#YOU_ARE_MY_DESTINY 20 අවසාන කොටස

🌼❤️ 20 කොටස ❤️🌼
🌹අවසාන කොටස🌹

“කේශ්…කේශ් පැටියා මෙහෙ එන්නකො…කොහෙද අනේ ඔයා…”

කෙල්ලගෙ කෑගැහිල්ලට…හැංගිලා හිටපු කේශ් බබා දුවලා ආවෙ කිංකිණි හඩින් හිනාවෙවී..

😂😂😂😂😂අම්මා… ඔවා පලාදයි..”

“ඒකනෙ..මගෙ චන්ඩියා මාව පරාද කලානෙ..”

ලගට දුවගෙන ආපු කේශ්ව තුරුලුකරන් කෙල්ල කිව්වෙ…පැටියාගෙ මූණ හාදු වලින් පුරවන ගමන්ම…

“අම්මා.. හවසට අපි සොපින් යමුකො..”

‘ම්ම්ම්..තාත්ති ආවම අහලා බලමුකො ම්ම්ම්..”

“එතෝත මත ගොදාක් තෝයිස්… තොකෝස්..ආකීම් අලන් දෙනෝ නේ..?”

“ඔව් මැණික…ගොඩාක් අරන් දෙනවා..”

“යේ…යේ…සෝයි සෝයි…මගෙ අම්මි සෝයි… යූ ආ ද බෙස්ත් අම්මි…”

😀😀😀මගෙ චණ්ඩි කොල්ලා..”

කෙල්ල කේශ්වත් වඩාගෙන ඇතුලට ගියා..

#කේශ්
කේශ් ආයුශ් මුරුමුදලි…

හේශාන්දිගෙයි…තරුණ්ගෙයි පණටික…
පැටියට දැන් අවුරුදු 2ක්..

එන්ගේජ්මන්ට් එකෙන් හරියටම මාස 6කට පස්සෙ.. හේශ් තරුණ් දෙදෙන විවාහා වුනා..

දැන්…ඔවුන් විවාහා වෙලාත් වසර හතරක්…
කෙල්ල තරුණ් එක්ක ඇමරිකාවල පදිංචියට යන්නෙ මැරිකලාට පස්සෙ..

දැන් එයාලා ඇමරිකාවක සතුටින් ජීවත්වෙනවා..
තරුණ් තමන්ගෙ බිස්නස් ඇමරිකා වල ඉදගෙනම සිදුකරගෙන යන අතරෙ.. කෙල්ල..පැටියාවත් බලාගෙන ගෙදර ඉන්නෙ මෙත්තාගෙත් උදව් ඇතිව..

කෙල්ල මෙත්තාව ඇමරිකා එක්කගෙන එන්නෙ.. එයාගෙ දැඩි විරෝදය මැද..
මොකද…මෙත්තා..ෆ්ලයිට් වල මීට කලින් ගිහින් නොතිබුනු නිසා..යන්න බයෙන් හිටියෙ..ඇමරිකාවට පය තියපු ගමන්ම..මෙත්තාව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න උනෙ..ප්‍රෙශර් වැඩිවෙලා…😆

කොහොමහරි…මෙත්තාත් එක්ක.. මේ දගකොලුපැංචාව බලාගෙන කෙල්ල ඉන්නෙ සතුටින්.

“මෙත්තම්මා.. කෝන්ෆේක්ස් ඕනි…”

“දෙන්නම් මයෙ රත්තරං ..”

මෙත්තා කෙල්ල අතේ ඉන්න පැටියාව ඉඹලා කුස්සිටට ගියෙ අඩිය ඉක්මන් කරලා..

පැටියට කෝන්ෆ්ලෙක්ස් හදාගෙන සාලෙට එද්දි…පැටියා නම් කකුල් දෙකත් උඩ තියාගෙන..ටීවී බලනවා..

අම්මයි පුතයි කට ඇරන් කාටුන් බලනවා මෙත්තා බලන් හිටියෙ කදුලු බේර බේර…

“අනෙ…ඇයි මේ..?”

කෙල්ල මෙත්තාගෙ කදුලු දැකලා ඇහුවෙ පුදුමයෙන්..

“මට මතක්වුනෙ ඔයාගෙ චූටිකාලෙ.. ඔයත් මේ වගේමයි…දගය එහෙම්මම දරුවටත් පිහිටලා..”

“අනේ ඉතිම්..අඩන්න ඕනද ඕකට…”

‘ඇඩුනා දරුවෝ…”

“හ්ම්ම්..කෝ දෙන්න ඕක .මම කවන්නම් කොල්ලට..”

“එපා එපා..මමම කවන්නම්.. මම දැක්කනෙ ඊයෙ පැටියට කවපු ලස්සන.ඇස් දෙක ටීවී එකේ..
පූසාගෙ හොම්බ කප් එකේ…”

මෙත්තා එහෙම කියද්දි..කෙල්ලගෙ මූණ රතූ උනා.
දරුවෙක් හිටියා උනත්.. කෙල්ලගෙ දගය නම් අඩුවක් වෙලා නැහැ..

හවස 6 විතර වෙද්දි…තරුණ් වැඩ ඇරිලා ආවා. ඒ එද්දි කෙල්ල හිටියෙ පැටියා ලගින්ම හාන්සිවෙලා නිදාගෙන.

කොල්ලා හෙමින් කෙල්ල ලගට ඇවිත්… ඒ කම්මුලකට හාදුවක් දුන්නෙ ..ආදරය උතුරද්දි..

“අහ්..ඔයා ආවද…?”

කෙල්ල ගැස්සිලා වගේ ඇහැරුනා..

“හ්ම්ම්..”

කොල්ලා එහෙම කියාගෙනම ඇදෙන් වාඩිවෙලා සපත්තු දෙක ගැලෙව්වා..

“තරුණ්…….”

කොල්ලගෙ ශර්ට් එක පහුරුගගා කෙල්ල කතාකරද්දි…
කොල්ලා දන්නවා මේ එන්නෙ නම් හොද පොටකට නෙමි කියලා..😉😉

“ඇයි බබා…?”

එච්චර ගනන් නොගෙන අහද්දි… කෙල්ලට තරහයි .

“පුතුට ශොපින් යන්න ඕනලු…”

“පුතුටද…නැත්තම් අම්මිටද..?”

කොල්ලා ඇස් පුංචි කරලා අහද්දි..කෙල්ල නැගිටලා ඇවිත් කොල්ලාගෙ උකුලින් වාඩිවුනා.

“පුතුට අනේ..”

ටයිඑක බුරුල් කරකර කෙල්ල කිව්වෙ හරි හුරතල් විදියට..

“මාව නරක් කරගන්න හදන්නෙ ඔය නම් වස්තුවේ….”

කොල්ලා හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් කියද්දි… කෙල්ල ශර්ට් එකේ බිත්තම් දෙකක් ගලවලා..කොල්ලගෙ පපුව් සිම්බා..

එහෙමම කෙල්ලව උස්සලා අරන් අනිත් ඇදෙන් තියලා කෙල්ලගෙ ඇග උඩට ආපු කොල්ලා ඇස් වලින් ඇහුවෙ ඇයි කියලා..

“ආදරෙයි…”

“මමත්….”

ඒ ලද අවසරෙන් දෙදෙනා ලස්සන අනුරාගී අඩහොරාවක් ගතකලා..

කෙල්ලත් උස්සගෙනම ගිහිවොශ් දාන් කාමරේට ආපු තරුණ් ,එයා ආසම කරන බ්ලැක් ෆ්‍රොක් එකක් කෙල්ල අතට දුන්නා..

“මේක ඇදගන්න..මම මේ කම්මැලියාව ඇහැරවන්නම්..”

කොල්ලා පැටියාවත් ඇහැරවන් වොශ් කරන් ඇවිත් ඇන්දෙව්වා….තුන්දෙනාම 7.30ට විතර ගෙදරින් පිටවුනෙ ශොපින් කරලා එලියෙන් කෑමත් අරන් එනවා කියල මෙත්තාටත් කියලා..

පැටියා ඉල්ලන ඉල්ලන හමදේම අරන් දීලා..අන්තිමට නගරයේ ප්‍රසිද්ධම අවන්හලකට ගොඩවුනෙ රාත්‍රි ආහාරය ගන්න..

පැටියට ක්‍රීම් චීස් මැකරෝනි එකක්🍜 ඕඩර් කරලා..කෙල්ලයි කොල්ලයි පීසා අරන් කෑවෙ…🍕
කොයිතරම් කෑවත්… කෙල්ලට පීසා වලින් තොර ලෝකයක් නැති නිසා..😂😂😂

කාලාඉවරවෙලා බිල් එක පේකරන්න යද්දි… එකපාරම ඇතුලුවුනු ආයුද සන්නද්ධ මිනිස්සු දෙන්නෙක් මහා හයියෙන් කෑගැහුවා..

කැශියර් එක ලගට ඇවිත් සල්ලි මංකොල්ල කන්න ගත්තෙ… ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට බිමපහත් වෙන්න කියලා කෑගහලා..

තරුණ් ,කෙල්ලවයි පැටියාවයි තුරුලුකරන් බිම ගුලිවුනා..පැටියා හොදටම බයවෙලා..අඩන්න වගේ..

කවුරුන්හෝ දීපු ඔත්තුවකට අනුව..විනාඩි කිහිපයක් ඇතුලත… හමුදාවෙ අය …අවන්හල වටකලා..
කිහිපදෙනෙක් ඇතුලට එනවා දැකපු මංකොල්ලකරුවෙක්,කෙල්ල ගුලිකරන් ඉන්න පැටියාව ඇදලා ගත්තෙ විදුලි වේගෙන්…

“අනේ….මගෙ දරුවා….”

කෙල්ල කෑගැහුවා..තරුණ් නැගිටලා යන්න හදදි…අනෙක් එකා ඇවිත් කොල්ලගෙ ඔලුවය තුවක්කුව තිබ්බා..
තරුණ් එහෙමම නැවතුනෙ කදුලුපුරවගෙන..

ඒත් එක්කම තරුණ් ලග හිටපු මංකොල්ල කාරයාට හිසට වෙඩි වැදුනු අතරෙ..අනෙක් එකාගෙ කකුලකට වෙඩිවැදුනා..ඒත් එක්කම පැටියාව අතෑරුනා..

එතකොටම ඇතුලුවුනු හමුදාවෙ කෙනෙක් දුවලා ඇවිත් පැටියාව අල්ලගත්‍තා.. මංකොල්ලකාරයා ආයෙත් වෙඩිතියන්න හදද්දි… ඒ නිලදාරියා උගෙ හිසටම වෙඩිතිබ්බා

“මගෙ වස්තුවේ…”

කෙල්ල දුවගෙන ඇවිත් පැටියාව අරන් තුරුලුකරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා..

“තෑන්ක්ස්…තෑන්ක්ස් අ ලොට් ඔෆිසර්…”.
කෙල්ල අත් දෙක එකතුකරලා කියද්දි… මුහුණ ආවරනය කරන් හිටපු ඒ නිලදාරියාගෙ දෑස්… කෙල්ල දැක්කා..

ඒ දෑස්…කෙලින්ම යොමුවෙලා තිබුනෙ…කෙල්ලගෙ මූණ මතට..

“ර්…රඝූ…..😨😨“..

ඒ දෑස් අදුනගන්න…කෙල්ලට වැඩිවෙලාවක් ගියේ නැහැ…

කෙල්ල එහෙම කියනවාත් එක්කම.. ඒ ඇස් ගැස්සුනා..
ඊලගට ඔහු ඉක්මනින්ම එතනින් යන්න ගියා..

තරුණ් කෙල්ල ලගට දුවලා ආවෙ අවන්හල තුල වැටිලා හිටපු වෙඩිවැදුනු කෙනෙකුට උදව් කරලා..

“තරුණ්..අ..අර…රගූ…”

කෙල්ල කිව්වා..

“රඝූ…?”

“ඔ…ඔව්…එයා තමයි…එයා තමයි මගෙ පැටියාව බේරගත්තෙ.. අනේ..එයා තමයි…”

‘ඉන්න..මම බලන්නම්..”

කොල්ලා එලියට දුවලා ගියත්..ඒ නිලදාරීයා හොයාගන්න බැරිවුනා..

“ඔයාට වැරදීමක් වෙන්න ඇති බබා..එහෙම කෙනෙක් නැහැ..මම අහලත් බැලුවා වෙන ඔෆිසර් කෙනෙක්ගෙන්…”

තරුණ් එහෙම කිව්වත්…කෙල්ලගෙ හිත කිව්වෙම..ඒ රඝූ කියලා..

ගෙදර ගිය වෙලාවෙ ඉදලත්…කෙල්ල කල්පනා කලෙ රඝූ ගැන..
තරුණ් කෙල්ලට ඩිස්ටබ් කලේ නැහැ.මොකද..කොල්ලා කෙල්ලගෙ හිත අදුනන නිසා….

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

උදේ තරුණ් වැඩට ගියාට පස්සෙ…කෙල්ල හෙමින් නාගත්තා..
කලින් දා රෑ වුනු සිදුවීම නිසා කෙල්ලගෙ හිත හෙල්ලිලයි තිබුනෙ..

ඔලුවත් පිහිද පිහිද… කෙල්ල කාමරේට එද්දි… කෙල්ලට කෝල් එකක් ආවා.

“හෙලෝව්…..”

සද්දයක් නෑ..

“හෙලෝව්…හූ ඊස් දිස්…?”

ඒත්කිසිම සද්දයක් නැහැ..
ටික වෙලාවකින් ලොකූ සුසුම් හඩක් කෙල්ලට ඇහුනා..

“රඝූ…”

වෙවුලන කටහඩින් කෙල්ල කියද්දි…
කෝල් එක කට්කලා..

කෙල්ල ආයෙත් ගත්තා…ගොඩාක් වෙලා ගිහින් ආන්සර්කලා..

“දන්නවා…මේ ඔයා කියලා.. ප්ලීස් කතාකරන්න…”

‘න්..නංගි…”

කෙල්ල පපුවට අතකුත් තියාගෙනම බිමින් වාඩිවුනා..
තමන්ගෙ කුලුදුල් ආදරය මේ…
හිත වේගෙන් ගැහෙද්දි…ඊටත් වඩා වේගෙන්…ඇස් වලින් කදුලු ගැලුවා..

‘තරහයි මම…ඇයි කතා කලෙ නැත්තෙ මට…දන්නවද…කොයිතරම් කාලයක්…මම ගින්දරෙන් හිටියද කියලා..අන්තිමට…ඔයා නැතිවෙලා කියලා හැමෝම කියන්න ගත්තා..

ඒත්..මගෙ හිත විශ්වාස කලෙ නෑ ඒක…
මම දැනන් හිටියා…මගෙ රඝූ එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ කියලා.. මම බලන් හිටියා…මේ දවස එනකම්..කවදාහරි…ඔයා කතාකරනකම්…😭😭

“සමාවෙන්න නංගි…”

“හරි…ඒවා ඉවරයි… ඉතින්…”

“හ්ම්ම්..හොදින් ඉන්නවා නංගි.. අහ් ..බබා ලස්සනයි…ඔයා වගේ…මොකක්ද නම…?”..

“කේශ්…”

“කේශ්…?”

“හ්ම්ම්ම්…ඔයාව මතක් වෙන්න කියලා තරුණ් දැම්මෙ…”.

“එයා හොද කොල්ලෙක් නංගි… ඔයාව මැරෙනකම්ම ඇස් දෙක වගේ බලාගනීවි…”

“හ්ම්ම්..ඒක ඇත්ත..ඒ වගේ හොද ගතිගුන තියන කෙනෙක්..මම දැකලම නෑ…
දෙයක් අහන්නද…හබැයි…මේක අහන්න දැන් සුදුසු නැහැ..ඒත්…මට අහන්නම ඕන…”

‘අහන්න..”

“ඔයා…ඔයා මට ආදරේ කලෙම නැද්ද අයියෙ…?”

කොල්ලගෙ හදවත මොහොතකට නැවතුනා වගේ වුනා..

මේ තමන්ගෙ කුලුදුල් ආදරය..අද වෙනකම්ම…කෙල්ල නොදන්නවා වුනත්…දුරින් ඉදගෙන ආදරය කරන…එකම ආදරය…

කොල්ලා ආයෙත් ලොකු සුසුමක් පිටකලා..

“ආදරේ කලා… ගොඩාක්…”

රඝූ කිව්වා..
කෙල්ල ඇස් තද කරලා පියාගත්තා..

“මගෙ ජීවිතේ…මගෙ අම්මට පස්සෙ…මම ආදරේ කරපු…එකම ගැහැනිය ඔයා.. ඔයාව දැක්ක මොහොතෙම…මේ හිතේ ආදරයක් ඇතිවුනා..
මම බයවුනා..මට කොල්ලෙක්ට ආදරේ හිතිලාදෝ කියලා…😆😆

කොල්ලා හිනාවෙද්දි…කෙල්ලටත් හිනා..

“ඒත්…ඔයා කෙල්ලෙක් කියලා දැනගත්තම..මගෙ හිතේ ආදරේ තව තවත් වැඩිවුනා..
අන්තිමට…දරාගන්න..පාලනය කරගන්න බැරි තරමටම..මම ඔයාට ආදරේ කලා..ගොඩාක්…”

“එහෙනම්..මම එච්චර අහලත්…ඇයි නොකිව්වෙ?’😭

“මට තියෙන්නෙ අස්තීර ජීවිතයක් නංගි.මගෙ ජොබ් එකත් එක්ක…කොයිවෙලේ මැරෙන්න වෙයිද කියලා දන්නෙ නෑ..ඉතින්..මට ඔයාව අමාරුවෙ දාන්න ඕන උනේ නැහැ ..ඔයා ලස්සනට ජීවත්වෙන්නෝන..
අන්න ඒකයි මම නොකිව්වෙ..
ඒ වගේම…
තරුණ් ඔයාට මටත් වඩා ආදරේ කරනවා කියලා මම දැනගත්තා බබා..
ඉතින්..මගෙ ආදරේ ප්‍රකාශ නොකලා කියලා ප්‍රශ්නයක් වුනේ නෑ..”

“හ්ම්ම්ම්…”

“මට ඔයාට මේ ටික කියන්න ඕන උනා..මොකද…මම දන්නවා.. ඒ ප්‍රශ්නෙ ඔයා හිතේ තියාගෙනම හිටියා කියලා..ඊයෙ ඔයාව දකිද්දි ..මට දරාගන්න බැරිවුනා..

ඒකයි …අද මෙහෙම ගත්තෙ..අනික..මම ඔයාට ගන්න කලින්..තරුණ්ට ගත්තා නංගි..

මිනිහා ගැන මට හිතාගන්න බෑ..
ඌ මට බැනගෙන බැනගෙන ගියා
දැම්ම කෙල්ලට කෝල් කරපන් කිව්වා.. හිරකරන් ඉන්න දේවල් ඔක්කොම කියපන් කිව්වා..
ඒත්..මම බයවුනා…
මම ඇහුවා..උඹට බය නැද්ද කියලා..

දන්නවද ඌ කිව්ව දේ..?

හේශාන්දිගෙ හිතේ ඉන්නෙ රඝූ විතරයි කිව්වා.ඒත්… කෙල්ල කවමදාවත්…එයාවවත්..දරුවාවත් දාලා යන්නෙ නෑ කිව්වා..
මොකද..කෙල්ල දන්නවා කිව්වා..

ඒ දෙන්න තමයි…එයාගෙ හුස්මටික කියලා..
බය නැතුව ගනින් කිව්වා..
ඔක්කොම කියලා හිත නිදහස් කරගනින් කිව්වා..

අන්න ඊට පස්සෙයි මම ගත්තෙ…”

කොල්ලා කියද්දි…කෙල්ලට තරුණ් ගැන දැනුනෙ දරාගන්න බැරි තරම්..ආඩම්බරයක්..ගෞරවයක්..

“ඉතින්…මම තියන්නම් නංගො.. පැටියයි තරුණුයි එක්ක පරිස්සමෙන් ඉන්න…”

“අනේ…”

“මටදැන් යන්න වෙනවා බබා මිශන් එකකට…කවදා එන්න වෙයිද කියන්න බෑ.. “

“හ්ම්ම්..පරිස්සමෙන් ඉන්න අයියෙ… බුදුසරණයි ඔයාට.. මතක්වුනොත්..කෝල් එකක් දෙන්න..’

“හා..බුදුසරණයි මගෙ වස්තුවෙ…ආදරෙයි…පණ තියෙනකම්ම…”

කොල්ලා ඉක්මනින් කෝල් එක කට් කලා…

කෙල්ල එහෙමම දණහිසට ඔලුව ගහගෙන ඇඩුවා..
පැය බාගයක් විතර අඩලා..කෙල්ල නැගිට්ටා..ඒ නැගිටිනකොටයි කෙල්ල දැක්කෙ..උලුවසට හේත්තුවෙලා ඉන්න.. තරුණ්ව..

“ස්…සොරි තරුණ්.ම්..මම මේ…”

කෙල්ල කදුලු පිහිද පිහිද තරුණ් ලගට යන ගමන් පැටලි පැටලි කතාකලා..

‘ඇතිවෙනකම් අඩන්න… ආදරේ එහෙම තමයි බබා… “

කොල්ලා කිව්වෙ එච්චරයි…ඒ විසල් පපුතුරට ඔලුව තියාගෙන..කෙල්ල ඇඩුවා..දුක දියවෙලා යනකම්ම ඇඩුවා..
එදායින් පස්සෙ…ආයෙ කවමදාවත්… රඝූ කෝල් කලේවත්…දැක්කෙවත් නෑ..

හේශාන්දිත්…තරුණුත්…එයාලගෙ පැටියා කේශුත්…සතූටින් ජීවත් වුනා..

තරුණ් ❤️ හේශාන්දි ❤️ රඝූ…

මේ තුන් කොන් ආදරය…
හරි සුන්දරයි…

රඝූ… තමන්ගෙ ආදරය වෙනුවෙන් හා..කෙල්ලගෙ අනාගතය වෙනුවෙන්… කෙල්ලව කැපකලා..

තරුණ්… අදටත්… කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරනවා..

හේශාන්දි…තමන්ගෙ කුලුදුල් ආදරය හිත පතුලෙ අගුල් දාලා… වර්තමාන ආදරයත් එක්ක සතුටින් ජීවත් වෙනවා..

මේ ජීවිත තුනම සතුටින්..
එයාලා සතුටින් තිබ්බෙ…එකක එක දෙයයි…
ඒ….
#ආදරය….

කෙල්ලගෙ ආදරේ රගූට හිමිවෙද්දි.. තරුණ් කෙල්ලට ආදරේ කරනවා

මෙයාලගෙ දෛවය…විසදුනෙ..මෙන්න මෙහෙමයි…

ඉතින්…
හේශාන්දිට…
තරුණ්…
#You_Are_My_Destiny කියලා කියද්දි….

රඝූත් ඒ විදියටම කෙල්ලට…
#You_Are_My_Destiny කියනවා..

ඉතින් මේ දෙදෙනාගේම දෛවයේ එකම තෝරාගැනීම…
#හේශ්❤️

නිමි 💛💙❤️

*****************එශ්************

අදහස් කියාගෙන යන්න
ඔන්න කතාව ඉවරයි..

මේක මීට වඩා දිගට අරගෙන යන්න හිටියෙ . ඒත්… මුලින් කට්ටියට තේර්න්නෙ නෑ කියකිය හැමදාම කියපු නිසා…
මට කතාව ලියන එක කම්මැලි හිතුන.
කොහොමත්..
මට ඕනකලෙ…
ඔයාලට මේක නොතේරෙන්න ලියන්න..
මුලින්ම හේශ් කෙල්ලෙක් කිව්වනම්..මේ කතාවෙන් වැඩක් නෑනෙ..
අන්න ඒකයි..අවස්තාව එනකම් හිටියෙ..
ඉතින්..මම සාර්තකයි…
කොහොමහරි…ඔන්න අදින් ඉවරයි කතාව…

ලස්සන අදහස් කියලා යන්න ඔයාලා..
කියවපු හැමෝටම ආදරෙයි..

මම …#එශ්🌹❤️

7 Comments

  1. Wowwww. Marama lassanayi me kathawa. Hidata galapala kathawa liyala thiyenawa. Hithaganna ba. Goda kalekin me wage kathawak set wune. Mulin hithapu dewal neweyi wune.

  2. Wow nice story .mama kiyawapu wenasma widihe hithatama wadunukathawak.anthima tekdi aththamai mata aduna .lassanai godak thawath me wage katha liyanna plzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *