අඩු බියර් එකකට වඩා අමතර දෙයක්..හේශ් බොන්නෙ නැති නිසා..
“මොකක්ද යකෝ..ගනින්කො..තෝ කොල්ලෙක් නේද..මේවත් බීලා බලන්න ඕන…ආ..ගනින්.. බලපන්..මේ ටීශාත් බොනවා..ගනින්..”
බලෙන්ම වගේ වීදුරුව හේශ්ගෙ අතේ තිබ්බම ..එයාට කරග්න්න දෙයක් නැතිවුනා..
මොකද… ටීශාත් රවීන් එක්ක චියස් කරලා ශොට් එකක් බීපු නිසා..
රවීන්ගෙ බලේටයි ලැජ්ජව වහගන්නයි..හේශ්ට ශොට්ස් කිහිපයක්ම ගන්න වුනා..
දැන් නම් හිටගෙන ඉන්නවත් පන නෑ.. ඔලුවත් කැරකෙනවා වගේ.. ඇස් ඇරන් ඉන්නත් බෑ..මුකුත්ම පේන්නෙ නෑ..බොදවෙලා..
හේශ් එහෙමම ඔලුව අල්ලගෙන නැගිට්ටා..
“මොකෝ බං..?”
“න්..නැ…මචං..ම්..මට…කැ..රකිල්ල..ව්..වගේ…”
මීට කලින් හෙශ් කවමදාවත් වොඩ්කා බීලා තිබුන් නෑ..ඉතින් බීපු ශොට්ස් තුන හතරට..හේශ්ට හොදටම අමාරුයි..
“අහ්හ්..වරෙන් එහෙනම්…”
හේශ්ගෙ කරට අතකුත් දාගෙන.. රවීන් හේශ්ව උඩට එක්කගෙන ගියා..
රවීනුත් හොදටම බීලා..ඒත්…හේශ්ට වඩා සිහිය නම් තියෙනවා .
රූම් එකකට එක්කගෙන ගිහින් හේශ්ව ඇදෙන් තියන්න යද්දි..අතේ තිබුනු වොඩ්කා බෝතලය.. හේශ්ගෙ ඇගට හැලුනා..
“අහ්…සො.. සොරි මචං…”
රවීන් හේශ්ගෙ තෙමුණු කෝට් එක ගැලෙව්වා..
හේශ්ට නම් සිහිය නෑ..
ඊලගට.. ටීශර්ට් එක ඉණ ලගින් උස්සලා පපුව හරියට ගේනකොටම…
“රවී……..න්…….”
කාමරේට කෑගහගෙන ආවෙ තරුණ්..
රවීන් එහෙමම නැගිට්ටා..
“මොකක්ද යකෝ කරන්නෙ ..?”
යක්සාවේස වෙලා තරුණ් අහද්දි.. රවීන්ගෙ ඇසුත් ගැස්සුනා..
“න්..නෑ බං..මූට ටිකක් වැඩිවෙලා.. කැරකිල්ල කිව්වා.. ඉතින්..මම..උඩට එක්ක ආවා..මගෙ අතින් වොඩ්කා එක මුගෙ ඇගට හැලුනා බං.. ඒකයි ඇදුම මාරුකරන්න හැදුවෙ…”
රවීන් වෙරිමරගාතෙ වෙච්ච සීන් එක කියලා දැම්මා…
“අහ්..හරි ..ඒවා ඕන නෑ..උඹ පලයන්.. හේශ්ගෙ අයියා කෝල් කරලා කිව්වා මූව ගෙදර එක්ක එන්න කියලා..මුගෙ ෆෝන් එක ඕෆ්ලු..මම මේ ආවෙ එක්ක යන්න “
“අහ්..ඕකේ මචං…”
.
රවීන් එහෙමම පහලට ගියා..
කොණ්ඩෙත් අත් දෙකින්ම ඇද ඇද තරුණ් හේශ් ලගට ඇවිත් වාඩිවුනා..
“මොකක්ද බං උඹ මේ කරගත්තෙ..
ශිට්..මටත් එන්න තිබ්බෙ..
උඹ එක්ක තිබුනු තරහටයි පාටි එක මගෑරියෙත්… උඹ තාම පොඩි එකෙක් බං..මට බලන් ඉන්න බෑ බං උඹට මෙහෙම වෙද්දි….”
තරුණ්ගෙ ඇස් වල කදුලු.. කොල්ලා එහෙමම හේශ්ව හරහට වඩාගෙන නිවසේ පිටුපස පැත්තෙන් එලියට ආවා..
කාර් එක ලගට ඇවිත් හේශ්ව ඉස්සරහා ශීට් එකේ තියලා ශීට්බෙල්ට් එක දාලා තරුන් යාලුවෙක්ට කෝල් එකක් ගත්තා…
“මචං… මම තරුණ්”
“………”
“උඹෙන් උදව්වක් ඕන…රවීන්ලගෙ ගෙදරට ටිකක් වරෙන්.එහෙ තියෙනවා බ්ලැක් ඩුකාටියක්.. ඒකත් අරන් අපේ ගෙදරට වරෙන් බං..”
“……..”
“කී එක ගාඩ්ට දීලා තියන්නම් මම..”
“……..”
“ඕකේ..තෑන්ක්ස් මචං..”
තරුණ් කාර් එක ස්ටාට් කරගත්තෙ තවමත් අසිහියෙන් ඉන්න හේශ්දිහා බලලම..
කොල්ලා ඩ්‍රයිව් කලේ මාරම අප්සට් එකෙන්..
“උඹ එව්ව මැසේජ් ටික කලින්ම මම බැලුවානම්.. මගෙ හිත වෙනස් වෙන්න තිබුනා බං.
ඒත්.. නපුරුකමට මම ඒවා නොබලා හිටියා..
සොරි මචං..
මම ආවානම්..උඹට ඔහොම බොන්න දෙන්නෙ නෑ බං..
උඹට ඔහොම දෙයක් වෙන්නෙත් නෑ එහෙනම්..
සමාව දීපන් බං මට..”
තරුණ් තනියම කියව කියව ඩ්‍රයිව් කලා..
මතුසම්බන්ධයි
****************එශ්*************