#YOU_ARE_MY_DESTINY 15

🍁 15 කොටස 🍁

හේශ්ගෙ කම්මුලක් මත පුංචි හාදුවක් තවරපු රඝූ කෙල්ලව ඇහැරෙව්වෙත් ලෝබකමෙන්..

“නංගි…නැගිටින්නකො..”

දෙතුන් වතාවක් කතාකලාම.. කෙල්ල නැගිට්ටා ..

“එන්න ..කන්න යමු..”

‘ම්ම්..හා…’

කෙල්ල නිදිමතේම අත් දෙක කොල්ලට දික්කලා.කොල්ලත් කෙල්ලව හරහටවඩාගෙනම නැගිට්ටා..

කෙල්ලව පහලට එක්ක යද්දි.. දෙදෙනාගෙම දෑස් එකට යාවුනා..

කොල්ලා හරීම ලෝබකමින් ඒ ඇස් දිහා බලන් හිටියා.

**ඔයාව මට අයිතිකරගන්න පුලුවන් වුනා නම්..**

කොල්ලා හිතුවෙ දුකින්..

කෙල්ලව එක්කගෙන ආවෙ එලියට.. ඒඑද්දි කෙල්ලගෙ ඇස් ලොකු වුනා.

ගල්තලාව මත ලොකු ගිනිමැලයක්..

කොල්ලා කෙල්ලව එතනින් වාඩිකලා.. හදපු රොටි දෙකක් ප්ලේට් එකකට දාලා කෙල්ලට දුන්නා.

උණුවෙන්ම තිබුනු නිසා කෙල්ලත් හරි ආසාවෙන් ඔක්කොම කෑවා..

කොල්ලා බලන් හිටියෙ තත්පරෙන් තත්පරේට වෙනස් වෙන කෙල්ලගෙ මූනෙ ඉරියවු දිහා..

“ඇයි..?”

රඝූ මූණ දිහාම බලන් ඉන්න නිසා කෙල්ල ඇස් උස්සලා ඇහුවම කොල්ලට ලැජ්ජා හිතුනා..

“හෙට මම එනකම් පරිස්සමෙන් ඉන්න..”

“හ්ම්ම්…”

හේශ් බිම බලන් කිව්වෙ දුකින්..

“ඉක්මනටම..ඔයාව මෙතනින් බේරලා යවනවා..”

“මම විතරක් නෙමි.. ඔයත් බේරෙන්නෝන අයියෙ..”

කෙල්ල කිව්වෙ ඇත්තටම දුකින්..

“අපි මෙහෙම කරමු.. අපි දෙන්නම මෙතනින් යමු…ම්ම්.. එයාලා එන්න කලින්..අපි මේ රටෙනුත් යමු…”

“බෑ බබා.. ඒක කරන්න බෑ..මම කොහාට ගියත්..එයාලා මාව හොයාගන්නවා..”

‘ඒත්…ඔයත් බේරෙනවා කියලා පොරොන්දු වෙනවද…?”

“පොරොන්දු වෙන්න බෑ බබා…ඒත් ..උත්සාහා කරන්නම්..”

“හ්ම්ම්..”

කාලා ඉවරවෙලා රඝූ උඩට ගිහින් ආවා..
ඒ ආවෙ අතේ යම් කිසි දෙයක් අරගෙන ..
කෙල්ල ගල්තලාව උඩට වෙලා කොල්ලා එනකම් බලාගෙන හිටියා..

රඝූ කෙල්ල ලගින්ම වාඩිවුනා..

“නංගි… ඔයා මේක හෙට ලග තියාගන්න ඕන..”

කොල්ලා කෙල්ල දිහාට දික්කලෙ පොඩි පිස්ටල් එකක්..🔫

“අහ්…මේක..😲😲😲

‘ඔව්… මේක ලග තියාගන්න.ඔයාට මොකක්ම හරි කරදරයක් වුනොත්.. මේක යූස් කරන්න.. ම්ම්..”

“ඒත්… මම මේක යූස් කරන හැටි දන්නෙ නෑනෙ..”

“හ්ම්ම්.මම කියලා දෙන්නම්..”

කොල්ලා පිස්ටල් එක ගැලෙව්වා.. ඊලගට ඒවා එකින් එක ආයෙත් හයිකලා..

“මෙන්න මේ කෑල්ලට කියන්නෙ කියලා.. මේකට මෙහෙම බුලට්ස් දානවා..
ඊලගට ඒක මෙතන්ට මෙහෙම සෙට් කරනවා…
ඊලගට මෙන්න මේ ක මෙහෙම පස්සට ඇද්දම බුලට්ස් ලෝඩ්වෙනවා..
පස්සෙ…
මෙන්න මේ විදියට මෙතන්ට දකුණු අත තියලා…ඒක කවර් වෙන විදියට මෙහෙම වම් අත යටින් තද කරගෙන ඉලක්කය අරගෙන ශූට් කරන්න…

හැබැයි ශූට් කරද්දි… බුලට් එක යන වේගෙට ඔයාව ටිකක් පස්සට විසිවෙන්න බලයි.. ඒනිසා..තදින්ම ගන් එක අල්ලගන්න ඕන..හරී..”

කොල්ලා දිග විස්තරයක් කලා..

කෙල්ල අහන් හිටියෙ ඇස් ලොකු කරන්..

“බයවෙන්න දෙයක් නෑ..ම්ම්..”

“හ්ම්ම්..”

කොල්ලට හිනහයි කෙල්ලගෙ බයවුනු මූන දැකලා..

🍁🌹🍁🌹🍁🌹🍁🌹🍁🌹🍁🌹🍁🌹

කෙල්ලට උදේ ඇහැරෙද්දි… නමයත් පහුවෙලා.. දඩබඩ ගාලා ඇදෙන් බිමට පැන්නෙ…තුවාලයත් අමතක වෙලා..
ඒත්..කකුල් දෙක බිම වැදුනා විතරයි …කුසෙන් ආපු කැක්කුමට කෙල්ලගෙ ඇස් වලින් කදුලු පැන්නා..

ඒත්… රිදුම ඉවසගෙන කෙල්ල රඝූගෙ කාමරයට යද්දි..ඒක ලොක්කරලා..පහලට ගිහින් හැමතැනම හෙව්වත් කොල්ලා නැහැ..
ඊලගට කෙල්ල ඉදිරි දොරත් ලොක්කරලා ඇතුලට ඇවිදගෙන ගියෙ දුකින්..

**මටත් නොකියම ගිහිල්ලනෙ..**

කෙල්ල හිතුවෙ වේදනාවෙන්..

හේශ් සාලය දිගේ ඇවිදගෙන යද්දි ඇතුලෙන්තිබුනු කොටය උඩ තිබ්බ දේවල් දැකලා ඇස් උඩගියා..
කෙල්ල එතනට ගියෙ දුවගෙන වගේ..

හතරට නමපු කොල කෑලි දෙක තුනක් එතන තිබුනා..

කෙල්ල එයින් එකක් අරන් බැලුවා..

“මේ මෙස් ටින් එකේ තියෙන්නෙ දවල් කෑම එක.. මේක රත්කරගෙන කන්න මෙහෙමම.. මේක ෆුල් මීල් එකක්..”

කෙල්ල ඒක අතට අරන් ඇරලා බැලුවා.
ඒක ඇතුලෙ සිල්වර් පැහැ කවරයක දාපු කෑම එකක් තිබුනෙ..

ඊලගට කෙල්ල ඊලග කොලය ගත්තා..

“මේ නූඩ්ල්ස් එක උදේට තම්බගෙන කන්න..බිත්තර ඇති.ඔම්ලට් දාගන්න..”

එතන තිබුනෙ නූඩ්ල්ස් පැකට් එකකුයි බිත්තර දෙකකුයි..

අන්තිම කොල කෑල්ලත් කෙල්ල කියෙව්වා..

“රෑට මේ පැක් එකක්ම කන්න.ම්ම්.. සැමන් ටින් එකත් කඩලා දාගන්න..”

කෙල්ලගෙ ඇස් වලින් කදුලු බේරුනා..

කොල්ලා කොයිතරම් නම් තමන් ගැන හිතලද..

කොලකෑලි තුනත් ගුලිකරගෙන හේශ් ඉහල මාලයට නැග්ගෙ..හිතේ තෙරපෙන වේදනාබර සිතුවිලි එකිනෙක ගලප ගලපම..

මේ දින කිහිපයට..රඝූ කෙල්ලගෙ හිතට මොකක්දෝ කරලා..

🌹🍁🌹🍁🌹🍁🌹🍁🌹🍁🌹🍁🌹🍁

කලින් දා රෑ.. කෙල්ලට නින්ද යනකම් ඉදලා .. හරියටම පාන්දර දෙකට විතරයි කොල්ලා එලියට බැස්සෙ..මොකද…අද දවසෙ කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා..

පුලුවන් ඉක්මනින් කැලයෙන් එලියට ආවත්…ඒ වෙද්දි.. උදේ 8 විතර වෙලා..

කොල්ලගෙ පලවෙනි ප්ලෑන් එක උනෙ..තරුණ්ව මීට් වෙන එක..

කොල්ලා තරුන්ව හොයාගෙන ගියෙ වෙස්වලාගෙන..

තරුන් හැමදාම වගේ උදෙම්ම කෙල්ලව හොයන්න ගිහිනුයි හිටියෙ..
CID එකටවත් කෙල්ලව හොයාගන්න බැරි තරම් සූක්ශම විදියටයි කෙල්ල්ව රඝූ අරන් ගියෙ. ඒ නිසා කිසීම හෝඩුවාවක් නැහැ..

තරුණ් කිව්වා උනත්.. ෆෙඩ්‍රික් මේකට අත ගැහුවෙ නැත්තෙ…එයාගෙ ජාවාරම් මාට්ටු වෙයි කියලා බයවුනු නිසා..

ඒ නිසා තරුන් හිටියෙ තවත් කැලඹීමෙන්..

කොහොමහරි…රඝූට තරුණ්ගෙ කා එක මගදි අල්ලගන්න පුලුවන් වුනා.

“යේස්….”

රඝූ කොල්ලගෙ කා එකට අත දැම්මට පස්සෙ.. කොල්ලා කා එක නවත්තලා වීදුරුව පහත්කරලා කතාකලා.

“මිස්ටර් තරුණ් මුරුමුදලි .. මට ටිකක් කතාකරන්න පුලුවන්ද …?”

කොල්ලා පුදුම වුනා..තමන් කවමදාවත් නොදුටු කෙනෙක් තමන්ගෙ නමින් අමතනකොට..

“ඔව්.. එන්න..”

දොර ඇරලා කොල්ලව ඇතුලට ගත්තු තරුන් කොල්ලා දිහා බැලුවෙ අමුතු විදියට..

කොල්ලා හිටියෙ රැවුලක් අලවගෙන හුඩ් එක තියෙන ටී එකක් ඇදන් හුඩ් එකත් ඔලුවට දාගෙන.

“අපි කවුරුවත් නැති නිදහස් තැනකට යමුද.. ඔයාට කියන්න දේවල් ටිකක් තියෙනවා.. හේශාන්දි ගැන…”

රඝූ එහෙම කියද්දි.. කොල්ලගෙ ඇස් නලලට ගියා..

“හ්…හේශා…න්..දි…”

“ඔව්…යමු..මට වෙලාව ගොඩක් වටිනවා…”

තරුණ් හැකි ඉක්මනින් නිදහස් පාලු අතුරු පාරකට කා එක දාලා නැවැත්තුවා..

“කියන්න.. ඔයා…ඔයා කොහොමද හේශාන්ද් ගැන දන්නෙ..?”

“කලබල වෙන්න එපා මල්ලි.. මම කැප්ටන් කේශර් රඝුනාත්… කමාන්ඩෝ රෙජිමන්ට් එකේ..”

රඝූ තරුණ්ට එයාගෙ ID එක පෙන්නුවා..

“ලොකූ පටලැවිල්ලක් වෙලා තියෙන්නෙ මල්ලි… මම විස්තර කියන්නම්…”

එහෙම කියපු රඝූ හැකිතරම් කෙටියෙන් කතාව කිව්වා..

තරුණ්ගෙ ඇස් වල කදුලු පිරුනෙ බලාගෙන ඉද්දි..

“මගෙ කෙල්ලට කරදරයක් කලාද තමුසෙ…?

රඝූගෙ ටීශර්ට් එකෙන් අල්ලගෙන වියරු වැටිලා වගේ තරුණ් කියද්දි.. රඝූට ඇහුනෙ එකම එක දෙයයි..

**#මගෙ_කෙල්ල **

කොල්ලගෙ හිත ඒ වචනය ප්‍රතිරාව කලා..

“එයා ගොඩක් හොදින් ඉන්නවා.. මට ඔයාගෙ උදව් ඕන..එයාව බේරගන්න..”

“මම මොනාද කරන්න ඕන..?”

තරහා නිවාගෙන තරුණ් ඇහුවා..

රඝූ එයාගෙ ප්ලෑන් එක තරුණ්ට කිව්වම..කොල්ලා ඒක අහන් හිටියෙ හරිම සාවදානව..

“මල්ලි… මම අද මෙහෙම ආපු එක උනත් එයාලා දැනගෙන ඇති මේ වෙනකොට.. ඒ නිසා..ඔයා ඉක්මන් කරන්න ඕන..අදම ඇමරිකා යන්න.. මම කියපු විදියට හැමදේම කරන්න ඕකේ…”

“ඕකේ…ඒත්…හේශ්…?”

“බයවෙන්න එපා.. එයාව පරිස්සමෙන් ඔයා ලගට ගෙනත් දෙන්නම්..”

“ප්ලීස් කැප්ටන්… ඒ මගෙ පණ.. එයාව බේරලා දෙන්න..”

හදවතට පිහි පහර දහසක් වදිනවා වගේ හැගුමක් ආවත්…. රඝූ ඒක මැඩගෙන හිනාවුනා..

රඝූ දැන් දන්නවා.. තරුණ් කෙල්ලට පණඇරල ආදරෙයි කියලා..

** දැන් මට නිදහසේ මැරෙන්න පුලුවන් වස්තුවෙ… මටත් වඩා ඔයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවා..**

කොල්ලා හිතුවා…

“හරි ..මම යනවා.. ප්ලීස්..
වැඩේ හරියට කරන්න.. ඊලගට ..හරියටම 25වෙනිදට.. ඔයා මම කිව්ව තැනට එන්න..කෙල්ල එතන්ට ඒවි හවස් වෙද්දි..”

“ඕකේ.”

“කල්පනාවෙන් වැඩ කරන්න..”

තරුණ්ට තව ගොඩක් දේ කියලා කොල්ලා ගියෙ එයාගෙ බඩියට කෝල් එකක් දෙන්න..

ඒ වැඩෙත් කරගෙන තව අවශ්‍ය ඉන්ෆොමේශන්ස් ගොඩක් එකතුකරගෙන කොල්ලා ආපහු ගෙදරට යන්න පිටත් වෙනකොට රෑ7 ත් පහුවෙලා..

කොහොමහරි කැලේට ඇතුල්වුනු රඝූගෙ ගමන බාධා වුනෙ එකපාරම කඩාහැලුනු ධාරානිපාත වර්ශාව නිසා..
කැලේ ඇතුලෙත් කිලෝමීටර් 15ක් විතර ඇතුලට යන්න ඕන නිසා.. කොල්ලා පය ඉක්මන්කලා..

වැස්සට තෙමිලා තෙත බරිත වුනත්.. කොල්ලා ගමන නම් නැවැත්වුවෙ නෑ..

අමාරුවෙන්හරි ඇවිදගෙන ගියෙ.. කෙල්ල අද දවසෙම තනියම නිසා..

කොල්ලට බයයි.. කෙල්ල තනියම තියලා ආපු එකට.මොකද… කැලෑවක් මැද්දෙ…කාත් කවුරුවත් නැතිවම… තනිකරලා එන්න වුනු එකට කොල්ල දුක්වුනා..

සාමාන්‍ය ගමනට වඩා තවත් පැයක් ගමන ප්‍රමාද වුනෙ වර්ශාව නිසා..වැස්සටත් දෙස් තිය තිය ගෙදර ලගට එද්දි…පාන්දර 12ත් පහුවෙලා..

කොල්ලා ගෙදරට ඇතුල්වුනෙ දෙගිඩියාවෙන් .මොකද.. ගේ ඇතුලෙන් කිසිම එලියක් දැල්වුනෙ නැති නිසා… අඩියට දෙකට උඩට දුවලා ගියපු කොල්ලා කෙල්ලගෙ කාමරේට එබෙද්දි…දැක්ක දෙයින් කොල්ලගෙ ඇස් උඩ ගියා..

කෙල්ල ඇදේ ගුලිවෙලා නිදි..කලුවරේම..

රඝූ කෙල්ල ලගට ඇවිදගෙන ගියෙ ගැහෙන පපුවට අතක් තියාගෙන..

හොදට ලංවෙලා බලද්දියි දැක්කෙ .. කෙල්ල වෙවුලනවා..

“බබා…බ්…බබා….”

කතාකලත්…කිසි සද්දයක් නෑ…

“මැනික..අනේ…කතාකරන්නකො…”

උරහිසට අත තියලා හෙලෙව්වත්..කෙල්ල නැගිටින්නෙ නෑ..

“මගෙ මැනික… “

කොල්ලා කෙල්ලව හැරෙව්වා..
කෙල්ල යාන්තම් ඇස් ඇරියා..

“අ..අයියෙ…ඔ..ඔයා..ආවද…?’

එකපාරම පැනලා කොල්ලව බදාගෙන කෙල්ල ඇඩුවා.

“අනේ…ඇයි මේ…ඇයි අඩන්නෙ..සමාවෙන්න වස්තුවෙ තනියම තියලා යන්න උනාට… සමාවෙන්න මට…”

‘අ..අයියේ…ආයෙත්…මාව දාල කොහෙවත් යන්න එපා…ප්ලීස්….”

කෙල්ල ඉකි ගගහා අඩනවා…

“අනේ..සමාවෙන්න දෙයියනේ… කෝ…කෝ මේ බලන්න..”..

කෙල්ලව ඈත් කරලා මූණ අත් දෙකින්ම අල්ලගත්තා ..

‘ඉක්මනටම..ඔයාට මෙහෙන් යන්න පුලුවන්..ම්ම්..මම සේරම ලේස්ති කරලා ආවෙ…කෝ…අඩන්නෙ නැතුව ඉන්න..”

“මට යන්න බෑ.😢😢😢

“මොකක්…?😆😆යන්න බෑ..?”

‘ඔව්…මට යන්න බෑ… ඔයත් එක්ක ඔන්න ඕන..”

“පිස්සුද…ආ….මම මේ හදන්නෙ කොහොමහරි ඔයාව මෙහෙන් පරිස්සමට යවන්න..ඒත් ඔයා..😆😆

“ආදරෙයි මම..”

රඝූගෙ ඇස් ලොකු වුනා.. ඒ වචනය..කොල්ලට අදහාගන්න බැරිවුනා..

“ම්..මොකක්ද…?”

“ආදරෙයි දෙයියනේ ….”

“හේශාන්දි….”

“ඔව්….මම ඔයාට ආදරෙයි අයියෙ…. ප්ලීස්…මාව ඔයාගෙන් ඈත් කරන්න එපා..”

“පිස්සුද ඔයාට…?”

කොල්ලා නැගිට්ටා…

කොල්ලගෙ ඇගේ තිබුනු වතුරින් ඇද තෙත් වෙලා..

“ඇයි…ඇයි…ඔයත් මට ආදරෙයි නේද… කියන්න..”

හේශ් ආයෙත් කොල්ලගෙ බෙල්ල බදාගත්තා..

“නංගි… මේ අහන්න.. මේක මගෙ මිශන් එක.. ඔයා මගෙ මිශන් එකේ කොටසක්.. එතනින් එහාට…වෙන මුකුත්ම නෑ..”

කෙල්ලගෙ ඇස් මගඇරලා රඝූ කිව්වා

“ඇයි බොරු කියන්නෙ..?මම දන්නවා..ඔයත් මට ආදරෙයි..”

‘නැහැ…ඔයාට වැරදිලා…”

“ඒත්…”

“දැන් නිදාගන්න… ම්ම්.. මමත් නිදියන්න යනවා..”

කොල්ලා කෙල්ලව ඈත්කරලා යන්න හැරුනා..

කෙල්ල පැනපු ගමන් රඝූගෙ දෙතොල් තදින් සිම්ඹා…

එකපාරම සිද්දවුනු මේ සිදුවීමෙන්.. රඝූ ගැස්සිලා ගියා..

ඔහුටත් නොදැනීම.. හිතේ තිබුනු ආදරය.. එලියට ආවා..
කෙල්ලගෙ සිපුමට ඉඩදීලා රඝූ ඇයටම අවනත වුනෙ… තමන් පණටත්වඩා ආදරය කරන කෙල්ලගෙන් මේ ලැබුනු කුලුදුල් හාදුවෙ මිහිර සිත්සේ විදිමින්ම..

මතුසම්බන්ධයි❤️

*******************එශ්********** 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *