#YOU_ARE_MY_DESTINY 17

🌷 17 කොටස 🌷

කොල්ලගෙ උරහිසට මූණ තදකරන්.. හේශ් ඇඩුවා..
රඝූ හිත තදකරගෙන කෙල්ලගෙ මූන අත් දෙකින්ම අල්ලගත්තා..

‘නංගියො..මේ බලන්න..ම්ම්..අඩන්න එපා.. හෙට ඔයා පරිස්සමට යන්න ඕන..හරිද.. මට මුකුත් වෙන්නෙ නෑ.. මම ඉක්මනටම ඔයාව හම්බෙන්න එනවා ඕකේ..එතකම් පරිස්සමෙන් ඉන්න ඕන..ම්ම්..”

“ඇත්තටම එනවද…?”

“බලලා යන්න අනිවාරෙන් එනවා..”

“ප්‍රොමිස්…?”

“ප්‍රොමිස්…”

කෙල්ලගෙ අත්ල උඩ අත තියලා රඝූ පොරොන්දු වුනා..

“මේ අහන්න.. මම ඔයාට දෙනවා මාලිමාවක්.
ඒකෙන් ඔයා හරියටම නැගෙනහිර හොයාගන්න ඕන..කැලේට ඇතුල් වෙන තැනදි..එතන්ට වෙනකම් විතරයි මම එන්නෙ..

ඊලගට ඔයා ඒකෙ විදියට නැගෙනහිරටම යන්න ඕන.. ඔයා යන්නෙ පල්ලම් තියෙන පාරකින්.. මම ඔයාව ඒ පැත්තෙන් යවන්නෙ… ඒපැත්තෙන් කෙනෙක්ට නගින්න අමාරු නිසා.. බහින එකයි ලේසිම.. ඉතින්.. හදිසියෙවත්.. අර කට්ටිය ආවොත්.. එයාලට ඔයාව මුණගැහෙන්නෙ නෑ. මොකද…එයාලා එන්නෙ උතුරින්..හරිද.. උතුරින් තමයි මෙහාට එන්න ලේසිම.. ඒත් යන්න ලේසි නැගෙනහිර.. තේරුනාද ඔයාට..?”.

“ඔව්.”

“හරි…ඔයා දිගටම කිලෝමීටර් 5ක් වගේ එකදිගට යන්න ඕන.. ඊලගට විනාඩි කීපයක පොඩී රෙස්ට් එකක් ගන්න.. වතුර චූට්ටක බොන්න..නැත්තම් බඩ කොරවෙනවා වගේම.. ගොඩක් වෙලා හිටියොත්.. කකුල් බ්ලොක් වෙනවා..
ඒ නිසා ඉක්මන් කරන්නනෝන..
ඊලගට ආයෙත් කිලෝමීටර් 5ක් ගිහින් තමයි රෙස්ට් කරන්න ඕන.

ඔයාගෙ වේගෙත් එක්ක.. පැය පහක්වත් යයි ගමනට.. මොකද ගල් උඩින් පැන පැන යන්න තියෙනවනෙ

ඔයා.. කැලෙන් එලියට යනකොටම.. කෙනෙක් ඉදියි ඔයාව ගන්න.. බයනැතුව එයා එක්ක යන්න.. එයාඔයාට චේන්ජ් වෙන්න ඇදුම් දෙයි.. ඒවාඇදන් එහෙමම ඔයා මෙහෙන් පිටවෙන්න ඕන.. ඕස්ට්‍රේලියා වලට..ම්ම්.. මම ඒ සේරම ලේස්තිකරලා ඉවරයි.. හරිද… ඔයා එහෙට ගිහින්.. මාසයක්වත්…එලියට නොයා ඉන්න ඕන..සැක කටයුතු මොකක්මහරි සිද්දවුනොත්..ඒ ක්ශනිකවම.. එතනින් යන්නනෝන වෙනත් තැනටක..වෙන රටකට උනත් කමක්නෑ…ඔයාට කෙනෙක් උදව් වෙයි.. එයා එක්කම ඉන්න.. එයත් ඔයාගෙ හෙවනැල්ලටත් වඩා ඔයා ලගින් ඉදියි.”

“කවුද ඒ…?”

“ගියාම බලාගන්නකො..විශ්වාසවන්තම කෙනෙක්..මට මේ වෙලාවෙ ඔයා ඇරුනම විශ්වාස එයා විතරයි…”

“හ්ම්ම්..”

“හරි…ඊලගට.. ඔයා මග යද්දි…සත්තු හම්බෙයි.. මේ කැලේ කොටි වලස්සු නෑ..හැබැයි අලි කලාතුරකින් ඉන්න පුලුවන්..ඒනිසා පුලුවන් තරම් පරිස්සමෙන්.

රඝූ කියද්දි..කෙල්ලගෙ මූන ඇදවුනා

“අලි නෑ මෙහෙ..හිටියොත් කියලා කිව්වෙ හොදේ..’

කෙල්ලගෙ වෙනස් වුනු මූන දැකලා කොල්ලා කිව්වා.

‘තව..සර්පයො තමයි ඉන්න පුලුවන්..ඒකට දිග දන්ඩක් මම දෙනවා ඒක අරන් යන්න..කොල ගොඩවල් වලට ඇන ඇන යන්න..
තව…. වැස්සක් ආවොත්… ගමන නවත්තන්න එපා..පුලුවන් වේගෙන් යන්න.තෙමිලා එකතැන හිටියොත් ශක්තිය හීන වෙනවා..හරිද…”

“හරි..”

“එච්චරයි එහෙනම්..”

කොල්ලා එහෙම කියලා ලොකූ හුස්මක් පිටකලා..

“අයියෙ…”

“ම්ම්..”

“කොහොමහරි බේරිලා එන්න..”

“හ්ම්ම්..කෝ කෝ… කමු දැන්..”

බලෙන් වගේ කෙල්ලට කටවල් කීපයක් කවලා කොල්ලත් අමාරුවෙන් ටිකක් කෑවා..

“නිදාගන්න දැන්..මමත් නිදියන්න යනවා..”.

රඝූ කාමරෙන් එලියට යන්න නැගිට්ටා..
.ඒත් එක්කම කෙල්ල කොල්ලගෙ අතින් අල්ලගත්තා .

“මාත් එක්ක..මෙතන ඉමු අද..ප්ලීස්..”

ඔලුවත් ඇලකරලා කෙල්ල කියද්දි..කොල්ලට දරාගන්න බැරි ආදරයක් දැනුනා..

“ඒත් බබා…එහෙම හොදනෑ.. මම කොල්ලෙක්…’

“ඉතින්… “

“නෑ..මම මේ කිව්වෙ…”

“මේ…මට මාව ශුවර් නැති වුනත්..ඔයාව ශුවර්.. ඒ නිසා.. එන්න..ප්ලීස්…”

“ඒකම තමයි මමත් කිව්වෙ..නැතුව මට මාව ශුවර්..😆😆😆

“අනේ…😔😔

😆😆😆..දොර වහලා එන්නම්..”

රඝූ පහලට ගියා.. කොල්ලා උනත්..මේ දේට ආසා වුනත්..කෙල්ල ගැන හිතලයි අදිමදි කලෙ..

විනාඩි කීපයක් යද්දි..කොල්ලා ආයෙත් ආවෙ කාමරේ දොරත් වහගෙනමයි..

කෙල්ලගෙ ලගින් ඇලවුනු රඝූ ලොකූ හුස්මක් පිටකලෙ… කෙල්ලව හෙට අහිමිවෙනවා නේද කියලා මතක්වෙලා..

මේ තරම් දවසක් තමන් එක්කම.. හුරතල් වෙවී..ඇස්දෙකට පේන මානෙම හිටපු මේ කෙල්ල..හෙට තමන්ව දාලා යන්නම යනවා නේද කියලා මතක්වෙද්දි… රගූට දරාගන්න බැරිවුනා..

දෛවය විශ්වාස කරන්න අමාරුයි..ඒත්…වාසනාද තිබුනොත් ආයෙ කවදාමහරි දවසක කෙල්ලව දකින්න පුලුවන් වෙයි කියලා..කොල්ලා හිතුවා..

ඒත් එක්කම වගේ කොල්ලගෙ විසල් පපුව උඩ හාන්සිවුනු කෙල්ල..කොල්ලව තදීන් බදාගත්තා..

‘දන්නව…රහත්වෙලා නෑ කියලා ඔයා.. මුකුත් කලත්..තරහක් නෑ මට.. “

කෙල්ල කියද්දි..රඝූට හිනාත් ගියා..

“අහ්..බලන් ඉන්නෙ මම මොනවාහරි කරනකම්ද..?”

“අනේ…එහෙම හිතලා කිව්වෙ නැහැ මම..”

“හ්ම්ම්.. පරිස්සමෙන් ඉන්න බබා හෙට ඉදලා.. ලෝබයි යවන්න..ඇත්ත කියන්න ඕනනෙ ඉතින්..”

‘එහෙනම්..මම ඉන්නම්..”

“පිස්සි…ඔයා ගිහින්..ලස්සනට ජීවත්වෙන්න ඕන.. ෆෝසස් වල අයට ජීවිතයක් නෑ බබා..එයාලාගෙ ජීවිතේ වෙන්නේ එයාලගෙ රස්සාව . එතනින් තොර ලෝකයක් නෑ එයාලට.. මේ ජීවිතේ හරිම අවදානම්.. ඒ නිසා..අපි අපේ ජීවිත් වලට තව කෙනෙක් ලංකරගන්නෙ නෑ.. මොකද…එහෙම කරලා..එයාට දුක් දෙන්න බැරි නිසා…”

“හ්ම්ම්..”

“ඉක්මනට මැරිකරලා..චූටි බබාලා ගොඩාක් හදාගෙන සතුටින් ඉන්න නංගියො..වාසනාව තිබුනොත්.. බලන්න එන්න පුලුවන් වෙයි මට ඔයාව..”

“අනෙ අයියෙ..ඔහොම කියන්න එපා දෙයියනේ .දුකයිනෙ මට..”

😆😆හා..හා..දැන් නිදාගන්න .හෙට උදෙන්ම නැගිටින්න ඕනනෙ”

හේශ්ගෙ ඔලුව අතගාලා රඝූ කිව්වෙ..ඒ හිස පුංචි හාදුවකින් තෙත් කරන ගමන්..

හේශ් එහෙමම ඉස්සිලා කොල්ලගෙ මුලු මූණම සිම්ඹා.. රඝූ දැස් පියාගෙන කෙල්ලට ඉඩදුන්නා..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

“පරිස්සමෙන් යන්න වස්තුවෙ..බුදුසරණයි”

දෑස් වල කදුලු පුරවගෙන රඝූ කියද්දී..කෙල්ල පහත්වෙලා කොල්ලට වැන්දා..

“බලන් ඉන්නවා .ඔයා එනකම් මම..ආදරෙයි මගෙ අයියෙ…ගිහින් එන්නම්..”

හේශ් කොල්ලගෙ දෙතොල් මත හාදුවක් තියලා ඉක්මනින් එතනින් යන්න ගියෙ කදුලු පිහිද පිහිදම..

“ආදරෙයි මගෙ රත්තරං …”

ඈතින් යන කෙල්ල දිහා බලාගෙන රඝූ මිමිනුවෙ වේදනාවෙන් …

හැකි සියලුම වෙර යොදලා.. හිතේ දුක යටපත් කරගෙන කෙල්ල ඉක්මන් ගමනින් පිටත්වුනා..

හරියටම පැය 4 1/2 ක් යද්දි..පාරට එන්න කෙල්ලට පුලුවන් වුනා..
මේ එන මග දිගටම..රඝූ ගැන මතකයන්..කෙල්ලගෙ හිත පුරවලයි තිබුනෙ..

කොල්ලා කියපු මග ඔස්සෙ හරියටම කෙල්ල පාරට එද්දි…කාර් එකකට හේත්තුවෙලා ඉන්න කෙනාව දැක්කම.. කෙල්ලගෙ ඇස් ලොකුවුනා..

“මගෙ වස්තුවේ.”

අඩාගෙන කෑගහගෙන දුවගෙන ආවෙ වෙන කවුරුත් නෙමෙයි..තරුණ්…

“ත…රු…ණ්..”

කෙල්ලත් තරුණ්ට තුරුලුවුනෙ අඩාගෙනම..

“යමු..ඉක්මන් කරන්න ඕන අපි..ම්ම්..”

කෙල්ලගෙ අතින් අල්ලගෙන හැකි ඉක්මනින් තරුන් එතනින් පිටවුනා..

මග දුරක් ගිහිල්ලා සාමාන්‍ය නවාතැන්පොලක නවත්තලා කෙල්ලගෙ ඇදුම් මාරුකරගන්න ඉඩදුන්නා..

ඊලගට එයාලා කෙලින්ම ගියෙ එයාපෝට් එකට..

රඝූ පැවසුව ආකාරයටම..තරුණ් කෙල්ලත් එක්කම ඕස්ට්‍රේලියාවට පිටත්වුනා..

“තරුණ්..ඔයා කොහොමද මේ දේවල්…?”

පැය ගානක් නිහඩව හිටපු කෙල්ල අන්තිමට ෆ්ලයිට් එකේදි ඇහුවෙ පුදුමයෙන්..

“කේශර් මාව හම්බෙන්න ආවා හේශ්..”

“එතකොට එයා ඔක්කොම කිව්වද .?”

“ඔක්කොම කිව්වෙ..?”

“මේ.. මාව මෙහෙම කෙල්ලෙක්ට අන්දලා තියෙන නිසා ඇහුවෙ..”

කෙල්ල බිම බලාගෙන කිව්වෙ ලැජ්ජාවෙන්..
කොහොමත් පහු ගිය ටිකේ කොණ්ඩෙත් කපපු නැති නිසා කෙල්ලගෙ කොන්ඩෙ වැවිලා.දැන් නම් හේශ්ව දකින කෙනෙක්ට පේන්නෙ..හුරුබුහුටි ලස්සන කෙල්ලෙක්ව..
කොලු පෙනුම අහලකවත් නෑ..

“ඉතින්…?”

“න්න්..නෑ…ඔයාට පුදුම නැද්ද මම මෙහෙම ඉන්න එක..”

“නෑ.”

“ඇයි ඒ..?”

“මොකද….ඔයා කෙල්ලෙක් කියලා මම දැනගත්තෙ ඔයාව මුලින්ම හම්බවුනු දවසෙමයි…”

“ම්ම්…මොකක්…😲😲

“ඔව් හේශ්…අහ්..මම කිව්වෙ… මිස් හේශාන්දි….”

“ත..රු…ණ්..”.

කෙල්ලට පුදුමයි..හිතාගන්නත් බෑ..

“එතකොට මේ තරම් කාලයක් ඔයා..මාව…ආශ්‍රය කලෙ…මම කෙල්ලෙක් කියලා…”

“හ්ම්ම්..දැනගෙන තමයි… ඒ නිසාම තමයි…මගෙ ඇස් දෙක වගේ ඔයාව බලාගත්තෙ…”

කොල්ලා ඇස් හීනිකරලා කියද්දි…හේශ් කොල්ලගෙ දෑස් මගඇරියෙ මේ තරම් කාලයක් කොල්ලගෙ ඇස් වලින් නොපෙනුනු මොකක්දෝ හැගීමක්..අද පේන නිසා..

“මම මටත් වඩා ඔයා ගැන හොයලා බැලුවෙ ඒනිසා… ඕනවටත් වඩා තරහා ගත්තෙ ඒ නිසා..සමහර දේවල් වලට ඉරිසියා හිතිලා..තරහ වුනෙ ඒ නිසා.. කොටින්ම කිව්වොත්.. මගෙ හුස්ම ටික පවා ඔයා වෙනුවෙන් පිටවුනෙ…ඒනිසා..”

තරුන් කෙල්ලගෙ මූන ලගටම පහත්වෙලා කියද්දි..කෙල්ලට දැනුනෙ අපහසුවක්..

**මීටකලින් කවමදාවත්..තරුන් ලග ඉද්දි මෙහෙම අපහසුවක් වෙලා නැහැ..ඒත්…අද…මොකක්ද මේ වෙනස…**

කෙල්ලට හිතාගන්න බැරිවුනා..

“ඔයා ටිකක් වෙනස්වෙලා හේශ්.. මෙහෙම කෙල්ලෙක් වගේ ඉන්න නිසාද ඒ..? ඔයාට අපහසුයි වගේද… මම මෙහෙම කතා කරන එකත්..?”

“ම්..ම්..නෑ…තරුණ්..”

“හරි..අපි මේවා හෙමීට විසදගමු.. ම්ම්..දැන් ටිකක් නිදාගන්න.මම ඇහැරවන් ලෑන්ඩ් කරද්දි…”

“හා..”

කෙල්ල ජනේලයෙන් ඈත බලාගෙන කල්පනා කලෙ පහුගිය ටිකේ සිදුවුනු දේවල් ගැන..

ඕස්ට්‍රේලියා වලින් ලෑන්ඩ් කල ගමන්ම හැකි ඉක්මනින් තරුණ් හේශ්වත් එක්කගෙන එයාපෝට් එකෙන් පිටවුනා.

කැබ් එකක් අරන් නගරයෙන් පිටවෙලා එයාලා ලගාවුනෙ ගම්මානයකට..

නගරයෙන් ටිකක් ඈත්වෙලා මේ ටිකේ ඉන්න කියලා කිව්වෙ රඝූ..

තරුණ් එන්න කලින්ම මේ දේවල් මේ විදියට සිදුකරගන්න කොල්ලට උදව් වුනෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න කොල්ලගෙ යාලුවෙක්..

එයාලාට පොඩි නිවහනක් මිලදීගෙන තිබුනා..හැම සැපපහසුකමක්ම තිබුනු ඒ ගම්මානය කෙල්ලගෙනම් හිතට ඇල්ලුවා..

“හොදයිද…?”

නිවසට ඇතුලු වුනාම තරුණ් හේශ්ගෙන් ඇහුවෙ ටිකක් සැකෙන් වගේ..

‘ගොඩාක් හොදයි තරුණ්..ශෝක්.මෙහෙ..ලස්සනයි…”

“හ්ම්ම්..මගෙ යාලුවෙක් ඉස්සර මෙහෙ වර්ක් කලා..එයා තමයි මට උදව් කලෙ..”

“ඔයාට පින් මට මේ කරන උදව් වලට…”

හේශ් තරුණ්ගෙ උරහිසට අත තියලා කිව්වා..

“උඹ මගෙන් කුණුහර්ප අහගන්න හදන්නෙ හේශ් දැන් ඔය…”😡😡

කෙල්ලගෙ කතාවට තරහාගියපු තරුණ් කෙල්ලටත් ඔරවලා කාමරේට ගියා..

හේශ් එයාට හිමි කාමරේට ගියෙ හිතේ වේදනාවෙන්..

**මොකක්ද අප්පා මට මේ වෙලා තියෙන්නෙ..ශිට්..ඇයි මට තරුන් එක්ක ඉස්සර වගේ ඉන්න බැරි..**

හේශ් හිතුවෙ නලලත් අතගගා..

මතුසම්බන්ධයි❤️

*****************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *