#YOU_ARE_MY_DESTINY 12
12 කොටස
“මොකක්ද ඒ වුනේ.. කොහොමද මෙයා කෙල්ලෙක් වුනෙ..
ඒ කියන්නෙ.. මට ලැබුනු ඉන්ෆොමේශන්ස් වැරදිද… ඒවා…වෙනස් කරලද… එතකොට…කවුද ඒවා වෙනස් කලෙ.. “
ගග ලගින් වාඩිවෙලා රඝූ හිතන්න ගත්තෙ දැඩි අවුලකින්…
“මට මේ හැමදේම අලුතින් හොයාගන්න වෙනවා..
ඒත්.. මට මේ කෙල්ලව දැන් මෙතන තනියම දාලා යන්නත් බෑ.. කොහොමද මම මේක හොයාගන්නෙ.. “.
නලලත් අතින් මිරික මිරික කොල්ලා කල්පනා කලෙ දැන් මොකද කරන්නෙ කියලා..
“හෙට උදෙම්ම..මට මෙයා එක්ක කතා කරන්න වෙනවා.. ඔව්… එයාගෙන් හැමදේම අහන්න ඕන.. සිග්නල්ස් ලැබෙනකම් ඉන්නබෑ.. මොකද… මට තේරෙන් විදියට.. මේක උගුලක්… තවත් කල් ගියොත්.. ඒක…අපි දෙන්නගෙම ජීවිත වලට අනතුරක්…’
රඝූ තනියම කියෙව්වා…
එදා දිනයේත් කිසි වෙනසක් නොකර හේශ් එක්ක කතාබහ කරපු රඝූ පහුවදා එලිවෙනකම් ඇගිලි ගැන්නා..
“දැන්…කොහොමද…?”
“කැක්කුමයි තාම ගොඩක්..’
හේශ් කිව්වෙ කුස අතගගා..
“ගල් පොත්තකට කැපිලා තියෙන්නෙ. ඒ නිසා ටිකක් විසයි ..”
“හ්ම්ම්ම්..”
‘ම්ම්..ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති නේද මගෙන් අහන්න.. හැබැයි දැන්.. ඊටත් වඩා ප්‍රශ්න ගොඩක්..මට තියෙනවා ඔයාගෙන් අහන්න..
ඔයාට අපහසුවක් නැත්තම්…
අපි ටිකක් කතාකරමුද…?”
රඝූ ඇදේ අයිනෙන් ඉදගෙන ඇහුවා..
“හා…”
හේශ් කැමති වුනෙත්… එයාටත් මේකෙ අග මුල හොයාගන්න ඕන නිසා..
“හ්ම්ම්… හරි… මුලින්..මම කවුද කියන්නම්කො…
ඔයා හිතන් ඉන්නෙ… මම කිඩ්නැපර් කෙනෙක් කියලනෙහ්..“
කට කොනකින් හිනාවෙලා රඝූ කියද්දි.. කෙල්ල නලලත් රැලිකරලා බැලුවෙ ඇයි එහෙම නෙමිද කියලා අහන්න වගේ…
“මම…..
#සීනියර්_ඔෆිසර්_කැප්ටන්_කේශර්_රඝුනාත්…
කමාන්ඩෝ රෙජිමන්ට් එකේ…. “
කොල්ලා එහෙම කියද්දි…කෙල්ලගෙ ඇස් උඩ ගියා..
“ඇයි බයවෙලා..?”
“ම්..න්..නෑ.”
**ඒක තමයි එහෙනම් මෙයාට මෙහෙම බොඩි එකක් තියෙන්නෙ..**
කෙල්ල යටිහිතින් හිතුවා…
“මම කමාන්ඩෝ එකට බැදුනෙ… ටූතවුසන් ෆොර් වල…දැන් අවුරුදු 14ක් වෙනවා….
මගේ පවුලේ…. හිටියෙ අම්මා විතරයි… එයාත්… බෝම්බ් බ්ලාස්ට් එකකින් මට නැතිවුනා..
එයා නැතිවුනාට පස්සෙ හැමදේම එපාවුනා.අන්තිමට…මම කමාන්ඩෝ එකට ජොයින් වුනෙ… කොටියන්ව මරාගෙන මැරෙනවා කියලා හිතාගෙනම…
අන්තිම සටනෙදි..ඉදිරිපෙල මමත් හිටියා..
කරන්න ඕන හැම කෝස් එකක්ම කරලා… ප්‍රමෝශන්ස් අරන්… සීනියර් කැප්ටන් කෙනෙක් උනා..
එදා ඉදලා… මට බාර වුනෙ.. සීක්‍රට් මිශන්ස්…
මොකද.. අපේ බැජ් එකේ විතරක් නෙමි..ඒ වෙනකොට කමාන්ඩෝ එකේ..වැඩිපුරම ටැලන්ට් පෙන්නුව කෙනා මම නිසා..
අද වෙනකොට..මම සීක්‍රට් මිශන්ස් ගනන් කරන්න බැරි තරමක් කරලා තියෙනවා…
මෙහෙ ආර්මි එකෙන් මාව ස්පෙශල් ට්‍රේනින් එකකට ඇමරිකා යවන්න සිලෙක්ට් කරගත්තා..
මම ඇමරිකා වල අවුරුදු තුනක් ට්‍රේන් කලා…
ඒ කාලෙදි… ඇමරිකන් ආමි එකට මම් ගැන පැහැදීමක් ඇතිවුනා.. ඉතින්..එයාලත්.. ලංකාවෙ රජයෙන් අවසර අරන්.. මාව එයාලගෙ මිශන්ස් වලට අරගත්තා..
එතකොට..
මම අද මේ ඉන්නෙත්…
ලංකාවයි…ඇමරිකාවයි එකතුවෙලා කරන සීක්‍රට් මිශන් එකක..
එතකොට.. ඔයා තමයි අපේ ඉත්තා…”
රඝු බැරෑරුම් බැල්මක් හෙලලා හේශ් දිහා බලද්දි..හේශ් බයවෙලා ගියා..
“මො..කක්ද…ඔයාගෙ..මිශන් එක…?ඇයි…මාව…ඉත්තෙක් උනෙ..මොකක්ද මගේ තියෙන සම්බන්දය…?”
“හ්ම්ම්..කියන්නම්.ඊට කලින්..මට ඔයාගෙන් දේවල් ට්කක් දැනගන්න ඕන…”
“අහන්න..ඕනම දෙයක් කියන්නම්..”
“ඔයාගෙ නම..?”
“මම… හේශ් ෆොන්සේකා…අහ්..මම කිව්වෙ…හේශාන්දි ෆොන්සේකා …”
‘එතකොට…ඔයාගෙ තාත්තා..?”
“මගෙ තාත්තා තමයි ඇමරිකාවෙ ශ්‍රීලංකානු තානාපති..ෆෙඩ්‍රික් මුරුමුදලිගෙ සෙකට්‍රි ..
ලයනල් ෆොන්සේකා….”
“ආ…හ්..”
රඝූගෙ ඇස් උඩගියා..
“ඇ..ඇයි…?”
‘නෑ..කියන්නකො.. එතකොට.. ඔයා ඇයි මේ කොල්ලෙක් වගේ ඉන්නෙ..?”
“හ්ම්ම්..
මගේ පවුලෙ මට වඩා වැඩිමල් අයියලා හතරදෙනෙක් ඉන්නවා..
මමයි බාලම.. ඉතින්..අයියලා හතරදෙනෙක් ලගට ඉපදුනු මම හැදුනෙත් එයාලා වගේ..එයාල වගේ අදින්න.. කන්න බොන්න විතරක් නෙමි…කතාබහ.. හැසිරීම..මේ හැමදේම කොල්ලෙක් වගේ උනා..
ඒක තමයි හේතුව…”
“හ්ම්ම්ම්.. එහෙම නොවුනොත් තමයි පුදුම..අයියලම හතරක්නෙ..”
රඝූ කිව්වෙ හිනාවෙවී..
“හ්ම්ම්…තව මොනවද දැනගන්න ඕන..?”
‘ලංකාවෙ ඉන්නෙ ඉපදුනු දා ඉදලද්..?”
“නෑ.. ඇමරිකාවල අවුරුදු 19ක් හිටියා.. දැනට අවුරුදු 2කට කලිනුයි ලංකාවට ආවෙ…”
“කවුද ඔයා එක්ක මෙහෙ ඉන්නෙ තව..?”
“මගෙ අම්මියි පොඩි අයියායි..”
“පොඩි අයියා මොනවද කරන්නෙ..?”
“එයා ඩොක්ටර් කෙනෙක්..”
“එතකොට.. ඔයා මොනවද දන්නෙ තාත්තාගෙ බිස්නස් ගැන..?”
රඝූ එහෙම අහද්දි..හේශ් බැලුවෙ පුදුමයෙන්..
“බිස්නස් කිව්වෙ..?”
“ඇයි දන්නෙ නැද්ද්..?”
“නෑ..”
“හ්ම්ම්.එතකොට.. ඔයා ලයනල් ෆොන්සේකාගෙ පුතා…
අහ්..නෑ..දුව නෙහ්.. ඔයාගෙ ඔය පෙනුම තමයි… මගෙ මිශන් එක ෆේල් වෙන්න මූලිකවම බලපෑවෙ..”
“මිශන් එක ෆේල්..?”
‘ඔව් නංගි… මට ඕනකලෙ ඔයාව නෙමි..”
“එහෙනම්…?”
“ෆෙඩ්‍රික් මුරුමුදලි ගෙ පුතාව..”
“ත්..තරුණ්ව…ඇයි ඒ…?”
“හ්ම්ම්.. ඒ විස්තර මම පස්සෙ කියන්නම්.. මේක ලොකු පටලැවිල්ලක්..
අපි දෙන්නම ඉන්නෙ ලොකූ අනතුරක…”
“ඇයි ඒ..?”
‘කියන්නම් ඉතුරුටිකත්.. එතකම්.. රෙස්ට් කරන්න දැන්.. මම උයලා එන්නම්..බඩත්ගිනියි..”
‘ඒත්…අපි ඉන්නෙ අනතුරක නම්.. කොහොමද ඔයා මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නෙ..?’
හේශ් ඇස් ලොකු කරලා අහද්දි…රඝූ කෙල්ල ලගටම ඇවිත් ඒ මූණට එබුනා..
“මාව විශ්වාසයිද…?”
උගුරෙන් වගේ ..අමුතු ස්වරයකින්..කොල්ලා අහද්දි…
කෙල්ලට කෙලත් ගිලුනා.
ඒ කොල්ලගෙ ඇස් වල.කාන්තියයි.. ඒ වදන් වල බරයි දරාගන්න බැරිවුනු නිසා..
කෙල්ලට ඔව් කියන්න ඕන උනත්.. කටට වචන එන්නෙ නෑ..
“ආ….”
‘ඔව්…”
“හ්ම්ම්… එහෙනම්.. බය නැතුව ඉන්න..අදින් පස්සෙ.. ඔය ඇගට වෙනකෙනෙක් ගෙන් හීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ මම.. තේරුනාද..?”.
කෙල්ල.ඔව් කියන්න වගේ හිස වැනුවා..
ඊලගට රඝූ ඉස්සිලා කෙල්ලගෙ නලලත සිපගත්තා..
ආයෙත් හේශ් දිහා නොබලම ඉක්මනින් එතනින් යන්න ගියා..
හේශ් තවමත් ඉන්නෙ දෑස් පියාගෙන.. රඝූගෙන් ලැබුනු හාදුවෙ සුවය විදගෙන…
රඝූ පහලට ගියෙ හිස ගිනිගන්න වගේ දැනෙද්දි..
**මේක මාරම පටලැවිල්ලක්.. **
කොල්ලා හිතුවා…
හේශ්ට ප්‍රශ්න ගොඩයි..
**මොකක්ද මෙයාගෙ මිශන් එක..
අපේ තාත්ති බිස්නස් කරනවද ඇහුවෙ ඇයි….
මොකක්ද තාත්ති කරන බිස්නස් එක..?**
හිත හිත ඉද්දි හේශ්ට ටික වෙලාවකට දෑස් පියවුනා.
හේශ්ට ඇහැරුනෙ කම්මුලට දැනුනු සීතල ස්පර්ශය නිසා..
ඇස් අරිද්දි…රඝූ හේශ්ගෙ ලගින් වාඩිවෙලා කම්මුල අතගානවා.
හේශ් ඇස් ඇරියා විතරයි රඝූ ඉක්මනිම් අත ගත්තා..
“කාලා ඉමු.. දැන් තුනත් පහුවෙලා..”
‘හ්ම්ම්..”
කෙල්ල යාන්තම් ඇදවිට්ටමට හේත්තුවුනා.
කෙල්ලගෙ අතට පිගාන දෙද්දි.. කෙල්ල කලෙ කට ඇරපු එක..
ඒ කිව්වෙ..රඝූට කවන්න කියලා.
රඝූත් කෙල්ලට කවන්න ගත්තා..
අද එයා හදලා තුබුනෙ පරිප්පුයි කරවලයි ..
“රසයි..”
අත් දෙකත් එකට ගුලිකරගෙන හේශ් කිව්වෙ.. රඝූගෙ ඇස් දිහා බලාගෙනම..
ඒ ඇස් දිලිසෙනවා..
රඝූත් කෙල්ලගෙ ඇස් මගෑරලා බත් ටික කැව්වා ඔක්කොම…
ඊලගට එතනින් නැගිටින්න හදද්දි… හේශ් කොල්ලගෙ අතින් අල්ලගත්තා..
“තෑන්ක්ස් අයියෙ ඔයාට..”
හැගුම්බරව කෙල්ල කියද්දි… රඝූ ඇහිබැම උස්සලා ඇහුවෙ ඇයි කියන්න වගේ…
“මාව බේරගත්තට…මට මෙහෙම සලකනවට…”
කෙල්ලගෙ ඇස් වලින් කදුලක් බේරුනා..
රඝූ එතනිම් ඉවත් වුනෙ හිතේ දරාගන්න බැරි දුකක් ගොඩනැගෙද්දි..
කෙල්ලගෙ වේදනාව..කදුලු..කොල්ලට බලන් ඉන්නබැරිවුනා..
මේ පිරිමි ගල් හිත.. මේ තරම් කාලයකට …කාටවත් හොල්ලන්න බැරිවුනා..
ඒත්…අද..
චූටි කෙල්ලෙක්..
ඒ හිත හොල්ලලා..
ඒ හිතේ …ආදරය පුරවලා..
දන්නෙම නැතුව රඝූ කෙල්ලට ආදරේ කරන්න පටන් අරන්..
අත හෝදගෙන ඇතුලට යනකොට කෙල්ල කෑගහනවා ඇහිලා අඩියට දෙකට කොල්ලා උඩට දිව්වා..
ඒ යද්දි..කෙල්ල හිටපු විදිය දැක්කම..කොල්ලගෙ පපුව පුපුරන්න වගේ උනා..
හේශ් හිටියෙ බිම වැටිලා…අඩ අඩ..
රඝූ දුවලා ගිහින් කෙල්ලව හරහට වඩාගත්තා..
‘කොහොමද වැටුනෙ…?මොකක්ද කරන්න ගිය පන්ඩිත වැඩේ..?‘
රඝූ මූණ නපුරු කරන් අහද්දි…කෙල්ල අසරනව බිම බලාගත්තෙ අඩ අඩම..
“කතාකරනවා..”
“මට..බාත්රූම් යන්න ඕන..ඒත් ඇවිදගන්න බෑ..කකුල බිම තිබ්බ ගමන්ම කැක්කුම ආවා එකපාරම බඩෙන්…”
“හ්ම්ම්ම්..”
කොල්ලට දුකයි.. එහෙමම කෙල්ලව බාත්රූම් එකට අරන් ගිහින් කොමඩ් එක ලගින්ම තියලා රඝූ ආයෙත් එලියට ආවෙ දොර වහගෙනම..
“මම මෙතන ඉන්නෙ..ඕන උනොත් කතාකරන්න..”
වේදනාවෙන් එහෙම කියලා රඝූ නලල අතින් මිරිකගත්තා..
කෙල්ල අවශ්‍යතාවය ඉටු කරගෙන කොල්ලට කතාකලා..
කොල්ලා ආයෙත් ඇවිත් හේශ්ව උස්සලා ඇදෙන් තිබ්බා..
හේශ් කොල්ලගෙ බෙල්ල බදාගෙන හිටපු නිසා..එයාව ඇදෙන් තියද්දි..බැලන්ස් නැතුව හේශ් ඇදට ඇලවුනා..
මේ වෙලාවෙ දෙදෙනාගෙම ඇස් එකට යාවුනා..
රඝූ වශී වෙලා වගේ බලන් හිටියෙ කෙල්ලගෙ දෑස් දිහා..
ඒ දෑස් කොල්ලට හරි හුරුයි..
ඒ නිසාම ඒ දෑස් වලට කොල්ලා ආදරෙයි..
කෙල්ල හිතන්නත් කලින් ඒ දෑස් මත හාදු තවරපු රඝූ එතනින් යන්න ගියෙ ඔහුගේ පැරනි මතකයන් අලුත් වෙද්දි..
මතුසම්බන්ධයි
***************එශ්**************
ප්‍රශ්න විසදුනානේද බාගයක් විතර..?